Selasa, 8 Mac 2016

යුද හමුදා රෝහලේදී

 


2002 වසරේ සිට 2006 දක්වා මම කොලඹ යුද හමුදා රෝහලේ මානසික රෝග අංශයේ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ සේවය කලෙමි. මේ කාලය තුලදී ලංකාවේ යුද හමුදා සොල්දාදුවන් අතර පැතිරී ගිය යුද ආතතිය පිළිබඳව අධ්‍යනය කිරීමට මට හැකි විය​. 

මේ කාල සීමාව තුලදී  තුලදී මෙම අත්දැකීම් අලලා මම පොත් කීපයක් ලිව්වෙමි. එවා අතරින් Shell Shock to Palali Syndrome  ප්‍රධාන වේ. ලංකාවේ යුද හමුදා සොල්දාදුවන් අතර PTSD යනුවෙන් හඳුන්වන පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය අප දුටුවෙමු. මෙකී සොල්දාදුවන් සඳහා අප ඖෂධ මෙන්ම මනෝ ප්‍රතිකාරයන් යොදා ගත්තෙමු. එසේම යුද ආතතියට සාර්ථකව ප්‍රතිකාර කිරීමට විශේශ ඒකකයක් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කලෙමු. 

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී ඊලාම් යුද්ධය විසින් කායිකව මානසිකව භක්‍ෂනය කරන ලද සොල්දාදුවන් අප දුටුවෙමු. එක් ලුතිනන්වරයෙකු පශ්චාත් වියසන ක්ලම්ථ අක්‍රමථාවයට ගොදුරු වී තිබුනේ ඔහුගේ දෙනෙත් ඉදිරියේ ඔහු සමග සිටි සොල්දාදුවන් සත් දෙනෙකු අර්ටිලරි ප්‍රහාරයක් නිසා කැබලී වලට විසිවී යනවා දැකීමෙනි. මෙම අර්ටිලරි ප්‍රහාරය නිසා ඔහුට කායිකව හානියක් නොවීය​. ඒ ඔහු ලිඳක් අසල සිටි නිසාවෙනි. කොන්ක්‍රීට් ලිං බැම්ම නිසා මෙම ලුතිනන් වරයාගේ දිවි ගැලවිනි. එහෙත් මෙම ක්‍ෂිතිමය අත්දැකීම නිසා ඔහු මානසික වශයෙන් කම්පනයට පත් විය​. ඔහු තුල ඇම්නීසියාව හෙවත් විස්මෘතිය ඇති වූයෙන් පරන්තන් සිට කොලඹ යුද හමුදා රෝහලට ඔහුව ගෙන ආ අයුරු පිළිබඳ මතකයක් නොවීය​. මේ සිද්ධියෙන් පසු ඔහුට එකී සිදුවීම සිහිනයෙන් පෙනීම​, සමහරක් විට භ්‍රාන්තියක් ලෙසට දර්ශනය වීම​, එම අද්දැකීම් ලැබූ ස්ථාන පුද්ගලයන් මඟ හැරීම​, විශාදය​, සුළු ශබ්දයකටත් තිගැස්ම , ජීවිතාශාවෙන් තොර වීම වැනි බොහෝ කාංසාමය ලක්‍ෂණ මතු විය​. අප වසර කීපයක් නොකඩමා මෙම නිලධාරියාට ප්‍රතිකාර කලෙමු. 

එක් සොල්දාදුවෙකු තදබල විශාදයට ලක්ව සිටියේ ඔහුගේ මිතුරා ක්‍රියාන්විතයේදී මිය යාම නිසාවෙනි. ඔහුගේ මිතුරා මිය ගියේ ස්නයිපර් ප්‍රහාරයක් නිසාය​. එහිදී මිය ගිය සොල්දාදුවාගේ මෘත ශරීරය ක්‍රියාන්විත භූමියේදී වලලා දැමීමට ඔහුට නියම කෙරුණි. මිතුරාගේ මිනිය පොරෝනාවක එතීමේදී ඔහුට මෘත ශරීරයේ උණුසුම දැනුනි. මෙය උතුරුකරයේ තිබෙන උෂ්ණ බව නිසා වන්නට ඇත​. එහෙත් මිතුරා වල දැමීමෙන් පසුව ඔහුට අහේතුවාදී සිතුවිල්ලක් ඇති විය​. එනම් මම මගේ මිතුරාව පණ පිටින් වැලලූවෙමි කියාය​. මේ සිතුවිල්ල නිසා තදවල වරදකාරී බවත් ඔහු තුල තිබුණි. මේ නිසා උක්ත සොල්දාදුවා විශාදයට ගොදුරු විය​. අප මේ සොල්දාදුවාව උපදේශන ප්‍රතිකාර මගින් සුවපත් කලෙමු. 

තවත් සොල්දාදුවෙක් යුද ආතතිය නිසා විඝටන  ආබාධයකට (Dissociative Disorder)  ලක් විය​. මේ නිසා ඔහු තුල මතකයේ අඩු වීම , සමහරක් අවස්ථා වලදී තදබල විස්මෘතියට ලක් වීම වැනි ලක්‍ෂණ දක්නට ලැබුනි. නමුත් ක්‍රියාන්විතයේදී ඔහුට නිසි ප්‍රතිකාර නොලැබුනේය​. එම නිසා මෙම විඝටන  ආබාධය තීව්‍ර විය​. වරක් මේ සොල්දාදුවා තම ගිනි අවිය විසි කොට සතුරු භූමියේ ඉබාගාතයෙන් ඇවිදිමින් සිටියේය​. ඔහුගේ වාසනාවකට  යුද මෙහෙයුමකට ගිය විශේෂ බලකායේ සොල්දාදුවන් කණ්ඩායමකට ඔහුව හමුවී තිබුණි. ඔවුන් මෙම රෝගී සොල්දාදුවා යළි කඳවුරට ගෙන එන ලදි. මොහුව අප වෙත යොමු කිරීමෙන් පසු රෝග නිර්ණය මෙන්ම මනෝ ප්‍රතිකාරද ලබා දෙන ලද්දේය​. 

යුද ආතතියට අමතරව සේවා ස්ථානයේ පීඩනයන්ට ලක් කිරීම නිසා ආතතියට පත්ව සිටි සොල්දාදුවන්ට අප ශක්ති ප්‍රමාණයෙන් පිහිට වූයෙමු. වරක් පනාගොඩ කඳවුරේ සේවා ආතතියට ලක්ව සිටි  සොල්දාදුවෙක් මා හමු වීමට පැමිනියේය​. ඔහුව ඉහල නිලධාරීන් විසින් බොහෝ අසාධාරණයන් ට ලක් කිරීම නිසා හෙතෙම සමායෝගී ආබාධයකට (Adjustment Disorder)  ලක්ව සිටියේය​. මෙම සොල්දාදුවා මම වාට්ටුවේ නවත්වාගෙන ප්‍රතිකාර කලෙමි. ඔහුගේ දුක් ගැනවිලි වලට සවන් දුන්නෙමි. එසේම මම හඳුනන බ්‍රිගේඩියර්වරයෙකුගේ සහායෙන් ඔහුට වෙනත් සේවා ස්ථානයක් ලබා දුන්නෙමි. 

මෙම සෙබලාගේ ටිකට් කපන අවස්ථාවේදී ඔහු මට හුදු විශ්වාසය නිසා රහසක් එළි කලේය​. එනම් මෙම සේවා ස්ථානයෙන් එල්ල වන පීඩනය නිසා ඔහුට වෙනත් සැලසුමක් තිබුනේය​. එය නම් ඔහුගේ කථාව ලිපියක ලියා එය සාක්කුවේ දමාගෙන  ඔහුට නිකුත් කර තිබෙන තුවක්කුව ගෙන පනාගොඩ ජනාකීර්ණ හංදියකට ගොස් සතර අත මිනිසුන්ට වෙඩි තබා අවසානයේදී තමනුත් සිය දිවි නසා ගැනීමය​. ඔහු පැවසූ පරිදි ඔහුගේ සාක්කුව තුල තිබෙන ලිපිය පොලිසිය විසින් සොයා ගනු ඇත​. එහිදී ඔහු මේ බිහිසුණ ක්‍රියාවට පොලඹවන ලද හේතුව හෙලිවේ. නමුත් මෙම සැලැස්ම ඔහු විසින් ක්‍රියාත්මක කරන නොලද්දේ අපගේ මැදිහත්වීම නිසාය​. 

අවසානයේදී ඔහු මට මෙසේ කීවේය​. " සර් නොහිටින්න මම නිරපරාදේ මිනිසුන් ගොඩාක් දෙනෙක් මරපු මිනීමරුවෙක් වෙනවා. සර් බේරුවේ මගේ ජීවිතය විතරක් නොවෙයි පනාගොඩ හන්දියේ මගෙන් මැරුම් කන්න හිටපු අහිංසක මිනිසුන් ගේ ජීවිතත් සර් බේරුවා " 

මෙම මැදිහත්වීම් තුලින් විශාල විපත්තියක් නිශේදනය කිරීමට හැකි වීම නිසා  මම සතුටු වූයෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

38 ulasan:

  1. අපේ සමහර හිතවතුන් "මම ඇතිවෙන්න පින් කරලා තියෙනවා/ලංකාවට සේවය කරලා තියෙනවා " ලංකාවේ මගේ රස්සාව කරද්දී කියලා කියන්නේ බොරුවකට නෙවෙයි..

    BalasPadam
    Balasan
    1. මගේ අතින් පිනුත් උනා පවුත් වෙන්න ඇති සමහර විට වෙහෙස නිසා තද උනහම. ඒත් මිනිසෙකු සුවපත් කිරීම පරම සැපතක්

      Padam
  2. ඇතැම් නිලධාරීන් තවකෙකුට තෝරාගෙන ඔහුට තම ඇඳිවතේ මුත්‍රා පහවන තුරු මානසික වධ බන්ධන දෙන කතාවක් දෙවන ලෝක යුධසමය පිලිබඳ වාර්තා වැඩසටහනක දැක්කා.
    බිහිසුනු අත්දැකීම් වලින් මිදෙන්න විධිමත් වැඩසටහනක් තිබීම මඟින් රටේ සාමය,සැනසීම සහ සෙබලුන්ගේ සැනසීම ආරක්ශා කරනවා කියන්න මීට වඩා උදාහරන මොකටද?
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. මෙහෙත් ඒවා තියනවා කියවන්න මගේ ලිපිය - හමුදා රැග්

      Padam
  3. //සර් බේරුවේ මගේ ජීවිතය විතරක් නොවෙයි පනාගොඩ හන්දියේ මගෙන් මැරුම් කන්න හිටපු අහිංසක මිනිසුන් ගේ ජීවිතත් සර් බේරුවා " //

    Well done Dr.

    BalasPadam
    Balasan
    1. 88-89 බටලන්දෙ හිටපු සොල්දදුවෙකුටත් Doctor බෙහෙත් කලානේද්?

      Padam
    2. Thank you Sir


      බටලන්දෙ නෙවෙයි එලියකන්දේ

      Padam
  4. මේක මකලා දානවට වාඩා හොදයි ඩොක්ටර් අර විචාරක කියන කෙනාට හැදෙන ආමි ආතතිය ට තැපැල් මගින් බෙහෙත් කරන්න පුලුවන්නම් හැබෑයි ඉස්සර තරම්ම දැන් නරක නැ හිටපු ගමන් එයාට එයාගේ මුළු ජාතකෙම රෝන්ග් යනවා

    BalasPadam
    Balasan
    1. මට හිතෙන්නේ එම තත්වට හමුදා සේවයේ සම්බන්ධයක් නෑ, හමුදාවට කිසි සම්බන්ධයක් නැති මටත් ඔහොම වෙනවා. යම් අසාධාරනයක් සිදුවුනායයි හැගෙන අවස්තාවක ආවේගශීලි වීම ආවේග දැනෙන ජීවීන්ගේ බිල්ට්ඉන් ෆීචර් එකක්.

      Padam
    2. ඩොක්ටර් අර තට්ට කණ්නාඩි පොළඟා ගැන අහලා තියනවද

      Padam
    3. ඔය අනවශ්‍ය කතාවක් නේද අදින්නේ

      Padam
  5. අනිත් උන්ව මරන්ඩ තමන් මැරෙන්ඩ නොගියට සේවා ස්ථානයේ පීඩනයන්ට ලක් කිරීම නිසා ආතතියට පත්වෙන අය සුලබව ඉන්නවා පුද්ගලික අංශයේ රැකියාවල ( විශේෂයෙන් ඇගලුම් කර්මාන්තශාලාවල ) සමහරක්විට වෛද්‍යවරයෙක් හමුවෙන්ඩ යන්ඩ නිවාඩුවක් ගන්ඩ බැරිතරමට මර්ධනයට සහ පීඩනයට ලක්කරපු.

    BalasPadam
    Balasan
    1. සමහරක්විට වෛද්‍යවරයෙක් හමුවෙන්ඩ යන්ඩ නිවාඩුවක් ගන්ඩ බැරිතරමට මර්ධනයට සහ පීඩනයට ලක්කරපු.//// Marai

      Padam
  6. යුධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම යතාතේ මේ වගේ ගැටලුවලට විසඳුම් හොයන්න අවස්ථාවක් නැද්ද? ප්‍රතිසංවිධානයක් කියපු ගමන් රෙද්ද කරට අරන් එන්නේ හමුදාව අඩු කරන්න යනවා කියලනේ

    BalasPadam
  7. / අවසානයේදී ඔහු මට මෙසේ කීවේය​. " සර් නොහිටින්න මම නිරපරාදේ මිනිසුන් ගොඩාක් දෙනෙක් මරපු මිනීමරුවෙක් වෙනවා. සර් බේරුවේ මගේ ජීවිතය විතරක් නොවෙයි පනාගොඩ හන්දියේ මගෙන් මැරුම් කන්න හිටපු අහිංසක මිනිසුන් ගේ ජීවිතත් සර් බේරුවා " /

    " A time bomb ticking" කියන්නෙ මේ වගෙ අවස්ථාවලට කියලයි මට හිතෙන්නෙ.

    ස්තූතියි රුවන්...ඔබ කල මහඟු කාර්යයට වගේම ඒ අත්දැකීම් අප එක්ක බෙදාගත්තට...:)

    BalasPadam
  8. දීර්ඝව යුද්ධ කල හමුදා තිබේන රටවල දුර්ලභ සිද්ධි නොවේ.

    සමහර තියරි වලට අනුව යුද්ධ කිරීම මහා අපරාධයක් ලෙස සිවිල් සමාජය දකීනම් එය මානසික රෝග වැඩි වීමට හේතුවක්.

    ඒ තියරියට අනුව වියට්නාම් යුද්ධයෙන් පසු මානසික රෝගීන් ගනන වැඩි වීමට ඒ වන විට ඇමරිකාව තුල තිබූ " යුධ විරෝදී ව්‍යාපාරය " හේතුවක්.

    BalasPadam
  9. ඔය පොත් බහුතරය කියවා ඇත්තෙමි..... ඒත් නීල් ප්‍රනාන්දු මහතාගේ සහ ඔබේ සම්බන්ධය වැටවුනේ දැනුයි.... දැන් පොත් ලිවීමේ දී දෙදෙනා එක්ව ලියන්නැද්ද???

    BalasPadam
    Balasan
    1. මම නීල් ප්‍රනාන්දු මහතා සමග පොත් 2 ලිව්වා විශාදය සහ දිවිනසා ගැනීමේ චර්‍යාව ගැන​.

      දැන් පොත් ලිවීමේ දී දෙදෙනා එක්ව ලියන්නැද්ද???////////// amam mehe ethuma ehe

      Padam
  10. මානසික වෛද්‍ය සායන අවි,ආයුධ භාවිතා කරන සියලු ආරක්ෂක අංශ සාමාජිකයින් වෙත ලබාදිය යුතු යන්න මගේ හැඟීමයි.

    BalasPadam
  11. රැකියාව තුලින්ම බොහොම පිංඅතේ වැඩ කරගෙන තියෙනවා වගේ...
    මේ විස්තර අපි එක්ක බෙදාගන්න එක සෑහෙන වටිනවා...

    BalasPadam
  12. හමුදාවක ජීවිතය.. බැරෑරුම්ව කතා කල යුතු මාතෘකාවක්. හමුදා රෝහලක් කියන්නේ සාමාන්‍ය රෝහලකට වඩා වෙනස්ම පරිසරයක්. මම එක පාරයි ගිහිං තියන්නේ. ඒත් මට ඒ දේ දැනුනා.

    BalasPadam
  13. උතුරුකරයේ කදවුරු වලටත් වඩා පනාගොඩ කදවුරේ සමලිංගික ක්‍රියාවන්ට ඇබ්බැහිවූ සෙබළුන් සිටිනවා.(මෙය පුදුමයට කාරණයක්, එහෙත් සත්‍ය එයයි) මේවාට අකමැති ආදුනික සෙබළුන්ට හා තමාට පහළ සිටින සෙබළුන්ට හමුදාවේ බාසාවෙන් කියනවානම් අමු වහක් වෙනවා.

    BalasPadam
    Balasan
    1. සමලිංගික ක්‍රියාවන්ට ඇබ්බැහිවූ සෙබළුන් සිටිනවා////// True

      Padam
  14. //සර් බේරුවේ මගේ ජීවිතය විතරක් නොවෙයි පනාගොඩ හන්දියේ මගෙන් මැරුම් කන්න හිටපු අහිංසක මිනිසුන් ගේ ජීවිතත් සර් බේරුවා
    අර මිනිස්සු පවු කරන උන්ට යන්න අපායක් හදන්න ඔ්න කියනෝ වගේ දිව්‍යලෝකෙකුත් හදන්න වෙයිද දන්නෑ :D :)

    ඉන්න ගමං ඔය මානසික ලෙඩ ගැන එහෙමත් ලියන්නකෝ doctor! කඩ්ඩෙං ලියන්නෙපා ඉතිං :)

    BalasPadam
  15. කාලතුවක්කු ෂෙල් ෂොක් එකකට මුලින්ම අහුවුනේ 1989 දී. ඒ කම්පන තරංග නිසා මා උඩින් විසිවෙලා ලිඳකට වැටුණා. ලිනේ ආදී 4 ක් විතර වතුර තිබුනේ. අපේ සෙබළු දෙන්නෙක් මියගියා. ඒ කන්කසන්තුරේදී. 1990 දී බබා මෝටාර් එකකට අහුවුණා. කන් ඇහෙන්නේ නැතුව හිටියා ටික දවසක්.අපේ හමුදාවේ මියගිය සෙබළුන්ගේ මෘත ශරීර 700 ක් පමණ එකවර බාරගන්න සිදුවීම තමා මා ලබපු ලොකුම කම්පනය. ඔබේ පොතක් කියවීමෙන් පසු ලද අවබෝධය තුලින්, මා ලියන ලද ලිපියක්,

    මෙන්න මෙතන තියනවා.

    BalasPadam
    Balasan
    1. ඔබ තුල තිබෙන මිනිසත්බව සහ දැණුම විසින් මේ PTSD තත්වය reduce කරගන තිබෙනවා

      Padam
    2. හි හි හු හු එකයි විචාරක ගේ සරීරෙ මුකුත් සිරීම් ලකුනු නැත්තේ වැටිලා තියෙන්න වතුරටනේ ඇ අමන්දෝ මේකා හපුතලේ පැත්තේ කැම්ප් එකක කෝච්චි පෙට්ටියි රේල් පාරවල් පාලන් බෝක්කු මුරකලා කියනවා මේක ලියනවා කාලතුවක්කු ෂෙල් ෂොක් එකකට මුලින්ම අහුවුනේ 1989 දී කියලා . ඒ කියන්නේ කොටි ගහපු ෂෙල් හපුතලේට වැටිලා මාරයි නේ කොටි.
      එක්කෝ විචාරක බොරු බයිලාකියනවා වෙන්න ඇති ....අපට මොකෝ පොඩි කොල්ලෝ රැවටෙයි ඕවට

      Padam
  16. නිවැරදි කිරීම: 'ළිඳේ අඩි 4 ක් විතර වතුර තිබුණේ'

    BalasPadam
    Balasan
    1. හි හි හු හු එකයි විචාරක ගේ සරීරෙ මුකුත් සිරීම් ලකුනු නැත්තේ වැටිලා තියෙන්න වතුරටනේ ඇ අමන්දෝ මේකා හපුතලේ පැත්තේ කැම්ප් එකක කෝච්චි පෙට්ටියි රේල් පාරවල් පාලන් බෝක්කු මුරකලා කියනවා මේක ලියනවා කාලතුවක්කු ෂෙල් ෂොක් එකකට මුලින්ම අහුවුනේ 1989 දී කියලා . ඒ කියන්නේ කොටි ගහපු ෂෙල් හපුතලේට වැටිලා මාරයි නේ කොටි.
      එක්කෝ විචාරක බොරු බයිලාකියනවා වෙන්න ඇති ....අපට මොකෝ පොඩි කොල්ලෝ රැවටෙයි ඕවට

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook