Jumaat, 11 Mac 2016

මට වැදගත් දේ

 

නුඹ අවුඩියෙන් ගියද 
ත්‍රීවීලයෙන් ගියද 
පයින් ගියද 
මට කම් නැත 

නුඹ ඒරොප්පේද​
ඇමරිකාවේද නැත්නම් ඉතාලියේද 
එසේත් නැත්නම් ලංකා පොළවේද 
මට එය කම් නැත 

නුඹගේ පසුම්බිය බරද 
ඩොලර් පවුම් ඩිනාර් වලින් උතුරයිද 
නැතිනම්  පර්ස් එක හිස්ද 
එය මට වගකට නැත​

නුඹ ප්‍රොපෙක්ද දොස්තරෙක්ද ඉන්ජෙක්ද​
නැත්නම් කය වෙහෙසන කම්කරුවෙක් ද 
එසේත් නැතිනම් බජාර් එකේ අයියා කෙනෙක් ද 
මම එය ගණනකටවත් නොගනිමි 

මට වැදගත් නුඹ නාලන්දීයෙකු වීමයි
මා සමග දබර කරගත් 
මා සමග පිට්ටනියේ දුව පැන ඇවිදි 
 මා සමග පන්තිවල කල් මැරූ
නාලන්දීයෙකු වීමයි

මට වැදගත් නුඹ
පාසල් ගෝත්‍රවාදයෙන් මිදී
අනෙක් පාසල් සහ ජාතීන්
ආගම් සහ මිනිසුන්
පාගා නොදමන -පහත් නොකරන 
උනුත් සමග එකට  
සහජීවනයෙන් ජීවත් විය හැකි 
නාලන්දීයෙකු වීමයි

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

17 ulasan:

  1. ගියවර ලංකාවට ගිය මොහොතේ ඇත්තලපිටිය පන්සලට ගියා නෝනයි .මමයි අපේ පුතයි . පන්සලේ ඉඳලා ආපහු එන්න වාහනේ එලියට දැම්ම ගමන් අසල කුඹුරු යායේ මඩෙන් නැහැවී සිටි ගොවියෙක් දුටුවා.. "හුරුපුරුදු මුහුණක් .. ඉඩමේ රංජිත්... මම "ඉඩමාටේ " කියලා දෙමළ සිංදුවකට අනුව කාඩ් එකක් ගහපු අපේ පන්තියේ හිටපු රංජිත් ..... මාව තඩි වහනයෙන් බස්සලා රංජිත් ළඟ නියර උඩට ගෙනෙච්චේ ඔබ මේ විස්තර කරන්න පාසැල් ලෙන්ගතු කමයි...

    BalasPadam
    Balasan
    1. පාසැල් ලෙන්ගතුකම////////////// Two Thumbs Up

      Padam
  2. නාලන්ද කියන්නෙත් ඉස්කෝලයක්ද? හැක්

    BalasPadam
    Balasan
    1. නැහැ ඉයන් එතන විශ්ව ලෝකයකට ගැලපෙන්න ළමුන් සරල පෙළගැස්මක් ඇතිකරන තවත් තැනක්. ඇයි අවුල්ද ?

      Padam
    2. අර ආනන්ද කියන එකත් එක්ක එල්ලේ ගහල හැම දාම පරාද වෙන එකද මේ? හැක්

      Padam
    3. දොස්තර මහත්තයා, (ඉයන් නෙවෙයි) අයන් වුනත් පසාරු කරගෙන යන, armour piercing උණ්ඩ සහිත තුවක්කුවක් දෙන්නද මගේ ගානේ?

      Padam
    4. ඉයන් කන්න වගේ හදන්නේ

      Padam
  3. ඉයන් ලොක්කෝ ,අයියලා මල්ලිලා එකට සෙල්ලන් කරලා කරලා කවුරු දිනුවත් මොකෝ එක පවුලෙනේ ලෝකේ කොහෙ ගියත් උන් එකට ඉන්නේ

    BalasPadam
    Balasan
    1. ඔව් බං නිකන් කුලප්පු කරන්න කිව්වේ. මගේ වැඩිමල් සොහොයුරත් උසස් පෙල සඳහා ගියේ නාලන්දයට. එතකොට රොශාන් මහානම, ගුරුසිංහ ලා කාටද අමතක.

      Padam
  4. මටත් වැඩක් නෑ.. හැක්

    BalasPadam
  5. දැන් ඉන්න නාලන්දෙ උන්ට කොන්දක් නැහැ. උන් ගිය සතියෙ බිශොප් විද්‍යාලයට පැනලා පොලීසියට අහු උනාම කට උත්තරෙ දුන්නෙ උන් රෝයල් කියලා.....ඔය කියන පාසල් ගෝත්‍ර වාදය ඉතා තදින් තියෙන් තැනක්.හීන මානයෙන් පෙලෙන උන් ඉන්න තැනක්. උන් රෝයල් බල්ලො කියලා කෑගහන්නේ ඒ නිසයි......රෝයල් යන උන් නාලන්දේ බල්ලෝ කියලා කෑගහනවා දැකලා තියෙනවද?

    BalasPadam
    Balasan
    1. ඒ රෝයල් යන එවුන් ඇත්තටම බල්ලො නිසා. ඔය රනිල් පේන්නෙ නැත්ද?

      Padam
    2. @ ihala Gamage Pubudu KumaraMarch බිග් මැච් එකට සති කීපයකට පෙර පාසල් බස් වල විදුහල් කොඩි දක්නට තිබේ. කොසු පොල්ලක ආධාරයෙන් බස් රථයේ ජනේලයෙන් එලියට දමන මෙම ධජ නිසා රියැදුරාට පැති කන්නාඩිද නොපෙනේ. මේ හැර සිසුහු පාරේ බස් වලද නැග කොඩි ජනේල වලින් එලියට දමති. එසේම බසයේ පසුපස හදිසි දොරටුව ඇර සින්දු කියති පාරේ යන කෙල්ලන්ට උසුළු විසුළු කරති. එසේම සිංදු අතරමග නවතා එන්. ඒ .එල් ඒ.එන්.ඩී.ඒ. නාලන් ද කියා සෙසු මගීන් ගේ කන් බිහිරි වන සේ කෑගසති. මේ හැර පාසල් වාදය කරට ගත් සමහරක් ආර්. ඕ. වයි. ඒ. එල්. බල්ලෝ කියාද කෑගසති. මගේ එක් සොහොයුරෙක් ද මිතුරන් බොහෝ දෙනෙකුද රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිසා මම මෙම අපහාසය අනුමත කලේ නැත​.

      Padam
  6. සුලෝහිත සහ රජත,
    වර්ණ සෙවණේ ගෙවුනු,
    යුගය අමතක වේද?
    තිබෙන තුරු ජීවිතය,

    BalasPadam
  7. අපි නම් නිකම්ම නිකං 'මහා විද්යාල බයියෝ'.. ඔය කොළඹ ලොකු කොලීජ වල ටොයියොත් එක්ක කොහොමත් පයුරු පසානමක් තියා ගන්නේ නෑ.. හැක්.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook