Sabtu, 21 November 2015

උසාවියේ ඈනුම් ඇරියාට මාස අටක් හිරේ



මහේස්ත්‍රාත්වරයා නඩු විමසන අවස්ථාවේ මහා හඬින් ශබ්ද නඟා අධිකරණ ශාලාවේ ඈනුමක් පිටකර අධිකරණයට අපහාස කළැයි වරද පිළිගත් රත්මලානේ ඉමේෂ් වසන්තට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් මහතා මාස අටක අනිවාර්ය සිරදඬුවම් නියම කළේය.  (සුරංජිත් පෙරේරා - ලංකාදීප )


ඈනුමට මාස අටක් නම්

ළමා අපචාර​
ස්ත්‍රී දූෂණ
අතුරුදන් කිරීම්  
රාජ්‍ය දේපළ සොරකම් කිරීම
අල්ලස්‌ ගැනීම
කප්පම් ගැනීම 
රාජ්‍ය ව්‍යාපෘතිවලින් කොමිස්‌ ගැනීම
අනුන්ගේ ඉඩම් බලෙන් අල්ලා ගැනීම
රජයේ ඉඩම් හොර රහසින්ම විකුණා ගැනීම 
කුඩු ගංජා එක්ස්ටසි විකිනීම​

කරපු අය නිදහසේ ඉන්නේ කෙසේද ?

37 ulasan:

  1. නඩුකාරයා හරි කාරී හරි අර මුතුහෙට්ටියට සැටිපිකට් දීපූ ඩොකා ගාවට යැව්වොත් හොඳ නැද්ද..

    BalasPadam
    Balasan
    1. වරදක් නැහැ යැව්ව​ට

      Padam
  2. හපොයි මෙහෙමත් අපරාධ (ඈනුම් ඇරීම ) රටකට ගිය කලක් :-)

    BalasPadam
    Balasan
    1. නීතිය වල් වැදුනු රටක මිනීමරුවන් ළමා අපචාරකරුවන් එලියේ ඈනුම් කාරයා හිරේ

      Padam
  3. ඉතාම වැදගත් මේ ලිපිය. උසාවියට අපහාස වෙනව කියල අධිකරන තීන්දු විවේචනය කරන්න බෑ. ඒ වගේම නඩුකාරවරු සේවයේ යෙදී සිටියදී කරන කවර හෝ ක්‍රියාවකට මුක්තිය හිමිවෙනව.
    මං අහල තියනව බුලත්විට කෑව කියලත් හිරේ යවනව.එයාලට මිනිස්සු හිරේ යවන එක පුරුද්දක් විනෝදයක් වුනාට ඒ පුද්ගලය අයත් පවුල ඒකෙන් විදවනව. මේ අය ට මිනිස්සුන්ගෙ දුක තේරෙන්නෙ නෑ. අමුතු සුපිරි මානව විශේෂයක් වගෙ ඉන්න නිසා.

    සමහර අය අධිකරනයෙ ස්වාධීනත්වය ගැන කතා කරනව. පාර්ලිමේන්තුවට බනිනව. අධිකරනය අංක එක වෙන්න ඕන කියල කියනව. මේක ලොකු මුලාවක්.
    ව්‍යවස්ථාදායකය විධායකයට හා අධිකරනයට වඩා ඉහලින් ඉන්න ඕන . ව්‍යවස්ථාදායකයෙ සාමාජිකයො එක්ක අපට කතා කරන්න පුළුවන්. ඒ අයගෙ වැරදි විවේචනය කරන්න පුළුවන්.

    ජනතාවගෙ පරමාධිපත්‍ය පිළිබිඹුවන්නෙ ව්‍යස්ථාදායකය තුලින්. දෙවනුව විධායකය හා අධිකරනය ව්‍යවස්ථාදායකය යටතේ ක්‍රියාත්මක විය යුතුයි.
    මෙය 1972 ව්‍යවස්ථාවෙ තරමක් දුරට පිළිබිබු වුනා.

    යහපාලනය කියල අධිකරනෙට අංක එක දෙන්න ගියොත් අතිභයානක නිළධාරීවාදයක් බිහිවෙන්නෙ.

    නඩුකාරවරු කරන වැරදි පාර්ලිමේන්තුවෙදි ප්‍රශ්න කළ හැකිවිය යුතුයි. ව්‍යාව්ස්ථාදායකය කියන්නෙ මහජන නියෝජිතයො.

    මට මතක් වෙනව ඉන්දියන් නවකතාවක දෙබසක්.

    පාන් ගෙඩියක් හොරාගෙන උසාවිදාපු මිනිහ කියනව හොරකම් කලේ බඩගින්නට ,ජීවත්වෙන්න ස්වාමීනි කියල. නඩුකාරය අහනව ඇයි ජීවත් වෙන්නෙ කියල ? නඩුකාරය ඒ ඇහුවෙ අවංකවම. ඔහුට ජනතාව ගැන තිබෙන හැඟීම තමයි ඒ.

    මේක අහපු හැටියෙ මට සිතුනෙ අවුරුදු දහස් ගනනකට අතීතයට ගියා වගෙ.

    BalasPadam
    Balasan
    1. බැංකු වක් කඩපු කෙනෙකුට රුපියල් 3500 ක දඩයක් ගහල. ඈනුමට හිරේදාල. අපූරුයි යහපාලනේ

      Padam
    2. පාන් ගෙඩියක් හොරාගෙන උසාවිදාපු මිනිහ කියනව හොරකම් කලේ බඩගින්නට ,ජීවත්වෙන්න ස්වාමීනි කියල. නඩුකාරය අහනව ඇයි ජීවත් වෙන්නෙ කියල ? /////////මිනිසුන්ව කැරලි ගහන්න පොලඹවනවා

      Padam
  4. // අධිකරණයට අපහාස කළැයි //

    නඩුකාර හාන්දුරුවො නෙවැ වැඩ ඉන්නේ !!!

    BalasPadam
    Balasan
    1. පත්තරයො කට කට.
      හාන්දුරුවො විතරක් නෙමෙයි . ඒ උත්තමයානන් වහන්සෙ දෙයි හාමුදුරුවන් වහන්සෙ කෙනෙක්. උබලට පවු සිද්ද වෙනව වස් වදිනව නිකම්ම හාන්දුරුවො කිව්වම.
      ඈනුම් යවන දාඩිය දාන මළ මුත්‍ර පිටකරන අවසේස මනුස්සයො කතාකරන කොට කානුවට බැහැල ලේන්සුව අතට අරන් වෙව්ල වෙව්ල කතා කරන්න ඕන.
      මට සැකයි උබ කොමෙන්ට් කොටන්නෙ කානුවකට බැහැල ද කියන එක.

      මම නම් කොමෙන්ට් සේරම දැම්මෙ ගේ ලග අගලකට බැහැල වෙව්ල වෙව්ල . අල්ලපු ගෙදර එකා අහනව .ඇයි මේ කානුවෙ ලැප් එක තියාගෙන මොකද කරන්නෙ කියල . මං කිව්ව පිං කරන දෙයි හාමුදුරුවන්නාන්සෙල ගැන කොමෙන්ට් එකක් දැම්ම කියල. ඒක අහල ඌත් වෙව්ලනව සන්නිය හැදිල වගෙ.

      Padam
  5. වැඩිකල් නොයා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ ජවනිකාවත් බලාගන්න පුළුවන් වෙයි වගේ.

    BalasPadam
    Balasan
    1. කැකිල්ලේ නඩුකාරයා

      Padam
  6. මේ මනුස්සයා වරදකට උසාවි කුඩුවේ හිටිය කෙනෙක්,මම හිතුවේ ඈනුමයි වරදටයි දෙකටම දුන්න දඩුවමක් කියල.
    Trans Sylvania නොවරදවා බලන බ්ලොග් එකක්.
    සිංහල බ්ලොග්ගල.

    BalasPadam
    Balasan
    1. මේ මනුස්සයා වරදකට උසාවි කුඩුවේ හිටිය කෙනෙක් ඇත්ත නමුත් ඈනුමකට මාස අටක් දීම තුලින් නීතිය විහිලුවක් වෙනවා ; අනෙක ලංකාවේ නීතිය කෙස් ගහට ක්‍රියාත්මක වෙන රටක් ද ?

      Padam
  7. මේ උසාවි වල නඩු අහන නඩුකාරයන්ට නඩු අහන වෙලාවක අනුම් ගිහිල්ලම නැද්ද දන්නේ නෑ. එහෙම දෙයක් උනොත් නඩුකාරයට මොකද කරන්නේ?

    BalasPadam
    Balasan
    1. උසාවි වල නඩු අහන නඩුකාරයන් උසාවි වල ස්ත්‍රී දූෂන පවා කරලා තියනවා Eg ; ලෙනින් රත්නායක

      Padam
  8. කොතනහරි තිබ්බ මේ සැකකාරයා හෙරොයින් නඩුවක සැකකරුවෙක් කියල.. මම හිතන්නේ මේ දඬුවම දෙන්න ඇත්තේ දෙකටම...

    BalasPadam
    Balasan
    1. හෙරොයින් නඩුවයි ඈනුමයි නඩුකාරයා පටලවගෙන

      Padam
  9. කොතනහරි තිබ්බ මේ සැකකාරයා හෙරොයින් නඩුවක සැකකරුවෙක් කියල.. මම හිතන්නේ මේ දඬුවම දෙන්න ඇත්තේ දෙකටම...

    BalasPadam
  10. මං දැකල තියෙනවා වතාවක් බස් එකේදී මාර සද්දෙන් ඈනුම් යවන පුද්ගලයෙක්. හී...හා..හඃ.. කියල හයියෙන් ඈනුමක් යවල ඒ මනුස්සය 'සමාවෙන්න' වගේ බැල්මකින් වට පිට බලනවා.. ආයි.. විනාඩි දෙක තුනකින් එහෙමම කරනවා.. පුංචි ඒ.සි. බස් එහෙක ගාල්ලේ ඉඳන් කොළඹට එනකම් ඔහොම වුනා.. මුලදී මහා අපුලක් අමාරුවක් දැනුනට ටික වෙලාවකින් තේරුණා එක ඒ මනුස්සයාට තියෙන ලෙඩක් කියල.. එහෙම එකක් වෙන්නත් පුළුවන් නේද?

    BalasPadam
    Balasan
    1. ඔව් Tourette syndrome තිබෙන රෝගින් හිටි හැටියේ අමුතු සද්ද කරනවා Tourette syndrome (TS) is a neurological disorder characterized by repetitive, stereotyped, involuntary movements and vocalizations called tics. The disorder is named for Dr. Georges Gilles de la Tourette, the pioneering French neurologist who in 1885 first described the condition in an 86-year-old French noblewoman

      Padam
  11. එහෙම තර්ක කලොත් කිසිම වරදකට දඬුවමක් දෙන්න බෑ. ඇයි ඔයිට වඩා වැරදි කරපු මිනිස්සු නැද්ද කියල අහයි.

    මේ පුද්ගලයට ඈණුමක් ගිය එක හරිය කියමුකො. ඒක ස්වාභාවික දෙයක්ය ඒක වළක්වගන්නත් බැහැය කියලත් කියමුකො. ඒත් " මහා හඬින් ශබ්ද නඟා" ඈණුමක් යවන එක ගැන මොකද කියන්නෙ? . උසාවියක නෙවෙයි ඔය වගෙ මහා හඬින් ඈණුමක් ඇරියනම් අපිව ඉස්කෝලෙ පන්තියෙනුත් දොට්ට දානව.අනික උසාවියක් කියන්නෙ යම් විශේෂිත හැසිරීමක් හැමෝගෙන්ම බලාපොරොත්තුවෙන තැනක්

    මාස අටක සිරදඬුවම වරදෙ හැටියට බරපතල වැඩිද නැද්ද කියන එක වෙනම කාරණාවම්. දඬුවම්දීමෙ වරදක් නෑ කියලයි මගෙ අදහස.

    BalasPadam
    Balasan
    1. වරදකට දඬුවමක් දෙන්න නමුත් චන්දන කති‍්‍රආරච්චි මිනියක් මරා නිදහස්ව ගිය අධිකරනයක , දුමින්ද සිල්වා ළාබාල දැරියක් අපහරණය කොට නිදහස්ව ගිය අධිකරනයකඋසාවියේ ඈනුම් ඇරියාට මාස අටක් හිරේ යන්නේ මොන පදනමෙන්ද ?

      Padam
    2. මම කියන්නෙ මේකයි රුවන්......දැන් ඔය දඬුවම් ලබපු මනුස්සය ගැන අපි දන්නෙ නෑනෙ. සමහර මිනිස්සු ඉන්නව මොන ජරාවැඩේ කලත් තමං තමයි ලොක්කා කියල හිතාගෙන ඉන්න අය. අපි හිතමු ඔය දඬුවම් ලබපු මනුස්සයත් නිකං නඩුකාරයට සමච්චලේට වගෙ හිතලම මහ හයියෙන් ඈණුමක් ඇරිය කියල.

      නඩුකාරය දැන් මොකද කරන්න ඕන? චන්දන කත්‍රි ආරච්චි නිදහස් වුනාය. දුමින්දට නඩු නෑය අනේ ඒ නිසා මේ මිනිහත් ඔන්න ඔහෙ ඕන තරං ඈණුං ඇරපුවාවෙ කියල ඇහුනෙ නෑ වගෙ ඉන්න ඕනද? එතකොට උසාවියෙ ගෞරවයට මොකද වෙන්නෙ? උසාවියෙ ගෞරවය කියල මම කියන්නෙ නෑ ඒ කාලෙ වගෙ හාමුදුරුවනේ කියල කතා කරන්ට දෙකට නැමිල නඩුකාරයට වැඳ වැටෙන්ට කියල.

      ඒත් උසාවියක විතරක් නෙවෙයි ඕනම ස්ථානයක පිළිපැදියයුතු අවම ආචාරධර්ම කියල එකක් තියනව. මම කියන්නෙ නීතිය යුක්තිය පසිඳලන ස්ථානයට ඒ අවම ගෞරවයවත් දෙන්න ඕන. කලින් නඩුකාරයො මෙහෙමයි කලේ කියල ඕන කෙනෙකුට ගෙදර වගෙ හැසිරෙන්න බෑනෙ උසාවිය. අනික චන්දන කත්‍රි ආරච්චිගෙ නඩුව අහක ගියේ මට මතක විදිහට සාක්කි පරස්පර හින්ද. ඒ මනුස්සය පොලීසියත් එක්ක එකතුවෙලා සාක්කි එහෙම අප්සෙට් කරවන්න ඇති. ඉතිං එහෙම පරස්පර විරෝදී සාක්කි ඉදිරිපත් වුනාම විනිශ්චයකාරයෙකුට කරන්න දෙයක් නෑ. විත්තිකාරය නිදහස් කරනව මිසක.දුමින්ද සිල්වගෙ නඩුවටත් එහෙම දෙයක් තමයි වුනේ කියලයි මට මතක.

      Padam
    3. රවි ඔබ වැරදියි . මෙතන කිසි කෙනෙක් උසාවිය විහිළුවට ගන්න කියල නෑ. ඈනුමක් වගෙ ජෛව ක්‍රියාවකට මේ වගෙ දඩුවමක් සැර වැඩියි කියලයි කියන්නෙ. අත්හිටවූ සිර දඩුවමක් දුන්නනම් අවුලක් නෑ.
      චන්දන කත්‍රිආරච්චිගෙ නඩුවට වුනේ සාකි පරස්පරවෙලා නෙමෙයි . නීතිපති නඩුව ඉල්ලා අස්කරගත්ත. එතනදි ගරු විනිසුරුතුමියත් අසරන වුනා.

      දුමින්ද සිල්වගෙ එක දේශපාලන ප්‍රෝඩාවක් කළේ. දුමින්ද ආන්ඩුවට ගන්න නඩුව ෆයිල් කළා. ආ හැටියෙ නීතිපති නඩුව අස් කරගත්තා .ඒක මට හරියටම මතක නෑ. කොහොමහරි දුමින්ද නිදහස් .

      කත්‍රිකාරච්චිගෙ එක නම් හොඳටම මතකයි.ඒක හෙනම ඛේදවාචකයක්. එතනදි වින්දිතයගෙ සොහොයුරා උසාවියෙ ඇඩුව. වෙන විකල්පයක් තිබුනෙ නෑ.

      Padam
    4. රවි නීතිය යුක්තිය නිසි ආකාරව සිදුවන රටකද මේ දේ උනේ ?

      Padam
  12. අනේ මන්ද .. ශබ්ධ නගා ඒ වැඩේ කොරපු එක වරදක් නම් තමයි. හැබැයි උසාවි වල ඉන්න එවුනුත් හිතන් ඉන්නෙ උසාවිය කියන්නෙ මාරම ශුද්ධවූ තැනක් කියල. මාස අටක් හිරේ අරින්න??? මම අහල තියනවා උසාවියට යන නඩුකාරයෙක්ට වැස්ස වෙලාවක කුඩේ ඉහලුව කියල ඌවත් හිරේ ඇරිය කියල අපේ සීය කියල තියනවා.

    BalasPadam
    Balasan
    1. ඉස්සර ඔහොම දේවල් අනන්ත අප්‍රමාණයි. මේ අය මේ නිළධාරී පිරිසක්. සුපිරි මනුෂ්‍ය කොට්ටාසයක් නෙමෙයි. උසාවිවලට ගෑවුන අය පවා මේකට කැමතියි. මොකද මෙහෙම වුනහම හැමෝගෙම ලොකුකම ආරක්ෂා වෙනවනෙ.
      අධිකරනවලින් ජනතාවට සිදුවන හිරිහැර ගැන ක්‍රියාකරන්න ආයතනයක් අවශ්‍යයි. හොඳම තැන පාර්ලිමේන්තුව.
      විධායක ,අධිකරන ,පරිපාලන ක්‍රියාවලින් ජනතාවට සිදුවන හිංසා පරීක්ෂා කරන්න පාර්ලිමේතුව සුදුසුයි.

      Padam
    2. ඉස්සර මිනිස්සු බල්ලො බලල්ලු වගෙ හිටියෙ. එතනදි ජේවීපී එකට දෙන්න ඕන ක්‍රෙඩිට් එකක්. විජේවීර ඉතිහාසයේ ප්‍රථම වතාවට ධනපති පන්තිය හා නිර්ධන පන්තිය මුහුනට මුහුන ලා සිටිනවා කියල.

      නයනානද විජේකුලතිලක නඩුකාරයට එකට එක කියලත් තියනව. ඒක හරි රසවත්. රසවත් කම නිසාම මට මතක සිටිය. ඒ නඩුකාරයත් මහ දරදඩු නඩුකාරයෙක්.ඔහු දුන් නඩුතීන්දු ඉගෙනගත්ත නිසා ඔහුගෙ නම අපට හොඳට හුරුයි. හරිම ප්‍රකට ජජ් කෙනෙක්.

      නයනානන්ද : කාටද දඩුවම මටද

      නඩුකාර දෙයි හාමුදුරුවන් වහන්සේ /උතුමානන් වහන්සේ : නැතිව මටයැ

      නයනානන්ද : මට කලින් ඔබතුමාට දඩුවමක් ලැබෙයි

      නඩුකාර උතුමානන් /දෙයි හාමුදුරුවන් වහන්සේ : ඒ මොකක්ද

      නයනානන්ද : මරණය මරණය

      නඩුකාර උතුමානන් /දෙයි හාමුදුරුවන් වහන්සේ : ඒ මොකද

      නයනානන්ද : මට වයස .....යි. ඔබතුමාට වයස ...යි. මට කලින් ඔබතුමාට මරනය ලැබෙනවා.

      දන්ඩෙන් පහර කෑ නයෙක් ලෙස කෝපයට පත් ඒ දෙයි හාමුදුරුවන් වහන්සේ නයනානදට උපරිම දඩුවම් නියම කළේය.

      නයනානන්ද අපරාධ යුක්ති කොමිසම අහෝසි කිරීමත් සමග නිදහස් විය.


      නයනානදලාට මෙහෙම ගටක් ආවෙ හරි හෝ වැරදි ඔවුන් දැරූ මතවාදය නිසාය.

      Padam
  13. නදඩුකාරතුමාට නිතිය අනුව කටයුතු කිරීමට කොන්ද පන ඇත .වරදකරුවෙට අපැලක් ගැනීමට අයිතියක් ද ඇත .
    මේක ලියාපු ලේකකයාට නිතිය ක්‍රියා කරවීම ගැන සිතන්න ලියන්න කොන්ද පන නැත

    BalasPadam
    Balasan
    1. ලේඛකයගෙ කොන්දෙ අවුලක් නෑ. ප්‍රොෆය්ල් එකෙන් එන්න ඔබට කොන්දක් නෑ.
      හෙරොයින් චෝදනාවක් තිබුනනම් ඒක වෙනම විභාග කරන්න ඕන. කෝ නිර්දෝෂීභාවයෙ පූර්ව නිගමනය .වරද ඔප්පුවෙනකම් හැමෝම නිර්දෝෂියි. හෙරොයින් කතාව ගේන්නෙ මේක සාධාරණීකරනය කරන්නනෙ. වෙන කෙනෙකුට ඈනුමට ඔයිට වඩා අඩු දඩුවමක්ද දෙන්නෙ.
      ලෙඩක් නිසා ඈනුම ඇරියනම් .
      පොඩි ළමයෙක් උසාවියෙ ඇඩුවනම් ඒ ළමයව මරනවද
      කොන්ද ගැන ඔබ කියන කතාව හරි. ජනතාවට් කොන්දක් නෑ. ඒක නම් ඇත්ත.

      Padam
  14. නඩුකාරතුමාට නිතිය අනුව කටයුතු කිරීමට කොන්ද පන ඇත .වරදකරුවෙට අපැලක් ගැනීමට අයිතියක් ද ඇත .
    මේක ලියාපු ලේකකයාට නිතිය ක්‍රියා කරවීම ගැන සිතන්න ලියන්න කොන්ද පන නැත

    Reply

    BalasPadam
    Balasan
    1. මිනිස්සු හිරේ දාන එක හපන්කමක් නෙමෙයි මහත්තයො. ඈනුම කියන්නෙ ජෛව ක්‍රියාවක්. ටිකක් මානුෂික වෙන්න. මේක ලියන වෛද්‍ය තුමා මිනිස්සු බේරන සුවපත් කරන කෙනෙක්. ඔහු ලියන දේවල මානව දයාව තියනව. බුලත්විටක් කෑවට ,ඈනුමක් ඇරියට අහිංසකයෙක් හිරේ යන එක ඔබට අනුව මහලොකු නීතිය ක්‍රියාත්මක වීමක්ද
      මහත්තයො ඔයා මනුස්සයෙක්නම් ටිකක් මනුස්සයෙක් විදියට හිතන්න. අපි හැමෝම ලෙයින් මසින් හැදුන මිනිස්සු රත්තරන් වලින් ප්ලැටිනම් වලින් හදුන අය නෙමෙයි. කොමෙන්ට් කරන ඔබත් ඈනුම් අරින දාඩිය දාන මළ මුත්‍රා කරන කෙනෙක් වෙන්න ඇති. වැරදි නම් මාව නිවැරදි කරන්න.

      නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ,පහළ අධිකරනවල තීරන ඉහළ අධිකරනවලින් අධිතීරනය කරනු ලැබීම,පූර්ව නිදර්ශන අනුගමනය වගෙ දේවල් නිසා නඩුකාරවරුන්ගෙ අන්තනෝමතික ක්‍රියාකලාපයන් පාලනය වුනත් 90 % ක් ම තියෙන්නෙ නඩුකාරයගෙ අභිමතය තමයි.

      Padam
    2. මධ්‍යස්ථ මතධාරි මැති තුමෙනි එහෙනම් ඉතින් මොකටද නීතියක් උසාවියක් නඩුකාරයෙක් රටකට ඔය ලියන කියන අයටයි ලෙඩුන් බලන අයටයි රෙදි අපුල්ලන අයටයි ඒවාගේ දේවල් කර කර ඉන්න පුළුවන්නේ කොමෙන්ට් කරන මමත් ඔය ඔක්කොම කරන කෙනෙක් තමයි නමුත් එය තැනට ගැලපෙන ආකාරයට කිරීම දැනගැනීමට තරම් දැනුමක් නැති මිනිසුන් තවමත් ලංකාවේ ඉන්න්නවා කියලද ඔබ කියන්නේ

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook