ඊයේ (පෙබරවාරි 21 දින ) Ozzy Osbourne ඇතුළු Black Sabbath සංගීත කණ්ඩායම හැමිල්ටන් නගරයේ සංගීත ප්රසංගයක් පැවැත්වූ අතර මම ද එය බැලීමට ගියෙමි. Godfather of Heavy Metal මෙන්ම Prince of Darkness යන නම් වලින් හැඳින්වෙන Ozzy Osbourne රොක් වෘත්තාන්තයකි. 1985 දී මට Ozzy Osbourne ටී. ෂර්ට් එකක් තිබුනි. 1992 දී Ozzy Osbourne සහ Black Sabbath සංගීත කණ්ඩායම මොස්කව් නගරයේ ප්රසංගයක් පැවැත්වූ අතර එය මට අතපසු විය. මගේ ප්රියතම හෙවි මෙට්ල් ගායක Ozzy Osbourne මට සියැසින් දැකගැනීමට වසර 31 ගතවිය.
Ozzy Osbourne ඇතුළු Black Sabbath සංගීත ප්රසංගය ( මෙම චායාරූපය ගනු ලැබුවේ මා විසිනි)
ඔබේ හඳුන්වා දීම ගැන බොහොම ස්තුතියි.
BalasPadamHEAVY METAL ගැන ටිකක් හෝ අසා තිබුනාට Black Sabbath ගැන නම් මෙතෙක් කිසවක් අසා නැත.
ඇත්තටම කිව්වොත් ඔය ROCK සහ HEAVY METAL ගැන මගේ දැනුම අතිශයින් සීමිතය.
එත් මගේ ෆෙවරිට් ම බෑන්ඩ් අතර ඉස්සරහින්ම ඉන්නේ ත් LINKIN PARK හා METALLICA බව කිව යුතුය.
METALLICA මමත් ආසයි
Padamමං නං ඔය මනුස්සයාව දන්නේ ඩ්රග් ගහලා කුජීත වෙලා ඉන්න පොරක් විදියටයි.
BalasPadamසුරියආරච්චි මහත්මයා,ඔබ එසේ දැකීම සාමාන්යයි. මන්ද ඔබ සැමවිටම වැඩිවශයෙන් දකින්නේ විවේචනය කරන්නේ මිනිසුන්ගේ වැරදි අඩුපාඩු ඇති පැත්ත මිස හොඳ පැත්ත නොවන නිසා. හොඳ දේ දැකීම ඔබට මදිකමක් ද? මෙහි කතා කර ඇත්තේ ඒ පුද්ගලයාගේ සංගීත හැකියාව ගැනයි.
Padamඑහෙම බලනකොට ජෝතිපාල , මිල්ටන් පෙරේරා, ක්ලැරන්ස්, යනාදීන් බේබද්දන් කියා අයින් කරන්නත් පුලුවන් නේද . ඒත් ඔවුන් ගේ හැකියාවන් ගැන කතා කරොත්?
PadamHeavy Metal වලට එච්චර කැමැත්තක් නෑ. ඒත් Guns N' Roses ලට ගොඩක් කැමතියි. මෑත යුගයේ නම් linkin park තමයි.
BalasPadamGuns N' Roses හොඳ බෑන්ඩ් එකක්
Padamඅහුවෙන ඕන එකක් අහන එක තමයි ගස්ලබ්බගෙ සංගීතෙ.හැම එකක්ම එකිනෙකට වෙනස් නෙව.. ඊයෙ පෙරේදා System of a Down ලගෙ ලයිව් කොන්සට් එකක් ලැබුනා.දැනටත් ඒක අහනවා.. සම්ප්රදාය නම් මොකද්ද දන්නෙ නෑ.
BalasPadamජයවේවා..!!
+++++++++++++++++++++
BalasPadam