Selasa, 17 November 2015

හයිනාවා






දක්ශිණ දේශයේ ප්‍රාදේශීය හයිනාවෙක් සහචරයන් සමග ගොදුරු සොයා යයි. කිසිදු ඉගෙනුමක් ලබා නොමැති පාදඩයෙකු වූ හයිනාවා ප්‍රදේශයේ ජනතාව විසින් පාළනය සඳහා තෝරා ගත්තෙකි. ඔහු සුදු තරුණියක් තනිව සිටිනවා දකී.     කාම චිත්‍රපට නිබඳවම බලන හයිනාවා දකින දකින සුදු තරුණියන් කාම චිත්‍රපට වල සිටින සරාගී නිලියන් මෙන් සංසර්ගයට ඕනෑම අවස්ථාවක සූදානම් බව විශ්වාස කරයි. ශිෂ්ට සම්පන්න හැසිරීම  බුද්ධිය  වැනි  උසස් චර්‍යාවන් පාලනය කරන මස්තිෂ්කයේ පූර්ව ඛණ්ඩිකාව හයිනාවාගේ මෙන්ම ඔහුගේ සහචරයන් ගේ තවමත් වර්ධනයව නොමැත​. මෙම කොටස් තවමත් මොවුන් ගේ පවතින්නේ ප්‍රාථමික මට්ටමේ ය​. එම නිසා තිරිසන් සත්වයන් සහ දෙගාත් හයිනාවන් අතර චර්‍යා  රටාවේ එතරම් වෙනසක් නොමැත​. මොවුන්  ක්‍රියා කරනුයේ මූලික අවශ්‍යතා මතයි.

සුදු තරුණිය දකින හයිනාවාට ඇය සමග සහවාසයේ යෙදීමට අවශ්‍ය වෙයි. ඇයගේ අනුමැතිය ඔහුට අවශ්‍ය නොවේ. හයිනාවා සහ ඔහුගේ  සහචරයන් තරුණිය වෙතට කඩා පනිති. මවුන්ටන් ඉන් ද ජංගල් චිත්‍රපටයේ ම්ලේච්ඡයන් කඩාපනින විට  Ursula Andres බියෙන් කෑගැසුවාටත් වඩා උච්ච හඬකින්  සුදු තරුණිය කෑගසන්නීය​. හයිනාවුන් ඇයව පෙරලාගෙන ඇයගේ ශරීරයේ ඇඳුම් ඉවත් කරති.   හයිනාවුන් ගේ ශරීර වල දාඩිය ගඳ , මුඛයේ දත් අතර හිරවී ඇති ආහාර කැබලි පූතිභවනය වීම නිසා එන ගඳ  නිසා තරුණිය හුස්ම ගැනීමේ අපහ්සුවෙන් පෙලෙන්නීය​. ඒ අතරවාරයේ තවත් එක් හයිනාවෙක් ඇයගේ කට තදින් වසා සිටියි. උඩුබැලි අතට වැටී සිටින ඇය අසීරුවෙන් අතපය ගසන්නීය​. නායක හයිනාවා ඇයගේ ශරීරය මත නැග තම දෙදණින් ඇයගේ දෙපා  ඈත් කිරීමේ වෑයමක නිරත වේ. අනෙකුත් හයිනාවන් තරුණියගේ පියයුරු කළවා බලහත්කාරයෙන් මිරිකති , සපාකති     

මේ අවස්ථාවේදී තරුණිය ගලවා ගැනීම පිණිස ඇයගේ පෙම්වතා පැමිනේ. ඔහුගේ ශක්තිමත් බාහු පහරවල් වලින් හයිනාවුන් සීසීකඩ විසිවෙති. එය කුඩා සිම්බ හයිනාවුන් ගෙන් බේරා  ගැනීම සඳහා මුෆාසා කඩාවදින දර්ශනය සිහිපත් කරයි. මුෆාසා හයිනාවන්ට පහර දෙයි. නමුත් හයිනාවුන් පළා නොයති. ඔවුන් ගිනි අවියක් ගෙනැවිත් මුෆාසා මරා දමා තරුණිය දූෂණය කරති.  සාමූහික දූෂණයට ලක් වීම නිසා තරුණිය විසංඥ වේ.  ලිංගික ආවේගයන්  සන්තෘප්ත කර ගැනීමෙන් මිනිසෙක් මැරීමෙන් ලැබෙන රෝමහර්ෂයෙන් උදම් වන හයිනාවන් ගොදුරු බිමෙන් ඉවත් වෙති. මිනියක් මැරීමෙන් ස්ත්‍රියක් දූෂණය කිරීමෙන් මතුවිය හැකි නෛතික ගැටළු පිලිබඳව හයිනාවන්ට බියක් නොමැත. වනයේ රජු විසින් ඔවුන් බේරා ගනු ලබන බවට හයිනාවන් ඒකාන්තයෙන් විස්වාස කරති. නීතියෙන් බේරී යන හයිනාවා පසු කාලයක ගෝත්‍රික ජනයා විසින් යළි මහජන නියෝජිතයෙකු ලෙස පත් කර ගනු ඇත. 


(පරිකල්පනික අතික්‍රමණය )


11 ulasan:

  1. කාලයකට පෙර තිරගත වූ මේ වැඩිහිටියන්ට පමනයි 'හයිනා' නිල්වන් සිනමා පටය, බලාපොරොත්තු නොවූ මෙවන් අවස්තාවක නැවතත් කරලියට ආවේ මන්දැයි මගේ විමතිය​.

    BalasPadam
  2. උලව් යුතෝපියානු යහපාලනයක් නැතිවුනාට දැන් තිබුනට වඩා හොඳයි. එච්චරයි ලංකාවේ බලාපොරොත්තු විය හැක්කෙ.

    ඒක නෙමෙයි 1. දන්නවද හයිනා hermaphroditic කියල තිබුන මිත්යාවිශ්වාසය? ඒක මෑතක් වෙනකම් තිබුන.
    2. Robert Ruark දඩයම් ගැන පොත් trophy දඩයක්කාරයෙක්ගේ මානසිකත්වය ගැන ඔබ interested නම් ප්‍රයෝජනවත්වෙයි.

    BalasPadam
    Balasan
    1. ඒකේ ලින්ක් එක දාන්න​

      Padam
    2. https://en.wikipedia.org/wiki/Robert_Ruark

      I have read " Horn of the Hunter" and another book about hunting. Weirdly interesting and sometimes annoying writing. Should be intriguing to you

      Padam
  3. මෙරටේ මිනිසුන්ට සර්වජන චන්දබලය කෙතෙක් දුරට සුදුසු දැයි සිතෙන්නේ මෙවැනි පුද්ගලයන් පර්ලිමෙන්තුවට යැවීම නිසයි.
    අනෙක් අතට මේ දේවල් පිලිබදව හිටපු පාලකයා ගෙන ගිය ප්‍රතිපත්තිය ගැන මෝඩ බයියන් නන්දොදවමින් සිටි

    BalasPadam
    Balasan
    1. මෙරටේ මිනිසුන්ට සර්වජන චන්දබලය නුසුදුසු බව SWRD බණ්ඩාරනායක පවසා සිටියා

      Padam
  4. ...//නීතියෙන් බේරී යන හයිනාවා පසු කාලයක ගෝත්‍රික ජනයා විසින් යළි මහජන නියෝජිතයෙකු ලෙස පත් කර ගනු ඇත//...

    එක හයිනාවෙක් පමනක් නොව හයිනාවෝ බොහෝමයක් ගෝත්‍රික ජනයා විසින් පත්කරගනු ලැබු එවැනි මහ නියෝජිතයන්ය.

    BalasPadam
  5. හයිනාවගේ විතරක් නෙමේ අපෙත් ගොඩක් අයගේ මස්තිෂ්කයේ පූර්ව ඛණ්ඩිකාව හරියට වර්ධනය වෙලා නැහැ.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook