Khamis, 19 November 2015

බුදු රදුන් රාහුල පුතු ළමා කාලයේදීම මහණ කලේ මන්ද ?

 


බුදු රදුන් රාහුල පුතු ළමා කාලයේදීම මහණ කලේ විශේශ හේතුවක් නිසා බව මම සිතමි. රාහුල පුතුට තරමක් වැඩිහිටි දිවියට පත්වී  මහණ වීමට හැකියාව තිබුනද ළමා කාලයේදීම මහණ කලේ ඉදිරි කාලයේ එන දේශපාලන වාතාවරණය අහිතකර වන බව බුදුන්ට වැටහීම නිසාය​. සුදාවුන් රජුගෙන් පසු රාහුල ශාක්‍ය ජනපදයේ සිහසුනට උරුමක්කාරයා විය​. නමුත් ඒ වන විට ශාක්‍ය ජනපදයේ අවුල් වියවුල් හටගෙන තිබුණි. විඩූඩභ ශාක්‍ය වංශිකයන් සමූලඝාතනය කිරීමට අර අඳිමින් සිටියේය​. ඉදිරි අනාගතයේ විඩූඩභ විසින් සිදු කරන ජන ඝාතනය පිළිබඳ අවබෝධයෙන් සිටි බුදු රදුන් විඩූඩභ ගේ කඩුවට මුලින්ම ගොදුරු වන්නේ ශාක්‍ය ජනපදයේ සිහසුනට උරුමක්කාරයා බව වටහා ගත්තේය​. එම නිසා ළදරු රාහුලව මහණ කරවා ඔහුගේ ජීවිතය සුරක්‍ෂිත කලේය​.   

මේ දේශපාලන වාතාවරණය ගැන  අවබෝදයක් නොතිබුණු සුදාවුන් රජුට රාහුල  මහණ කිරීම ළමා  මහණ කිරීමක් බඳු විය​. විඩූඩභ ගේ ශාක්‍ය සංහාරය එළැඹි විට එය වැලැක්වීමට බුදු රදුන් තෙවරක් උත්සහ ගත් නමුත් ශාක්‍යයන් රෝහිනී නදියට විස මුසු කොට ජනයා මරා දැමූ නිසා  විඩූඩභට ශාක්‍යන් සමූලඝාතනය කිරීමට අනෙකුත් ජනපදවල සහයද ලැබුණි. විඩූඩභ  ශාක්‍යන් සංහාර කොට මහා ගංවතුරකට යටවී මලේය​. බුදු රදුන් රාහුල පුතු ළමා කාලයේදීම මහණ කළ නිසා ඔහුට රජ උරුමය පිළිබඳ අාශාවක් ඇති නොවීය​. බුදු සසුනේ සිටි නිසා ශාක්‍ය ජනපදයේ සිහසුනට උරුමක්කාරයාගේ දිවි ගැලවිණ.    

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

38 ulasan:

  1. දේශපාලනික ක්‍රියාවක්..............................?????

    BalasPadam
    Balasan
    1. බුදුන් දේශපාලනයේ යෙදුනා , උදාහරණයක් ලෙස වස්සක්කාර අමාත්‍යාට වජ්ජි දේශය ආක්‍රමණය නුසුදුසු බව කීම​, රෝහිනී නදියේ ගැටුම සමථකරණය

      Padam
  2. ජයතුංග මහතා ,
    ඔබේ උනන්දුව හොඳයි. නමුත් ඔබ ශාක්‍ය රාජ්‍ය ගන රාජ්‍යක් බව අමතක කර නිගමනයට පැමිණ ඇති බව පෙනේ. ගන රාජ්‍යක් අන් රාජාණ්ඩු වලට වඩා වෙනස්ය. ගනයේ සාමාජිකත්වය ලබන සියලු දෙනාම ක්‍ෂත්‍රියයෝ වන අතර ඔව්න් සියලුම දෙනාට නායකයා වීමට (රජ වීමට) සමාන අයිතිය ඇත. ඒනිසා පියාගෙන් පුතාට රජකම ලබන සිරිතක් ශාක්‍ය ගනයේ නැත.සිදුහත් කුමරා රජවුයේ සුදොවුන් රජුගේ අනුප්‍රාප්තිකයෙක් ලෙස නොවේ. තම දක්ෂතාවය ගණය ඉදිරියේ පෙන්වීමෙනි.

    අවාසනාවකට අද ගන ගැන ලියවී ඇති පොත පත දුර්ලභ නිසා ඔබ පැමිණ ඇති නිගමනය ගැන ඔබට දොස් පැවරීමට නොහැකි උනත් ගනයක වටිනාකම දැන ගැනීමට අවශ්‍ය නම් අපේ රටේද සිටි ශේෂ්ඨ පඬි රුවනක් වන මහාචාර්ය රාහුල සංස්කෘත්‍යායන තුමා විසින් සිංහලෙන් ලියන ලද සිංහ සේනාපති නම් නව කතාව කියවන්නේ නම් මැනවි.

    සමරසේකර

    BalasPadam
    Balasan
    1. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
    2. මට තේරුංගිය විදිහට සුද්ධෝදන රජ්ජුරුවන්ටත් ඔය ගැන වැරදි අවබෝධයක් තිබිල වගේ.

      Padam
    3. සමරසේකර මහතා ඉදිරිපත් කර තිබෙන කරුණු ඉතා වැදගත්. මේ පිළිබඳව ඔබතුමා දන්නා කරුණු, සවිස්තරව සම්පිණ්ඩනය කර ලිපියක් ලියනවානම්, බොහොම හොඳයි. මේ ක්‍ෂත්‍රිය පාලන ක්‍රමයේ ස්වභාවය ගැන, මමත් අදයි මෙවැනි අදහසක් කියවූයේ.

      Padam
    4. විචාරක තුමා
      ඔබේ අදහස නම් හොඳයි. ඉස්සර වෙලාම මගේපොත් ගුලෙන් " සිංහසේනාපති " පොත හොයා ගෙන ඒකෙ අළු ටික පිසලා ඉන්න ඕනෑ. ( මෑතකදී ඒ පොත කියව්වේ නැහැ) දෙවනුව වෛද්‍ය රුවන් ජයතුංග මහතාගේ ප්‍රතිචාරයත් බලලා ඉන්න ඕනෑ.

      සමරසේකර

      Padam
    5. සමරසේකර මහතා ඔබ පෙන්වා දුන් කාරණයට ස්තූතියි. සිදුහත්ගේ ජාන වල බලපෑම​; කුමරෙකු ලෙස නිබඳ පුහුණුව ලැබීම ආදිය මත රාහුලට තම දක්‍ෂතාවය ගණය ඉදිරියේ පෙන්වා කිරුළ ඔහු සතු කර ගැනීමේ හැකියාව තිබුණා. එසේ නැතත් රාහුල ගිහිව සිටියා නම් විඩූඩභගේ අසිපතට ගොදුරු වෙනවා

      Padam
    6. /* සිදුහත් කුමරා රජවුයේ සුදොවුන් රජුගේ අනුප්‍රාප්තිකයෙක් ලෙස නොවේ */

      සිදුහත් රජ වූ බව ලියා ඇත්තේ මේ සමරසේකර ලඟ තියෙන "සිංහසේනාපති" පොතේ විය යුතුයි!

      Padam
    7. මා ලිවීමට අදහස් කලේ රජ වීමට සිටියේ යන්නය. එහෙත් ලියවී ඇත්තේ රජවී සිටියේ වශයෙනි. සිදුවූ බරපතල අඩුපාඩුවට සමාවන්න.එවැන්නක් කඩිනමින් පෙන්වා දුන් ඔබ කෙතරම් විචක්ෂණ අයෙක්ද?

      සමරසේකර

      Padam
    8. අප බුද්ධ චරිතයේ දන්නා තොරතුරු වලට වඩා වෙනස් තොරතුරු පිටකයෙන් අපට හමුවෙනවා.පරිනිබ්බාන සූත්රයේ සඳහන්වන ගණතන්ත්‍ර රාජ්‍යයන් අතුරින් එකක් තමයි කපිල වස්තුව.මේවා සමූහාණ්ඩු පාලන ලෙසත් හඳුන්වා තිබෙනවා."ගණරාය" යන වචනය පිටකයේ දක්වලා තිබෙන්නේ මේ ගණතන්ත්‍ර පාලන හැදින්වීමේදි.මෙය කෝසලය යටතේ පාලනය වූවක්.එය විශාල රාජ්‍යක් නොවෙයි.සුද්ධොදන යනු රජෙක් නොවෙයි.පිටකය අනුව පැහැදිලි වන්නේ ඔහු ප්‍රාදේශිය නායකයෙක් බවයි.මොවුන් ශාක්‍ය වංශිකයන්.මහනාම,භද්දිය කියන්නෙත් කපිලවස්තුවේ හිටි ශාක්‍ය වංශික පාලකයන්.කොහොම උනත් මේ ගණතන්ත්‍ර පාලන ප්‍රදේශ අතුරින් බලවත් වෙලා තිබුනේ වජ්ජීන්ගේ පාලන ප්‍රදේශ.

      ඒ වගේම සාමාන්‍ය ජනයාතෙ අතර ප්‍රසිද්ධ බුද්ධ චරිතය පසුකාලනීව ප්‍රබන්ධ වූවක්.අපි හැමෝම දන්නේ සිදුහත් කුමරු ගිහි ගෙය එපා වෙලා මාලිගාවෙන් හොරනේ පැනලා ගියා කියන කතාව.නමුත් පිටකයට අනුව ඔහු කුඩා කල සිටම භරණ්ඩුකාලාමගෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා.ගෙදරනි යන්නේ හැමෝටම කියලා.ඒ බව ඉතා පැහැදිලිව අරියපර්යේෂණ සූත්රයේ සඳහන් වෙනවා.රාහුල ගැන සඳහන් වන තොරතුරුත් අපි දන්නා තොරතුරුවලට වඩා වෙනස්.

      Padam
    9. ...//ඒනිසා පියාගෙන් පුතාට රජකම ලබන සිරිතක් ශාක්‍ය ගනයේ නැත//...

      සමර සේකර මහතා පෙන්වා දෙන මෙම කරුන නිවරදියි.සියලුම ගණතන්ත්‍රතුල තිබුන "කුතුහලාසාලා" නමින් ගම්ර්‍ප්‍රධානින් එක්ව පොදු සාකච්ඡා කරන ස්ථානයක් තිබු බව පිටකයේ සඳහන් වෙනවා.(මේ මූලාශ්‍ර පෙන්විය හැකියි).එහිදි පාලනය ඇතුලු අනෙකුත් සියලු කරුනු පිළිබද තීරණ ගනු ලබන්නේ පොදුවේ.සමූහ සාකච්ඡා හා සමූහයේ පොදු එකඟතාවය අනුවයි පාලකයා පවා තෝරා ගනු ලැබ ඇත්තේ.ඒ අනුව පියාගෙන් පුතාට රජකම හිමිවීමක් එහි තිබි නෑ.කෝසලය,මගධය, වැනි රාජාණ්ඩු තුල පමනයි පිය පුතු පරම්පරාවට රජකමේ උරුමය තිබුනේ.

      Padam
    10. @ සමරසේකර-

      ගැටඹේ පන්සලට පඬුරක් දැම්මොත් මාර්ග ධාවනට නුසුදුසු ඕනෑම වාහනයක් මාර්ග නීති කඩමින් පොලිසියෙන් බේරී පැදවිය හැකිය යනාදී මිත්‍යා මත පතුරවන ඔබ වැන්නෙකු ලියන ලිපිවල ඇති දෝශ දැකීමට මහා විචක්‍ෂණශීලීබවක් අවශ්‍ය නැත.

      මගේ තුනේ පන්තියේ බුද්ධාගම පාඩම (ජයසේකර අබේරුවන්, බුද්ධාගම, තුන්වෙනි ශ්‍රේණිය) ඔබේ ඉහත වරද පෙන්වා දීමට ප්‍රමාණවත් විය.

      Padam
    11. ස්තූතියි මනෝ, විග්‍රහයට. උඹ තමා නියම මිනිහා මේ වැඩේට.

      Padam
  3. Even if it is be lord buddha, intimadating a child to the monkhood is a dictatorial act.....is budhism propogate such a doctrine ?????

    BalasPadam
    Balasan
    1. WOW such a command of English !!

      Padam
    2. I would not consider it as a dictatorial act.The Buddha did life saving mission for Rahula

      Padam
    3. Furthermore he has the parental right to decide on his kids, right?

      Padam
  4. බුදුන් වැලැක්වුයේ රාහුල ගේ රජවීම නොවෙයි, නන්ද ගේ රජවීමයි. ඒ සමගම මගුලත් කැඩුවා.

    රාහුලව මහණ කරගන්නා විට සුද්දෝධන රජකරමිනුයි හිටියේ. ඒ දවස්වල ඒ දවස්වල කසාද බඳින වයසේ හැටියට, රාහුල ඉපදී සුද්දෝධන සීයා වෙන කොට වැඩි වයසක් වෙන්න නැතුව ඇති.

    කෙසේ වෙතත්, රාහුල මහණ කරවීම ගැන මගේ අදහස මීට වෙනස්.

    BalasPadam
    Balasan
    1. කෙසේ වෙතත්, රාහුල මහණ කරවීම ගැන මගේ අදහස මීට වෙනස්.////////////////ඒ මොකක්ද ?

      Padam
  5. නොදැන හිටි දෙයක් දැන ගත්තා

    BalasPadam
  6. mama hithanneth budu hamuduroowo deshapalanaya kala bwak.

    BalasPadam
  7. වෛද්‍ය රුවන් ජයතුංග මොකද හිතන්නෙ, බුදුන් පිරිණිවන් පාන තුරුම ආනන්ද තෙරුන්ට රහත් වෙන්න බැරි වීම ගැන?

    BalasPadam
    Balasan
    1. මම හිතන්නේ ආනන්ද තෙරුන්ට වැඩ වැඩි වූවා , භාවනා කරන්න වෙලාවක් තිබුනේ නෑ

      Padam
    2. ධර්ම භාණ්ඩාගාරිකට භාවනා කරන්න ඒ තරම් ඕනෙ වෙන එකක් නෑ නේද? සමහර අය එක සූත්‍රයක් අහපු පමණිං රහත් වෙලා තියෙද්දි...

      Padam
    3. කිරිබණ්ඩා සේනාරත්න23 November 2015 pada 4:48 PG

      ධර්ම භාණ්ඩාගාරික විදිහට ධර්මය මතක තබා ගැනීම හා ධර්මය වටහා ගැනීම යනු දෙකක් නේද ? ආනන්ද හාමුදුරුවන්ට ධර්මය වටහා ගැනීමට නොහැකිවෙන්න ඇති කලක් යනකල්- සූත්‍රයක් විතරක් අහපු අය ඒ ධර්මය වටහා ගැනීමේ හැකියාව තියෙන්න ඇති -

      Padam
    4. සාපේක්ෂකයි... මම එකඟයි ඒ උත්තරේට.

      Padam
  8. එකඟ නෑ.
    බුදුන් වහන්සේ, බුදුවීම, සෝවාන්....රහත්.... මේ සියල්ල අැත්ත යයි උපකල්පනය කලොත් නං ඔබ ඉදිරිපත් කරන මතය වැරදියි. රාහුල කුමරු ගැන විශේෂ ආදරයක් තියෙන්නත් බෑ බුදු හාමුදුරුවන්ට. ඒ නිසා මහණ කරන්න ඇත්තේ එකම හේතුවකට. අපි කවුරුත් දන්න ඒ කාරණය වෙනුවෙන්.

    නමුත් බුදුවීම ආදිය සාමාන්‍ය දේවල් විදියට සැලකුවොත් නං මේ වගේ සංවාදයක් ගොඩනඟන්න පුළුවන්.

    BalasPadam
    Balasan
    1. රාහුල කුමරු ගැන විශේෂ ආදරයක් තියෙන්නත් බෑ ////////////////නමුත් ඔහුව ඝාතනය වෙන්න යනව නම් බේරාගන්න එකේ වැරැද්දක් නෑ

      Padam
  9. මේවා ගැන අගක් මුලක් නොදනිමි. එහෙත් මේ සංවාදය දුර යන්නේ නම් යමක් ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබිය හැකි බැවින් බලාපොරොත්තු සහගතව සිටිමි

    BalasPadam
  10. "සිංහ සේනාපති " පොත මගේ පොත් එකතුව තුලින් හොයා ගන්න පුළුවන් වුනා.1964 දි මුද්‍රණය කල එය මා 2002 වසරේදී ගෙඩි රුපියල් 22.50ක් දි පරණ පොත් කඩයකින් මිලදී ගත් එකක්. ශ්‍රී රාහුල සංස්කෘත්‍යායන තුමා මේ පොත සිංහලෙන් ලියලා නැහැ. ඒක සිංහලට පෙරලලා තියෙන්නෙ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ එවකට විදුහල්පති තුමන් ලෙස සේවය කල ඩි.බි.තෙවරප්පෙරුම මහතා විසින්ය.මහරගම සීමාසහිත සමන් ප්‍රකාශකයෝ විසින් මෙය පල කර ඇත. මාමේ විසහ්ර ඉදිරිපත් කලේ මේ පොත ගැන උනන්දුවක් ද්ක්වන්නෙකුට එය සොයා ගැනීමට ඉඟියක් ලෙසින්ය. දැන් තියෙන්නෙ වෛද්‍ය රුවන් ජයතුංග මහතාගේ පිළිතුර ලැබෙන තෙක් බලා ඉන්න විතරයි.

    සමරසේකර

    BalasPadam
    Balasan
    1. සමරසේකර මහතා ඔබගේ වෑයමට තුති ; ඔබ මතු කලේ වැදගත් අදහසක්

      Padam
    2. Please make a e-copy and publish it here for others to read

      Padam
  11. බුදු නුවණට මේ හැම දේම දැක්කා කියා මාත් හිතන්නෙ. රාහුලයන් මහණ කරවීම ඒ නිසාම වෙන්න ඇති.

    BalasPadam
  12. බුදුන් තුල හොඳ විචාර බුද්ධියක් තිබ්බා

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook