Selasa, 22 Mac 2016

ලැට්ටෝ

 

වෛද්‍ය පීඨයේ සිටි ලතින් ඇමරිකානු සිසුන් අප හැඳින්වූයේ ලැට්ටෝ / ලැට්ටන් නමිනි.කෙල්ලෙක් නම් ලැට්ටියෙකි.  සමහරක් ලතින් ඇමරිකානු සිසු සිසුවියන් මට තවමත් මතකය​. ආජේන්ටිනාවේ කාර්ලොස් මට අමතක කල නොහැකි චරිතයකි. ඔහු හොඳින් පාපන්දු ක්‍රීඩාව කලේය​. මම ඔහුගෙන් ජුවන් පෙරෝන් , ඊවා පෙරොන් ගැන ඇසුවෙමි. 

බ්‍රසීලයේ එමලියානෝ සහ ඇන්ගෝලාවේ ෆෑරෑන්ක්ලීන් කතා කරනවා මම අසාගෙන සිටියෙමි. එමලියානෝ බ්‍රසීල පෘතුගීසි කතා කල අතර ෆෑරෑන්ක්ලීන් අප්‍රිකානු උරුවට ඇන්ගෝලා පෘතුගීසි කතා කරයි. එසේම එමලියානෝ කොලොම්බියාවේ පැබ්ලෝ සමග පෘතුගීසි බසින් කතා කරද පැබ්ලෝ පිළිතුරු දෙන්නේ ස්පාඤ්ඤය භාෂාවෙනි. නමුත් ඔවුන් දෙදෙනා එකිනෙකා  තේරුම් ගනිති. 

කොලොම්බියාවේ මර්තා මගේ මතකයට එයි. ඇය මට මුලින්ම හමු වූයේ මොස්කව් හිදීය​. ඇය ප්‍රින්ස් නම් ගායකයාගේ පර්පල් රෙයින් නම් ගීතයට ඇළුම් කළාය​. මෙම ගීතය මට ගායනා කරන ලෙසද ඉල්ලුවාය​. මර්තා පැමිනියේ කොලොම්බියාවේ අග නගරය වන බොගොටා වලිනි. 

අප සමග සිටි රිස්වාන් නම් ලාංකික සිසුවෙක් නිවියා නැමැති කොලොම්බියානු  තරුණිය සමග විවහා වී කොලොම්බියාවට ගියේය​. දැන් ඔහු එහි වසනවා විය යුතුය​. 

බොලිවියාවේ ග්ලෝරියා නර්තනයට උපන් හපන්නියකි. ඇය ෆ්ලෑශ් ඩාන්ස් චිත්‍රපටයේ ගීත වලට පියකරු ලෙස නටන්නීය​. අප කිහිප විටක්ම ටර්මිනල් නම් ඩිස්කෝ අවන්හලට ගියෙමු. නමුත් ටර්මිනල් හි වැඩිපුර වාදනය කලේ රුසියානු ගීත විය​. එම නිසා අප බටහිර ගීත ඩීජේ ගෙන් ඉල්ලා සිටියෙමු. 

චිලී හි ඉසබෙල්ලා සිටියේ මගේ යාබද කාමරයේ ය​. ඇයගේ සැමියා වූ බෘස් ඇන්ගෝලා ජාතිකයෙකි. ඔවුන් ගේ කුඩා ළමයින් වූ වැසිලී සහ ඇලෙක්සී කෑගසමින් කොරිඩෝ‍රයේ දිව යාම නිසා මට පාඩම් කිරීමේදී බධා ඇති විය​. සමහර දින වලදී ඉසබෙල්ලා තම සොහොයුරා ගැන මතක් කර අඬන්නීය​. ඔහු  චිලියේ පිනාචේ ගේ සිර මැදිරියක සිටි අතර ඔහුව නිති පතා වධයට ලක් කරන බව ඇය කීවාය​. මේ වන විට ඉසබෙල්ලා ගේ සොහොයුරා අඩි පහක් පොළව යට සිටිනවා විය යුතුය​. චිලියේ පිනාචේ ගේ සිරගෙදරකින් යමෙක් එලියට ආවේ කලාතුරකිනි. 

ඉක්වදෝරයේ අැල්බා ශරීර ප්‍රමාණයෙන් කුඩාය​. ඇය බංලාදේශයේ හාලිද් ගේ පෙම්වතිය වූවාය​. අැල්බා ශරීර ප්‍රමාණයෙන් කුඩා වූවද වරක්  ගිනියාවේ සිසුවෙකුට කවට කමට නහයට ගැසීම නිසා ඔහුගේ නාසයෙන් ලේ ආවේය​. 

ගයනාවේ බ්‍රයන් උස කඩවසම් සිසුවෙකි. ඔහුට රුසියානු පෙම්වතියක සිටි බව මතකය​. පෙරූ රටෙන් පැමිණි හුවංගෝ අඩක් ඉන්කා ජාතිකයෙකු මෙනි. එසේම පැනමාවේ මැක්ස් තුලද අඩ වශයෙන් රතු ඉන්දියානු ලක්‍ෂණ තිබේ. අප මැක්ස්ව නොරියේගා කියා නම් කලෙමු. නමුත් එම වචනය ඔහුගේ මුහුණට නොකීවෙමු. මැක්ස්ට අවශ්‍ය වූයේ ශල්‍ය වෛද්‍යවරයෙකු වීමටය​. 

වෙනුසිලාවේ ඔස්කාර් මගේ මිතුරෙකි ඔහු මගේ නම නිතර පටලවා ගෙන රුවන් වෙනුවට ජුවාන්  කීවේය​. මෙසේ කාලයක් යන විට ඔහු මට කතා කලේ ජුවාන් කියාය​. ඔස්කාර් අපේ පාඩම් කවයටද ආවේය​. 

කොස්ටාරිකාවේ ලුවිස් අපට වඩා ජ්‍යෙෂ්ඨ වූවද මගේ හොඳ මිතුරෙකි. ඔහු ලඟ අගනා විඩියෝ චිත්‍රපට ගනනාවක් විය​. නිවාඩු කාලයේ ස්වීඩනයට යන ලුවිස් ස්වීඩනයෙන් නවතම ඇමරිකානු චිත්‍රපට ගෙන එයි. 

මෙක්සිකෝවේ රොද්‍රීගස් නිතරම රන් ආබරණ පැළඳ සිටියේ අතීත ඉන්කා රජෙකු සිහි ගන්වමිනි. රොද්‍රීගස් ඉතා විශාල රන් මුද්දක්  පැළඳ සිටි අතර හදිසි අවස්ථාවක එය නකල් ඩස්ටර් එකක් හෙවත් කළාකිරිඥයක් ලෙසටද භාවිතා කල හැකි වූයේය​. 

කැරිබියන් රටක් වන සෙන්ට් ලුසියා  හි සිසුවෙක් වරක් මොස්කව් වලදී මට හමු විය​. ඔහු ක්‍රිකට් ලෝලියෙකි. කියුබානු සිසුන් විශාල පිරිසක් හිමෙල්නීස්කි නගරයේ සිටි අතර ඔවුන් අතරින් අර්තූර්  මට සිහිපත් වේ. අර්තූර් අප්‍රිකානු සම්භවයකින් යුක්තය​. 

නිකරගුවාවේ රමොන් දකින දකින විට මට සිනහ යයි. එකල ලංකාවේ සෑම තාප්පයකම නිකරගුවාවට අත නොතබනු කියා පෝස්ටර් ගසා තිබුණි. මේ පෝස්ටර් ගැසූවන් ද නිකරගුවාව ගැන ලියූ ලියුම්කරුවෝද නිකරගුවාව තිබෙන්නේ කොහේද කියා නොදත් නමුත් නිකරගුවාවට අත නොතබනු කියා ප්‍රතිරාව කළහ​. රමොන් එන විට මම තොල් හපාගෙන සිනහව තද කර ගනිමි. නිකරගුවාවට මම අත නොතබමි. 

පොදුවේ ගත් කල  ලතින් ඇමරිකානුවන් විනෝදයෙන් සිටින නර්තනයට ගායනයට ලැදි සරළ මිනිසුන් කොටසකි. ඔවුන් අතීතය ගැන කම්පා නොවෙති. අනාගතය ගැන බියව තැවි තැවී නොසිටිති. ලැට්ටන් ලැට්ටියන් බොහෝ විට ජීවත් වන්නේ මේ මොහොතේය​. එය ඔවුන් සතුටින් සිටීමේ රහස විය හැක​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

40 ulasan:

  1. ඉස්සර අපි කියපු සින්දු පදයක්.

    නිකරගුහාවේ පුන් සඳ නැගෙන වෙලාවේ
    නිකරගුහාවේ පුන් සඳ නැගෙන වෙලාවේ........

    නිකරගුහාව යන්නට වෙනත් තේරුමක් ද සමහරු ළඟ තිබුණි!

    BalasPadam
    Balasan
    1. හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්. තවත් තේරුමක් තිබුනා නේන්නං.
      මීට,
      ඒ සින්දුවම කියපු තව එකෙක්.

      Padam
  2. අන්තිම ඡේදයේ නිරීක්ෂණයට මමත් එකඟයි.

    BalasPadam
  3. අපි සේවය කරපු හමුදා කඳවුරේ දී ලැට්ටියෝ ත් එක්ක ටෝම්බෝල සෙල්ලම් කළා

    BalasPadam
  4. ඉතින් සමහරදාට රෑට අල්ලපු කාමරේ ඉසබෙල්ලා බලන්ට ගියැයි?

    BalasPadam
    Balasan
    1. "...නිකරගුවාවට මම අත නොතබමි. .."

      Padam
    2. ගියා නම් බ්‍රූස් ගෙන් අම්බානක කන්න තිබුනා

      Padam
  5. අනාගතය ගැන බියව තැවි තැවී නොසිටිති. ලැට්ටන් ලැට්ටියන් බොහෝ විට ජීවත් වන්නේ මේ මොහොතේය​. එය ඔවුන් සතුටින් සිටීමේ රහස විය හැක​. ///

    හුගක් අයට බැරිම දේනෙ

    BalasPadam
  6. දොස්තර මහත්තයාට කරන්න පුලුවන්නං ලොකුම සේවාවක් තිබේ. එනම් සංචාරකයකල රටවල් ගැන ලිවීමය. ලංකාවේ සිංහල සාහිත්‍යයේ සංචාරක පොත පත තියෙන්නේ අතේ ඇඟිලි ගානට අඩුවෙන්‍. අනෙක් රටවල් සහ සංස්කෘතින් ගැන නොදැන "පොල්කට්ටෙන් එහා" බලන්න ක්‍රමයක් අපේ අයට නැත.

    BalasPadam
    Balasan
    1. තෝ වගේ සිංහලෙන් විතරක් යන්තම් කියවගන්න දන්නා බයියෙක් මොනවද යකෝ දන්නේ. පුස්තකාලෙකට ගිහින් බලපන් කොච්චර සිංහල පොත් තියනවද කියලා සංචාරක අත්දැකීම් ගැන ලියවුනු ඒවා

      Padam
    2. මේ නොදන්නාකමට අහන්නේ. සිංහලෙන් විතරක් කියවන්න දන්නා අයද බයියො කියන්නේ හැබෑට?

      Padam
    3. // මේ නොදන්නාකමට අහන්නේ. සිංහලෙන් විතරක් කියවන්න දන්නා අයද බයියො කියන්නේ හැබෑට? //

      නෑ... මහින්ද මහත්තයට චන්දෙ දුන්නු අපටත් බයියො කියල කියනවා නේ...

      සමහර සින්හලෙන් විතරක් කියවන එවුනුත් අපට බයියො කියනවා මහින්ද මහත්තයට චන්දෙ දුන්නු නිසා...

      Padam
    4. @Sa rasa පැහැදිළි කිරීමට ස්තුතියි :)

      Padam
    5. සාරසයා බයියෙක් කියලා ඌම තේරුම් ගැනීම ගැන සතුටුයි.

      Padam
    6. // සාරසයා බයියෙක් කියලා ඌම තේරුම් ගැනීම ගැන සතුටුයි. //

      අනේද කියන්නේ!

      Padam
    7. උත්සහයක් කරන්නම්

      Padam
  7. ඊයේ ගෙවී අවසානය.. හෙට එන්නේ අදින් පසුවය.. ඉදින් අද ජීවත් වෙමු.!
    ලැට්ටන්ට ආචාරය.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    BalasPadam
  8. වෘත්තීය ජීවිතයේදී ලැට්ටෝ, ලැට්ටියන් කිහිප දෙනෙක් මුනගැසී තිබෙනවා. අන්තිම ඡේදයෙන් ඔවුන් ගැන කෙරෙන විස්තරය ඉතා නිවැරදියි. නිකරගුහාව ගැන අතුරු කතා ගොඩක් මතක් වෙනවා. වල් කතා කැටගරියට වැටෙන නිසා මෙතන ලියන්ට බෑ නෙව :)

    BalasPadam
    Balasan
    1. ඔවුන් සරල මිනිසුන්

      Padam
  9. ඒක ඇත්ත....... වෙච්ච දේවල් ගැන හෝ වෙන්න තියෙන දේවල් ගැන අනවශ්‍ය විදිහට කරදර වීම විකාරයක් තමා..... ලැට්ටන්ට ජයවේවා....

    BalasPadam
  10. ලැට්ටෝ තමා මිනිස්සු, උන් ගේ ගානේ බොන්න පුළුවන් ස්ටිපෙන්ඩියා ලැබුණු දවසේම විතරයි, එදාට ණය ගෙවලා ඉතුරු සල්ලි සේරටම බොනවා, ඉතුරු දවස්වලට කොකා කොල තම්බල බීවා. ගිටාර් එකක් සහ බට ගොඩක් එකතු කරල තැනූ අපූරු සද්දයක් නෙ නලාවක් නැත්නම් ඌ ලැට්ටෙක් නොවේ.

    ලැට්ටෝ සහ ඇබ්බෝ (අරාබි) දෙගොල්ලෝම අනිවාර්ය සමාජශීලින් වුනත් ඇබ්බෝ එකතුවුනොත් වලියක්, ලැට්ටෝ වලි නෑ, ගොඩක් සමීපයි, සෙට් වෙතෑකි, රස කතා ගොඩයි.

    පෘතුගීසි කතාකරන අය MS Windows වලට කීවේ ජනේල කියා, කමීස, කලිසම්, සපත්තු,

    BalasPadam
    Balasan
    1. ජනේල කියල සමහරක් වෙලාවට අපිත් කියනවනේ

      Padam
    2. ඇබ්බෝ එකතුවුනොත් වලියක් - agree

      Padam
  11. මේ අත්දැකීම් අපිට අලුත් අත්දැකීමක්

    BalasPadam
  12. ලැට්ටෝ කියල මාතෘකාව දැක්කම මම හිතුවෙ ඔබ ලැට්වියානුවන් ගැන ලියන්නට යනවයි කියල..:)

    ඔබ සැබෑම වාසනාවන්තයෙක්..ලොව විවිධ රටවලින් පැමිණි නා නා ජාතීන්ට අයත් පුද්ගලයින් ඇසුරු කිරීමට ලැබීම ඇත්තටම වාසනාවක්...

    BalasPadam
  13. උදේම දාපු කොමෙන්ට් එක වැටිල නෑ. ආයෙ දාන්නම්. යුක්‍රයීන් පෝලන්ත භාෂාවල සාම්‍ය වගෙම පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂා අතරත් තියනව වගෙයි. ආදි මානවයන් එකම බසක් කතා කරල කාලයත් එක්ක ආශ්‍රය අඩුවුනාම වෙනස්කම් වැඩිවෙලා අලුත් භාෂා බිහිවූ බව පේනව

    BalasPadam
  14. CIA, ඇමරිකන් කුමන්ත්‍රන කියන්නේ මොනවද කියලා බලාගන්න පුලුවන් "ලැට්ටන්ගෙ" රටවලට ගියානම්. නිකරගුවා කතාවත් මෙයට අදාලයි.

    BalasPadam
  15. //ලැට්ටන් ලැට්ටියන් බොහෝ විට ජීවත් වන්නේ මේ මොහොතේය​. එය ඔවුන් සතුටින් සිටීමේ රහස විය හැක​. //
    යුරේකා, යුරේකා...

    BalasPadam
  16. මේ බලන්න සිංහල ජාතිවාදීන් කල දරුණු අපරාධයක්.
    http://hotgossip9.blogspot.com/2011/07/blog-post_3561.html
    ඔවුන් වෙනිසියුලානු ක්ලාරා ලෝපේස් මෙනෙවිය බලහත්කාරයෙන් සිංහල කරලා.

    BalasPadam
  17. ලෝකේ වටේම මිනිස්සු ඇසුරු කරන්න ලැබීම හොඳ සතුටට කරුණක්.

    අපිට අමාරු වුනාට ලැට්ටෝ හරි වගේ ජිවත් වෙන විදිය.


    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook