Rabu, 18 November 2015

ඊයේ මහකනදරාව වැව ළඟ පුංචි පුතෙක්‌ දමා ගිහින්



ඊයේ මහකනදරාව වැව ළඟ පුංචි පුතෙක්‌ දමා ගිහින්
ළමයාගේ වයස අවරුදු තුනහමාරක්‌ විතර ඇති 
මහකනදරාව වැවට දිය නෑමට ගිය යුවළකට 
එම දරුවා හඬමින් සිටියදී හමු වෙලා 
ඔවුන්  ඒ බව මිහින්තලේ පොලිසියට දැනුම් දීලා 
මිහින්තලේ පොලිසිය දරුවා සිය භාරයට අරගෙන​

දරුවා කියන හැටියට එයාගේ නම  ආකාෂ්  
පදිංචි ප්‍රදේශය වව්නියාවලු
පියාගේ නම සම්පත් සහ මව නිලූකාලු

ආකාෂ් පුතාගේ මව-පියා ගැන දන්න කෙනෙක් ඉන්නවාද ?
මම හිතන්නේ මම දන්නවා 

ආකාෂ් පුතාගේ මව හා පියා දුප්පත්
දරු සම්පතක් උරුම කර ගන්න වාසනාවක් නැත්තෝ
තාත්තට රස්සාවක් නැහැ -අම්මා වෙනතක 
ළමයාගේ කුස පුරවන්නට උන්ට හැකියාවක් නැහැ

ඇති ඇත්තෝ පෙර කළ කුසල් බලයෙන් සැප විඳිද්දී 
ආකාෂ්ගේ ඇත්තෝ පෙර පව් නිසා දුක් විඳිනවා
මේකයි අපිට හාමුදුරුවෝ කියා දුන්නේ

පෙර පින් ඇත්තෝ බී.එම්.ඩබ්ලිව් බෙන්ස් වලින් යති
ළමුන් ගේ ගත සිත පුරවා ඔවුනට ආදරය පාති
පෙර අකුසල් ඇත්තෝ මෙලොව අපා දුක විඳිති 
ළමුන්ද දුකට පත් කරති 

හරි හමන් ආදායමක් නැති  බඩගින්න වැඩි පවුලක
ළමයෙකු හදන්නේ කොහොමද  ආදර කරුණාවෙන්
උන් සුදහ ගින්දරෙන් අඞන කොට 
සනසන්නේ හිස් වාතයෙන්ද ?   
කොල්ලාගේ දුක් නිවන්නට 
ඌව මහකනදරාව වැවේ ගිල්ලන්නද ?

පියාත් ලඟ නැති ළමයෙකු හදන්නේ කෙසේද ?
බාප්පා ඌට නිකරුනේ තලයිද ? අරියාදු කරයිද ?
කොල්ලාගෙන් නිදහස් වන්නේ කොහොමැයි?
අමාරුයි හිත හදා ගන්න 

කොල්ලාව මහකනදරාව වැවට බාරයි
පුතේ උඹ හිටපන් හරි හමන් පියෙක් එනකන්
පුතේ උඹ හිටපන් හරි හමන් මවක් එනකන් 
මහකනදරාව වැව ලඟ හිටපන්
උඹට මහකනදරාව වැවේ පිහිටයි

දරුවන් නැති සොවින් 
පටාචාරා කිසා ගෝතමී
අඞපු ලෝකයක
දරුවන් ඇති සොවින් 
උන්ව උස් මහත් කරන්නට
නොහැකියාව නිසා 
දරුවන් අතරමං කරන ලෝකයක 
හිරවෙලා පැටලිලා ඉන්න නරපණුවන් 

උඹ ලොකු වූ කාලයක තේරුම් ගනියි 
අප අත වරද නැති බව 
තිබුනා නම් කාසි පණම්
හිසට හෙවනක් එක්ක​
තියා ගන්නවා උඹව අපි ලඟම 
 
පුතේ උඹ මහකනදරාව වැව ලඟ හිටපන්
නාඞා ඉඳපන් මගෙ පුතේ 
උඹව වැවට විසි කරන්නේ මොන හිතකින්ද ? 
මම උඹව වැව ලඟ තියා යනවා 
පුතේ උඹව මහකනදරාව වැවට බාරයි


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

9 ulasan:

  1. මේක අැත්තට ම රටේ තියෙන අවධානය යොමු කළ යුතුම ගැටලුවක්...... අගෙයි අදහස් දැක්වීම....

    BalasPadam
    Balasan
    1. තව දෙයක් කියන්න ඔ්නේ... ඔබතුමා මේ විදිහට බ්ලොග් ලෝකයේ අපිත් ඒක්ක ඉන්න ඒකම අපිට හරිම වටිනා දෙයක්.... මේ දැනුම් සම්භාරය බෙදාගමු..... ඔබ හැබෑවට ම අපිට සම්පතක්.....

      Padam
    2. කුරුටු ස්තූතියි

      Padam
  2. මගේ අසල්වැසි දෙදෙනෙකුව මතක්වුනා. එක්කෙනෙක් වෛද්‍යවරයෙක්. ඔහුගේ බිරිඳ එම රෝහලේම හෙදි පාලිකාව. ඔවුන් දරුවකු ලබාගන්න පසුගිය දශක දෙකක පමණ කාලයේ නොකළ දෙයක් නැහැ. නමුත් අදටත් ඒ සියුලු උත්සාහයන් අසාර්ථකයි.

    අනික් යාලුවා විශාල ආදායමක් ලබන ව්‍යාපාරිකයෙක්. තවම වයස අවුරුදු 39 යි. ඔහුත් ඔහුගේ බිරිඳත්, විවිධ වෛද්‍ය ප්‍රතිකාර වලට අමතරව ලංකාවේ සහ ඉන්දියාවේ විවිධ ආගමික ස්ථාන ගානේ යනවා. නමුත් තවමත් බලාපොරොත්තු ඉටුවුණේ නැහැ.

    මේ මිත්‍රයන් දෙදෙනාම කැමති නැහැ දරුවකු අරන් හදාගන්න. ලෝක ධර්මය මෙන්න මෙහෙමයි කියා තේරුම්ගන්න මේවා හොඳ උදාහරණ.

    BalasPadam
    Balasan
    1. ළමයි අවශ්‍ය අයට ළමයි නැත​. ළමයි අවශ්‍ය නැති අයට ළමයි ඇත​

      Padam
  3. මගේත් නැගණියක් ඉන්නවා. දරුවන්ට හරිම ආදරෙයි, දරු සම්පත් නෑ. හදා ගන්න කෙනෙක් ගන්නත් අකමැතියි. තව අක්කා කෙනෙක් ඉන්නවා දරුවො හතර දෙනෙක් ඉන්නවා දියණියන්ම. එක් කෙනෙක් එයාගෙම මහත්තයාගෙ සහෝදරියට දුන්නා ඒ අයට දරුවෝ නැති නිසා. ලොකු පාරමිතාවක් ඒක. මේ තමා ලෝකෙ ඉරණම. කෙනෙක්ට ඒ අඩුව දැනෙන්නෙත් ඒ අඩුව පිරිමහන්නෙත් සසර පුරුදු ලෙසයි.

    BalasPadam
    Balasan
    1. ලෝකය හරි පුදුමාකාරයි Chandi

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook