රුසියාවේ ශිශිර සෘතුව ලොව ප්රකටය. මෙම රුසියානු ශීත සෘතුව හමුවේ නැපෝලියන් මෙන්ම හිට්ලර් ගේ සේනාංක විනාශ වී ගියහ. රුසියානු ශීත සෘතුව කොතරම් කටුක වූවද රුසියානුවන් ශීත සෘතුව ආදරය කරති. ශීත සෘතුව ආදරයෙන් වැළඳ ගනිති.
රුසියාවේ නොවැම්බර් මාසයේ සිට බොහෝ විට පෙබරවාරි අග දක්වා තද ශීත පවතියි. කොතරම් හිම වැටුනද තදින් ශීත තත්වය තිබුනද දෛනික ජීවිතය පවත්වාගෙන යාමට රුසියානුවන් පදම් වී තිබේ. නමුත් ඇමරිකාවේ සහ කැනඩාවේ හිම වැඩිපුර වැටුනොත් එදාට ස්නෝ ඩේය. පාසල් කාර්යාල වසති. සෝවියට් දේශයේ මම ගත කල වසර 7 තුල එක ස්නෝ ඩේ එකක්වත් මට මතක නැත. උෂ්නත්වය සෘණ 50 ගිය දිනෙක පවා අප වෛද්‍ය පීඨයට ගිය බව මට මතකය.
වරක් මම පෙන්සිල්වේනියාවේ සිටියදී තරමක හිම පතනයක් නිසා ගුවන් ගමන් නවතා දමන ලදි. මට ඩෙන්ව හරහා ලොස් ඇන්ජලීස් දක්වා යාමට නියමිතව තිබූ ගුවන් යානය අයහපත් කාලගුණය කියා පියාසර නොකරන ලදින් මම හෝටලයකට කොටු වූයෙමි. ධාවන පථය හිමෙන් වැසී තිබියදී පවා ගුවන් ගමන් වල යෙදෙන එරෝෆ්ලෝට් නියමුවෝ මට සිහිපත් විය. එහෙත් යුනයිටඩ් එයා ලයින්ස් හි ගුවන් නියමුවන් හිම පථනය නවතින තෙක් කෝපි බිබී අලසව සිටිති.
යූක්‍රයීනයේ දී ශීත ඍතුවේ සෘණ 20 - 30 අතර තදින් සීත පවතින විට අප උදයම නැගිට යන්නතම් මුහුණ කට සෝදා උනුසුම් අැඳුම් ඇඳගෙන හිමෙන් පිරි පාරට බැස අධ්‍යන කටයුතු සඳහා යාමට පුරුදුව සිටියෙමු. දෙකන් හිරි වැටී තිබේ. ශීත සුලඟ මුහුණ දවයි. කටින් දුම් දමමින් අප ලහි ලහියේ යන්නේ යන්නේ ප්‍රමාද වන්නේ නොමැතිව දේශන වලට යාමටයි. ඇවිදින විට සුපරික්ෂාකාරී විය යුතුය. අයිස් උඩ අඩිය තැබුව හොත් නොමිලේ ටික දුරක් යා හැක. නමුත් අතපය කැඩීමට ඉඩ තිබේ. එක් ශ්‍රී ලාංකික සිසුවියක් හිම ගොඩ උඩ වැටී අත කඩාගත් අයුරු මට සිහිපත් වේ.
හිම කාලයට හොඳින් උනුසුම්ව ඇඳිය යුතුය. හිස දෙකන් බෙල්ල ආවරණය කර ගැනීම අනිවාර්ය වේ. ලංකාව වැනි උෂ්ණ කලාපයට අයත් රට වලින් එන මිනිසුන්ට හිම කාලය නුපුරුදුය. එම නිසා ඔවුන් ඉතා ඉක්මනින් ලෙඩ වෙති. මේ ඔවදන් නොතකා ශීත කාලයේ අඩුවෙන් ඇඳුම් පැලඳුම් කල එක් සිසුවෙකුට දෙවරක් නියුමෝනියාව සෑදුන හැටි මට මතකය.
ශීත කාලයේදී වූවද මිනිසුන් අයිස් ක්‍රීම් කති. උෂ්නත්වය සෘණ 20 හෝ 30 වූ විට අයිස් ක්‍රීම් එක සෘණ 4කි. එම නිසාදෝ ශීත නොතේරේ. මේ නිසා අප ශීත කාලයේදී අයිස් ක්‍රීම් කෑවෙමු. එසේම දාඩිය නොදමන නිසා සමහරු ඇඳුම් දින දෙක තුනක් යන තෙක් මාරු නොකරති.
හිම කාලයේදී දිනකට තේ කෝප්ප 8 - 10 පමණ පෙවේ. රොබින්සන් කෘසෝ වෙඩි බෙහෙත් අරපරෙස්සම් කර ගත්තක් මෙන් ලංකාවෙන් ගෙන ආ තේ අරපරෙස්සම් කර ගැනීම පිණිස මම ලංකා තේ 1:2 අනුපාතයට ගුරුසියානු තේ සමග මිශ්‍ර කලෙමි. මධ්‍යම ආසියාවේ ගුරුසියානු තේ ලංකා තේ තරම් රස නැති වූවද මෙමගින් හිඟයකින් තොරව බොහෝ කාලයක් යන තෙක් තේ බීමට හැකි විය.
හිම කාලයේ ස්කේටිං කිරීම ඉතා ප්‍රිය ජනකය. වරක් ක්රිශෝපල් නගරයේදී මම මිතුරන් සමග ස්කේටිං කලෙමි. සමතලා භූමියේ ස්කේටිං කිරීම දෑත් වලට වෙහෙසකරය. වරක් මොන්ටියෝල් හිදී උස කඳු බෑවුමක සිට ස්කේටිං කරන මිනිසුන් මම දුටුවෙමි. එම කඳු බෑවුම සැතපුම් භාගයකට වඩා දිගය. බෑවුම ඉතා ගැඹුරය වැටුනහොත් මාස හයක් පමණ රෝහලේ ඉඳීම සිකුරුය. නමුත් කුඩා ළමුන් පවා ශරීරය සමබර කරගෙන එම බෑවුමේ අයිස් මත ලිස්සා යති. දෙමාපියන් ද ළමුන්ට එසේ යාමට උනන්දු කරවති.
හිම කාලයේ ඇති වන හිම කුණාටු අති භයානකය. හිම කුණාටු ඇති වන විට අඩි දෙක තුනකට වඩා දුර නොපෙනේ. වරක් මම නගරයෙන් එපිට තිබූ රෝහලකට යමින් සිටින විට හිම කුණාටුවක් ආවේය. රෝහල තිබුනේ විශාල දේවදාර වත්තකය. එය අක්කර විශාල ගනනකින් යුත් භූමියකි. හිම කුණාටුව නිසා මට උතුර දකුණ පෙනුනේ නැත. පාරේ දණක් උසට හිම නිසා නියම පාර සොයා ගැනීමට නොහැකිව මම වල්මත් වූයෙමි. වේලාව උදෑසන වූවද සතර දෙසම කළුවරය. හිම භූමිය මිස අන් කිසිවක් නොපෙනේ. හිම තොග තොග මගේ මුහුණට වැටීම නිසා මගේ දෙනෙත් අඳුරුවන් විය. එක් ස්ථානයක රැඳී සිටියහොත් මුළු සිරුරම හිමෙන් වැසී යනු ඇත. මෙලෙස හිම කුණාටු වලට අසුවී මිය ගිය පුද්ගලයන් ගැන මම අසා තිබේ. ඔවුන් ගේ සිරුරු හිමෙන් වැසී ගල් වී යන අතර මෘත ශරීරය හමු වන්නේ ග්‍රීෂ්ම සෘතුවේය. එතෙක් මළ සිරුර නරක් නොවී හිම යට තිබේ.
හිම මට්ටම මගේ දණටත් වඩා උස් වෙමින් පවතියි. මම වතුරේ ඇවිදින්නාක් මෙන් අසීරුවෙන් එක තැන නොරැඳී ඉදිරියට ගියෙමි. හාත්පස කළුවර නිසා ගොඩනැගිල්ලක් හෝ දැකීමට අපහසු විය. එහෙත් මම ඉදිරියටම ගියෙමි. මෙසේ යන විට ඈත එළියක් දිස් විය. එය රෝහලයි. මම එම එළිය දෙසට ගියෙමි. භූමිය පුරා හිම ඇතිරී තිබූ නිසා මීටර සියයක් යාමට බොහෝ වේලාවක් ගත විය. ශීත නිසා අතපය ගල් ගැසී තිබුනද මම උත්සහය අත නොහැරියෙමි. අවසානයේදී රෝහලට යන මාර්ගයට මම අවතීර්ණ වූයෙමි.
රෝහල් දොරටුව වෙත ගිය මම අත් දෙකෙන්ම දොර ඇරියෙමි. රෝහලේ උණුසුම් බැටරියක් ලඟට ගිය මා බොහෝ වේලාවක් එතන සිටියේ ශීත පළවා හැරීම සඳහා ය. මෙවැනිම අත්දැකීමක් වරක් මම කැනඩාවේ ලද්ද්දෙමි. උෂ්නත්වය සෘණ 17 අවස්ථාවක මම පයින් ඇවිදගෙන ගියෙමි. එකෙහින් ම මගේ එක් කකුලක කෙන්ඩා පෙරලී යන්නට විය. නිවසට යාමට තව ඇත්තේ මීටර් 500 කට නොවැඩි ප්රමාණයකි. එහෙත් කෙන්ඩා පෙරලීම නිසා මගේ ගමන ඇණ හිටුනේය. එය බරපතල තත්වයකි. අසල නිවාස වල සහ පාරේ කිසිවෙකු දක්නට නැත. වෙනදා ගෙනියන ජංගම දුරකථනයද එදින මා අත නොවීය. තත්වය භයානකය. නමුත් මා සිතේ දිරියෙන් නිවසට ආවෙමි. රුසියානු වින්ටරයට මුහුණ දීම නිසා මට කැනේඩියානු වින්ටරය ජයගත හැකි විය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

Loved reading this!!!!
BalasPadamකැනඩාවේ සහිත කාලය දිගයි නේද හිමත් එක්ක. ඇයි ඒ ගොල්ල පුරුදු නැත්තේ ? එංගලන්තයේ නම් දවසයි දෙකයි නේ. ඒ නිසා වියදම් කරලා වැඩක් නැහැ.
BalasPadamමම UK ඉන්න කාලේ + 4 ගිහිල්ලත් සමහරු සීතලයි කිය්නවා
Padamරුසියාවේ ඉගෙන ගත් දෙදෙනෙකු සිටියා මා ලංකාවේ සේවය කළ තැනක. ඔවුන් දෙදෙනා සමහර වෙලාවට එකිනෙකාට කියනවා මේ වගේ කතා.
BalasPadam"මචං ඊයේ රැ හරි රස්නෙයි නේද? ප්ලස් තර්ටි විතර තියෙන්න ඇති මගෙ හිතේ."
මට ඒ "ප්ලස්" කතාව අහන එක අපූරු අත්දැකීමක් වුනා!
සිඩ්නිවලත් උදේට එළියේ නවත්වන කාර්වල තුනී තට්ටුවක් අයිස් වැගේ බැඳිලා තියෙනවා අවුරුද්දකට දින පහක් හයක් රෑ උෂ්ණත්වය "ප්ලස්" හතරට වඩා අඩු වුණාම.
ප්ලස්" කතාව //// +
Padam++++++
BalasPadamThanks
Padamලස්සන වසිලිස්සා ආදරයෙන් මතක් කරමි
BalasPadamthanks
Padamමෙතරම්ම ශීතල නොවන රටක කලක් සිටියත්, එයට පුරුදුවීමට නොහැකිවිය. රසියන්වරුන් ශීත කාලය සාමන්‍ය කාලයක් ලෙස ගෙවීම ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි වීමට හේතුව ව්ය හැක.
BalasPadamඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි
Padamලංකාවේ සමහර අය කඳුකරයේ සෙන්ටිග්රඩ් 4/5 කට රැට උෂ්ණත්වය පහල බැස්ස වෙලාවට අප සිටියේ පට්ට සීතලේයි කියලා අනික්වා මොන සිතල ද කියලා බ්ලොග්වල ලියලා වීරයෝ වෙන්න හදනවා නියම ශීතල කියන්නේ මොකක්ද කියලා මේ ලිපිය ලක්ෂණට සම හරක්ට ඉතා හොඳින් පහදලා දෙනවා. ඒ අයට සහ අපට වැදගත් ලිපියක්
BalasPadamඔන්න සීතල ගැන අහනවානම් අර තට්ට කන්නාඩි පොළඟාගෙන් ඇහුවොත් කියයි.
Padamඇයි එයත් ඉඳලා තියෙන්නේ ඔහේ සිටිය පැත්තේද නැතිනම් එකම ගමේද ?
Padamado umba ehenam bold headed spectacled viper dannawada
Padamow do man dannawaa me langadi walikada rimand eken eliyata apu naana saara gana eyaa norwe gihilla sithale karapu dewal .
Padammmmmmmmm
Padamසීත රටකට ගිය ඉතාම සීමිත අවස්ථාවලදී හිම අත්දැකීමේ වාසනාව (එකපාරක්වත් ආසයිනෙ) නොලැබිනි.
BalasPadamකඳු බෑවුමක ඉඳන් කලානම් ස්කේටින්ද? ස්කීන්ද?
Vashe zrodovye !
http://www.differencebetween.com/difference-between-skating-and-vs-skiing/
Padamස්කී
Padamඅපිත් කොරියාවේ වින්ටර් 05 ක් හිටියා.... අවම උෂ්ණත්වය -20 c විතර..... ඒත් ඔය තරම් කට්ට කෑවේ නෑ... අපි නම් ඉතින් යකඩ factory වල වැඩ කලානේ.... ඉතින් වින්ටරේ වඳින්න ලැබුණු අවස්ථා අවමයි...
BalasPadamකොරියාවේ වින්ටර් එක තදයි
Padamනුවර එළිය උපන් ගම බැවින්දෝ මම සීතලට කැමතිය... මගේ තර්කය වන්නේ සීතලට උවමනා තරම් ඇඳුම් ඇඳ වලක්වා ගත හැකි වුවත්, උෂ්ණත්වය වැඩි වූ විට ඇඳුම් සියල්ල ඉවත් කලත් සහනයක් නොලැබෙන බවයි. හැබැයි තොල් පැලීම, සම පුපුරා යාම වගේ පොඩි පොඩි අවුල් තිබේ...
BalasPadamකපිල කුමාර කාලිංග ලියූ "පියැසි කවුළුව" නවකතාවේ ප්‍රධාන චරිතයේ නම 'වින්ටර්'
Padamඔව් ඇත්ත
Padamහරිම සුන්දර ලියවිල්ලක්! මමත් ආසම ශීත කාලෙට. ගිනි මැලයක්, කෝපි කෝප්පයක්, කවුලුවෙන් එහා පේන හිම ගොඩක්, ජීවිතේ සුන්දරයි කියලා දැනෙන්නේ මෙන්න මේ වගේ වෙලාවක.
BalasPadamඇයි දිගටම මේ වගේ සටහන්, කතාවක් එක්කම ලියන්නේ නැත්තේ?
තුති ; බලමු උත්සහ කරලා
Padamඅපූරු විස්තරයක්. මමත් අහල තියෙන විදියට නියම ශීත සෘතුව විඳගැනීමට නම් රුසියාවට යන්න ඕනෙලු. අධික ශීතල කාලගුණයන් ගැන මටනම් තියෙන්නේ බොහොම භයානක අත්දැකීම්.
BalasPadamඒවා ලියන්න
Padamඅපේ යාළුවා පාවෙල් හීත කාලෙක දුම්රිය මඟක් ඉදිකරන්න මහන්සි උන විදිහ කියවලා තමා මුලින්ම රුසියන් ශීත කාලෙ ගැන හිතන්න පටන්ගත්තෙ.රුසියාව කිව්වම හිම මැවෙන එක නවත්තන්න බෑ.. හෙහ් හෙහ්..
BalasPadamගස්ලබ්බට නම් සීතල බොහොම තදට දැනෙනවා.. ශල්‍ය අයිද්යවරු කොහොම තියටර් එකේ ඉන්නවාද කියල හිත හිත හිටියෙ.. මෙව්වත් එක්ක ඒව මොනවද..
ජයවේවා..!!
පාවෙල් හීත කාලෙක දුම්රිය මඟක් ඉදිකරන්න මහන්සි වෙල තමයි ලෙඩ වෙන්නේ
Padamසීතල නැතත් දවසකට තේ කෝප්ප හත අටක් පෙවෙනවා නේ මට :D
BalasPadamසීතලත් එක්ක සම්බන්ධයක් නැහැ... කෑදර කමත් එක්ක මිසක්!
Padamමටත්.
Padamතේ කෝප්ප හත අටක් නම් සීනි නැතිව බොන්න
Padamඔන්න නියම මාතෘකා!
BalasPadamමන්තුමිය කියන්නේ හිම පිස්සෙක්..... සොරි පිස්සියක්.. හිම කිව්වොත් දුවගෙන යන්නේ! සීතලට පුදුම ආසයි. ඔය ස්නෝ එන්ජල් හදන වැඩේ කරන්න තාම හීන දකිනවා... අම්මේ.... හිම.. හිම... හිම...
ඉතින් ඔබතුමීට පුළුවන්නේ අර එක්සෙල් වර්ඩ් යන්ට.එකෙත් ඔය හිම සෙල්ලම් තියෙන්නේ.(හැබැයි දෙසැම්බර් මාසේ විතරද කොහෙද තියෙන්නේ.)
Padamමම winter ekata ආසයි
Padamඋෂ්ණාධික රටවල් වල ඉන්න අපිට නම් "හිම"කියන්නේ සුන්දර සිහිනයක්නේ.
BalasPadamඔව්
PadamCheck with the site bellow
BalasPadamhttp://triptocub.blogspot.ca/2013/10/blog-post.html