Sabtu, 28 November 2015

සාහිත්‍යයට පිටුපෑම

 

ජීවන සටන නිසා
වල්මත් වී ගිය
පොතක් පතක් කියවන්නට
ගීතයක් අසන්නට
වෙලාවක් කලාවක් නැති
ගෙන්දගම් පොළොවට
ඇලූණු දෙපා නිදහස් කරගැනීමට
වෙර දරණ මැළවුණු මුහුණින් යුත්
දනන් හට සාහිත්‍ය්‍ය එපාවීද?

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

11 ulasan:

  1. ගෙන්දගම් පොළවේ උපන් අපේ, අපි දන්න සාහිත්‍ය පිට වෙන්නේ වලියකට සෙට් වුනාමය.

    BalasPadam
    Balasan
    1. වලියකට සෙට් වුනාම සාහිත්‍ය පිට වෙනවද ?

      Padam
  2. ගෙන්දගම් පොළොවේ
    කොන්ක්‍රීට් තාප්ප අස්සේ හිරවෙලා
    පොළොවෙ පය තියන්න
    වේලාවක් නැති වුණාට
    කියවීම මිනිසා සම්පූර්ණ
    කරන බව පොතින්ම
    ඉගෙන ගත් අපි
    නිදිවරා කල් අරන්
    අන්තර් ජාලයේ සැරිසරනව නෙව?

    BalasPadam
    Balasan
    1. අන්තර් ජාලයේ කියවීමත් මිනිසා සම්පූර්ණ කරයි

      Padam
  3. සාහිත්‍ය්‍ය කන්නද? කියලා අහන අයත් ඉන්නවා

    BalasPadam
    Balasan
    1. නමුත් ඔහු සාහිත්‍යකාමියෙක් (JR)

      Padam
  4. අපොයි නෑ.. වෙහෙසෙන්නේ ජිවිතේ ජිවත් කරවන්න ඕනි ප්‍රමාණයට විතරයි.. ඉතුරු වෙලාවේ ජිවිතේ විඳිනවා.. දවස ගානේ අකවුන්ට් එක බැලන්ස් කරගෙන ගියාම ඕනි වෙලාවක ණය ඇරියස් නැතුව යන්න පුළුවන්.. :)

    BalasPadam
  5. හුඟක් දිගට කතාකරන්න පුළුවන් මාතෘකාවක්. සාහිත්‍යය රස විඳින්න නම් භාෂා ඥානය දියුණු කරගන්න ඕනේ මුලින්ම. භාෂා ඥානය ඔපවත් වෙන්නේ සාහිත්‍යය ඇසුරු කල පමණටයි. ඒ කියන්නේ, එකකින් අනික පෝෂණය වෙනවා. නමුත් අවාසනාවකට මෙන්, බොහෝ දෙනා හිතන්නේ, (විශේෂයෙන්ම මව්බස) භාෂාව යනු, විභාග වලට මුහුණදීම සඳහා ඉගෙන ගන්න, විෂයයක් පමණයි කියන එකයි. එමෙන්ම, හඬ රසය මිසක්, සාහිත්‍ය රසය විඳින්න සුදුසු නිර්මාණ අද බිහිවන්නේ, ඉතා කලාතුරකින්.

    BalasPadam
  6. එපා වෙමින් යන්නෙ. ඩිජිටල් ලෝකය සාහිත්‍යය විස්තාපනය කරන හැඩයි.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook