..................මෑතකදී මම කියෙව්වා ශාරුක් ඛාන්ගේ ප්රකාශනයක්. ශාරුක් ඛාන් කියනවා බුද්ධාගම සාමයේ මාවත කියලා. බලන්න ඩොක්ට මේ ඉස්ලාම් ආගම අදහන මිනිහෙක්ගේ ප්‍රකාශය. ඒත් අපේ අයියලා මිනිහට බෝම්බ ගැහුවා. බුදු මගෙන් ඈත්වෙච්චි පැවිද්දෝ වීදිවලට බැහැලා කෑ මොර දෙනවා. ගිනි තියාගන්න තර්ජනය කරනවා. මම හිතන්නේ අඩු වයසේදී ළමයින්ව මහණ කරන්න අද කාලයේ සුදුසු නැහැ. මේක මගේ පෞද්ගලික මතය. මොකද මේ පොඩි ළමයින්ට ළමා කාලය අහිමි වෙනවා. සමහර වෙලාවට කායිකව, ලිංගිකව මේ ළමයි අපයෝජනය වෙනවා. මේ වගේ කුඩා කාලයේ ඉදන්ම මනස තුවාල වෙච්චි පැවිද්දෙක් තමයි සමාජයට එන්නේ. ඒ පුද්ගලයා අන්තවාදී සංවිධානවලට මැනිපියුලේට් කරන්න ලේසියි. ඔහු වැඩිහිටියන්ට වෛර කරනවා. දෙමාපියන්ට වෛර කරනවා. සමාජයට වෛර කරනවා. කොටින්ම තමාටත් වෛර කරනවා. සිවුරක් පොරවගත්තාට ඒක ඇතුලේ ඉන්නේ සීරියල් මර්ඩර් කෙනෙක් වගේ අයෙක්. ඒ තැනැත්තාට පුළුවන් හික්මීමක් නැතුව කෑ මොර දෙන්න. ඔළු පලන්න, උපවාස කරන්න, පෙට්‍රල් වත්කරගෙන ගිනිතියාගෙන මැරෙන්න, ඕනම බෞද්ධ විරෝධි වැඩක් කරන්න පුළුවන්. මේක එක්තරා විදිහක තලෙයිබාන් වගේ උමතුවක්. බුද්ධාගම තරම් සහනශීලි, අසමානතා ඉවසන ආගමක් නැහැ. ඒ වගේ ධර්මයක් අන්තවාදයක් කරා දක්කවන උමතු මිනිස්සු ඉන්න රටක් මේක. ඩොක්ට උන්ට බෙහෙත් කරන්න මට බෙහෙත් කරන්න ඉස්සර. තරහා වෙන්න එපා ඩොක්ට මම තදින් කථා කළාට. මට ඩොක්ට තිස්ස එක්ක ප්‍රශ්නයක් නැහැ. මම ආවේගශීලී වෙලා කියලා හිතන්න එපා. මම කළබලකාරයෙක් නෙවෙයි. මට බෙහෙත් විදින්න එපා.
භීෂන කාලයේ එක පොලිස් කාරයෙක් සරසවි ශිෂ්‍යයන්ගේ පොත් චෙක් කලා. එක කොල්ලෙක් ළඟ දෙල්ගහයට ගෙදර විප්පවය පොත තිබ්බා. ඒ කොල්ලා ජිප් එකට දාගත්තා. දෙවෙනි කොල්ලා ළඟ තිබ්බේ ගම් පෙරලිය, තොපි ගම් පෙරලනවා නේද කියලා ඒ කොල්ලාවත් ජිප් එකට දැම්මා. තුන්වෙනි කොල්ලා ළඟ තිබ්බේ විද්‍යාත්මක භෞතිකවාදය. මේක පොලිස්කාරයට කියවන්න අමාරුයි. අනිතිමට තටමලා තටමලා කියෙව්වා වන්දාත්මක හවිතික වාදය. අන්න හොඳ ළමයෙක් එ් වගේ පොත් කියවලා ඉගෙනීමේ කටයුතු කරගන්න කියලා තුන්වෙනි කොල්ලට යන්න දුන්නා. හැත්ත එකේ පන්ති පහ කරපු එවුන් හොය හොයා පොලිස් කාරයෝ රට වටේ ගියා. දහම් පාසල් පන්ති ගිය එවුන් වත් මැරුවා. ඩාස් කැපිටාල් එක පුළුවන්නම් කියවන්න. ඒක තේරුම් ගන්න අමාරුයි. එ්ත් ට්‍රයි එකක් දෙන්න. සමහර විට මාක්ස්වාදය අභියෝගවලට ලක් වුණා. දැන් බලන්න පිකාසෝ චිත්‍රයක් අඳිනවා පැයක් ඇතුළත. ඒ චිත්‍රයට ඩොලර් මිලියනයක් දීලා කෙනෙක් ගන්නවා. එතකොට ශ්‍රමය, නිෂ්පාදනය පිළිබඳ මාක්ස්ගේ තියරි එක මේකට ඇප්ලයි කරන්නේ කොහොමද? මට තේරෙන්නේ නැහැ. ඩොක්ටට තේරෙනවානම් කියන්න. මාක්ස් ආගම එක්ක හැප්පුණා. ඒත් මම හිතන්නේ මිනිසා මවපු මිහිරිම දේ තමයි දෙවියන්. මිනිහට පීඩාවක්, බයක්, දුකක් දැණුනාම කියන්න ඉන්නේ දෙවියන් විතරයි. දෙවියන් නැත්නම් මිනිස්සු කාගේ ළඟට යන්නද? අපි හැමෝටම ආරක්ෂාව ගැන බයක් තියෙනවා. ඒකයි අපි දෙයියන්ට පහන් පත්තු කරන්නේ....................
(මානසික රෝගියාගේ පරිකල්පනය)

//දැන් බලන්න පිකාසෝ චිත්‍රයක් අඳිනවා පැයක් ඇතුළත. ඒ චිත්‍රයට ඩොලර් මිලියනයක් දීලා කෙනෙක් ගන්නවා. එතකොට ශ්‍රමය, නිෂ්පාදනය පිළිබඳ මාක්ස්ගේ තියරි එක මේකට ඇප්ලයි කරන්නේ කොහොමද? මට තේරෙන්නේ නැහැ. ඩොක්ටට තේරෙනවානම් කියන්න.//
BalasPadamමූ නම් ඈත්තටම මානසික රෝගියෙක්ම තමයි දොස්තරමහත්තයෝ.
පිකාසෝ තමුන්ගෙ හෑකියාවෙන් චිත්‍රයක් අදලා මිලියන ගානක් ගනීයි.පිකාසෝ කාවවත් හූරන් කන්නේ නෑ.
සායම් කෑන්වස් පින්සල් නිශ්පාදනය කරන අයගෙන් ඔවුන් කියන මුදලට(ඔවුන් අපේක්ශිත ලාබය ලබා දී ) ඵ්වා මිලදි අරන් තමුන්ගේ හෑකියාව කෑන්වසය මත සිත්තම් කරනවා.
ඵතනදි මිල ගෙවන්න කෑමති වෙන්නේ ගන්න කෙනයි.
සූරාකෑම නෑ .....බලකිරීම නෑ.....වoචාව නෑ.....
තනිකරම පිකාසෝගේ හෑකියාව සහ ගන්න කෙනාගේ කෑමෑත්ත.
පිකාසෝට ගෙවන ඉහල මිල ධනවාදී වෙළදපළට සමානකරන්න (ඵ් තුලින් තක්කඩි වෙළදපල ක්‍රමය හාපෑටියෙක් කරන්න ) හිතෙන්නේ පිස්සෙක්ම තමයි.
දෑන් රස්සාවල් කරන්න ඔන නෑ..අපි හෑමෝම අදිමු පිකාසෝ වගේ චිත්‍ර.
එහෙමවත් කරමු
Padam// මාක්ස් ආගම එක්ක හැප්පුණා. ඒත් මම හිතන්නේ මිනිසා මවපු මිහිරිම දේ තමයි දෙවියන්. මිනිහට පීඩාවක්, බයක්, දුකක් දැණුනාම කියන්න ඉන්නේ දෙවියන් විතරයි. දෙවියන් නැත්නම් මිනිස්සු කාගේ ළඟට යන්නද? අපි හැමෝටම ආරක්ෂාව ගැන බයක් තියෙනවා. ඒකයි අපි දෙයියන්ට පහන් පත්තු කරන්නේ....................//
BalasPadamමානසික රෝගියාට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි.
දෙවියොත් නිකන් මහින්දගේ චින්තනෙයි මයිතිරී ගේ යහපාලනෙයි වගේ.
ජීවිතේටවත් ප්‍රයෝජනයක් නෑ......ඈත්තෙත් නෑ.කරන දේකුත් නෑ..ඵ්ත් මිනිස්සු පස්සෙන්යන ඵක නවත්තන්නෙත් නෑ.
මානවයා ආගම නිසා සිගිති ආතල් ගත්තලු.
ආගම නිසා දෙයියෝ නිසා සිගිති ආතල් ගන්න ඵකද ලොකු? ආගම නිසා පනපිටින් පුච්චලා හම ගහලා පනපිටින් වලලලා පපුව පලලා හදවත ඵලියට ඈදලා කිරිසප්පන්ගේ බෙල්ල කපලා ඵකී මෙකී නොකී සුවපහසු ආකාරයට ලෝක ආරම්බයේ සිටන්ම අවාසනාවන්ත ලෙස අහිමිකරපු බිලියන ගනන් අහින්සක මානවයන්ගේ තිරිසනුන්ගේ ජීවිතයන්ද ලොකු?
හනමිටිකාරයාගේ කතාව මතක්වෙනවා අම්මපා...............
අම්මපා
Padamමට බය 'තලේබාන් නිකාය' කියලා අලුත් එකක් හැදෙයිද කියලා.
BalasPadamඑහෙමත් වෙන්න හැක විචාතුමනි
Padamපිරිවෙන් අධ්‍යාපනයක් නොළබන භික්ෂුව මේ වාගෙම තමා. නිසි විනයක් දහම් දැනුමක් ලබාගන්න පිරිවෙන් අධ්‍යාපනය වැදගත් කියලයි මම හිතන්නෙ. එයිටත් වඩා අද අසපුවාසී ජීවත ගෙවන භික්ෂුව වඩාත් සංවරව දහමට අනුව නොසැලෙන මනසින් ඉන්නවා කියල හිතෙනවා.
BalasPadamChandi එකඟයි
Padam//එතකොට ශ්‍රමය, නිෂ්පාදනය පිළිබඳ මාක්ස්ගේ තියරි එක මේකට ඇප්ලයි කරන්නේ කොහොමද?//
BalasPadamමෙච්චර කාලයක් මාක්ස්ට ගැරහුවාට, බැන්නට, මාක්ස්වාදියෙක් කියල හිතාගන කවුරුහරි පඩත්තලයකුගෙ වැඩ කිඩ විවේචනය කළාට කාටවත් බැරි වුනානෙ මෙහෙම තර්කයකින් මාක්ස්ගෙ ඉගැන්වීම බොරු කරන්න.
මේ භින්නෝන්මාද රෝගියෙකුගේ තර්කයක්නේ
Padamඅනේ මන්දා...මට නං තේරුන් නෑ....
BalasPadamනැවත වරක් කියවන්න
Padamමම නම් දැන් හිතන්නේ නම් අපිට පිස්සු කියලයි.... අද මම රසිකලොජි එකේ මිට සමාන කොමෙන්ට් එකක් දැම්මා
BalasPadamමම ඒක දැන් බලන්නම්
Padamලෝකයේ හැම මනුෂ්‍යාම එක විදියට නම් හිතන්නේ, හැසිරෙන්නේ, අඳින්නේ, පළදින්නේ, ජීවත් වෙන්නේ, ඒක කොයිතරම් බෝරිං තැනක් වෙයිද?
BalasPadam