Ahad, 1 November 2015

පුණ්ඩේ අඩි






මම  මීගමුව රෝහලේ  නාරි හා ප්‍රසව ජ්‍යෙෂ්ඨ  වෛද්‍ය නිලධාරී ලෙස 1998 දී සේවය කලෙමි. ඒ කාලයේ මම නැවතී සිටියේ නිර්වින්දන වෛද්‍යවරුන් ගේ නිල නිවසේය​.  මෙම නිල නිවාසයේ වෛද්‍යවරුන් වූ ගෝවින්ද රාජා (ගෝවි) , පීරිස් (පීරා) , සමන් මෙන්ම දහවල් කාලයේ නිල නිවාසයට පැමිණි ශ්‍යල්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ  වෛද්‍ය නිලධාරී  ලිලිත් ප්‍රසන්න ලියනගේ යනාදීන් සමග ඉතා සුහද මෙන්ම විනෝදමත් කාලයක් අප ගත කලෙමු. 

ගෝවි නිර්වින්දන වෛද්‍යවරුන් ගේ නිල නිවසේ බැල්ලක ඇති කලේය​. බ්‍රවුනි නම් වූ මෙම බැල්ල අපට ඉතා හිතවත්  වූවාය​. නමුත් ආගන්තුකයන් පැමිනෙන විට ඔවුනට බුරාගෙන පැන්නාය​. කාලයක් යන විට බ්‍රවුනි පැටවුන් කීප දෙනෙකු වැදූ අතර ලස්සන පැටවුන් රෝහලේ කාර්‍යමණ්ඩලයේ අය විසින් රැගෙන ගිය අතර කැතම කැත බළු පැටවා අපට ඉතිරි විය​.

දිනක් අප සියළු දෙනා සාමීචීයේ යෙදෙමින් සිටි අවස්ථාවක බළු පැටවාට නමක් තැබිය යුතු බව මම යෝජනා කලෙමි. පීරා ජිමී යන නම යෝජනා කලේය​, මම බ්‍රවුන් යන නම යෝජනා කලෙමි. මෙසේ ජිමී , බ්‍රවුන් , කඩියා, ටික්කා , විස්කි , යනාදී නම් රැසක් යෝජනා වූ අතර වෛද්‍ය ගෝවින්ද රාජා මෙම බළු පැටවාට පුණ්ඩේ අඩි ලෙස නම් කල යුතු බව කීවේය​. ඒ අනුව බ්‍රවුනිගේ පැටවා පුණ්ඩේ අඩි නම් විය​. නමුත් කථා කිරීමේ දී මෙම බල්ලා පුණ්ඩේ , පුණ්ඩයා යනාදී වශයෙන් කෙටි විය​. 

පුණ්ඩේ අඩි උගේ අම්මා වන බ්‍රවුනිට වඩා වෙනස් සතෙකු විය​. ඌ කෑම හොරා කෑමට පුරුදු විය​. වරක් පීරාගේ මේසය උඩ තිබූ බත් පාර්සලය බිමට දමාගෙන ඌ හොරා කෑවේය.මේ නිසා  පුණ්ඩේ අඩි  කරදරකාර සතෙකු ලෙස නිර්වින්දන නිල නිවස්නයේ වෛද්‍යවරු  සැලකූහ​. සමහර විට ඌ හෙදි නේවාසිකාගාරය අසලටද ගියේය​. ඇතැම් දින වල හෙදියන් " අනේ ඩොක්ටර් ඕගොල්ලන්ගේ අර පුණ්ඩේ අඩි කියන බල්ලා අපේ මිස් කෙනෙක්ට බුරාගෙන පැන්නා " වැනි පැමිණිළි ඉදිරිපත් කරන්නට වූයෙන් පුණ්ඩයා වදකාරයෙකු ලෙස නිර්වින්දන නිවාසයේ වෛද්‍යවරු දුටූහ​. මේ හැර පුණ්ඩේ අඩියාට චර්ම රෝගයක් ද වැළදීම නිසා ඌ කෙරෙන් ගඳක් ද වහනය විය​. 

මේ කරච්චල් නිසා  ගෝවිත් මමත් වරක් පුණ්ඩේ අඩියා වරපටකින් බැඳ ගෝවිගේ  මෝටර් රථයේ දමාගෙන   කොච්චිකඩේ ප්‍රදේශයට ගොස් අතහැර දැමුවෙමු. නමුත් එදින සවස් වීමට ප්‍රථම පුණ්ඩයා මීගමුව රෝහල කරා පැමිනියේය​. ඉන්පසු අපට සිදු වූයේ පුණ්ඩයා ගේ හිරිහැර විඳගෙන සිටීමටය​. 

මෙසේ කාලයක් යන විට  පුණ්ඩයාගේ චර්ම රෝගය අසාධ්‍ය වී ඌ පණ අදින්නට විය​. පුණ්ඩයාගේ අවසන් මොහොත දුටු සායනික වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ  වෛද්‍ය නිලධාරීයෙකු වූ සුජීව පැවසුවේ පුණ්ඩයාගේ පණ යන මොහොතේද අසීරුවෙන් ඌ හිස ඔසවා සුජීව දෙස බලා  නගුට මළානිකව වැනූ බවය​. 

පුණ්ඩයාගේ මරණින් මාස අටකට පමණ පසු බ්‍රවුනිද හදිසියේ මිය ගියාය. බ්‍රවුනි බැල්ල මීගමුව රෝහලේ  මහල් 7කින් යුත් ප‍්‍රධාන ගොඩනැගිල්ල හදමින් සිටි කම්කරුවන්ට බුරාගෙන පනින නිසා ඔවුන් විසින් බ්‍රවුනිට වස දැමූ මස් දමා බැල්ල මරා දැමූ බව පසුව අපිට ආරංචි විය​. 

මෙසේ දෙවසරක් පමණ ගත වන විට අපගේ වෛද්‍යවරු සීසීකඩ මාරු වී ගියහ​. ගෝවි ගම්පහ රෝහලට ගියේය​. පීරා කුරුණෑගලට ගියේය​. මම හලාවත රෝහලට ගියෙමි. ලිලිත් පමණක් මීගමුවේ ඉතිරි විය​. පසු කාලයක පුණ්ඩේ අඩි යනු දෙමළ කුණුහරපයක් බව මම දැනගත්තෙමි. ඒ වන විට පුණ්ඩයා මිය ගොස් බොහෝ කලක් ගතවී තිබිණි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

33 ulasan:

  1. මේක නම් අදහන්නත් බෑ මොකද ඔය වචනෙ තේරුම මම දැන ගත්තෙ ඔය සුලෝහිත ඉස්කෝලෙ නමය වසරෙ ඉන්නකොට.කොහොමටත් වෙන භාශාවක කුනුහරපනෙ ඉක්මනටම ඉගෙන ගන්නෙ.අනික මීගමුව කියන්නෙ සෑහෙන කොටසක් දෙමල කතාකරන අය ඉන්න හරියක්නෙ.ඉතින් එහෙම කෙනෙක්වත් ඔය නම පාවිච්චි කරනකොට කිව්වෙ නැද්ද?

    BalasPadam
    Balasan
    1. දෙමල දොස්තරවරු හිනා වෙලා කට වහගෙන හිටියා. එක වෛද්‍යවරියක් හිටියා කුමුදු කියලා ඇය දවල්ට කාලා " පුණ්ඩයා පුණ්ඩයා " කියලා කතා කරනවා ඉතිරි බත් ඌට දෙන්න.

      Padam
  2. මේකෙ තේරුම නොදන්න අයට ඒකත් දාන්න. වෙන කාගෙන් හරි අහන්න ගිහිල්ල ගුටි කන්න බැහැනෙ.

    BalasPadam
    Balasan
    1. තවමත් මම ඒ වචනේ නියම තේරුම දන්නේ නැහැ දෙමළ කුණුහරපයක් කියලා විතරයි දන්නේ

      Padam
  3. සිංහල නොදන්නා දෙමල මිනිසුන්ට කුණුහරුප පද උගන්වා සිංහල කෙල්ලන්ට කීමට සලස්වන කතා සිහිවිය.

    මා මේ දෙමළ පදය ගැණ දැන ගත්තේ පේරාදෙනියේ මුල් සති කිහිපය තුළ දී, ජේ්‍යෂ්ඨ සිසුන් අපට දිනපතා උදෑසන නවක වදයේ දී කීමට නියම කළ කුණුහරුප පදවැලක් දෙමලෙන්ද පරිවර්තනය කර කී බැවිණි.

    එයින් මතක ඇති කොටස මෙලෙස විය-

    ජේආර් කි කොට්ට එට්ටු
    රේනුකා කි පුණ්ඩෙ මේලෙ
    කානු කතා ඕකි ඕකි
    ඉදි ..... අම්මා ඕකි ධර්මිෂ්ඨ සමාජම්?

    මේවා වෙනත් භාෂාවක කුණුහරුප නිසා සිතට අපහසුවක් නැතුව ලිවිය හැක.

    BalasPadam
  4. ද්‍රවිඩ භාෂාවෙන් පයියෙයි කියන්නේ කොල්ලා, ගැටයා, කියන අරුතෙන්. එය, අපේ අය ඉදිරියේදී, දෙමළ අය භාවිත කරනවිට, විශේෂයෙන් අපේ කාන්තාවන්ගේ ඇස් උඩ යනවා.

    යුද්ද කාලේ, වවුනියාවට උතුරෙන් ඕමන්තේ ප්‍රදේශයේ පිහිටුවා තිබුණු, පරීක්‍ෂණ මුර කපොල්ලෙදී, මුලින්ම පුද්ගලයන් පරීක්‍ෂා කරනවා ශාරීරික වශයෙන්. ඊළඟට ඔවුන්ගේ බඩු බාහිරාදිය පරීක්‍ෂා කරනවා. අපේ සමහර අයට අමතක වෙනවා, ද්‍රවිඩ ජනතාවගෙන් බහුතරයකට සිංහල බැරිබව. අපේ අය, සමහර අවස්ථා වලදී, ද්‍රවිඩ ජාතික කාන්තාවන්ට, ඔවුන්ගේ ගමන් මල්ල පෙන්වා කියනවා, 'අම්මා ඕක අරන් එන්න' කියලා. එවිට ද්‍රවිඩ ජාතික කාන්තාවන්ගේ මුහුණේ ඇඳෙන හැඟීම්, බොහොම සංකීර්ණයි.

    BalasPadam
    Balasan
    1. " අම්මා ඕක " කියන වචනේ තේරුම නම් දන්නවා , එක සැරයක් හේමා ප්‍රේමදාස වතු කම්කරු කාන්තාවන් අමතා කල කතාවකදී එක් කාන්තාවක් මතු කල ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කිව්වා " මට ඕක කරන්න පුළුවන් " කියලා. එහිදී වතු කම්කරු කාන්තාවන් කටවල් වහගෙන හිනා වෙලා තියනවා

      Padam
    2. මම මාතලේ රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවේ ඉන්න කොට දෙමල කාන්තාවන් දෙදෙනෙක් මහ හඞින් කතා කරමින් යනවා , එක කාන්තාවක් " පයිය නාලම් වගේ වචනයක් කිව්වා. අපේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවේ හෙද සොහොයුරියට කේන්ති ගියා මේ ගෑනු වාට්ටුවේ කුනුහර්ප කියනවා නේද කියලා.

      Padam
  5. මම ඉස්සර සත්තු හැදුව / දැන්නම් සත්තු හදන්න කැමතිම නෑ. මොකද ඒක සත්තුන්ටත් අපටත් කරදරයක් නිසා. ඒකටම කැපවෙන්න ඕන. සත්තු හදන එකෙන් මානසික සහනයක් ලැබෙනව කිව්වට ඒකට යොදවන කාලය එක්ක බලපුවම ඒ වාසිය නොසැළකිය හැකි තරම් කුඩයි. අනික සත්තුන්ගෙන් ලෙඩ බෝවෙනව. මම දන්න ගෙදරක ළමයෙකුට මොකක්ද අසනීපයක් හැදුන කියල පූසො ඈත පළාතකට ගෙනිහින් දැම්ම. සුරතල් සතෙකුට එහෙම කරන්න වෙනව කියන්නෙ අපටත් අප්සෙට්. සත්තු නොහදම සිටියනම් ඉවරයි. සත්තු ඉන්න ඕන කැලේ. ඒ නිදහස ජීවිතය උන්ට මිනිස් වාසෙදි කවදාවත් ලැබෙන්නෙ නෑ. මිනිස්සු සුරතලයට සත්තු හදල උන්ගෙ අයිතිවාසිකම් අහිමි කරනාව කියල මට හිතෙනව. මිනිසා කියන්නෙත් සතෙක්. ඉතින් ඒ සතා ඇ‍යි අනික් සත්තුන්ගෙ නිදහස සීමා කරන්නෙ තමන්ගෙ වාසියට.

    BalasPadam
    Balasan
    1. මධ්‍යස්ථ මේ බල්ලන් පොදු දේපළක් අයිතිකාරයෝ ගොඩක් හිටියා. ඒ නිසා නිළ අයිතිකාරයෙක් හිටියේ නැහැ

      Padam
  6. Man sinhala kunuharupa igena gannath kalin demala kunuharupa igena gaththa.. wede kiyanne adatath demala kiyala danne kunuharupa tikak witharayi. .

    BalasPadam
    Balasan
    1. Man sinhala kunuharupa igena gannath kalin demala kunuharupa igena gaththa.+++++ Jathika Samagiya

      Padam
  7. දෙමල කෙනෙක්ම නේද ඔය නම යෝඡනා කරේ?
    දෙමල අයට නමේ තේරැම තේරැනත් ඔයාලා නිසා සද්ද නෙකර ඉන්න ඇති..

    BalasPadam
    Balasan
    1. ඔව් මේ නම යෝජනා කලේ දෙමල වෛද්‍යවරයෙකු වන ගෝවින් ද රාජා

      Padam
  8. ඉතින් හරිනේ ඌගේ වැඩවල හැටියට ගැලපෙනම නම තමා දාල තියෙන්නේ

    BalasPadam
  9. ඔය වචනේ තේරුම මමත් දැනගෙන හිටියනේ පොඩි කාලෙ ඉඳන්ම. හරි කොහොමහරි ඌ ඒ නමටම ගැලපෙන ජීවිතයක් ගත කලානෙ. ඒක නෙවෙයි. ඌ ඉස්පිරිතාලෙක ඉඳලත් උගේ ඇඟට බේත් ටිකක් හලන්න කෙනෙක් නොහිටි එක උගෙම අවාසනාව මම හිතන්නේ.

    BalasPadam
    Balasan
    1. අපි ඌට BB ක්‍රීම් එහෙම දැම්මා ඒත් දඩාවතේ යන නිසා අසාධ්‍ය උනා

      Padam
  10. පුන්ඩයාට හරි පුන්ඩෙ වැඩක්නෙ වෙලා තියෙන්නෙ.

    පුන්ඩෙයාන්ඩෙ !!

    BalasPadam
  11. අපරාදේ ඌ කචල් දාන එකෙක් නම් ආයේ නැගිටින්න බැරි වෙන්න නිර්වින්දනය කරන්න තිබුනා... අර බෙග් මාස්ටර්ට කොලා වගේ.. මොකෝ කොච්චිකඩේට ගිහින් දැම්මත් වෙන්නේ ඒකනේ..

    BalasPadam
    Balasan
    1. මාතලන් පුතේ මරණ ඒවා නම් කරන්න බැහැ ඒකයි ගිහින් දැම්මේ බ්‍රවුනිට වස දුන්න කම්කරු සෙට් එක එක්කත් අපිට තරහක් තිබ්බා ඌව මරපු එක​ට

      Padam
  12. නම නිසා ඒ සතා ඒ තත්වයට පත් උනා වත් ද?

    BalasPadam
  13. There is a saying , worst thing you can do to a DOG is to give the DOG a bad name ( it will be the down fall of the DOG and the owners too )

    BalasPadam
  14. පුණ්ඩෙ අඩි...කියද්දිත් හිනා යනවා..

    BalasPadam
    Balasan
    1. බලන්ඩ ගෝවි කරපු වැඩ

      Padam
  15. මීගමුව ඉස්පිරිතාලෙ අලුත් ගොඩනැගිල්ල හැදෙන කාලෙ නේද ඔය ඩොක්ටර් කියන්නෙ..
    හැබැයි දොස්තරලා ගෙ සුරතලා ට හමේ ලෙඩකින් ඔය ඉක්මනට මැරෙන්න දුන්න එක අපරාදෙ..පොඩි එක්ස්පෙරිමන්ට් ටිකක් හරි කරන්න තිබ්බා

    BalasPadam
    Balasan
    1. ඌට බෙහෙත් අරන්න අල්ලන්න යනකොට දුවනවා , බ්‍රවුනි වගේ නෙවෙයි බ්‍රවුනි අපි සාලේ වාඩි වෙලා කතා කර කර ඉන්නකොට අපේ කකුල් ලඟ නිදි

      Padam
    2. බල්ලො කියන්නෙ ජීවිතේටම ඇතුල් වෙන සත්තු. අපි හිතනවට වඩා උන්ට අපිව වටිනවා.

      Padam
  16. ඕක දෙමළ කුණුහරුපයක් බව මම නම් තුනේ පංතියෙදි විතර දන්නවා. අවුරුදු හතළිහකට විතර පස්සෙ තාමත් මං දන්නෙ ඔය දෙමළ වචනෙත් එක්ක තව ටිකක් විතරයි.

    BalasPadam
    Balasan
    1. ඔය වචනය මට මීටර් උන්නෑ අජිත් ; අම්ම ඕ..(K) කියන වචනය තමයි කොල්ලෝ උගන්නලා තිබුනේ

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook