Rabu, 11 November 2015

මූසිලගේ අභියාචනය

 

සෞන්දර්ය අංශයේ නිළධාරි මහතුන් වෙත ලියා දන්වන වගනම්,
දස වසක් නොකඩවා ගාන්ධර්ව සේවයේ යෙදුණු නමුත්
තවමත් ස්ථිර නැත මගෙ රැකියාව
සේවය කරන්නෙමි අනියම් පදනමට
නැත ස්ථිර වැටුපක් මා හට
ලැබෙන්නේ දීමනාවක් පමණි.

ලැබෙන සොච්චමින්
දරුපවුලක් නඩත්තු කරන්නේ කෙසේද?
මහ ඇදුරු ගුත්තිල
මගේ ගුරුතුමා බව සැබැයි.
එතුමා දැන් මහළුය
හන්දිරුදාව නිසා නිතරම රැුකියාවටද නොඑයි.
එතුමන්ගේ වැඩකොටසද
ඉටුවන්නේ මා අතිනි

පසුගිය වසරේ රාජ්‍ය ප‍්‍රසංගය
සියළු වැඩකළේ කවුරුන්ද කියා
දන්නෝ දනිති.
මගේ හමගියත්
නම ගියේ ගුත්තිල මහ ඇදුරුගේය

දර පැළුවා, දිය ඇද්දා
අත පය මිරිකා තෙල් ගැල්වූවා
කැඹුරුවා ගුත්තිලයන්ට
උගැන්වූ ශිල්පයට
මුළු ජීවිතයම මෙලෙස
වහල්බවේ රඳවාගන
ගුරුපූජා දියයුතුද?

නැද්ද මටත් දිනාගන්නට ලෝකයක්
ගොඩනගන්නට මගේම ශිල්පයක්
එළිදක්වන්න මගේම තනුවක්
මෙම කරුණු සලකා බලා
මහ ඇදුරු ගුත්තිල විශ‍්‍රාම ගන්වා
මට හිමි තැන සහ
නිසි වැටුප් ලබා දෙනු මැන

මේ වගට ගාන්ධර්ව මූසිල

18 ulasan:


  1. වාසනාවත් තියෙන්න ඕනි..ඒත් සාධාරණ ඉල්ලීමක්..

    BalasPadam
    Balasan
    1. මූසිලත් ජීවත් වෙන්න එපැයි

      Padam
  2. ගුත්තිලයන්ට වඩා වැඩ කරන මුත් ඔවුන්ට වඩා අඩු වේතන ලබන, සිතෙන් දුක් වන මූසිලයන් අප අතර කොතෙකුත්ය...
    කාලීනයි
    ජයවේ ට්‍රාන්ස්!

    BalasPadam
  3. මූසීල හැමවිටම කළු නොවේ

    BalasPadam
    Balasan
    1. ඉවාන් මූසිල ගුත්තිල සමග වාදයට ගියා කියලා මිනිසුන් ඔහුට ගහලා මරලා දැම්මා , එකේ සාධාරනයක් තියන්වද ?

      Padam
  4. ගුත්තිලව පන්නා ඔහු සිටි තැනට ඒමට කරන ආයාචනය තුල මූසිල තුලත් ගුත්තිලගේ ගතිගුනම පවතින බව ගම්‍යවේ. ඒ වගේ ඉල්ලීම් කර තනතුරු ලබා ගත් අයගේ වත්මන් උදාහරන මගින්ද​ ඒ බව තහවුරු කර ගත හැක​.

    BalasPadam
  5. සහාය .... වෙන හැමෝම අතීත මුසිලල නෙවෙයි නේ..

    BalasPadam
  6. නියමයි.එල ද බ්‍රා
    අද පොඩි මෙන්ඩට ගුත්තිල මුසිල කතාව කියලා දෙන්න ඔනේ

    BalasPadam
  7. ගුත්තිලලා අද ඉස්මතු වෙලා තියෙන්නෙ බොහෝදුරට හිතවත්කම් සහ මාකටින් නිසා..

    BalasPadam
    Balasan
    1. බලනකොට ගුත්තිලලත් කියන තරම් හොඳ නැහැ

      Padam
  8. අනේ සර්.. මට 'හිමි' තැන මට දෙන්න....
    දැන් නම් බොහෝ විට ගුත්තිලයන් විසින් මූසිලයන් බිහිකරනු ලබයි.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. න් නම් බොහෝ විට ගුත්තිලයන් විසින් මූසිලයන් බිහිකරනු ලබයි. ++++++

      Padam
  9. මුසීලටත් ඉඩක් දීලා
    පලයන් කෝ
    යන්න ගුත්තිලයා..

    BalasPadam
    Balasan
    1. ගුත්තිල දිගටම තනතුරු බදාගෙන සිටීමත් හොඳ නැහැ

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook