Selasa, 1 Mac 2016

මිනී කපන රාජකාරිය




උසස් පෙළ ජීව විද්‍යා දහරට සුදුසුකම් ලබන සිසු සිසුවියන් සමහරක් උසස් පෙළදී ගෙම්බන් කැපීමට සිදුවන නිසා ජීව විද්‍යා දහර අත් හරිති. උසස් පෙළ ජීව විද්‍යා දහරට සුදුසුකම් ලැබූ මා හට එවැනි ගැටළුවක් නොවීය​. අපගේ උසස් පෙළ සත්ව විද්‍යා ගුරුවරු වූ ගාමිනී කුලවංශ මයා සහ වික්‍රමනායක මහතා (මම වරක් සත්ව විද්‍යා පන්තියේදී විගඩම් වැඩක් කිරීම නිසා වික්‍රමනායක මහතා මහතාගෙන් කෑවෙමි) අපට ගෙම්බන් කැපීමට ගුරුහරුකම් දුන්හ​. ඒ අනුව අප ගෙම්බන් කැපුවෙමු. 

වරක් මෙසේ  විචඡේදනය කරන ලද ගෙඹි කුණක් විද්‍යාගාර ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිට ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහගේ හිස මතට හෙළුවෙමි. නමුත් එය වැටුනේ අසල සිටි සිසිර දාබරේ ගේ ඔළුවටය​. 

විචඡේදනය කිරීමට ගෙම්බන්  එක් පුද්ගලයෙක් විසින් විදුහලට ගෙන එන ලද අතර එකෙකුට රුපියල් තුනක් ගෙවා මෙම ගෙම්බන් මිලට ගන්නා ලදි. මේ ගෙම්බන් සත්ව විද්‍යාගාර භාරකරු දසා හෙවත් දසනායක විසින් වීදුරු බීකර වල බහා තබාගත් අතර විචඡේදනය කිරීමට අවශ්‍ය වූ විට එකී  ගෙම්බන් සිසුන්ට ලබා දෙන ලදි. අප විද්‍යාගාර භාරකරු දසාව හෙනහුරාගේ මහ දසා කියා නම් කලෙමු. 

පාසල් වල ගෙම්බන් කැපීම ඒ කාලයේ සුචරිතවාදීන් ගේ දෝෂ දර්ශනයටද ලක් විය​. අධිකාරම් මහතා වැනි චින්තකයන් ද මීට විරෝධය දක්වා ළිපි ලියූහ​. එහෙත් මානව දයාව පිළිබඳ නොසලකා ගෙම්බන් ඝාතන ගැන එරෙහි වූ සමාජයක් පසුකාලීනව මිනිස් රුධිරය මත පීනන ලදි. මේ සත්‍ය මානව දයාව වෙනුවට වියාජ සත්ව කරුණාවන් ආරුඩ කිරීමට යන සමාජ වලට සිදුවන වියසන වෙති.  

කෙසේ නමුත් ගෙම්බන් කැපීමෙන් පසු වෛද්‍ය පීඨයේදී අපට මිනී කැපීමට ද පුහුණුවක් දෙන ලදි. වරක් ගෙල වැලදාගෙන සිය දිවි නසාගත් තරුණයෙක්ව අපගේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ගුරුතුමා කපා පෙන්වීය​. එසේම මෙලෙස හදිසි අණතුරු , රෝගාබාධ නිසා මිය ගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ශරීර කපන හැටි අප නිරීක්‍ෂණය කලෙමු. 

අපගේ ගුරුවරයෙකු වූ තෙලිවීසර් (මොහු විශාල කණ්නාඩි දෙකක් දමා සිටි නිසා සිසුන් ඔහුට තෙලිවීසර් යැයි කීහ​) ශාස්ත්‍රීය ආකාරයට උදරය විවෘත කරන අන්දම , අභ්‍යන්තර ඉන්ද්‍රියන් වෙන් කර ගෙන කපා ගන්නා ආකාරය, හිස් කබල විවෘත කොට මස්තිෂ්කය ඉවතට ගන්නා ආකාරය පෙන්වීය​. 

ලංකාවේදී අපට මිනී කැපීමට පුහුණුව දෙන ලද්ද්දේ අධිකරණ විශේෂඥ වෛද්‍ය එල්. බී එල් අල්විස් සහ වෛද්‍ය කාරියවසම් මැඩම් විසිනි . එසේම කොලඹ ෆ්‍රැන්සිස් පාරේ මෘත ශරීරාගාරයේදී අධිකරණ  වෛද්‍ය  පියසෝම මහතාගේ අධීක්‍ෂනය යටතේ වරක් මම මිය ගිය තරුණ පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් කැපුවෙමි. එසේම කළුබෝවිල රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සෙනරත් කොලඹගේ මහතා මිනී කපනවා බලා සිට ඉගෙන ගත්තෙමි. එහෙත් මිනී කැපීමට මට පිරියක් නොවීය​. එම නිසා මම අධිකරණ වෛද්‍ය විද්‍යාව පසුපස නොගියෙමි. 

සියළුම ස්ථාන භාර වෛද්‍යවරුන්ට මිනී කැපීමට සිදුවේ. එම නිසා සමහර වෛද්‍යවරු ඩී.එම්.ඕ වැනි තනතුරු වලට අයදුම් නොකරති.  කොලොන්ගොඩ රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස මට තනිවම මිනී දෙකක් කැපීමට සිදු විය​. එක් මිනියක් වස බී දිවි නසාගත් පුද්ගලයෙකු ගේය​. මෙම මිනිය කැපීම සඳහා වීරසූරිය නම් රෝහල් කම්කරුවෙක් මට උපකාර කලේය​. මම ශරීර කොටස් වල විවූහාත්මක වෙනස්කම් නිරීක්‍ෂනය කරමින් ඒවා සටහන් කර ගත්තෙමි. පසුව අධිකරණ වෛද්‍ය සටහන් පතක මේ සටහන් සඳහන් කර ඒවා අදාල ආයතන වෙත යැව්වෙමි. 

ගමක මෘත ශරීරයක් කපන විට මිනිසුන් ගැහැනුන් කුඹුරු වැඩ නවත්වා රෝහලට රොක් වෙති. ඒ කාලයේ මිනිපේ ප්‍රදේශයේ සිටියේ ය. මූ  කුඩා බණ්ඩා කියා මරණ පරීක්‍ෂකවරයෙකි. ඔහු තමන් ප්‍රදේශයේ නඩු කාරයෙකු ලෙස සිතාගෙන මිනිසුන්ට පහත් කොට කිරීමට පුරුදුව සිටියේය​. වරක් මෙම පුද්ගලයා  හසලක රෝහලේ වෛද්‍යවරයෙකුට පිරිසක් ඉදිරිපිට අවනම්බු කතාවක් කිරීම නිසා එම වෛද්‍යවරයාගෙන් බඩ පුරා අසාගත්තේය​. ඉන් පසු ඔහුගේ රැස් බැස ගියේය​. 

අධිකරණ දෙපාර්තමේන්තුව මරණ පරීක්‍ෂකවරු පත් කිරීමේදී දැන උගත් ප්‍රදේශයේ වැදගත් ලෙස දිවි ගෙවන පුද්ගලයන් පත් කල යුතුය​. එසේම මෙම පුද්ගලයා මරණ පරීක්‍ෂන වලදී අල්ලස් ලබා ගන්නා බවටද පසුව මට පැමිණිලි ආවේය​. 

මා විසින් දෙවන වර කපන ලද මිනිය කුඩා දැරියකගේය​. ඇය දුප්පත් පවුලක ළමයෙකි. දෙමාපියන් දිළිඳු ගොවීන්‍ ය​. බඩගින්න නිසා දිවා කාලයේදී කසල ගොඩක් අසල තිබූ පැකට්ටුවක් සොයාගෙන එය ටිපිටිප් යැයි සිතා එහි වූ කුඩු වර්ගයක් ළමයා විසින් කන ලදි. එහි තිබී ඇත්තේ වසය​. මේ හේතුවෙන් දැරිය මිය ගියාය​. මේ කුඩා දැරියගේ මිනිය කපා මම පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්තුවෙමි.  ඇයගේ කුඩා ශරීරය කපා අභ්‍යන්තර ඉන්ද්‍රියන් , මොලය ඉවතට ගෙන පරික්‍ෂා කිරීමට සිදු විය​. එය ඝාතනයක් නොව වස ශරීර ගත වීම නිසා සිදුවී මරණයක් බව තහවුරු වූයේය​. 

මෙම කුඩා දැරියගේ මිනිය කැපීමට සිදු වීම  මගේ වෘත්තීය ජීවිතයේ හද සසළ කරන ලද සිදුවීමකි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

39 ulasan:

  1. Thanks for the post Doctor. Anyway I also feel so sad about that poor little girl's incident.

    BalasPadam
  2. Balasan
    1. ෆෝන් එකේ ප්‍රෙඩික්ටිව් ටෙක්ස්ට් මෙවලම නිසා මගේත් සමහර comment වල appreciate වෙනුවට appropriate කියා ලියවී තියෙනවා.

      Padam
    2. Yes indeed sorry, I do appreciate your words

      Padam
    3. As long as nobody misappropriates your words !

      Padam
  3. මේ ගෙඹි කතාව දැක-
    මිනිසුන් ඝාතනය අනුමත කරන අය ගේ ගව ඝාතන විරෝධය සිහිවිය.

    BalasPadam
    Balasan
    1. ගව ඝාතනය මහ පාපෙකි ලොව තිබෙන 
      එම කාරණය ඇසු සැන අප තෙත් තෙමිණ 
      යුද භීෂණය මැද හොර රහසෙම කෙරුණ 
      ජන ඝාතනය දැන ඉමු මුවඟින් නොබැණ 

      Padam
    2. ජන ඝාතනය දැන ඉමු මුවඟින් නොබැණ +++++++++++++++++++++++++++

      Padam
  4. ඩී.එම්.ඕ ලට මීනිකපන්න වෙන්නේ අධිකරණ වෛද්‍යවරයෙක් නැති වෙලාවල් වලට සහ අධිකරණ වෛද්‍යවරයෙක් නැති රෝහල්වලදි විතරද

    BalasPadam
    Balasan
    1. ඩී.එම්.ඕ ලට මීනිකපන්න වෙන්නේ අධිකරණ වෛද්‍යවරයෙක් නැති වෙලාවල් වලට සහ අධිකරණ වෛද්‍යවරයෙක් නැති රෝහල්වලදි විතරද///// YES

      Padam
  5. පෝස්ට් එකට ස්තූතියි. මිනී කපනවා බැලීම පිලිකුල් භාවනාව ප්‍රගුණ කිරීමට හොඳ අවස්ථාවක්.

    BalasPadam
    Balasan
    1. ලිකුල් භාවනාව ප්‍රගුණ කිරීමට හොඳ අවස්ථාවක්.+++++++++++++

      Padam
  6. වැදගත් තොරතුරු ටිකක්......

    BalasPadam
  7. රේමන්ඩ් මහත්මා වරක් කියා තිබුණා පාසලෙන් පසු සෑම සිසු සිසුවියක්ම මාස තුනක්වත් මල් ශාලාවක වැඩ කිරීම අනිවාර්ය කලොත් මේ සමාජය මීට වඩා ගොඩක් වෙනස් වේවි කියල.

    BalasPadam
  8. 1989 ජූනි මාසේ 4 වෙනිදා මගේ ලඟම යාලුවාව කළුබෝවිල රෝහලට අරන් යන්න උනා හෘදයාබාධයක් නිසා..නමුත් ඇතුලත් කරනකොටත් ඔහු මගේ උකුලේම මියගොහින්..මම මළසිරුරක් අරන් ගිහින් තියෙන්නේ උකුලේ තියාගෙන...රෑ 9ට විතර ගිය මට පහුවෙනිදා උදේ මිනිය කපලා මරණ පරීක්ෂණය අහවර වෙනකම්ම ඉන්න උනා (සැකකාරයෙක් හැටියට වෙන්නැති )...ඒ අත්දැකීම තාම දැනෙනවා...පොඩි කාලෙ ඉඳන්ම මට ලේ දැක්කත් කලන්තේ හැදෙනවා..ඒත් එදා කිසිම ගානක් නැතුව රොහලේ ගත කලා... වෙලාවට බයෝ කලේ නැත්තේ....!

    BalasPadam
    Balasan
    1. හොඳ වෙලාවට චෙෆ් කෙනෙක් නොවුනෙ

      Padam
    2. මගෙ අත උඩ ලෙඩෙක් මිය ගියා වරක්

      Padam
  9. ඇනටොමි ඩිපාර්ට්මන්ට් එකක ලේබර්ස්ලා කොයි තරං කාලයක් හුරු වෙන්න ඕනද ඔය වැඩේට නේද? ඇයි කිසිම දෙයක් දැනගෙන යන මිනිස්සුයැ.. ඩොක්ටර් කෙනෙක් වුනත් සංවේදි හදවතක් ඇත්තෙකුට මිනී කපන එක අමාරු දෙයක්.. මේකේ හෙඩිම දැක්කම අපේ කවියෙකුගේ ජනප්‍රියම කවියක් මතක් උනා. “මිනී කපන නිමලදාස“
    http://gossip.hirufm.lk/3375/2015/02/hirugossiptrending-nimalada-wife-death-heart-touching-story

    BalasPadam
  10. //එහෙත් මානව දයාව පිළිබඳ නොසලකා ගෙම්බන් ඝාතන ගැන එරෙහි වූ සමාජයක් පසුකාලීනව මිනිස් රුධිරය මත පීනන ලදි//

    තවමත්

    BalasPadam
    Balasan
    1. IP තවමත් ගෙම්බන්ට කැමතිද?

      Padam
    2. ඇනටොමි ඩිපාර්ට්මන්ට් එකක ලේබර්ස්ලා කොයි තරං කාලයක් හුරු වෙන්න ඕනද ඔය වැඩේට නේද? /////////////// read this http://transyl2014.blogspot.ca/2014/12/blog-post_16.html

      Padam
  11. අර දැරිවියගෙ සිද්ධිය නම් බොහොම හද සසල කරවන සිදුවීමක්.. මට මේ ගීතය මතක් උනා..
    සුදු නෙළුම කෝ සොරබොර වැවේ
    https://www.youtube.com/watch?v=Cu3IDvf-Ue0
    ජයවේවා..!!

    BalasPadam
  12. / වරක් මෙම පුද්ගලයා හසලක රෝහලේ වෛද්‍යවරයෙකුට පිරිසක් ඉදිරිපිට අවනම්බු කතාවක් කිරීම නිසා එම වෛද්‍යවරයාගෙන් බඩ පුරා අසාගත්තේය​. ඉන් පසු ඔහුගේ රැස් බැස ගියේය​. /

    /වරක් මෙසේ විචඡේදනය කරන ලද ගෙඹි කුණක් විද්‍යාගාර ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිට ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහගේ හිස මතට හෙළුවෙමි. නමුත් එය වැටුනේ අසල සිටි සිසිර දාබරේ ගේ ඔළුවටය​. /

    /(මම වරක් සත්ව විද්‍යා පන්තියේදී විගඩම් වැඩක් කිරීම නිසා වික්‍රමනායක මහතා මහතාගෙන් කෑවෙමි)/

    මේ කතා ටිකත් එක්කම මේක ලිව්වනං පංකාදු පඳරු තැලිල්ලක් වෙන්න තිබ්බා...

    BalasPadam
    Balasan
    1. පඳරු තැලිල්ලක් /// ha ha ha

      Padam
  13. // අසල සිටි සිසිර දාබරේ ගේ ඔළුවටය//

    සම්පත් බැන්කුවේ සේවය කරන

    BalasPadam
  14. අපට නම් විච්චේදනය කිරීම වෙනුවෙන් ගෙම්බන් නිවසේ සිට රැගෙන යාමට සිදුවිය. නිවසේ සැරිසැරූ ලොකුම ගෙම්බා ඒ වෙනුවෙන් අල්ලා ගතිමි. හැමවිටම ඌ මහා කරදරයක් ලෙස සැලකූ මගේ පියා මේ වෙලාවේ කිසිවක් නොකියා කනගාටුවෙන් බලා සිටි හැටි මට මතකය...කෙසේ වුවත් මා මේ සත්වයා පාසලට රැගෙන ගියෙමි.නමුත් වසර ගණනාවක් මෙලොව ජීවත්ව ඇතැයි සිතිය හැකි බුද්ධිමත් සත්වයා මරා දැමීමේ තීන්දුව පාසලේදී අත්හිටෙවුවෙමි.අපේ පාසලේ විශාල ගස් කීපයක් වවා ඇති විශාල මැද මිදුලේ පොකුණ අසබඩ දී ඌව මුදා හැරියෙමි.......ඒ වෙනුවට යහළුවෙකු සමඟ ගෙම්බෙකු බෙදා හදා ගත්තෙමි......ඒ ගෙම්බාට ජීවිත දානය ලබාදීම වෙනුවෙන් අදටද සතුටු වෙමි.මන්ද යත් මා හට විශ්ව විද්‍යාලයට වැස්සකට ගොඩවීමට හෝ සුදුසු කම් නොලැබූ හෙයිනි.

    BalasPadam
    Balasan
    1. සතුන් ඝාතනය වරදක් නමුත් මෙතන චෙතනාව වෙනස්

      Padam
  15. උසස් පෙලදී අපිත් ගෙම්බෝ කැරපොත්තෝ විච්චේදනය කරා,එහෙම කපන්ඩ කළින් දවසේ ගෙම්බෙක්,කරපොත්තෙක් අල්ලලා ජෑම් බෝතල් වල දාල තියාගන්නවා.
    ඔහොම දවසක් කැරපොත්තෝ ජෝඩුවක් කොල්ලෙක් අල්ලලා ජෑම් බෝතලේකට දාල කට මුඩියකින් වහල, කැරපොත්ති අඩනවලු "අයියෝ අපිව මරයි" කියල.කැරපොත්තා කියනවලු " මට චාන්ස් එකක් දුන්නොත් ඔයාව බේරනවා" කියල.
    පහුවදා උදේ බලනකොට මුන් දෙන්නම බෝතලේ ඇතුලේ නැහැල්ලු.
    කොහොමද ජෝඩුව බේරිලා ගියේ????????.....!!!!
    කාටද කියන්ඩ පුළුවන්.......


    මේක අපි ඒ ලෙවෙල් කරද්දී කෙල්ලන්ට කියපු කතාවක්.
    "අපිටත් චාන්ස් එකක් දෙනවනම් බේරුණ විදිය කියල දෙන්නම්,,,,

    BalasPadam
    Balasan
    1. ඈත්තට කොහොමද ජෝඩුව බේරිලා ගියේ

      Padam
  16. හැමදාම ඔබ අගය කරන නිසා ඔන්න අද පොඩ්ඩක් වෙනස් කොමෙන්ටුවක් . මිනී කැපීම/එම්බාම් කිරීම ගැන හොදම සහ එයින් ජීවිතය ගැන වඩාත්ම දාර්ශනික කතාව මම ඇහුවේ ශනොන් රේමන්ඩ්(රේමන් මල් ශාලාධිපති ගේ බාල පුත්)ගෙනුයි

    BalasPadam
  17. වෙලාවට මැත්ස් කලේ...
    හැබැයි ඉතින් ඔය මිනියක් කපනවා වගේ දෙයක් කරන එක මට කරන්න බැරි වෙන එකකුත් නැහැ කියල හිතෙනවා...

    BalasPadam
  18. Most of the cases begin else where finally ends up in poverty, ignorance or superstition in our country.We have seen many and enough tragic deaths like this which could have been avoided easily if we are sensitive enough to the lives of the others.While politicians and such likes are spending millions of people's money for things like new office furniture , i have heard the daily allocation of money by the government for a child in an orphanage is something like 22.oo rupees even now...!!!I see almost every day people on the road showing a child begging money for an operation advised by such & such doctor.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook