Ahad, 28 Februari 2016

උදයංග වීරතුංග පිළිබඳ සටහනක්




මේ කියෙව් නගරයේ 1980 දශකයේ අග භාගයේ තිබූ සිසු සාදයකි. මෙම චායාරූපයේ උදයංග වීරතුංගද සිටියි


උදයංග වීරතුංග  රුසියාවේ හිටපු තානාපතිවරයාය​. ඔහු මේ වන විට ආන්දෝලනාත්මක චරිතයකි.  උදයංග වීරතුංග  නාලන්දා මහ විදුහලේ මට වසර දෙකකින් පමණ ජ්‍යෙෂ්ඨ සිසුවෙකු විය​. පාසල් සිසුවෙකු ලෙස උදයංග වීරතුංග පිළිබඳව මට යන්තම්  මතකයක් තිබේ.   

මට උදයංග වීරතුංග 1988 පමණ කාලයේදී  යූක්‍රයීනයේ කියෙව් නගරයේදී සාදයකදී හමු විය​. පසුව ඔහු මට  ඔහුගේ නවාතැනටද ආරාධනා කලේය​.   මම කියෙව් වල ඩීන් අයියා , ශාන්ත කුලසේකර​ , බන්දුල පට්ටියගේ සහ සිසිර යන සිසුන් සමග ඔහු ගේ නවාතැනට ගියෙමි. උදයංග වීරතුංග අපව සාදරයෙන් පිළිගත් අතර අපට රසවත් බත් වේලකින් සංග්‍රහ කලේය​. ඒ කාලයේ ඔහුට කියුබානු පෙම්වතියක් සිටිය අතර තවත් කියුබානු සිසු සිසුවියන් පිරිසක් ද එහි වූ බව මතකය.

යූක්‍රයීනයේ මාර්තු 8  නිවාඩු දිනයකි. එදාට සිසු සිසුවියන් එක් රැස්ව නගරය අසල වූ වනාන්තරයට යති. එදින ශශ්ලීකි සාදමින් මුළු දිවා කාලයම විනෝදයෙන් ගත කරමු. එවැනි දිනක  උදයංග වීරතුංගද අප සමග විනෝද වූ අයුරු සිහිපත්වේ.  ඒ කාලයේ උදයංග වීරතුංග සොඳුරු මිනිසෙකි. ඔහු පසුකාලීනව වියාපාරිකයෙකු බවට පත් විය.​ එසේම දේශපාලන දහරාව අත ගැසීය​. එමගින් ඔහු බොහෝ මතභේදයන්ට ලක් විය​. 

10 ulasan:

  1. ගොඩක් හොදයි කියලා අපි හිතාගෙන ඉන්න මිනිස්සුන්ගේ ඇත්ත පෙන්නන දේශපාලනය කියන්නේ කුණු ගොඩක් නොව..... මහා සම්පතකි..

    BalasPadam
    Balasan
    1. ලාංකික දේශපාලනය කියන්නේ කුණු ගොඩක්

      Padam
  2. සමාජය ඉදිරියේ ඉතාමත් නරක යයි සම්මත වී ඇති මිනිසුන්ගේ පුද්ගලික ජීවිතය බොහෝවිට නිරවුල් මිත්‍රශීලී එකක් වීමේ හැකියාව සුලභය.....ice man 2013 හොලිවුඩ් සිනමා නිර්මාණය පෙන්වන්නේද මෙයමය

    BalasPadam
    Balasan
    1. yep; Hollywood portrays the reality in humen life perfectly, period!

      Padam
    2. සමාජය ඉදිරියේ ඉතාමත් නරක යයි සම්මත වී ඇති මිනිසුන්ගේ පුද්ගලික ජීවිතය බොහෝවිට නිරවුල් මිත්‍රශීලී එකක් වීමේ හැකියාව සුලභය +++++

      Padam
    3. මෙයාගේ නම් ඒ පැත්තත් නෑ තමන්ගේ ලමයිවත් ඉස්කෝලේ යවන්නෑ ලු..ඔය තනතුර දරනකොට රුසියාවේ පෙට්‍රල් යන පොලිස් කාරයෝලු ගෙදර ගිහින් දාන්නේ පාරේ වැටිලා ඉඳලා...

      Padam
  3. ලංකාවේ තාත්තලා දේශපාලනේට කාකොටා ගත්තත් එහි සිටි දරුවෝ එක මවකගේ දරුවන් ලෙසින්ම සමඟියෙන් හිටියා නොවෙද?

    සමාජවාදය කඩා වැටීමත් සමඟම එහි සිටි ලංකාවේ අය එකිනෙකාට උදවු කිරීමත් බොහො සෙයින් අඩුවුනා.

    උදයංග බොහොම හොඳ අයකු බව මේ ෆොටෝවේ ඉන්නා අයකු කියනවා අසා තිබුනා.

    BalasPadam
  4. ඒ වගේම වෘත්තීමය අතින් හොඳට ඉන්න සමහරුන්ගේ පුද්ගලික ජීවිත අවුල්ජාල.

    කොහොම උනත් ඔහු තාම කියෙව් වල ඉන්නවා කියලා තමා කියලා තිබ්බේ

    BalasPadam
  5. //ඒ කාලයේ ඔහුට කියුබානු පෙම්වතියක් සිටිය අතර// මාත් දන්නවා ඒ කතාව. හේ හේ පට්ටියගේ ලන්ඩන් වල ඉන්නේ . ෆොටෝ එකේ ඉන්න කුමාර වෙල්හෙනගේ ඉන්නෙත් මෙහෙ. මගේ යාළුවෙක්. උදයන්ගත් ලන්ඩන් වලදී හමුවුනා . මොස්කව් වලදී එක පාරක්ද කොහෙද හමුවුනා සෙකන්ඩ් මෙඩිකල් එකේදී.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook