Rabu, 16 September 2015

මොන්ට්‍රියෝල් නගරයට ගිම්හානය ඇවිල්ලා

 





මොන්ට්‍රියෝල් නගරයේ පටු මාවත් දිගේ 
අප ඇවිද යන්නෙමු අතිනත් අල්ලාගෙන 
දහසකුත් වූ මිනිස් ප්‍රාණීන් අතර
කෙනෙකු නැත ඇස ගැටෙන

තවත් දිනයක් උදාවී හිරු එලිය
සිප ගනියි කළු ගලින් කල මංමාවත්
රැගෙන එයි උණුසුම් සුළඟ
ගිම්හානයේ සම්ප්‍රාප්තිය පිලිබඳ පණිවිඩය 


කහ පැහැති ටියුලිප් මල් සෙලවේ 
ගිම්හාන සුළගේ තාලයට 
ගයයි ගීතයක් කුරුල්ලෙකු සුමුදු විලසින් 
උසැති මේපල් ගසක අත්තක සිට 
 
නිල් අහස නරඹයි නගරයක අසිරිය 
රාත්‍රියේදී රහසින් සඳුට කියා දෙන්නට 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

15 ulasan:

  1. Balasan
    1. wow නෙවෙයි හූම්......හූම්........කියපන් බස්සියේ

      Padam
  2. දකුණෙ කට්ටියගෙ කැනඩා සහ මොන්ට්‍රියෝල් ජෝක්ස් මගෙ හිතට එන එන නවත්තන්න බෑ.

    BalasPadam
    Balasan
    1. අසල්වැසි රටවල් කොයිකෙත් වගේ අසල්වැසියා ගැන විහිලු කතා සාහිත්‍යයක් තියෙනවනේ. අන්න ඒ වගේ මම කියවලා තියෙනවා ඔය බ්ලොන්ඩ් ජෝක්ස් වගේ කැනේඩියන් ජෝක්ස්.
      සමහර ඒවා Meanwhile in Canada/or a Canadian city විහිළු. ඒවායින් හුඟක් වෙලාවට කියවෙන්නේ කැනඩාවේ ශීතල ගැන, මෝඩකම් ගැන, ගොඩේ කම ගැන, ගතිගුණ ගැන වගේ දේවල්.
      ඔය වගේම විහිළු නවසීලන්ත ජාතිකයන් ගැන ඕස්ට්‍රේලියානුවන්ගෙත් තියෙනවා.

      Padam
  3. මොන්ට්‍රියෙල් නගරයේ නේක මං පෙත් දිගේ
    පිය නගමු අතිනත් වෙළා
    සුවහසක් මිනිසුන් අතර කෙනකු නැත ඇස ගැටෙන .....

    හිරු මඬල උදාවී රැගෙන එයි නව දිනක්
    සිප ගනියි රැස් දහර මාවතේ ගල්පතුරු
    හමන උණුසුම් සුළඟ නිහඬවම කියාදෙයි
    පුවත සපැමිණි ගිම්හානය.....

    කහ පැහැ ටියුලිප් ගොන්න මඳ පවන වැද ලෙළෙන
    තාලය කියාදෙයි විහඟකු සිටින මේපල් රිකිල්ලක...

    නිල් ගගන දිවාකල නගරසිරි බලයි
    රහසින් කියා දෙන්නට සඳුට රැයපුරා...

    BalasPadam
  4. අගෙයි. නරකද ගීත රචනය ගැන ටිකක් හිතලා බැලුවොත්

    BalasPadam
    Balasan
    1. ඒ ගැන හිතලා බලන්න ඕනේ

      Padam
  5. වසන්තේ නිදාවුන් යොවුන් කෝකිලාවන්
    ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී

    වසන්තේ ළපල්ලෙන් වැසී වුන් කුසුම් කැන්
    නටන්නේ පිපී දැන් හේමන්තයේ දී

    විලාපෙන් විඩා වී රැඳී මං තලාවේ
    වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
    වළාවක් ලෙසින් මා ඇදෙද් දී අයාලේ
    ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ

    සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
    එපා වි සියල්ලන් පළා ආ වෙලාවේ
    තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
    ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ

    (සුනිල් ආරියරත්න - 1984)

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook