Khamis, 5 November 2015

මට රැග දුන් ජ්‍යේෂ්ඨ උතුමා



එදා තක්සලාවේ දී සමානාත්මතාවය සඳහා කියමින්
මට ඩිප්ස් ගැස්සවූ උඹ 
"තෝ කොළඹ ඉස්කෝලෙක" කියා
කුනුවතුර බකට් කල උඹ
ටයි පටියක් බැඳ
ඉඳියි මාව නාඳුනන විලස අද

ශිෂ්‍ය අරගල කියා
අපිට පෝස්ටර් ගැසීමට බලකළ උඹ
පරිපාලකයන්ට හූ කියන්න නියම කල උඹ
අද උන් එක්ක එක පතේ කයි

උඹේ බස් අසා
උද්ඝෝෂණය කර
බැටන් පොලු පාරවල්
කොස්සන්ගෙන් කෑ අපව
දැන් අමතකද

පන්ති වර්ජනය කර
තක්සලවටම නාකි වූ අපට
ජොබ් කට්ටක් හොයාගන්නට
පාර කියනවද?


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

16 ulasan:

  1. Isn't it ironic is an understatement!

    BalasPadam
  2. නිරුවත් ඇත්ත.

    BalasPadam
    Balasan
    1. සරසවි සිසුන් බොහෝ දෙනෙකුගේ පසුකාලීන අත්දැකීමක්

      Padam
  3. බොරු ලියන්න එපා රුවන් විනිට්සා වලදී රැග් එකට වොඩ්කානේ දෙන්නේ . හේ හේ
    http://nelumyaya.com/?p=4541

    BalasPadam
    Balasan
    1. Ajith මේ මගේ අත්දැකීමක් නොවේ නමුත් අන් අයෙකුගේ සත්‍ය අත්දැකීමකි

      Padam
    2. මනෝ වෛද්‍ය තුමෝ විහිළුවක් වත් තේරෙන්නේ නැහැනේ. අත්දැකීමක් වෙන්නම ඕනෙය කයියක් ලියන්න.

      Padam
  4. හොඳම උදාහරණය - එස් බී දිසානායක...

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook