Ahad, 22 November 2015

නවලෝකද ? පරලෝකද ?




1994 වසරේ මහ චන්ද කාලයේ මම මාතලේ රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශයේ සේවය කලෙමි. මැතිවරණ උණුසුම සමග ප්‍රචණ්ඩ ක්‍රියාද ඉහල යන්නට විය​. වරක් පොදු පෙරමුනේ අාධාරකරුවන් රැගත් බස් රථයකට විරුද්ධවාදීන් විසින් ගල් ගැසීම නිසා ඔළු පලාගත් විසි දෙනෙක් පමණ අපගේ වාට්ටුවට පැමිණියහ​. 

එය ඉරිදා දිනයක් වූ බැවින් වාට්ටුවේ සිටියේ මා පමණි. හෙද නිලධාරියෙකුගේ සහයෙන් මම තුවාලකරුවන්ට ප්‍රතිකාර කරමි. බොහෝ දෙනෙකුට මැහුම් දැමීමට සිදු විය​. එක් තරුණ තුවාලකරුවෙකු නලලේ වූ තුවාලය මහන විට ඔහු  අනේ ඩොක්ටර් මාව නවලෝකෙට යවන්න කියා නොනවත්වාම කියන්නට විය​. තවත් රෝගීන් ගනනක් ප්‍රතිකාර ලබා ගැනීමට පෝලිමේ සිටි අතර මොහුගේ අඳෝනාව කන් කරච්චලයක් විය​. 

නොනවත්වාම කෙරෙන මෙම අඳෝනාව නිසා අවසානයේදී හෙද නිලධාරියාගේ පුෂ්පය පරළ විය​.  " මේ ඔහේ කට පියාගෙන හිටියේ නැත්නම් යන්න වෙන්නෙ නවලෝකෙට නෙවෙයි පරලෝකෙට" හෙද නිලධාරියා තරුණයාට කීවේය​. ඉන්පසු ඔහු නිහඞවිය​. එම නිසා ඉක්මනින් ඔහුගේ  ප්‍රතිකාරය නිම කොට පෝලිමේ සිටි තවත් රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට මට අවකාශය ලැබුණි.

ඉන් පසු ටිකට් කපන තෙක් එම තරුණයා අනේ ඩොක්ටර් මාව නවලෝකෙට යවන්න කීවේ නැත​. එසේම රජයේ රෝහලක සිට පුද්ගලික රෝහලකට ලෙඩුන් මාරුකිරීම කළ නොහැකි බව පසුව ඔහු වටහා ගන්නට ඇත​.


වෛද්‍ය රුවන් එම්. ජයතුංග 

11 ulasan:

  1. පුෂ්පය පරළ විය ????

    BalasPadam
    Balasan
    1. පුෂ්පය විකසිතවිය කියුවනාං තමා හරි

      Padam
  2. මල පැන්නා කියන එක

    BalasPadam
  3. කෙටි උනත් අදහසයි වටින්නේ. ඩොක්ටර්ගේ රස කතා. මං කැමතියි මේවත් කියනවනං.. ජය

    BalasPadam
  4. සමහර රෝගීන් ඉන්නවා පුදුමාකාර වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් තියන. අම්මපා ඒ ගොල්ලන්ට වාට්ටුවක් බාරදෙන්න වුනත් පුළුවන් අල්ලපු වැටේ මල්ශාලාවකුත් දාලා දීලා.

    BalasPadam
    Balasan
    1. ඕක මොකක්ද විචා තුමා හමුදා රෝහලේ ප්‍රතිකාර සඳහා එන සමහර උසස් නිලධාරීන් අවශ්‍ය ප්‍රතිකාර ගැන වෛද්‍යවරුන්ට ඕඩස් දෙනවා

      Padam
  5. නවලෝකෙට මාරු කොරලා යවන්නනේ තිබුණේ...... ගිහින් බලාගන්නැතෑ....

    BalasPadam
    Balasan
    1. එහෙම යවන්න අපට බලයක් නැහැ

      Padam
  6. හැබැයි ඕකෙ අනිත් පැත්ත වෙනවා නේද?(ප්‍රයිවට් එකෙන් රජයේ රෝහලට.)

    ඩොක්,ලෙඩෙක් විදිහට අපි වෙදදුරා මුණගැසුනු පසු අපගේ ලෙඩේ ගැන සහ ප්‍රතිකාර ගැන විමසීම වරදක්ද? වෙදදුරාගේ සිත නොබිඳා අදාල විස්තර සාකච්ඡා කළ හැකි 'ටිප්ස්' තියෙනවාද?
    (පුග්ගලිකවම වටිනවා මට.)
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. අනිවාර්‍යෙන්ම , එසේ සාකච්චා කල හැකියි නමුත් යවන්න බලයක් නැහැ

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook