තිරිඟු කුඹුරට ඉහලින් පියඹා ගිය කවුඩනි
නොදුටුවේද රන් පැහැති තිරිඟු
සුළඟට වැනෙනා අයුරු
තෙලි තුඩින් නිම වූ
ගෙඩි පිරුණු ප්ලම් ගස
දුඹුරු පැහැති අතු විහිදා
බලා සිටියි ඔබ එනතුරා
කහ පැහැයෙන් පිරිපුන්
සුරියකාන්ත මල් කිනිති
මවයි දසුනක්
සිත් වසඟකරවනා
රාත්‍රිය එළඹී ඇත
විහිදේ චන්ද්‍ර කාන්තිය
අහසේ දිලෙයි තරුකැට
මවමින් විසිතුරු රටා
මළානිකවූ ලන්තරුමේ පිහිටෙන්
රුදුරු කුසගිනි නිවාගන්නට
අර්තාපල් බුදින දුගී පැල්පතේ නිවැසියන්
දැන සිටියේද ඔහු ගැන යන්තමින්වත්
තම තෙලිතුඩින් නිමකළ
අසමසම චිත්රයනට
ඔහු කොතෙක් ඇලුම්කලද
එම මනස්කාන්ත චිත්රයන්
ඇළුම්කලේද ඔහු හට
සිත්තරෙකුගේ ඉරණම
මෙතරම් කටුක වුයේ මන්ද
අහෝ වැන්ගෝ මිතුර
ඇයි නුඹ අත් හැරියේ ජීවිතය
අවසන් නොකළ චිත්‍රයක් සේ
වෛද්‍ය රුවන් එම් ජයතුංග

" මම මගෙ කණ කපනව " එහෙම කියන්ට පටන් ගත්තෙ මම හිතන්නෙ ඔය වැන්ගෝගෙ කර්ණ විච්ඡේදන සිද්ධියෙන් පස්සෙ වෙන්න ඕන...:)
BalasPadamවෙන්න ඕනේ
Padam//සිත්තරෙකුගේ ඉරණම
BalasPadamමෙතරම් කටුක වුයේ මන්ද //
කලාකරයන්ගේ අවසානය හුඟක් තැන්වල දුක්මුසුයි වගේ නේද?
එහෙමත් නෑනේද අජිත් ඔය කෝටි ගනන් හොයන කළාකාරයෝ ඉන්නේ
PadamWhat was his illness? Bipolar?
BalasPadamඉකොන් වැන්ගෝ ගැන ලිපියක් ලියමින් සිටිමි එහි ඔහුගේ රෝගී තත්වයන් පිලිබඳව කතා කෙරනවා
Padamවැන්ගෝ ගැන විස්තරයක් දැම්ම නං මේක තවත් සාරයි..
BalasPadamවැන්ගෝ ගැන ලිපියක් ලියනවා ඒක ඉදිරි කාලයේ පළ වෙයි
Padamචිත්‍ර ශිල්පියා ගැනත් යමක් කියවුනා නම් හොඳයි කියලා මටත් හිතෙනවා.
BalasPadamවැන්ගෝ ගැන ලිපියක් ලියනවා ඒක ඉදිරි කාලයේ පළ වෙයි
Padam