Isnin, 30 November 2015

මුස්ලිම් බිළිඳෙකුට ජීවිතය දුනිමි.




මීගමුව රෝහලේ මා නාරි හා ප්‍රසව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී ගර්භිනී මුස්ලිම් මවක් පැමිනියේ කුස තුල සිටින දරුවා දැඟලීමක් නොකරන බව කියමිනි. ඇය පැවසූ අන්දමට පුරා දින තුනක් පමණ දැඟලීම සිදුවී නැත​. අප  දරුවාගේ හෘධ ස්පන්ධනයට සවන් දීමට පිනාඩය මවගේ කුසට තබා බැළුවෙමු. නමුත් ශබ්දයක් නැත​. දරුවාගේ හෘධ ස්පන්ධනය ඉලෙක්ට්‍රොනිකව සටහන් කරන සීටීජී යන්ත්‍රය මගින් කියවීමක් ලබා ගත්තෙමු. එය අනුවද දරුවාගේ හෘධ ස්පන්ධන නොමැත​. මේ අනුව කුස තුල සිටින දරුවා මිය ගොසිනි. කළ යුත්තේ ස්වභාවික ගබ්සාවක් වන තුරු කාන්තාව වාට්ටුවේ තබාගැනීම හෝ ශ්‍යල්‍යකර්මයක් මගින් මළ දරුවා ඉවත් කිරීමය​. 

මුස්ලිම් කාන්තාව වාට්ටුවට ඇතුලත් කිරීමෙන් පසු ඇයට ඇඳක් දෙන ලදි. ඇය විවේක ගත්තාය​. කුස තුල සිටින දරුවා මිය ගොස් බව ඇය  තේරුම් ගත්තාය​.  නමුත් දුක හා පශ්චාත්තාපය ඇය එලි පිට නොපෙන්නුවාය​. නමුත් සන්තාපය ඇයගේ දෙනෙත් වලින්  දැකිය හැකි විය​. 

කරන ලද මූලික පරීක්‍ෂන වලින් සහ සීටීජී පටියෙන් සෑහිමකට පත් නොවූ මා  භ්‍රෑණයාගේ හෘධ ස්පන්ධනයට සවන් දිය හැකි පිනාඩය  යළිත් වරක් ඇයගේ කුස මත තබා සවන් දුන්නෙමි. ගර්භණී කාන්තාවගේ කුසේ විවිධ පැති වලට පිනාඩය තැබුවද කිසිදු ශබ්දයක් නොමැත​. උත්සහය අතහැර දැමීමට පෙර අවසන් වතාවට මගේ දකුණු කන දකුණු අතේ දබර ඇඟිල්ලෙන් වසාගෙන වම් කන පිනාඩයට තබා කුසට සවන් දුන්නෙමි. ඉතා දුර්වළ සහ රිද්මයකින් තොර භ්‍රෑණ හෘධ හඞක් මට ඇසුනි. 

වහාම කාන්තාව සීසර් ශල්‍යකර්මයකට සූදානම් කරන ලෙසට මම හෙද නිලධාරිනී ගුණපාල මියට පැවසුවෙමි. ඉන්පසු සීමාවාසික වෛද්‍ය නිලධාරී චන්දන චඳ්‍රසේකරට රෝගියා වෙනුවෙන් ලේ සූදානම් කොට ඉතා ඉක්මනින් ඇය ශල්‍යගාරයට ගෙන එන ලෙස පවසා පවනට බඳු වේගයෙන් ශල්‍යගාරයට දිව ගියෙමි. 

ශල්‍යගාරයේ ශල්‍ය  ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලිලිත් ප්‍රසන්න ලියනගේ හර්නියා ශල්‍යකර්මයක් කරමින් සිටියේය​. මාගේ අවශ්‍යතාවය තේරුම්ගත් ලිලිත් හැකි ඉක්මනින් ශල්‍යකර්මය අවසන් කොට මට ශල්‍යාගාරය නිදහස් කොට දුන්නේය​. කාන්තාව ශල්‍යාගාරයට ගෙන ඒමෙන් පසු මම ඉක්මනට සීසර් ශල්‍යකර්ම ආරම්භ කලෙමි. මවට නිර්වින්දනය දෙනු ලැබුවේ වෛද්‍ය ගෝවින්ද රාජාය . සීමාවාසික වෛද්‍ය නිලධාරී චන්දන චඳ්‍රසේකර මගේ සහයකයා විය​. 

සීසර් ශල්‍යකර්ම කරන අතරතුර ළමා වෛද්‍ය නිලධාරියාට ඉක්මනට ශල්‍යාගාරයට එන ලෙසට පණිවිඩයක් යවන ලෙසට ශල්‍යාගාර හෙදි ඩිනාලිට කීවෙමි. ඩිනාලිගේ දුරකථන පණිවිඩයට ළමා වෛද්‍යවරියද පැමිණියාය​

කාන්තාවගේ ගර්භාශය සැතෙන් කපා ළදරුවා මම එලියට ගත්තෙමි. ඔහු පිරිමි දරුවෙකි. මිකෝනියම් හෙවත් භ්‍රෑණ බහිස්‍රාවිය ද්‍රව්‍ය වලින් නැහැවී සිටි ළදරුවා අසීරුවෙන් හුස්ම ගත්තේය​. ඔහුගේ ස්වාසනාලයට මිකෝනියම් ඇතුළු වී තිබුනේය​.  ළමා වෛද්‍යවරිය ළදරුවාට ස්වසනය කිරීම පහසු කරනු වස් ළමා කූපිකාවක් ස්ථාපිත කළාය ඉන් පසු ළදරුවා ඉන්කුබේටරය වෙත ගෙන යන ලදි. මම සීසර්  ශල්‍යකර්මයේ අවසන් අදියරයට පැමිනෙමින් සිටියෙමි. 

ශල්‍යකර්මය අවසන් කිරීමෙන් පසුව ඇයව වාට්ටුවට ගෙන යන ලදි.  නමුත් ළදරුවාව ළමා වාට්ටුවේ සතියක් පමණ තබාගෙන ප්‍රතිකාර  කරන ලදි. අවසානයේදී මවත් ළදරුවාත් නීරෝගීව රෝහලෙන් පිටව ගියෝය​.අපගේ ක්‍ෂනික ක්‍රියාමාර්ගය නිසා ළදරුවාගේ ජීවිතය බේරිණි.

දැන් මෙම සිද්ධිය වී වසර 18 පමණ ගතවී තිබේ.මා අද ලංකාවේ නැත​.  නිර්වින්දන වෛද්‍ය ගෝවින්ද රාජා ගම්පහ රෝහලේ සේවය කරයි. එදා මගේ සහයකයාව සිටි සීමාවාසික වෛද්‍ය නිලධාරී චන්දන චඳ්‍රසේකර අද ජීවත් වන්නේ ඕස්ටෙ‍්‍රලියාවේය​. මෙම මුස්ලිම් මාතාව සහ පුතා මීගමුව අවට ප්‍රදේශයක ජීවත් වනවා ඇත​. සිංහල වෛද්‍යවරයෙකුත් ද්‍රවිඩ නිර්වින්දන වෛද්‍යවරයෙකුත් ඔහුගේ දිවි ගලවා දුන් බව මෙම මුස්ලිම් තරුණයා බොහෝ විට නොදන්නවා විය හැකිය​. 

එදා සහජීවනයෙන් සිටි සිංහල සහ මුස්ලිම් ජනයා ආගමික අන්තවාදය නිසා ඈත් වෙමින් සිටිති. සැකය වෛරය ලියලමින් පවතී. මුහුණු පොත් වල වීරයන් එකිනෙකාට තර්ජනය කර ගනිති. අපහාස කරති. අප සිටින්නේ තවත් ආගමික සහ වර්ගවාදී ගැටුමක් ආසන්නයෙනි. ආගමික අන්තවාදයන් නිසා එකිනෙකා මරා දැමීමට කඩු මුවහත් කරන ලෝකයක මෙම සත්‍ය කතාව වසර 18 පසු මම පවසමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

48 ulasan:

  1. අනර්ඝ සිදුවීමක් රුවන්. ජාතිවාදී, ආගම්වාදී සිදුවීම් වල පිටුපස විවිධ අරමුණු ඇති අය සිටිනවා. සාමාන්‍ය මිනිසුන්ගෙන් එක්තරා කොටසක් නොමඟ යැවීම් නිසා කපා කොටා ගන්නවා. හොඳම උදාහරණය උතුරු සිරියාවේ අද සිදුවන දේ. අයිසිස් ත්‍රස්තවාදීන් ගේ හොරතෙල් තුර්කියේ සමහර අය මිලදී ගන්නවා. ඔවුන්ට අයිසිස් ත්‍රස්තවාදය මුදල් ඉල්ලමක්. විශාල ආයුධ සමාගම් තුන්වන ලෝක යුද්ධය ඇතිකරන්න උපරිම උත්සාහයක් ගන්නවා. බිලිඳෙකු බිහිවීමෙන් පසුව ඔහුගේ මනසට පටවන ජාතිය, ආගම, භාශාව මත මිනිසුන් වෙනස් කර දැකීමේ 'හැකියාව' ඔහුවම විනාශ කරනවා. ඒත් ටික දෙනෙකුගේ මෙලොව සුඛවිහරණය වෙනුවෙන්.

    BalasPadam
  2. තමන්ට උදව්ක්කල යයෙකුට දෙන්න පුලුවන් ලොකුම ප්‍රති උපකාරය තමා ඔහුට ස්වර්ගයට යෑමට උදව් කිරීම.
    ඒ අනුව හරිනම් ඒ මුස්ලිම් අය ඔයාව මුස්ලිම් ආගමට හරවා ගැනීමට කටයුතු කල යුතුව තිබුනා. එහෙම කොකිරීම ඔවුන් කල වරදක් දැන් ඒ මුස්ලිම් දරුව මියගිය දවසට අල්ලා ඔහුගෙන් අසනවා ඇයි උඹේ ජීවිතය ගලවාගත් කෙනා අපායට යනඑක වැලැක්කුවේ නැත්තේ කියලා.

    BalasPadam
    Balasan
    1. එහෙම තත්වයක් නම් අපාය හොඳයි

      Padam
    2. සංසාරේ ටීක් බෝලේ !!

      Padam
  3. ඩොකෝ පිස්සු කොර වෙලා මයිල් ස්මයිල් උනා ..... ඇත්තට දැන් ඒ තරුණයා මොනවගේ තත්වයක ඉන්නවා ඇතිද ??

    BalasPadam
    Balasan
    1. තලෙබාන්වරයෙක් වී නැත්නම් සතුටුයි

      Padam
  4. හද උනුවෙන සිදුවීමක්, මෙය අප සමඟ බෙදාගත්තාට ඔබට ස්තූතියි.

    හරියටම සිදු වූ ඒ උපන් දිනය මෙහි පල කල කරන්න පුලුවන්නම්, අහම්බෙන් හරි ඒ තරුණයාට මෙය කියවීමට අවස්තාව ලැබුනෝතින්, අපි නොහිතන විශ්මිත දේවල් ලෝකයේ කොච්චර සිදුවෙනවද.....

    BalasPadam
    Balasan
    1. නමුත් ඔහු මේ පිළිබඳව දන්නේ නැහැ

      Padam
  5. අදාල අයගේ ජාතීන් ආගම් නොකියා මේ කතාව ලිවිය හැකි දිනක් නොහොත් කතාව කියවන විට ඔවුන් ගේ ජාතීන් ආගම් ගැන නොසිතෙන දිනක් උදාවේවා!

    BalasPadam
    Balasan
    1. මටත් හිතුනේ ඔය ටිකමයි.... වෛද්‍යවරයෙකු ලෙස ඔබේ ක්‍රියාකලාපය හෙළාදකිනවා නෙවෙයි. මෙලොව එළිය දකින ඒ දරුවා මුස්ලිම් දරුවෙකු ලෙස හැඳින්වීම ගැන කණගාටුවක් ඇතිවුණා. You know what? he doesn't owe you anything.

      Padam
    2. මුස්ලිම් බිළිඳෙක්?????????????????????

      Padam
    3. අපි ජීවත්වන්නේ අයිඩියල් ලෝකයක නෙවෙයි. දෙමලාට පර දෙමලා කියන , මුස්ලිම් ජාතිකයාට තම්බියා කියන , සිංහලයාට සිංහරයර් කියන ලෝකයක​. අයිසිස්ලා ඉස්ලාම් නොවන මිනිසුඞේ බෙලි කපන ; අන්වර් මනතුංගලා ෆේස් බුක් බොදු වීරයන් එකිනෙකා අපහාස කර ගන්නා ලෝකයක .ඇයි අපි යතාර්ථය අමතක කරලා බොරුවට පොලිටිකලි කරෙක්ට් වෙන්න යන්නේ. අපි ජීවත්වන අයිඩියල් නොවන ලෝකයක සංහිදියාවට දශමයකින් හෝ උපකාර වෙන කතවක් මම ලිව්වේ

      Padam
    4. Well said Ruwan. Some people haven't got the good heart to admire an amazing act.

      Padam
    5. Slavoj Žižek- දේශපාලන නිවැරදිභාවය යනු සමස්තතාවාදයේ වඩා බියකරු ස්වරූපයකි.

      වරක් සාකච්ඡාවකදී මගෙන් ඇහුවා 'ප්‍රතිගාමී වර්ගවාදය' හඳුනාගන්නේ කොහොමද කියලා. ඔබ දන්නවද මගෙ පිළිතුර වුනේ මොකද්ද කියලා? 'ප්‍රගතිශීලී වර්ගවාදයෙන්.' මොනවා? මොකද්ද ඒකෙන් ඔබ අදහස් කරන්නෙ? ඇත්තෙන්ම මම අදහස් කළේ වර්ගවාදය නොවේ. වර්ගවාදී විහිළු. ඒවා පීඩාකාරී පරිහාසාත්මක විහිළු. මට හිතෙන්නේ, එබඳු විහිළු කිරීමෙන් අප එකිනෙකා අතර සැබෑ කිට්ටුවන්තභාවයක් ඇති කරන විදිහේ වාතාවරණයක් ගොඩ නැගෙන බවයි. මම මගේම පැරණි දේශපාලන අත්දැකීම් සිහි ගන්වනවා නම්, පැරණි යුගොස්ලෝවියාවේදී, මට මතකයි මම වෙනත් යුගොස්ලෝවියානු මිනිසුන් හමු වුන අන්දම, මගේ තරුණ කාලේ. සර්බියන්වරු, ක්‍රෝඒෂන්වරු, බොස්නියන්වරු. කොයිවෙලෙත් අපි හිටියෙ එකිනෙකා ගැන කැත විහිළු කියා ගනිමින්. අපි හිටියේ අපි ගැනම වඩාත්ම ජරා විහිළුව කිරීමේ පුදුමාකාර තරඟයක. මේවා අශ්ශීල වර්ගවාදී විහිළු. නමුත් ඒවායේ ප්‍රතිඑලය වුනේ හවුලේ භුක්ති විඳිය හැකි අසික්කිත සහෝදරත්වයක් පිළිබඳ අපූර්ව හැඟීමක්.

      මා ළඟ මේ සම්බන්ධයෙන් තවත් සාක්ෂියක් තියනවා. යුගොස්ලෝවියානු සිවිල් යුද්ධය පුපුරා ගිය අනූ ගණන්වල මුල හරියේදීත්, අසූ ගණන්වල ඒ වන විටත් ජනවාර්ගික ආතතීන් ඇති වෙමින් තිබියදීත්, පළමු ගොදුර වුනේ මේ විහිළු යි. ඒවා එකපාරටම අතුරුදහන් වුනා. ( Slavoj Žižek- දේශපාලන නිවැරදිභාවය යනු සමස්තතාවාදයේ වඩා බියකරු ස්වරූපයකි. පරිවර්තනය- Menaka Wijayagunasekara | මේනක විජයගුණසේකර)

      Padam
  6. අම්මෝ ඩොක්...
    පින් කියලා දෙයක් තියෙනවා නම් ලෝකේ, ඔයාට හම්බ වෙනවා සෑහෙන පින් තොගයක්...
    සමහර විට කොල්ලාගේ අම්මා සිංහල වෛද්‍යවරයෙකුත් ද්‍රවිඩ නිර්වින්දන වෛද්‍යවරයෙකුත් ඔහුගේ දිවි ගලවා දුන් සිද්ධිය දන්නවා නම් කියලා දීලා ඇති ඒ පොරට...

    ඔය ගෝවින්ද රාජා කියන්නේ බල්ලාට නම තියපු කෙනා ද???
    අද ලංකාවේ නැත්නම් මොකක්ද ඉන්න රට???

    BalasPadam
    Balasan
    1. ගෝවින්ද රාජා කියන්නේ බල්ලාට නම තියපු කෙනා ඉන්නේ ලංකාවේ

      Padam
  7. ඩොක්ටර්,

    ඉතාම වටිනවා ඔබ සියලු දෙනා කරන ලද සේවය. මෙවැනි දේ කෙනෙකුට මියයනතුරු මතක්කර සතුටු විය හැකියි.

    BalasPadam
    Balasan
    1. මම සීසර් 729 කරලා තියනවා එකම මාතෘ මරණයකින් වත් තොරව ; ආසන්න වශයෙන් ජීවිත 1450 විතර බෙරගෙන තියනවා. ඒ ගැන අදත් සතුටු වෙනවා.

      Padam
    2. වෙල්ඩන්. ඔබ වැනි හොඳ දොස්තර කෙනෙකු ගැන අහන්නත් කැමතියි. හුඟක් දොස්තරලා ඔය වගේ නැත්ද. ටික දෙනෙක් තමා ඔය මිනිස්සුන්ට කෑ ගහලා බැනල වැඩ කරන්නේ. ඒවා තම වැඩිපුර ලියවෙන්නේ.

      Padam
  8. මේ අත්දැකීම් හුවමාරු කර ගැනීම ගැන අපි ස්තූති වන්ත වෙනවා.......

    BalasPadam
  9. හිපොක්‍රටීස් දිවුරුම අනුව ඔබට ලැබී ඇති නියෝගය, ඔබ විසින් නොපිරිහෙළා ඉටුකර තිබීම ගැන සතුටුයි.

    BalasPadam
  10. සින්හලයන්ට දශක ගණනාවක් කරුනාවෙන් බෙහෙත් කරපු දෙමල දොස්තරව පුච්චල මරපු කාලකන්නි පව්කාරයො 83දි හිටිය. ඉස්සරහටත් එහෙම හිටිය්. උන්ව සමාජයෙන් තුරන්කරන එක ආන්ඩුව කරන්න ඕනෙ දෙයක්. ඒත් මෙච්චර කාලෙකට උනේ නෑ. ඒක නිසා ඕනෙම වෙලාවක මේව ආයෙත් සිදුවෙන්න පුලුවන්...

    BalasPadam
    Balasan
    1. උඹේ උපන් දිනේ කවද්ද?

      Padam
    2. සින්හලයන්ට දශක ගණනාවක් කරුනාවෙන් බෙහෙත් කරපු දෙමල දොස්තරව පුච්චල මරපු කාලකන්නි පව්කාරයො 83දි හිටිය. ///////////සහතික ඇත්ත​.

      Padam
    3. උපන්නෙ 78...ඈයි ශෑකද ?

      Padam
  11. අගනා වටිනා ක්‍රියාවක්.. :)

    BalasPadam
  12. ගොඩක් සංවේදී කථාවක්, ළමයා බේරිලා තියෙන්නේ ඔබගේ දැඩි අවධානය හා පළපුරුද්ද නිසා කියල මම හිතන්නේ, අර කලින් පොස්ට් එකේ විජේවීරගේ මස්සිනාට පෙට්‍රල් වක්කරලත් නොමරා හිටපු එක මතක් උනා, අපේ පැත්තේ ඔය වගේ සිද්දියක් උනා, පෙට්‍රල් වක්කරල ගිනිතියන කොට උප පොලිස් පරික්සකව බදාගෙන දෙන්නම මැරිලා,පෙට්‍රල් තිබුන කෑන් එකත් ගිනි අරගෙන පුපුරලා ගිහින්.

    BalasPadam
  13. වාසනාවන්... හැබැයි එය ඔබගේ ඩියුටිය... ඩියුටිය මාර්ගයෙන් උතුම් ක්‍රියාවන්ට සම්බන්ධ වන්න ලැබෙන්නෙ ප්‍රධානකොටම ඔය වෘත්තියෙන් තමයි ඩොක්ට.. ඔබ ඒ ඩියුටිය අකුරට ඉටුකොට තිබෙනවා... ඩියුටියට පව පින බද්ධ වී ඇති ඔය රාජකාරියේදී ඩියුටිය අකුරට නොවෙනවා නම් පවත් ඒ ලෙසින්ම ලැබෙනවා...

    BalasPadam
    Balasan
    1. ඩියුටියට පව පින බද්ධ වී ඇති ඔය රාජකාරියේදී ඩියුටිය අකුරට නොවෙනවා නම් පවත් ඒ ලෙසින්ම ලැබෙනවා...+++++++++++++++++++++++++++

      Padam
  14. බලය වෙනුවෙන් ජාති වාදය වපුරන ජරාජීරණ දේශපාලන ක්‍රමයක් එක්ක රටක් විදිහට දවසින් දවස අපි යන්නේ පිරිහීම වෙතයි දොස්තර මහත්තයා. ඔබතුමාගේ සත්ක්‍රියාවන් ගැන ආඩම්බරයි. එත් අපේ රටේ අනාගතය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ බොහොම සීමිතයි. මොකද වැලි කෙලියේ ඉඳන් එකට හිටපු යාලුවොත් මේ ජරාජීරණ දේශපාලනය නිසා ඇනකොටාගන්න තැනට පත්වෙලා. ඉදින් ජාති අතර සමගිය ගැන කවර කතාද...

    BalasPadam
  15. පිං සිද්ධවෙනවා ඩොක්... මනුස්සයෙක් විදිහට අවදියෙන් සිටීම ගැන.(එදා සහ අද.)
    ජයවේවා..!!

    BalasPadam
  16. Well done Ruwan.
    Please tell me what you think about this. A senior retired politician got admitted at 1. am one night with retention of urine. When I was informed I went and saw him and took him to the Operating theater and had to dilate his urethra and catheterized him even I could kept the fellow till morning.
    I thought after all these are the fellows who have done some thing to the country and wanted to help him. Few days later he had to go to Thailand to address a Buddhist congress and he was naturally very worried. I have attended to every thing and he went to Thailand and came.
    Later he consulted me about six times and every time I refunded his consultation fee.
    After some time his whole issue was cured. I reassured and said he does not need any treatment now.

    His wife whole heartedly thanked me.

    This Politician changed his tone and in an aggressive manner replied to his wife "DO NOT THANK HIM HE DID HIS JOB ONLY". I took a deep breath and remained silent......

    BalasPadam
    Balasan
    1. You have done your noble part Sir , I think that politician had no brain

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook