Rabu, 30 September 2015

හිම භූමිය




හිම පියළි වැටී
සුදුම සුදු වූ භුමියේ
කාලය හා අවකාශයෙන් මිදී
ඇවිද යමි දේවදාර ගස් අතරින්

වසන්ත සමයේ
චෙස්නට් ඇට සොයමින්
එහි මෙහි දිව ගිය
ලේන්නුනි නුඹලා කොහීද ?
ගස් බෙනවල සැගවී
යලි වසන්තය උදා වන තෙක්
යලි බලා ඉන්නවාද ?

සීතල සුළඟ නිසා
තුරු ගොමු මුදුනින්
ඇද වැටෙන හිම කැට
වැස්සක් සේ විසිරී යයි
මවමින් මනස්කළු රටා

උණුසුම සොයා
ඈත දේශයට පියඹා ගිය සියතුනි
හිමවලින් වැසී ගිය
තුරු ගොමුවල අලංකාරය
නුඹලාට කියා දෙන්නේ කවූද?


වෛද්‍ය රුවන් එම් ජයතුංග

6 ulasan:

  1. ඇත්තෙන්ම ඔය ශීත සෘතුව දැකලා තියෙන්නේ ලෙඩ නිවාඩු දාලා ඉන්න කුරුල්ලොයි ළදරු කුරුල්ලොයි, විශ්‍රාමික කුරුල්ලොයි විතරක් වෙන්න ඇති නේද?

    BalasPadam
    Balasan
    1. උන් වින්ටර් එක බාගයක් යන කොට මැරෙනවා. මගේ කහ කුරුල්ලා කෙටි කතාවේ මේ ගැන ලියවෙනවා

      Padam
  2. ඔහාට දැන් ශීත ඍතුව ඇවිල්ලද එහෙම නැත්නම් ආසන්නද? ඍතු විපර්යාසය පදනම් කරගනිමින් කෙරෙන මෙවැනි සාහිත්‍ය නිර්මාණ අපිව වෙනම ලෝකයකට ගෙනයනවා.

    BalasPadam
    Balasan
    1. දැන් නම් ටික ටික සීතල වේගෙන යනවා Nov අග Dec වෙන කොට සෙට්

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook