සෙන් පීටස්බර්ග් නගරය ගොඩනැගුවේ මහා පීටර් රජුය. ඔහුට ස්වීඩ්න් ජාතිකයන් ගේ ආක්‍රමණ වලට මුහුණ දීම සඳහා නගර දොරටුවක් අවශ්‍ය විය. මේ භූමිය නගරයක් තැනීමට සුදුසු භූමි භාගයක් නොවූවද මහා පීටර් රජුගේ දැඩි අධිෂ්ඨානය මත මහා නගරයක් ලෙයින් සහ යකඩින් ඉදි විය. එය යුරෝපයේ මහා නගර වලට දෙවෙනි නොවන අන්දමින් ඉදි කිරීමට මහා පීටර් රජු වග බලාගත්තේය. සෙනෆෝබියාව හෙවත් විදේශිකයන්ට බිය වීම නිසා මුළු ගැන්වී සිටි රැවුල් වවාගත් රුසියන් ඔර්තඩොක්ස් ජනයා යුරෝපය වෙත ලඟා කලේ ඔහුය. මහා පීටර් රජු යුරෝපයේ සංචාරය කොට යුරෝපයේ නවතාවයන් රුසියාවේ ඇතිකලේය. එසේම රුසියානු නාවික හමුදාවේ නිර්මාතෘද ඔහු වේ. සෙන් පීටස්බර්ග් නගරය විශ්ව නගරයක් කිරීම ඔහුගේ අභිලාශය විය.
1917 දී බොල්ශවික් විප්ලවයෙන් පසු ලෙනින් සෝවියට් දේශය ස්ථාපිත කලේය. ඔහුගේ මරණින් පසු ස්ටාලින් සෙන් පීටස්බර්ග් නගරය ලෙනින් ග්රෑඩ් ලෙස නම් කල අතර වොල්ගෝ ග්‍රාද් නගරය ඔහුගේ නමින් ස්ටැලින්ග්‍රෑඩ් ලෙස හැඳින්වීය. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ලෙනින්ග්‍රෑඩ් යලි සෙන් පීටස්බර්ග් ලෙස නම් කරන ලදි.
මා ලෙනින්ග්‍රෑඩ් හෙවත් සෙන් පීටස්බර්ග් නගරයට ගියේ 1989 දීය. සෙන් පීටස්බර්ග් නගරය ඉතිහාස පොතකි. එහි රජ මාලිගා , සාර් රජුගේ සුප්‍රකට හිම මාලිගාව, එර්මිටාජ් කලාභවන ලෝක ප්රකටය. මෙවැනි කලාත්මක නගරයක් නිර්මාණය කලේ කෙසේද යන්න විමතියකි. මෙම ගමනේදී මම අව්රෝරා නෞකාව , මහා පීටර් රජුගේ ප්‍රතිමාව , පුෂ්කින් ගේ නිවස දැකබලාගතිමි. මට දොස්තයෙව්ස්කිගේ නිවස බැලීමට අවශ්‍ය වූවද එයට කාලවේලා මදි වූයේ යුද කෞතුකාගාර වල බොහෝ කාලයක් ගත කිරීම නිසාවෙනි.
දෙවන ලෝක යුද සමයේ සිද්ධීන් වලට දෙස් දෙන යුද කෞතුකාගාර මෙම නගරයේ තිබේ. ඒ අතර ජර්මන් හමුදාව විසින් දින 900 නගරය වටලා තිබූ අවස්ථාවේදී මිනිසුන් නිරාහාරව මිය ගිය අයුරු සාක්ෂි සහිතව දක් නට තිබේ. එක කෞතුකාගාරයක යුද සමයේ ජීවත් වූ කුඩා දැරියකගේ දිනපොතක් තිබේ. එහි හාමත්වීම නිසා මියගිය පවුලේ උදවියගේ නම් සඳහන් වේ. අවසානයේදී දැරිය සියළුදෙනා මිය ගිය බවත් අවසානයේදී ඇය පමණක් ඉතුරු වූ බවත් සඳහන් කරන්නීය.
2013 වසරේදී මට සෙන් පීටස්බර්ග් නගරයට ගිය කැනේඩියානුවෙකු වන පෝල් මැක්ග්‍රෝරි මුණ ගැසුනි. පෝල් ලෝකයේ බොහෝ රට වල සංචාරය කොට තිබේ.
" ඉතින් කොහොමද සෙන් පීටස්බර්ග් නගරය ? මම ඔහුගෙන් ඇසුවෙමි
ඔහු මෙසේ කීවේය. සෙන් පීටස්බර්ග් නගරය ටොරොන්ටෝ ,නිව් යෝක් නගර සමග සසඳන ටොරොන්ටෝ ,නිව් යෝක් යනු කොන්ක්‍රීට් ජංගල් වෙති. සෙන් පීටස්බර්ග් නගරය සමග සැසඳීමට නගරයක් තවමත් ඉදිකොට නොමැත. එය ඉතිහාසය , සංස්කෘතිය සමග ශ්‍රී විභූතිය මිශ්‍ර වූ මහා නගරයකි.
මම පෝල් සමග සියයට සියයක් එකඟ වෙමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

Ulasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadamබලන්න යන්න ආස හිතුණා....... කවදා හරි හැකිවෙයි නොවැ....... නේද?????
BalasPadamyes
Padamලෝකෙ වටේ ගිහිං තියනව නේ :)
BalasPadammmmmmm
Padamමගේ ජීවිතේත් මා ලබපු වාසනාවන්තම අත්දැකීමක් තමයි ලෙනින්ග්‍රෑඩ් වල සංචාරය කිරීම. මම හිතන්නේ ඔබ මේ කියන කාලවලදි යම් යම් අවස්තාවල අපි මුණ ගැහිලත් ඇති. සෝවියට් දේශය වෙන් වෙච්ච කාලෙම තමයි මාත් මුල් වරට ගියේ. මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා බොහොමයක් අපූරු සහයෝගයක් දුන්නා. අද වගේ හොටෙල් බුක් කරන් ගිය ටුවර් නෙම්යි ඒවා. දන්න දන්න හිතවත්කම් මත ගිය සීතල පිරිච්ච දුප්පත් ගෙවල් වල කාපට් වල පව අනිදාගත්තා.
BalasPadamඒත් මීට වසර කිහිපයකට කලින් ගියාම නම් දැන් තවත් එක කොමර්සල් නගරයක් විතරයි. පෞරාණික බව කෙසේවෙතත් මුදල් ගසකෑම නම් බොහොම වැඩි.
ඒ කාලේ මිනිසුන් ලෙන්ගතුයි
Padamසංචාරක සටහන් එකතුවකුත් පොතක් විදිහට පලකලොත් නරකද?
BalasPadamසංචාරක සටහන් එකතුවකුත් පොතක් විදිහට පලකලොත් නරකද?/////// මහත්තයා ඔහේ මගෙන් මොකුත් අහ ගන්න එපා දන්නවනේ අර පොත් දෙකක් පිට කරවගන්න මම විඳින දුක !!! ටැලිපෝන් කෝල් කීයද් දුන්නද ? තාමත් පොත් දෙක පිට වෙල නැහැ. මේකත් පළ කරන්න දුන්නොත් ඔහේට තමයි බර අදින්න වෙන්නේ
Padamවිකල්ප ක්‍රම තියනවා. ඒ කාලේ නාලන්දේ ඉන්නකොට ආශ්‍රය කරපු මරදානේ බජාර් එකේ අයියලා නැද්ද? පොත් සාප්පුවේ මැනේජර්ගේ බෙල්ලට පිහියක් තියලා වැඩේ කරවගන්න?
Padam:D
එනකොට අරගෙන ආපු මල්ටි බැරේල් නැද්ද
Padamඑනකොට අරගෙන ආපු මල්ටි බැරේල් නැද්ද ///
Padamඋඹ එහෙ ආව වෙලාවක පෙන්නනන්න තියං ලු ඉන්නෙ හැක්
ඒක කල් පැනලා
Padamබැරල් එකේ බෙයාරින් ගිහිල්ලා මෙන්ඩෝ.
PadamHa ha ha
Padamමගේ සෝවියට් ශිෂ්‍ය ජීවිතයේ අවසාන කාලය සල්ලි සොයාගන්න කරන පුංචි බිස්නස් වලට වැයවුනු නිසාත් රුසියාවට එන්නත් වීසා ගන්න වුනු නිසාත් මට ලෙනින්ග්රාඩ්යා ගන්න බැරිවුනා, තවමත් කණගාටු වෙන කරුණක්.
BalasPadamඅපරාදේ
Padamඔබට හොඳ අද්දැකීමක් ලැබුණු අපූරු ගමනක්නේද?? මේක කියෙව්වම යන්න ආසා හිතුනා....
BalasPadam++++++++++++++
Padamඔබ ලියපු පොත් ටික ගන්න තැනක් මට කියනවද ?
BalasPadamපොඩි මෙන්ඩට මම පොත් එකතු කරනවා හැම මාසෙකම පොතක් අරගෙන දෙන්න බැරි උනත් මාස දෙකකට සැරයක් හරි පොතක් අරගෙන දෙනවා. සමහර පොත් උට තවම කියවන්න බැහැ ඒත් දවසක කියවයි.
ගොඩගේ සාප්පුවේ සහ සරසවි පොත් සාප්පුවේ තියනවා
Padammendissajith@gmail.com
BalasPadamරුසියන් සාහිත්‍යය තුළින් මවාගත් චිත්ත රූප රුසියන් මිනිසුන් ළඟ නෑයන් කළා . අදටත් ඒ නෑකම් එහෙමමයි. ඔබේ ලිපි ඒ මතකය අලුත් කරනවා .තුති!
BalasPadamthanks
Padamයුරෝපයේ බොහෝ පැරණි නගර අත්යාලංකාරයි!
BalasPadamපීටර් ගේ බරෝව නම් දැක නැත.
බලන්න යන්න වටිනවා
Padamමම දෙවරක්ම ගියා . පළමු සැරේ ගියේ 1989. දෙවන වර 1990 මගේ එවකට සිටි රුසියානු පෙම්වතියත් සමග. දෙවරම මොස්කව් ලෙනන්ග්රාඩ් දුම්රියේ conductor ට එවෙලේ මුදල් ගෙවා ගියේ. මම කැමතිම නගරයක්. ඒ පැත්තේ වෙනිසිය කියන කතාවේ ටිකක් ඇත්තක් තියෙන බව තේරුනේ ගිය අවුරුද්දේ වෙනිස් ගියාට පස්සේ. මම කැමතිම නගරයක්. මේ අවුරුද්දේ නැවත යන්නයි ඉන්නේ. එර්මිටජ් එකේ දවස් දෙකකම ගත කලා ඒත් ඉඅවර කර ගණන් බැරි වුනා. සීත මාලිගය හරිම ලස්සනයි. මගේ පින්තුර ටික කොහේ තියනවද දන්නේ නැහැ.
BalasPadamgood experience
Padamඒ දවස් වල ගත්ත පිංතූර නැතෙයි..
BalasPadamඅපරාදයක් ඒ දවස් වල පිංතූරයක් දෙකක් මෙතන නැති එක නං
yes
Padamyou are most welcome
BalasPadamමහා පීටර් චරිතය සිත් ගන්නා සුළුයි. ඔහු පවුලෙ බාලයා. පියරජුගෙ මරනයෙන් පසු දුෂ්කර ජීවිතයක් ගත කරන්න වුනා.අයිවන් හා සොෆියා කුමරියගෙ බලය හදිසියෙන්ම වගෙ යටපත්වී පීටර් කුමරු අසහාය නායකයා වීම විශ්මය ජනකයි.
BalasPadamමේ යුගයෙ රුසියාවද ස්වීඩනයද නැගෙනහිර යුරෝපයෙ බලවතා වෙන්නෙ කියන සැකය තිබුන කාලයක්.පීටර් රුසියානු තරුනයන් බටහිරට යවා තාක්ෂනය හා ශිල්ප ප්‍රගුන කරවා බටහිර ක්‍රමයට රුසියාව සකස් කලා.පීටර් ගෙ ප්‍රධානම අවශ්‍යතාවය වුනේ රුසියාවට වරායක් ලබා ගැනීම. මේ සදහා ඔහුට යුද්ධ කීපයක් කරන්න සිදුවුනා.
ඇත්තටම පීටර් නොසිටියානම් අද රුසියාව කුඩා අප්‍රකට ජාතියක් වෙන්න ඉඩ තිබුන.
ස්වීඩනය පරාජය වීමෙන් පසු යුරෝපා ඉතිහාසයේ ඔගුන් සැගවුනා.ඔවුන්ගේ ධජය රුසියානුවන්ට ලැබුනා.පීටර් මියයන විට රුසියාව විශාල භූමියකට හා වරායකට උරුමකම් කීවා.
රුසියාව අසහාය චරිතවලට ප්‍රසිද්ධයි.
පලමුව ටාටර්වරුන්ගෙන් භයංකර අයිවන් රුසියාව බේරාගත්තා. ( අද ටාටර් වරු කුඩා ගෝත්‍රයක් )
මහා පීටර් රිසියාව බලවත් ජාතියක් කලා
කැතරින් රැජින පීටර් කටු කොහොලින් ගොඩ නැගූ රුසියාව කිරිගරුඩින් සැරසුවා.
පසු කලෙක ස්ටාලින් රුසියාව නාසීන්ගෙන් බේරා ගත්තා.
-මධ්‍යස්ථ මතධාරියා