Jumaat, 27 November 2015

දොස්තර පබා පුල්ලේගේ සෞඛ්‍ය අධ්‍යාපන පාඩම​




දොස්තර පබා පුල්ලේ  ඉතා හොඳ සෞඛ්‍ය අධ්‍යාපන  දේශකයෙකි. නමුත් සිංහල කියවීම සහ ලිවීම ඉතා දුර්වළය​. නමුත් සිංග්ලිශ් වලින් සහ ඉතා හොඳ  ඉංග්‍රීසියෙන් එතුමා හෙදියන්ට මෙන්ම වෛද්‍යවරුන්ට දේශන පැවැත්වීය​. වරක් හෙදියන්ට ස්ත්‍රී පුරුෂ මූත්‍රල පද්ධතිය  (male and female urinary system ) පිළිබඳව දේශනයක් පැවැත්වීමට දොස්තර පබා පුල්ලේට  නියම විය​. මේ සඳහා ඉංග්‍රීසියෙන් නාම සහිතව සකසන ලද ඕවහෙඩ් ප්‍රොජෙක්ටරයට භාවිතා කරන මූත්‍රල පද්ධති ස්ටෙන්සිලයන්  වල ඉංග්‍රීසි නාමකරණ සිංහලන්ම ලියා ගැනීමට ඔහුට අවශ්‍ය විය. මේ සඳහා ඔහු තම හිතවත් තරුණ සිංහල වෛද්‍යවරයෙකුට නියම කලේය​. 

සිංහල වෛද්‍යවරයා දොස්තර පබා පුල්ලේට කොලොප්පම් පිණිස මූත්‍රල පද්ධතියේ ඉංග්‍රීසි නාමකරණ සූද්ධ සිංහලන් ප්ලැටිග්නම්  එකකින් ස්ටෙන්සිලයන්  වල ලිවීය​. උදාහරනයක් ලෙස ස්ටෙන්සිලයේ පීනීස් (penis) නම් ඉංග්‍රීසි  නම යටින් සිංහලන් ශිශ්නය යනුවෙන් ලිවිය වූවත් ඔහු ලිව්වේ කුණුහරුප නාමයයි. මෙලෙස ස්ත්‍රී පුරුෂ මුත්‍ර ලිංගික පද්දතියේ සූද්ධ සිංහල නාමයන් ලියූ ඔහු එවා දොස්තර දොස්තර පබා පුල්ලේගේ අතට දුන්නේය​. 

තම යහළුවා කළ යක්‍ෂ විහිළුව ගැන නොදැන සිටි දොස්තර දොස්තර පබා පුල්ලේ පරිවර්තනය කරන ලද ස්ටෙන්සිලයන් ගෙන දේශන ශාලාවට ගියේය​. ශාලාව පුරවා හෙදියන් සිටියහ​. දේශකයා මුත්‍රා වාහිනී පද්ධතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් කොට ඕවහෙඩ් ප්‍රොජෙක්ටරය ක්‍රියාත්මක කලේය​. බිත්තියකට ප්‍රක්ශේපනය කරන ලද මුත්‍රා වාහිනී පද්ධතියේ පින්තූර සමග සිංහල නාමකරණ දුටු හෙදියෝ අතින් කටවල් වසාගෙන හිකි හිකි ගා සිනාසුනෝය​. හෙදියන් ගේ හිකි හිකියට හේතුවූ කරුණු කාරනා නොදත් දොස්තර පබා පුල්ලේ දිගටම දේශනය කරගෙන ගියේය​. 

දේශනය අවසානයේදී එක් තලත්තෑනි පිරිමි හෙද නිලධාරියෙකු පැමිණ දොස්තර පබා පුල්ලේට රූප සටහන් නාම කොට තිබූ අයුරු ගැන පෙන්වා දුන්නේය​. ස්ටෙන්සිලයන් අතට ගත් දොස්තර පබා පුල්ලේ කෙලින්ම දිව ගියේ තම මිතුරාගේ කාමරයටයි. විහිළුවේ බරපතලකම කලින්ම වටහා ගත් මිතුරා තම කාමරයේ දොර වසා නගරයට ගොස් තිබුණි. ඔහු සුමානයකට පසුව දොස්තර පබා පුල්ලේ හමුවීමට යන විට දොස්තර පබා පුල්ලේගේ කේන්තිය සිඳී තිබුණි. එදයින් පසු ස්ටෙන්සිලයන්  වල ඉංග්‍රීසි නාමකරණ සිංහලන්ම ලියා ගැනීමට ඔහුට අවශ්‍ය වූ විට දොස්තර පබා පුල්ලේ අර තලත්තෑනි පිරිමි හෙද නිලධාරියා හමු විය​. 

35 ulasan:

  1. ඒකනම් ටිකක් විහිළුවකට වඩා වැඩි දෙයක් වගේ.

    BalasPadam
  2. මෙහෙ මම කලින් වැඩකරපු තැනක හිටපු ලංකාවේ කොල්ලෝ ටිකක් ඉන්දුනීසියානු ගැහැනුන්ට ගුඩ් මෝර්නින් කියලා සිංහලෙන් කියන්නේ "පුක සුදුද" කියලා උගන්නලා .. උන් මම එනකොට පුක සුදුද සර් කියනවා.....

    BalasPadam
    Balasan
    1. උබට පෙන්නන්න නේ තිබුනේ බලාගනින් කියලා

      Padam
    2. ඉතිං කළුයිනෙ. (සිරා කිව්වෙ)

      Padam
  3. මට පොඩි කතාවක් මතක් උනා මෙතන ලියන්නම් කෙටියෙන්. අපේ නොම්මර එකේ මාර්ගෝපදේශයෙකුට ඩෙලිගේට්ස්ලා සෙට් එකක් දීලා තියෙනවා රට වටේ එක්ක යන්න. ටුවර් එක අන්තිමේ පාටියේදි ඩෙලිගේට්ස්ලා ඔක්කෝම අරූව වර්ණනා කරලා ඒ වගේ පොරක් මෙතුවක් කල් දැක්කේ නෑ කියලා. ඌත් එක්ක එන්ජෝයි කරපු වීඩීයෝ එක දාලා. අරූ කන පැලෙන්න ගහලා මුන්වත් බදාගෙන කුණුහබ්බ සින්දු කියනවලු එකසිය ගානට.

    එකෙක් දෙන්නෙක්ට සින්දු කට පාඩම්ලු...

    BalasPadam
    Balasan
    1. එකෙක් දෙන්නෙක්ට සින්දු කට පාඩම්ලු... ////// ha ha ha ha

      Padam
  4. සාමාන්‍යයෙන් භාෂාව සම්බන්ධ මෙවැනි ගැටළු නිසා ඇතිවන හාස්‍ය ජනක අවස්ථා නිතර අහන්න ලැබෙනවා. මා යුද හමුදාවට බැඳුන කාලයේ සිටි එක් ද්‍රවිඩ ජාතික අණදෙන නිලධාරියෙක් සෑමවිටම සිංහලෙන් කතාකරන්න උත්සාහ කළා. ඇත්තෙන්ම එය අගය කලයුතු දෙයක්. ඔහු සිංහල අලුත් අවුරුද්දට නිවාඩු යන සෙබළුන් අමතා කථාවක් පවත්වමින් කිව්වා, 'ගෙදර ගියාම මම තමාලා ගේ අම්මා මතක්කළ බව කියන්න' කියලා. හැබැයි, රෙජිමේන්තු සැරයන් මේජර්, සෙබළුන්ට කලින්ම කියලා තිබුනා, 'C O සර්ට සිංහල වැරදුනොත් උඹලා එකෙක්වත් හිනාවෙන්නේ එහෙම නැහැ' කියලා. එයා දවසක් නිලධාරීන්ට කියනවා, 'ඒක සොල්චර්ස්ලා උච්ච කරන තැන ගඳයි හොයලා බලන්න' කියලා. මේ කියන්නේ සෙබළුන්ගේ කැසිකිලි දුගඳයි කියන එකයි.

    BalasPadam
    Balasan
    1. ඔය ජෙනරල් රත්නසභාපතිද ?

      Padam
    2. නෑ නෑ. වෙන කෙනෙක්. ජෙනරල් රත්නසභාපතිට සිංහල පුළුවන්.

      Padam
  5. ඔය දොස්තර බබාපුල්ලෙගෙ කැම්පස් කාලෙ ගැන වෙන්න ඕනෙ පී.එම්.ජයතිලකයන් තම පේරා අත්දැකීම් අනුසාරයෙන් ලියූ 'බඹර සර','***','***' යන නවකතා වල සඳහ වන්නේ.පාංශු දේහධාරී බුද්ධිමත් අයෙක් විදිහටයි හැඳින් වුනේ.
    ගස්ලබ්බ හිටපු ප්‍රොජෙක්ට් එකේ අපට චීන ඉගැන්නුවෙ නැති උනාට චීන්නු එනවා අපෙන් සිංහල ඉගෙනගන්න.ලේබර්ස් ලගෙන් සිංහල ඉගෙනගෙන ඇවිත් ඔෆිස් එකේ කෙල්ලො ඉස්සරහ සිංහලෙන් කතාකරලා වැඩ දානකොට.....මේසෙ ලාච්චුවට රිංගන්න හිතෙනවා ඔන්න.. හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. දෙසැම්බර් මාසෙ අග භාගෙ දවසක, මායි අපේ සීසී යි කොටුවෙ යෝක් වීදිය දිගේ යනවා, ටැප්‍රොබේන් බැංකුවට යන්න. චීන ජාතිකයෙක් පේමන්ට් එක දිගේ ඉස්සරහට එනවා. ඒ එන ගමං එයා හොඳට හිනා වෙලා ඉස්සරහට හම්බෙන හැමෝටම මොකද්දෝ කියනවා. අපිටත් ඇවිත් කිව්වා, "සුබ අළුත් අවුරුද්දක් වීවා...!" කියලා. මට ලැජ්ජ හිතුණා. අපි සිංහල වෙලත්, අපි එහෙම ඉස්සරහට හම්බෙන උදවියට සුභපතන් නෑනෙ කියලා.

      Padam
  6. මා යුද හමුදාවට බැඳුන කාලයේ ......අනේ ! ඔයා එක රණ විරු වෙක්ද ? ඔ මයි ගෝඩ්...ඔ මයි ගෝඩ්...අනේ මොකක්ද ඔයාගේ රෑන්ක් එකයි .යුනිට් එකයි ?......මයි ගෝඩ් ඔයා එත කොට රණ විරු? ශෝක් අනේ !ඔයාගේ සිංහලත් හරිම ශෝක්. ගෝඩ්.බ්ලේස් යු.......

    BalasPadam
    Balasan
    1. හායි කිචා, චී....................කේ.................කිචා ගෝඩ් බ්ලෙස් කියලා ලියාගන්නවත් බැරි කිචෙක්නේ. බ්ලේස් කියලනේ ලියලා තියෙන්නේ. බ්ලේස් කියන්නේ ගිනි ගන්නවටනේ. කිචා දන්නේ කානු පල්ලේ සිංහලනේ. අයියෝ කිචා කිචා කිචා

      Padam
  7. මගේ සීනියර් සෙට් එන නම් හරිම කුල්තූර්නියි, පිට එවුන්ට කුණුහරුප කියාදීම තහනම් කරලා තිබුණා ව්‍යවස්තාවෙන්ම. එහෙම කලොත් ආනිසංස මොනවද කියලා පැයක විතර දේශනයකුත් දුන්නා, කියාදුන්න පළවෙනි කාරණය තමයි, උන් අපේ කුණුහරුප උන් දන්නවනම් අපි කොහොමද උගේ ඉස්සරහ උෟට කුණු බනින්නේ තියන එකග

    ෆන් වැඩේ උනේ, අර ව්‍යවස්තාව කරේ තියාන ගිය සීනියර් ගේ කෙල්ලට වෙනත් සිටි එකකින් ඇවිදින්න ආපු එකෙක් ඔක්කොම වැදගත් කුණුහරුප කියා දිලා, කෙල්ල සතියක් විතර නොදන්නා විදිහට ඉඳලා වෙන කාමරේට ට්‍රාන්සර් එකක් අරගෙන පස්සේ ස්ටැටිස්ටික් කිවුවලු, හු යන්නේ ඒවා ගණන් නොගත්තත් බැල්ලී කියලා එක සැරයක් කියා තිබුනලු.

    BalasPadam
  8. මම ඩී.එස්. සේනානායක විද්‍යාලයට ගියේ. ඉස්කෝලෙ 9 වසරේ දී සතියතට කාල පරිච්චේද 2ක් පරිගනක අංශයට යන්න වෙන්කරලා තිබුනා ඒ කාලෙ පරිගනක උගන්වන්න ආන්ඩුවෙන් ගුරුවරු පත්කෙරුනෙ නෑ. ආදිශිෂ්‍යයො සහ අලස්ගේ යාලුවො තමයි ඉගැන්වීම කෙරුවෙ. ඒ කාලෙ DOS වලින් සරල ෆෝ්‍ග්‍රෑම් ලිවීම ඉගැන්නුවා. ඒ කාලෙ එක පරිගනක ගුරුවරියක් හිටියා ඇගේ වයස 40ක් විතර ඇති. එයා සිංහල නෙමෙයිද කොහෙද. ඒ කාලෙ පරිගනක සිංහලෙන් ඉගැන්වීමට සුදුසු වචන තිබුනෙත් නෑ. DOS වලින් යම් විධානයක් ටයිප් කර enter යතුර එබීමට ඒ කාලෙ අනිත් අය කිව්වේ " එන්ටර් කරනවා" කියලා. මෙයා ඒකට කියන්නේ "පලල් කරනවා" කියලා. එයා පාඩම අතරතුර 20 වතාවක් විතර පලල් කලා. ඕක කියනකොට ඉස්සරහා පේලිවල අය අමාරුවෙන් හිනාව නවත්වාගෙන හිටියා

    BalasPadam
    Balasan
    1. එන්ටර් කරනවා"

      Padam
    2. පළල් කරනකොට එන්ටර් කරන්නත් තිබ්බනම් තමයි අගේ.. :p

      Padam
    3. /පළල් කරනකොට එන්ටර් කරන්නත් තිබ්බනම් තමයි අගේ/

      ඒක බටහිර ක්‍රමය, අපේ ක්‍රමය තමයි  “එන්ටර් කරනකොට පළල් කරනව“

      Padam
  9. කාලෙකට කලින් සාමාන්‍ය ව්‍යවහාරයේ පැවතුනු වචන කුණු හරුප වීමත් එක් විහිළුවක්.

    ලන්දේසි හරි පෘතුග්‍රීසි භාෂාවෙන් කක්කුස් කියන්නේ වැසිකිලියට එය අනුසාරයෙන් හදාගත් ඒ කාලේ තිබුණු වැසිකිලියට කියන පොෂ් වචනය තමයි කක්කුස්ස දැන් ඔය වචනය ප්‍රසිද්ද තැනක කියන්න පුලුවන්ද?

    http://www.urbandictionary.com/define.php?term=Kakkus

    BalasPadam
    Balasan
    1. ඒකලේ කිව්වේ එළි බහිනව කියලා

      Padam
  10. අපේ සිංඩියටත් ගොඩ වෙලාම බලන්න
    http://www.akurasyndiya.tk

    BalasPadam
  11. මේ වැඩේ වැරදියි. සිංහල නොදන්න කෙනෙක් මෙහෙම බයිට් කරනව කියන්නෙ කනගාටුවට කරුනක්. සිංහල ඉගෙන ගන්න පෙළබෙන අය අඩුයි. එහෙම ඉදිරිපත්වෙන අයවත් අපි සරදමට ගන්නව.
    එහෙම සරදම් කරන අපට ඒ අයගෙ භාෂා ගැන ප්‍රාමානික දැනුමක් තියනවද නෑනෙ.
    මෙව්ව මහ හීනමාන වැඩකියල මට හිතෙන්නෙ

    BalasPadam
    Balasan
    1. එච්චර දුරට අැනලයිස් කරන එපා මධ්‍යස්ථ මේක ජොලියට දුර දිග නොබල කරපු වැඩක්

      Padam
  12. බල්ලට පුන්ඩයන්ඩි කියල නම තියපු ඩොක්ටර් ට දීපු රිටර්න් එකක් වගේ..

    BalasPadam
    Balasan
    1. ඒ නම දැම්මේ වෙන​ වෛද්‍යවරයෙක්

      Padam
  13. බබාපුල්ලේ කියලා මහාචාර්ය වරයෙක් හිටියා ඉස්සර පේරාදෙණියේ මේ එයා නෙවෙයි නේද?

    BalasPadam
  14. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  15. පබා පුල්ලේද බබාපුල්ලේද...අපිට ඉගැන්නුවා උස මහත බබාපුල්ලේ කියල lecturer කෙනෙක්

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook