Texas teen handcuffed, arrested for bringing homemade clock to school
හැදුවා මම තනිවම
අරුම පුදුම බඩුවක්
සිසුන් ගුරුන් පුදුම කරන්න
පරිගණකයකින් ගලවාගත්
කොටස් එකලස් කර
හැදුවා මම ඔරලෝසුවක්
අරුම පුදුම මේ බලන්න
ගෙන ගියත් එය ගුරුතුමිය වෙත
ලොකු හරියක් දාගන්නට
පැන දිව්වා ඇය මර බයෙන්
නිපැයුම මගෙ බෝම්බයක් කියමින්
දිවි ගලවාගන්න පන්තියේ ළමයි
සැඟඋනා මේස යට
ගැහෙනවා ඔවුන් මර බයෙන්
සමහරු කලිසම් තෙමාගෙන
මුළු පාසලම ගෝට්ටියක්
සිසුන් ගුරුන් හිස් ලුලූ අත දුවන
නව නිපැයුම අතේ තියන්
හිටියා මම බලාගෙන
නමත් මගේ අහමඩ්
ආගමත් ඉස්ලාම්
ඒ නිසා තැතිගත් විදුහල්පති
කථා කෙරුවා පොලීසියට
පොලිසියෙන් විත් පාසලට
කුදලාගෙන ගියේය මා
ඉස්ලාම් ත්‍රස්තයෙකු ලෙසට
අනේ මගේ ආත්ම ගෞරවය
සේදී ගියානේ මොහොතින්
ඉස්ලාම් ත්‍රස්තයෙකු කියමින්
කෙල ගැසූවයි පාසලේ ළමුන්
තරහෙන් මගේ මුහුණට
මාංචුලා මගේ දෑතට
අපරාධකරුවෙකු විලසට
පොලිස්කරුවා දැක්කුවේය
ළමා රැඳවුම්ගාරයකට මාව
අනේ මම නොවෙමි ත්‍රස්තවාදියෙක්
ළමයෙකු වෙමි මම කුතුහලය තිබෙන
ඒකයි හැදුවේ මේ ඔරලෝසුව
තේරෙන්නේ නැද්ද ඔහෙලට
අල්ලාගේ නමින් මරාගෙන මැරෙන
ත්රස්තවාදීන් හිටියත් සැමතැන
නොවෙමි මා ත්‍රස්තයෙක්
ජීවිත නසන දේපළ වනසන
වෙමි මම පොඩි ළමයෙක්
නව නිපැයුම් කරන
වෛද්‍ය රුවන් එම් ජයතුංග

Well said. Nice creation ! Well done !
BalasPadamNewYork කියලා හින්දි ෆිල්ම් එකක් තිබුනා.මේ මාතෘකාව හරි ලස්සනට කතා කරලා තිබුනා එතනත්.කවුද මෙතන වැරදි???
BalasPadamජයවේවා..!!
ස්ටීරියෝටයිප් කරන ගුරුතුමිය
Padamරිචර්ඩ් ඩොව්කින්ස් කියන්නේ වෙන කතාවක්.
BalasPadamNo wonder if the kid actually ends up in ISIS.
BalasPadamof course
Padamඒ මොකක්ද ?
BalasPadamඇමරිකානු පොලීසිය, දකින දකින හැමදේම සැක කරන්නත්, සැකකටයුතු සියල්ලන්ට වෙඩිතියන්නත්, පටන් අරන් තියෙන්නේ ඇයි කියන එක, බලවත් ප්‍රශ්නයක්.
BalasPadamඒ ට්‍රෙන්ඩ් එක වැඩිවෙනවා ; කළු තරුණයොත් ප්‍රොකෝපකාරී හැසිරීම් සිදු කරනවා. මාටින් ලූතර් කිං වගේ නායකත්වයක් කළු ජාතිකයන්ට අද නැහැ
PadamMy name is Khan.. :/
BalasPadama good movie
Padamඇත්තම සිද්ධියක් නම් පොඩ්ඩා පව්
BalasPadamඇත්තම සිද්ධියක්
Padamහැබෑ සිද්ධියක් ද ???????? මයි නේම් ඊස් කාන් වගේ තමා......
BalasPadamඇත්තම සිද්ධියක්
Padamහරිම කණගාටුවක් ඇතිඋනා මේ නිව්ස් එක දැකපු දවසේ, ඒත් දරුවාව බරක් ඔබාමා දවල මන්දිරයේදී අප්රිසියෙට් කරා නේද? මොහුට ලොකු වන්දියක් ලැබේවි.
BalasPadamඔහු වන්දියක් ඉල්ලනවා
Padamමට මතක් උනේ හැරල්ඩ් ඇන්ඩ් කුමාර් 2.
BalasPadamඒ මොකක්ද ?
Padamමේ තත්වය ලොව පුරාවටම ( ඉස්ලාම් ත්‍රස්තවදී ආගම, මුස්ලිම් නම් ත්රස්තවාදියා ) ඇති කිරීමයි 'ෆ්‍රී මේසන්ස්' ප්රමූක බටහිරුන්ගේ උවමනාව. අයිසිස් හරහා ඔවුන් එය ජයටම කරගෙන යනවා....ප්‍රහාරයක් දියත් කරනකොට ප්රදර්ශනකාරීව 'අල්ලාහු අක්බර්' පාටය කියවීම, වැරදීමකින් වගේ මුස්ලිම් අනන්‍යතාවයක් සහිත යමක් ඉතිරි කර ( පැරිස් ප්‍රහාරයේ දී ගමන් බලපත්‍රයක් ) යෑම වගේ දේවල්...........
BalasPadamඔව් ඒක හරි
Padam