Ahad, 13 Mac 2016

මවකට ලියූ කවිය



හැත්තෑ එකේදී 
ජනතාව නොදත්
විප්ලවයකට අත ගැසූ මම 
මාංචු දමා ගෙන යන හැටි
බලා සිටි අම්මේ 

තක්සලාවකට යාමට නොහැකිවූ නමුත්
සිපිරි ගෙය තක්සලාවක් කරගෙන 
යළි නිදහස් ලෝකයට ආ දිනයේ
මාව පිළිගත් අම්මේ 

මාක්ස්වාදය භෞතිකවාදය හැරපියා
ආධ්‍යාත්මික මාර්ගයකට යන 
මා දෙස බලා සිටි අම්මේ

මා ජීවිතය හැර යන තෙක් 
මදෙස බලා සිටිනු මැන අම්මේ 


(යෝගී පියසිරි කුලරත්න ගේ මවට උපහාර පිණිස ලියවුනු කවියකි )

29 ulasan:

  1. එවන් පුතුන් බිහිකළ මව්වරුන්ට මෙය උපහාරයක් වේවා !!!

    BalasPadam
  2. අපි හැමෝගෙම පැතුම මෙයයි.

    BalasPadam
  3. ~~~අම්මා කෙනෙකුගේ සිතුවිලි බිඳක්~~
    අමතක වී මතක් වෙන මතක
    පාළුයි ගේ පුරාවටම රැව් දුන්නු
    කිරි සිනාහඬ නැහැ පලාතක්වත්..
    දූ මගේ ගේ පුරා ගී කියා නැටූ හැටි
    මැවී මැවී ප්නෙද්දී හඬා නොහඬා
    මම තාම හොයන්නේ
    උඹලාගේ බොරු සන්ඩු
    තනිකමයි ..පාළුවයි කනකොක් හඬ
    කොතෙක් බලා ඉන්නද මං?
    මං එක්ක මගේ ළඟින්ම උන්නු
    කුක්කත් කොහෙ ගිහින්ද මන්ද...
    අනේ ඌ නැති වග වත් කියන්න මට එකෙක්
    මගෙම එකෙක් ළඟ නැති හැටි

    BalasPadam
    Balasan
    1. මවකගේ තනිකම කවියකින් : excellent

      Padam
  4. මේ කාව්‍ය නිර්මාණය මේ ආකාරයටම ගැලපෙන මගේ මිත්‍රයෙක් ඉන්නවා. ඔහු 1971 කැරැල්ලේ දී සැකකරුවකු ලෙස පොලිස් අත්අඩංගුවට පත්වුණා. එවකට ඔහු දිවයිනේ සුප්‍රසිද්ධ විදුහලක ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරමින් හිටියා. පොලිස් අත් අඩංගුවේ දී ඔහුට විවිධ හිරිහැර සිදුවුනා. අපහාසාත්මක අයුරින් නගරය මැදින් ඔහුව සතෙකු මෙන් එහෙ මෙහෙ දක්කාගෙන ගියා පොලීසිය විසින්. පුනරුත්ථාපනය සඳහා යොමුකළ ඔහු, එම කඳවුරේ සිට පාඩම් කර, උසස් පෙළ සමත්වී වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුනා. වෛද්‍යවරයකු ලෙස සේවය කොට, අද විශ්‍රාම සුවයෙන් ඉන්නවා. වසර දෙකකට පමණ පෙර, ඔහුගේ මව අභාවප්‍රාප්ත වුණා. ඒ අවමංගල්‍යයට මාත් සහභාගී වුනා. එදා ඔහු මට කිව්වා, ඒ කාලේ අම්මා මට වෙච්ච දේ ගැන දුකෙන් හිටියත්, පසුව ඇයව සනසන්න මට පුළුවන් වුනා කියලා.

    BalasPadam
    Balasan
    1. ඒ සොහොයුරාගේ නම දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.

      Padam
  5. නැතිබැරි මොහොතක පිහිටට ඉන්නේ මවුනි පියාණෙනි ඔබ දෙපළයි කියලා ලස්සන සින්දුවක් තියෙනවා.... ඒකෙදී මේ කතාව හරි ලස්සනට කියනවා...

    කවිය ලස්සනයි...

    BalasPadam
  6. මවු සෙනෙහස.. මට අහිමි නිසා ඒ ගැන කිසිවක් කීමට කැමති නැත.

    BalasPadam
    Balasan
    1. මගේ අම්ම මට නැතිවුනෙත් මම හුඟක් පුන්චි කාලේ . ඒ දුකම මට ලියන්න සිතෙන්න ඇති ඒ දුකම ලිවිමට මාව තල්ලු කරන්න ඇති .

      Padam
    2. ඔබගේ වියෝ දුක් නිවේවා ; මගේ පැතුම එයයි

      Padam
    3. අඟහරුවාගේ සහ හන්සමාලිගේ කමෙන්ට් දෙක මාව හුඟක් සංවේදී කළා.... ඒ අම්මාවරුන්ට මම නිවන් සුව පතනවා..

      Padam
    4. අම්බලන්ගොඩ කථා- අපේ අම්මා නැති වෙලා නෑ. පණ පිටින් ඉන්නවා.. මාව අතැරලා දාල ඉන්න එක විතරයි වෙලා තියන්නේ.

      Padam
  7. යෝගී පියසිරි කුලරත්නත් මෙහෙමම හිතනවද දන්නේ නෑ..

    BalasPadam
  8. ඔබගේ ලිපි වගේම කවිත් ගොඩක් රසවත්.

    BalasPadam
    Balasan
    1. තුති ලලිත් හිස නමා ඔබේ කමෙන්ටුව පිලිගනිමි

      Padam
  9. //මා ජීවිතය හැර යන තෙක්
    මදෙස බලා සිටිනු මැන අම්මේ//

    මේ පද පේළියෙන් අදහස් කරන්නේ මම අවසන් ගමන් යනකල්ම අම්මාට දීර්ඝායුෂ තියෙන්න කියලද? ලස්සනයි අදහස.

    මම කාලයකට කලින් රූපවාහිනියේ කතාවක දැක්කා තාත්තා කෙනෙක් කියනවා දෙමාපියෙක්ට ලබන්න තියෙන දුකම අත්දැකීම තමාගේ දරුවෙක්ගේ මරණය දකින්න වෙන එක කියලා.

    මොනව වුනත් නිර්මාණය ලස්සනයි

    BalasPadam
    Balasan
    1. Thanks , දෙමාපියෙක්ට ලබන්න තියෙන දුකම අත්දැකීම තමාගේ දරුවෙක්ගේ මරණය දකින්න වෙන එක///////////// 100% athha

      Padam
  10. දරුවෙක් කොච්චර උස් මහත් උනත්,මොන වැඩේ කළත්, උපන් මොහොතේ ඔහෑ ඔහෑ ගගා අතට ගත්තු කිරි කැටියා කියන තැනින් පොඩිත්තක්වත් එහාට මෙහාට වෙන්න අම්ම කෙනෙක් ඉඩක් තියන්නෙ නෑ.. අපට තේරුම් ගන්න අමාරුයි ඒක.
    ජයවේවා..!!

    BalasPadam
  11. අම්මලා හැමදාමත් දරුවන්ගේ සැනසිල්ල වෙනුවෙන් වෙහෙසෙන දැවෙන තැවෙන පිරිසක්. අපි අම්මා ගැන මොනදේ ලිව්වත් අම්මා කියන අකුරු තුනට නිසි අර්ථය දෙන්න අපි කාටවත් බැරිවෙයි. අම්මා අපේ ජීවිත වලට කොයිතරම් වැදගත්ද කියන දේ දැනෙන්න නම් අම්මගෙන් ඈත් වෙලා කොහේ හරි දුරක තනිවෙන්න ඕන.. මම ඒ අත්දැකීම අමාරුවෙන් විඳිමින් ඉන්නව.. අපිට ආදරේ කරන්න බලාගන්න කොයිතරම් උදවිය උන්නත් අපේ අසනීපයක්, හිත අමාරුවක්, ජයග්‍රහණයක් අම්මට කිව්වාම දැනෙන සැනසිල්ල වෙන තැනකින් ලබන්න බැහැ. මේ ලොව පවතින සියල්ල අනිත්‍යයි කියල තේරුම් ගන්න උත්සහ කරමින් ඉන්නවා උනත් අම්මාද අනිත්‍යයි කියල පිළිගන්න හිත සූදානම් නැහැ..



    BalasPadam
  12. මගේ ජීවිතයේ සංදිස්ථානමය අවස්ථා කීපය වස්තු භීජය කරගනිමින් ඊට අම්මාගේ ප්‍රතිචාරය පරිකාල්පනික ලෙස දකිමින් ,සරල බස් වහරකින් නිමවුණු මෙම කාවිය කියවන්නාට ප්‍රඥා රසයක් සේම.. දයාර්ද ආශ්වාදයක්ද ඇති කරවනවා. මම දැනට ලියමින් සිටින “ඹාතා“ කෘතියේ පසුපිට කවරයට මෙම කවිය ඇතුලත් කරනවා. තිසරණ සරණයි.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook