Isnin, 7 September 2015

සීගිරි ළඳුන් සිංහලද ?

  


සීගිරි චිත්‍ර වලින් දැක්වෙන රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත් නිල්වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත්  එච්.සී.පී.බෙල් මහතා අනුමාන කලේය​. මහාචාර්‍ය සෙනරත් පරණවිතාන මහතා පැවසුවේ රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්,නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වළාකුළුත් නිරූපණය කෙරෙන බවයි.  


සීගිරි චිත්‍ර වලින් දැක්වෙන රන්වන් කාන්තාවන් දෙස බැලීමේදී ඔවුන් තුලින් යුරොපියොයිඩ් ලක්‍ෂණ පෙනෙන්නට තිබේ. නාසයේ හැඩය​, ශරීර වර්ණය ඇසේ හැඩය යන මානව රූපී ලක්‍ෂණ සලකා බැලීමේදී මේ ළඳුන්   යුරොපියොයිඩ් ලක්‍ෂණ කලවම් වූ පර්සියානු රූමතියන් බව සිතේ. අතීතයේ ලක් රජුන් වෙත උතුරු ඉන්දියාවෙන් , පර්සියාවෙන් (වර්තමාන ඉරානය​) පමණක් නොවේ ඊජිප්තුවෙන් ද අභිරූපිකාවන් අන්තඃපුර ස්ත්‍රීන් ලෙසට ගෙන ආ බවට සාධක ඇත​. මේ අනුව රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුරයේ සිටි පර්සියානු ළඳුන් විය නොහැකිද ?  




මෙම චිත්‍රයේ පසු පස සිටින නිල්වන් කාන්තාව දෙස බලන්න, ඇය කෙරෙන් සිංහල කතකගේ වාර්ගික ලක්‍ෂණ පැහැදිලිව දැකිය හැක​. 





 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

50 ulasan:

  1. Be prepared to be abused by deshapremees he he.

    BalasPadam
  2. හොඳ ප්‍රවාදයක්! මේක කියවලා පහළම රූපේ බැළුවම මට එක පාරටම මතක් වුනේ මගේ තජිකිස්තාන් මිතුරියක්. ඔය ගොඩක් පැති වල අය අන්තඃපුර වල ඉන්න ඇති.

    BalasPadam
    Balasan
    1. තජිකිස්තාන් අතීතයේ ජම්බුද්වීපය යන රටට අයත්

      Padam
  3. Data insufficient to speculate. Even the dark skinned woman has high bridged nose, doesn't she?

    BalasPadam
  4. මෙහෙමයි ඕවා ඇඳපු එකා අතින් තද පාට තීන්ත ටින් එක බිමට වැටුන. ඔය පඩි පෙළවල් නැතිකාළේ ආයිමත් බිමට රූටන්න කම්මැලි කමට අනික් ඒවයේ පාට අඩුකලා. ඕක වරදවා ගත්තු සොළී කුමන්ත්‍රණ කාරයෝ තමයි ඕක හූරන්න ගෑණු ළමයි එවන්නේ.

    BalasPadam
    Balasan
    1. එහෙම කලා නම් රජාගෙන් බඩුම තමා ඉයන්

      Padam
  5. මහාචාර්ය ඒ වී සුරවිරයන්ද සිගිරිය ගැන කල්පිතයක් ගොඩ නගා තිබේ. පර්වත රාජ්‍ය සංකල්පය නව කතාවක ස්වරුපයෙන් ඔහු ඉදිරිපත් කරනවා.

    BalasPadam
    Balasan
    1. පර්වත රාජ්‍ය සංකල්පය පරණවිතානගෙ අදහසක් බවයි මට මතක. ම්‍ට වරදින්න පුළුවන්.

      සක්විති රජකම ක්‍රම දෙකකට ලබන්න පුළුවන් ය, එයින් එකකි ගිරිරාජ ක්‍රමය හෙවත් කුවේරයා මෙන් වාසය කිරීමයි. කියලා පරණවිතාන කිව්වා. කාශ්‍යප ගැන මහාවංශයෙ තියෙන එකම පාඨය වන "ඔහු සීගිරිය මුදුනේ මාළ‍ිගයක් කරවා අලකා පුරයේ කුවේරයා මෙන් විසීය" කියන කොටසට ඒක ගළපන්න පුළුවන්.

      Padam
    2. පර්වත රාජ්‍ය සංකල්පය - ඔහු සීගිරිය මුදුනේ මාළ‍ිගයක් කරවා අලකා පුරයේ කුවේරයා මෙන් විසීය" පර්සියානු ළඳුන් සමග

      Padam
  6. Isn't this the reason why Weerawansa never visited Sigiriya. He cannot stand to see western women. Are you part of an International conspiracy Ruwan hikis. ...

    BalasPadam
  7. අද වගේම එදත් රශියන් කෑළී බැහලා ඉන්න ඇති...

    මම ඕවා සුද්දන්ට කිව්වාම.. උන් මට බනිනවා... ඒත් ඇත්ත කතාව ඒක තමයි...

    BalasPadam
    Balasan
    1. උඹට රෂියන් කෑලි මයි පේන්නේ . යකෝ වෙන රටවල කෙල්ලෝ නැත්ද?

      Padam
    2. Maathalan - Priyantha Hewage පර්සියානු කෑලි වෙන්න බැරිද ?

      Padam
  8. //The technique used, is called ‘fresco’’ which means to paint on the wet plaster. It is proved by a lady’s figure with three hands and another with three nipples. The painter could not erase the unsuitable hand and the extra nipple because he has painted it on a wet plaster.//
    http://www.lankayoursnmine.com/NTGL/PDF/Exam%20Paper%20I/Archaeological%20Monuments/Mr.P.P.Hettiarachchi%20-%20Sigiriya.pdf
    තව මොන වැරදි වුනාද දන්නෙ නෑනේද? අයිතිහාසික දේවල තියන ඩේන්ජර් එක තමයි අහඹු දේ, ඇක්සිඩන්ට්ස්, අත් වැරදීම්, විහිලුවට කලදේ වගේ දේවල් වුනත් අපි දැන් සීරියස් අරගෙන ලොකු සිද්ධාන්ත ගොඩනගනව

    ඒත් ඔබ කියනදේ හරිවෙන්න තියන ඉඩ වැඩියි. areola and nipple රෝස පාට අය ඉන්න නිසා යුරෝපීය කියලත් මතයක් තියනව.

    BalasPadam
    Balasan
    1. http://www.italianfrescoes.com/history.asp

      Padam
    2. අපේ සීගිරියේ පෙනටින්ග්ස් අජන්තා ඒවට ගොඩක් සමානයි..

      එක්කෝ උන්ට කොන්ට්‍රැක්ට් එකක් දීලා තියෙනවා.. එහෙම නැත්නම් උන් එක්ක අපේ එකෙක් වැඩ කරලා තියෙනවා.. සීගිරියේ පේන්ටින් වලට සමාන කමක් තියෙන පෙන්ටින්ග්ස් ටිකක් තියෙනවා අම්පාර පැත්තේ.. මට හරියට නම මතක නෑ.. මතක් උනොත් කියන්නම්.. ඒකත් සීගිරි පෙන්ටින්ග්ස් වලට සමකාළිනයි කියලා කියන්නේ..

      තිවංක පිළිම ගෙයි තියෙන ඒවලත් පොඩි සමාන කමක් තියෙනවා.. ඒත් එක බෞද්ධ විහාරයක් නිසා.. නිදහස අඩු වෙන්න ඇති...

      Padam
    3. හිටපු රජතුමා තව දශක දෙක තුනක් හිටියන ලොකු කුමාරයගේ මාලිගේ මීට වඩා හොඳ ඒ කියන්නෙ යට බාගෙත් එලියෙ තියෙන බිතු සිතුවම් හැදෙන්න තිබුණා. මොනවා කරන්නද සිංහලයගෙ අවාසනාව.

      Padam
    4. කව්ද දන්නෙ ඔය බිතුසිතුවම් ඇඳපු සිත්තරා කලර් බ්ලයින්ඩ්ද කියලා...නැද්ද ප්‍රාජේ.....?

      Padam
    5. මාතලන්, අම්පාරෙ ගෝනගොල්ල පුංචි සීගිරිය http://amazinglanka.com/wp/gonagolla-frescoes/

      Ian, විපක්ෂ නායක කාර්යාලයෙ ඇඳ ගන්න තිබුන වෙල්ගමට දුන්නනම්

      c-a, අපි දන්න සමහර බොස්ල වගේ ටච් එකෙන් වැඩේ දෙන්න ඇති. එතකොට purblind වුනත් මොකද?

      Padam
    6. Correction- ගොනාගොල්ල

      Padam
    7. මේ විස්තරේ කිව්ව එකත් බ්ලයින් කියල තැන් තැන් වල කතා උනා.. හැක්

      Padam
    8. කවුරු හරි මේක ගැන ලිපියක් ලියන්නකෝ. http://amazinglanka.com/wp/gonagolla-frescoes/

      Padam
    9. areola and nipple වගේම කොන්ඩයේ පාට බලන්න

      Padam
  9. නොහිතපු විදිහේ අදහසක් මතු කරලා තියෙන්නේ..

    BalasPadam
    Balasan
    1. මේක මට හිතුනේ සීගිරි රූමතියක් වගේ පර්සියානු කාන්තාවක් දැක්කට පස්සේ

      Padam
  10. සංවාදයට ලක්කළ හැකි හොඳ අදහසක්. ඓතිහාසික කතා සියල්ලම ඇත්ත නොවේ. පර්යේෂණාත්මකව මෙවැනි කරුණු පිළිබඳව සාධක සෙවිය යුතුයි.

    BalasPadam
    Balasan
    1. විචාරක ඉදිරි කාලයේ තවත් කල්පිත එන්න පුලුවන්

      Padam
  11. මේ කමෙන්ට් එක පෝස්ට් එකට හරිම උත්තරයක් නෙමේ. ඒත් ඔය කියන විදියේ ශරීර ලක්ෂන තියෙන ගෑනු ( රන්වන් සහ කලුවන් ) ඕනි තරම් ලංකාවේ තැන් තැන්වල ඉන්නවා.

    BalasPadam
    Balasan
    1. පොඩි කුමාරිහාමි කිව්වෙ " ම්ම්හු අපි කලු නෑ" කියල කියලයි මට හිතෙන්නෙ

      Padam
    2. පොඩි කුමාරිහාමි කිව්වෙ " ම්ම්හු අපි කලු නෑ" කියල කියලයි මට හිතෙන්නෙ

      Padam
    3. ඔව් ඔව්...අපි රන්වන් පාට අයලු...:P

      Padam
    4. ඇයි ජාන මිශ්‍ර වීම මගින් එහෙම වෙන්න පුලුවන්

      Padam
  12. පෝස්ට් එක කියවද්දි හිතුණා සමහරවිට සිත්තරු පර්සියන් වෙන්න පුළුවන් කියලා. නමුත් සිංහල ගෑණු රූපත් තියෙන නිසා ට්‍රාන්ස් ගෙ අදහස හරි වෙන්න පුළුවන්.

    BalasPadam
    Balasan
    1. සිත්තරු දේශීය හෝ ඉන්දියානු වෙන්න ඇති

      Padam
  13. මේ තර්කයේ පැහැදිලිවම සතයයෙන් අඩක් තියෙනවා. ඒත් ඇත්තම දේ දැනගන්න නං කාස්සප රජතුමා අමතන්නට වෙයි.. ඩුඩ් කිව්ව වගේ මාත් ඔය ගියපු වේලාවේ හොදට බැලුවම දැක්කේ කාන්තා රූප ශ්‍රියාව එක හා සමාන වන්නට තිබුනත් වර්ණ ගැලපීමේ ක්‍රමයක් තිබුන බවයි. ඒක මේ කියන තර්කය ඔප්පු කරන්න හොද සාධකයක්.

    BalasPadam
    Balasan
    1. දේශක මේ චිත්‍ර කම්පියුටරයිස් කරලා වාර්ගික අනන්‍යතා මත ( හිසේ හැඩය , නිකට, නාසය , ඇස් හැඩය ) ආදිය මගින් මේ රූමතියන් ගේ වාර්ගිකත්වය කියන්න පුලුවන්

      Padam
  14. මම නම් සම්පුර්ණයෙන් විරුද්ධයි මේ කතාවට. මහාවංශය විශ්වාස කරනවා නම් උතුරු ඉන්දියාවෙන් ආපු පැහැපත් අයයි ලංකාවේ හිටිය අඳුරු අයයි එකතු වෙලා හැදිච්ච මේ සිංහල ජාතියේ .....................................................

    BalasPadam
    Balasan
    1. උතුරු ඉන්දියාවෙන් ආපු පැහැපත් අයයි ලංකාවේ හිටිය අඳුරු අයයි එකතු වෙලා හැදිච්ච ????? අජිත් අපේ ජෙනටික් කෝඩ් එක බැලුවොත් ඒකේ ඉන්දියානු , පෘතුගීසි , ලන්දේසි , ඉංග්‍ර්‍රිසි පමණක් නෙවෙයි ප්‍රසියන් , ඊජිප්තු ජාන පවා තියනවා

      Padam
    2. අනුරාධපුරේ කටුගෙයි තියෙනවා, ලොකු ගලක කොටපු නෙසේටෝරියන් කුරුසයක්... තව මොන කතාද, අනුරාධපුර යුගයේ අනාරුධපුර නගරය තුළම මධ්‍යධරණි යුරෝපීයයන් වාසය කර ඇති බවට ඒක හොඳ සාධකයක්.

      Padam
    3. මම කියන්නේ මුල්ම කටහ්ව. මහා වංශයේ තියෙන. විජය ගේ කට්ටියයි කුවේණි ගේ කට්ටියයි ගැන.

      Padam
  15. පරන විතාන මහතාගේ මතය නම් විහිලුවක් මෙනි. පලමු රූපයේ දෙදෙනාම රන් වන් ද​?
    ඔබ පෙන්වූ පරිදි රූප වල ඉරාන ගතියක් ඇති බව පෙනේ. සේවිකාව වෙනත් වර්ගයකද​? වසර තිහ හතලිහකටපෙර (ඇතැම් විට දැන් පවා) ආයාත් හාමුත් චරිත දෙකෙහි පෙනුම​ ජන වර්ග දෙකක අය සේ පෙනෙන්නට ඇත​.

    BalasPadam
  16. ඇගිලි/ඇගිලි තුඩු - මේවායේ හැඩය අනුව දෙයක් අල්ලගන්නා ආකාරය වෙනස් වෙනවා.
    අතුල් පතුල් නේද ජනවර්ග වල වෙනස්කම් පෙන්නන හොදම පැහැදිලිම සාක්ෂිය.

    BalasPadam
  17. සීගිරියේ කලාකටයුතුවලට පර්සියන් කලාකරුවන් සම්බන්ධ කරගත් බවට මතයක් තිබෙනවා. ඒ නිසා ඔවුන් අතින් මේ රූප ඇඳුනාද විය හැකියි. සීගිරි චිත්‍රවලට සමාන ක්‍රි.ව. 4 සියවසේ කළ සිතුවම්ප ර්සියානු චිත්‍ර අතරින් හමුවී තිබෙන බව මා අසා තිබෙනවා.

    BalasPadam
  18. පැහැපත් ලඳුන් පියොයුරු විවෘතව තබාගෙන සිටීමත්, නිල පති ලඳුන් පියොයුරු වසාගෙන සිටීමත් කට්ටියට පෙනුනේ නැද්ද ?

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook