Ahad, 3 April 2016

71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්

 


 

වෛද්‍ය රුවන් එම්. ජයතුංග  විසින්  71 කැරැල්ල පිළිබඳව අධ්‍යයනයක් කොට කැරළිකරුවන් සම්මුඛ සාකච්ඡාවලට ලක් කරමින් ඉතිහාසයේ සැඟව පැවති සාධකයන් ඉස්මතු කරමින් ඉතා අගනා සමාජ විද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වටිනා කෘතියක් පාඨකයාට ලබා දීම ප්‍රශස්ත කරුණක් ලෙස මම දකිමි.
 
වෛද්‍ය රුවන් එම්. ජයතුංග මට මුලින්ම හමු වූයේ 1986 වැනි ඈත කාලයේදීය. කොළඹ නාලන්දා මහා විද්‍යාලයේ උසස් පෙළ නිම කළ සිසුවෙකුව සිටියදී ඔහු අර්ධකාලීනව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස සේවය කළේය. එහිදී වැඩසටහන් වලදී අප මුණගැසී තිබේ.
 
71 කැරැල්ල මතුවූ අවස්ථාවේදී මම එවකට පැවති රජයේ කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා වූයෙමි. කැරැල්ල මැඩපැවැත්වීමෙන් පසුව රඳවා සිටි කැරළිකරුවන් පුනරුත්ථාපනය කොට ඔවුන් යළි සාර්ථකව සමාජගත කිරීම සඳහා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට අවංක අභිලාෂයක් තිබූ අතර එම පුනරුත්ථාපන කාර්යය මා වෙත පවරනු ලැබීය. මෙම අභියෝගය මම භාර ගත්තෙමි. අප කරුළිකරුවන්ගේ පුනරුත්ථාපන කටයුතු ඇරඹුවේ විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීණ උපදේශකයන්ගේ සහායද ලබා ගනිමිනි. වඩාත්  ගුණාත්මක සේවයක් ලබාදීමට අපට හැකිවූ බව පවසන්නේ නිහතමානී සතුටක් සිතේ රඳා ගනිමිනි.
 
71 කැරැල්ලටසහභාගිවූවන්ගේ පුනරුත්ථාපනය හා යළි සාර්ථක සමාජගත කිරීමේ කර්තව්‍යයේ ප්‍රතිඵල අද අපි දකිමු. බහුතරයක් කැරළිකරුවන්අද ඵලදායි යහපත් පුරවැසියන් ය. 88 දෙවන කැරැල්ලට ඔවුන්ගෙන් 1% ක් හෝ සහභාගි වූයේ නැත. 71 පශ්චාත් කැරළි පුනරුත්ථාපනය සාර්ථක කර ගැනීම සඳහා සහාය දුන් නිලධාරින්ටද එහි ගෞරවය ලැබිය යුතුය.
 
71 කැරැල්ලෙන් දශක හතරකට ආසන්න කාලයකට පසුව කැරැල්ලේ විවිධ පාර්ශ්ව හරහා තොරතුරු ගවේෂණය කාලෝචිත පියවරකි. 71 කැරැල්ල සම්බන්ධයෙන් ලියැවී ඇති සීමිත පොත් අතරට මෙම වටිනා ග්‍රන්ථයද එකතු වීම සතුටට කරුණකි. විවිධ විෂයයන් යටතේ සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් පොතපත ලියා ඇති වෛද්‍ය රුවන් එම්. ජයතුංග  වැනි ලේඛකයකුගෙන් 71 කැරැල්ල පිළිබඳව සමබර කෘතියක් ලියැවීම ප්‍රශස්ත කටයුත්තකි.


 
ආචාර්ය ලීල් ගුණසේකර
71 කැරැල්ලේ පුනරුත්ථාපනය පිළිබඳ අතිරේක ලේකම්

20 ulasan:

  1. ගන්න පුලුවන් කොහෙන්ද?

    BalasPadam
    Balasan
    1. මේක ලොකු පොත් කඩ වල තියනවා

      Padam
  2. ලීල් ගුණසේකර මහත්තය 71 කැරැල්ල කාලෙ කෑගල්ලෙ මහ දිසාපති වෙලා හිටිය කියල පොඩි මතකයක් තියනව. ඒ කාලෙ කෑගල්ලෙ හමුදා ආඥාපති හිටියෙ පස්සෙ ආරක්ෂක ලේකම් වුනු ජෙනරල් සිරිල් රණතුංග. ඒ කාලෙ නම් කර්නල් මට මතක විදිහට. අත්සන සහ පෙත්සම කියල බොහොම අපූරු පොත් දෙකකුත් ලිව්ව ලීල් ගුණසේකර මහත්මය. ඒ එකකට රාජ්‍ය සම්මානත් හම්බ වුනා.

    BalasPadam
  3. 71 කැරැල්ල පිළිබඳ අධ්‍යයනය කරන අයට මේ පොත බොහොම වැදගත් වෙයි.

    BalasPadam
  4. //බහුතරයක් කැරළිකරුවන්අද ඵලදායි යහපත් පුරවැසියන් ය.//

    වෙන්ට පුළුවන්. හැබැයි පුනරුත්ථාපනය වූ බහුතරයක් කැරලි නායකයන් නම් මේරට කෑ දේශපාලඥයන් වෙති. නම් වශයෙන් කිව්වෙත් කුරේ, විජේසේකර, නිමලසිරි, දොඩන්ගොඩ වගේ අය මතක් කරන්න පුළුවන්.

    BalasPadam
  5. කැරැල්ල සමයේ අපි පේරාදෙණියේ. අපේ දක්ෂ මිතුරන් සමහර දෙනා ඊට බිලි වුනා . සිරගත වුණා . තරුණ ජවයෙන් පිරුණු අහිංසක යන් නිරපරාදේ ජීවිත නාස්ති කර ගත්තා .සමහර බැචාලා පසුව ගොඩ ආවා මහාචාර්ය කීරවැල්ල වැනි අය .

    BalasPadam
  6. පොත අරන් ඇවිත් මාස ගාණක් වුණා. මේ අප්‍රේල් මාසෙ කොහොම හරි අප්‍රේල් කැරැල්ල ගැන ලියවුණ ඔබේ පොත කියවන්න ඕනෙ. මගේ "දඩ කඳවුර" නවකතාවේ 71 කැරැලි යුගය සනිටුහන් වුණත් පොත ලියන්න කලිං ඔබේ විශ්ලේෂණය කියවන්න නොලැබීම පාඩුවක් කියා හිතෙනවා.

    BalasPadam
  7. 71 කතාව [පොතට අදාල නෙවේ ] තවමත් විකුණගෙන යන්න පුලුවන්ද මේ දවස්වල ඉරිදා පත්තරයක 88/89 කතාව විකුණගෙන ලියන නිසා

    BalasPadam
    Balasan
    1. පත්තරය බ්ලන්න ඕන නැහැ. ඒවා බුකියේ පල වෙනවා.

      නමුත් හැමෝම අහලා තිබෙන දේ වලට අමතර බොහෝ දේ පලවෙනවා.

      Padam
    2. ධනවාදී සමාජයේ සියලුම දේ විකිනෙති. ආගම දහම පවා විකිනෙති.සමාජවාදී සමාජයකද සියලුම දේ විකිනෙති නමුත් ලාභය යන්නේ රජයට සහ නිලධාරී තන්ත්‍රයටය​. මේ පොත විකිනීමෙන් ලැබන සියලුම ලාභය යන්නෙ 71 කැරැල්ලේ සංසදය වෙතටය​. මම මේ පොතෙන් සත පහක්වත් අරගෙන නැත​. 71 කැරැල්ලේ සංසදයේ රන්ජිත් දිසානයකගෙන් අසා බැලිය හැකිය​.

      Padam
  8. මේ පොතේ ප්‍රකාෂක කවුද කියලා දැනගන්න කැමතී...

    BalasPadam
    Balasan
    1. ප්‍රේම් දිසානායක මහතා

      Padam
  9. 71 කැරැල්ලේ ඉහල පෙලේ නායකයෙක්ව මම බොහොම හොඳින් අදුනනවා.ඔහු ඊට ටික කලකට පසු අයින් උනා.

    මේ පුද්ගලයා ගැන ඔබ තුමාගේ පොතේ නැහැ. ඔහුගෙ නියම නම බොහෝ නොදැන සිටි බවයි ඔහු කිව්වේ. ඔහු පාවිච්චි කල නම ඔබේ පොතේ එක තැනක පමනක් මම දුටුවා.


    ඔහු කියන කතා ඇහුවම මට හිතෙන්නේ බොහෝ දෙනෙක් තමන්ගේ කතාවලින් කොටසක් සඟවලා වගේම තමන්ගේ කොටස අතිශෝක්තියෙන් කියනවා කියලා හිතෙනවා (එක අතකට එය සාමාන්‍ය දෙයක්නෙ. තමන්ගේ නලාව තමන් හැර වෙන කවුරු ගහන්නද? )

    ඔහු කියන කැරැල්ල අසාර්ථක වීමට හා සම්බන්ධ සමහර සිද්ධි බොහොම විකාර දේවල් (විශේෂයෙන් අප්‍රේල් 5 ප්‍රහාරය ගැන පනිවුඩය නිසි පරිදි නොයාමේ ගැටළුව ). එවනි බොළඳ, මෝඩ වැඩ ගැන කියන්න සමහර අය අකමැති ඇති.

    BalasPadam
    Balasan
    1. 1) ඒ පුද්ගලයාගේ නමත් කන්ටැක් කරන අයුරුත් කීවානම් වටිනවා . අප මේ පොතේ 2වන මුද්‍රණය කරන්න ඉන්නේ . එයට ඔහුගේ කතාව ඇතුලත් කරන්නම්

      2) 71 කැරැල්ල ගැන බොහෝ වැරදි මත , බොරු වීර කතා තිබෙනවා. මේකට 71 කැරැල්ල ගැන බොරු වීර කතා කියන සමහර අය වගේම පත්තරකාරයොත් ඉන්නවා බොරු ලියන​. අලස් මහතාගේ පොතෙත් වැරදි තැන් තිබෙනවා. මේ පොතෙන් අපි සත්‍ය උපරිම ලෙස ඉස්මතු කරගන්න උත්සහ කලා

      Padam
  10. මාගා කුලරත්න මහතාගේ කතාව පලකරන්න බැරිද ? නැතිනම් මෙම ග්‍රන්ථය මිලදී ගත හැකි පොත් අලෙවි සැලක් කියන්න පුලුවන්ද ?

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook