අර්මේනියානු ජාතිකයන්ට රුසියානුවන් සහ යූක්‍රයීන ජාතිකයන් කියන්නේ කුරයොබ් කියාය. මෙය අසභ්‍ය වචනයකි. මෙහි අරුත කුකුලන් සමග සහවාසයේ යෙදෙන්නා යන්නයි. අර්මේනියානුවන්ට සරදමට ඔවුන් මේ නම භාවිතා කරති. එහෙත් අර්මේනියානුවන් කෝප වූ විට දරුණුය.
අපගේ වෛද්‍ය පීඨයේ අර්මේනියානු ජාතිකයන් කීප දෙනක් වූහ. කළු කොණ්ඩයෙන් යුත් එක් රූමත් අර්මේනියානු සිසුවියක් ද මා සිටි නේවාසිකාගාරයේ නව වන මහලේ සිටි අතර ඇය ඉතා ආඩම්බරකාර තැනැත්තියක් හෙයින් කිසිවෙකු දෙස නොබලා රැජිනක් මෙන් ගමන් කලාය. ඇය සමග මිත්‍ර වීමට සිසුන් බොහෝ දෙනෙකු උත්සහගත් අතර බ්ලොන්ඩ් කොණ්ඩයෙන් හෙබි සාෂා රේෂී පමණක් ඇය සමග පමණක මිත්‍රත්වයක් පවත්වාගෙන යාමට සමත් විය.
අප මුල් භාෂා වසරේ සිටියදී ඉහල වසරක අර්මේනියානු ජාතිකයෙක් සිටි අතර ඔහු ඉන්දියානු සිසුන් දෙදෙනෙකු වන රන් ජොත් සිං සහ පරම්ජිත් සිං සමග යාබද කාමරයේ සිටියේය. ඔහු ඉතා නිහඞ චරිතයක් විය. වරක් බොරිස් හෙවත් බෝර්යා පරම්ජිත් සිං ගේ ජටාවක් සික් ජාතිකයෙකු සේ හිසේ වෙලාගෙන ආවේය. මෙය දුටු අර්මේනියානු ජාතිකයා යන්තම් මඳ සිනහවක් පෑවේය. මා ඔහු සිනහ වෙනු දුටු ප්‍රථම සහ අවසාන අවස්ථාව එය විය
වෛද්‍ය පීඨයේ ප්‍රකටම අර්මේනියානු ජාතිකයා වූයේ වෙර්තාන් ය. වරක් ඝනාවේ ජෝස්ෆ් අයිවාරු සහ සෙරලියොන් හි ජෝසෆ් කරෝමා බොබ් මාලිගේ අයි ශොට් ද ශේරීෆ් යන ගීතයට රෙගේ තාලයට නටනු දුටු වෙර්තාන් නිගර් තානෙස් ( නීග්‍රෝ නැටුමක් ) කියා කීවේ වර්ගවාදී අදහසකින් නොවේ. එහෙත් ජෝස්ෆ් අයිවාරු වෙර්තාන් දෙස රවා බැලුවේය.
වෙර්තාන් ආවේ අර්මේනියාවේ එරෙවාන් නගරයෙනි. වෙර්තාන් තුර්කින් ව නොරුස්සයි 1915 දී තුර්කීන් විසින් අර්මේනියානු ජාතිකයන් 600,000 පමණ ඝාතනය කරන ලදි. ඉන්පසුව 1922 දී අර්මේනියාව සෝවියට් දේශයට ඈඳා ගන්නා ලදි. දෙවන ලෝක යුද්දයේදී අර්මේනියානු ජනගහනයෙන් තුනෙන් එකක් රතු හමුදාව සමග හිට්ලර්ට එදිරිව සටන් වැදුනහ. ඉන් 175,000 මරු දුටූහ.
වෙර්තාන්ට රුසියානුවන් සමග කිට්ටු සබඳතා නොතිබුනි.නමුත් ඔහු අපගේ ශිෂ්‍ය කොමිටියේ විධායකයෙකු විය. ඔහුට නේවාසිකාගාරයේ බිම් මහලේ කාමරයක් තිබුණි.
වරක් මා හිතවත් ජෝර්ධානයේ මන්සූර් තරීෆ් නිදාගැනීම සඳහා අගනා ඩිවානයක් මිලට ගත්තේය. මේ ඩිවානය ලොරියක පටවා නේවාසිකාගාරයට ගෙන ආ නමුත් එය ලිෆ්ට් යන්ත්‍රයට ඇතුළු කරනු බැරි විය. එම ඩිවානය ඉතා විශාල විය. මන්සූර් ගේ කාමරය තිබුනේ නේවාසිකාගාරයේ නව වන මහලේය. මේ නිසා තවත් ජෝර්ධාන සිසුන් කිහිප දෙනෙකුගේ සහයෙන් ඔහු පැය ගනනාවක් වෙහෙසී පඩිපෙලෙන් නව වන මහලට ඩිවානය ගෙන ගියේය. මන්සූර්ට දැන් අවශ්‍ය ඔහුගේ ඇඳ කාමරයෙන් ඉවත් කොට එතැන ඩිවානය තැබීමටයි. නමුත් වෙහෙසී සිටි මිතුරන් දැනට ඩිවානය කොරිඩෝවේ තබා හෙට ඇඳ අදිමු කී හෙයින් ඔහු ඩිවානය කොරිඩෝවේ සුරක්ෂිතව අයිනක තබා නින්දට ගියේය. පසුදා බලන විට ඩිවානය එතන නැත. යමෙකු එය අරගෙන ගොසින් ය. මින් කලබලයට පත් වූ මන්සූර් නේවාසිකාගාරයේ කොමෙන්ඩාන්වරයා වෙත ගියේ පැමිණිළි කිරීමටය.
කොමෙන්ඩාන්වරයා හමුදාවේ සිටි විශ්රාමිකයෙකි. ඔහු නිතරම බීගත්ව සිටි නිසා රත් පැහැති නාසයක් සතු විය. එසේම යම් ප්‍රශ්නයක් මතු වූ විට වෙන අයෙකු ගේ කර මත එය තබා ගැලවී යයි. කොමෙන්ඩාන්වරයා මේ ප්රශ්නය වෙර්තාන්ට ඉදිරිපත් කරන ලෙස කීවෙන් මන්සූර් වෙර්තාන් ගේ කාමරයට ගොස් දොරට තට්ටු කලේය. වෙර්තාන් ගේ යෙහෙලිය දොර ඇරියාය. එවිට මන්සූර් දුටුවේ කුමක් ද තම අළුත් ඩිවානයේ දිගැදී දුමක් ගහන ගමන් ටෙලිවිෂන් එක නරඹන වෙර්තාන් ය. මන්සූර් ඉතා නිවුන තරහා නොයන අයෙකි. ඒ නිසා සාමකාමීව ඩිවාන් ප්රශ්නය විසඳා ගත්තේය. වෙර්තාන් ද කිසිම ඝට්ටනයකින් තොරව ඩිවානය භාර දුන්නේය. යළිත් වරක් මන්සූර් මිතුරන් සමග බිම් මහලේ සිට නවවන මහල දක්වා පඩි පෙලින් ඩිවානය කර තබාගෙන ගියේ වෙර්තාන් ගේ මවද සිහි කරමිනි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

ආමේනියානු ඉතිහාසය නම් ඛේදජනකයි. වෙර්තාන් තට්ටු නමයක් පල්ලෙහාට ඒක අරන් ආව එකත් පුදුමයි නේද
BalasPadamඋස්මාන් මානසිකත්වයේදී මහන්සිය දැනෙනවා අඩුයි
Padamකොමෙන්ඩාන්කාරයා වැඩේට සම්බන්දයි වගේ
BalasPadamකොමෙන්ඩාන්කාරයා වැඩේට සම්බන්දයි කියල මම හිතන්නේ නෑ මිනිහා කම්මැලියා ඒ වගේම ආඳා
Padamsystem of a down කණ්ඩායම ආර්මේනියාව සම්බන්ධයෙන් ගීත ගායනා කරන ප්‍රසංගයක් නැරඹුවා.ඇත්තටම ඔවුන් පැටලවිලි රාශියක ඉන්න බවක් කියවුනේ..
BalasPadamජයවේවා..!!
+++++++++++++++++
Padamමේක අපි වැඩියේ දන්නේ නැති ඉතිහාසයක්.
BalasPadamබෙදා ගැනීම බොහොම වටිනවා...
++++++
BalasPadamsalute
Padamඋක්රයීන මතකයන් හරිම සුන්දරයි...........
BalasPadamaniva
Padamආර්මේනියාව ගැන කිසිම දෙයක් මම නොදන්නා ගානයි..
BalasPadamඒ මොකද ?
Padamආර්මේනුවෙන්ගේ ඉතිහාසය ගැන බලනකොට කනගාටුයි...
BalasPadamඔව් ඔවුන් යුරෝපයත් ආසියාවත් අතර සංකලනයක් ඒ දෙකටම නැහැ
Padamහොද අත්දැකීම් ටිකක් තමා...
BalasPadam+++++++++++++
Padamඅර්මේනියානුවන් ගණිතයට දක්ෂයි නේද? ඉංග්‍රීසිත් හොඳයි.
BalasPadamවෙර්තාන් නම් ලෝකයා
Padamආර්මේනියාවට ඇතුල් වෙන තැන තියෙනවලු රටේ විස්තර ඇතුලත් මහා පත බෝඩ් එකක්... ඕකේ උඩ ඉඳලා පහලට කියවගෙන කියවගෙන ඇවිල්ලා අන්තීමටම නැවිලා වගේ කියවන්න පොඩියට ගහලා තියෙනවලු ආන්ත්‍රාවයි කියලා අවවාදාත්මක පනිවිඩයක්... හැබයි ඒක කියවලා ඉවරවෙන කොට ආමේනියන් එකෙක් වැඩේ දීලා ඉවරයිලු...
BalasPadamha ha ha ha
Padam