Rabu, 2 September 2015

අවසන් නොකළ චිත්‍රය



තිරිඟු කුඹුරට ඉහලින් පියඹා ගිය කවුඩනි 
නොදුටුවේද රන් පැහැති තිරිඟු 
සුළඟට වැනෙනා අයුරු 

තෙලි තුඩින් නිම වූ 
ගෙඩි පිරුණු ප්ලම් ගස 
දුඹුරු පැහැති අතු විහිදා
බලා සිටියි ඔබ එනතුරා 

කහ පැහැයෙන් පිරිපුන් 
සුරියකාන්ත මල් කිනිති 
මවයි දසුනක් 
සිත් වසඟකරවනා 

රාත්‍රිය එළඹී ඇත 
විහිදේ චන්ද්‍ර කාන්තිය 
අහසේ දිලෙයි තරුකැට 
මවමින් විසිතුරු රටා 

මළානිකවූ ලන්තරුමේ පිහිටෙන් 
රුදුරු කුසගිනි නිවාගන්නට 
අර්තාපල් බුදින දුගී පැල්පතේ නිවැසියන් 
දැන සිටියේද ඔහු ගැන යන්තමින්වත් 

තම තෙලිතුඩින් නිමකළ 
අසමසම චිත්‍රයනට 
ඔහු කොතෙක් ඇලුම්කලද
එම මනස්කාන්ත චිත්‍රයන් 
ඇළුම්කලේද ඔහු හට 

සිත්තරෙකුගේ ඉරණම 
මෙතරම් කටුක වුයේ මන්ද 
අහෝ වැන්ගෝ මිතුර 
ඇයි නුඹ අත් හැරියේ ජීවිතය 
අවසන් නොකළ චිත්‍රයක් සේ 



වෛද්‍ය රුවන් එම් ජයතුංග

10 ulasan:

  1. " මම මගෙ කණ කපනව " එහෙම කියන්ට පටන් ගත්තෙ මම හිතන්නෙ ඔය වැන්ගෝගෙ කර්ණ විච්ඡේදන සිද්ධියෙන් පස්සෙ වෙන්න ඕන...:)

    BalasPadam
  2. //සිත්තරෙකුගේ ඉරණම
    මෙතරම් කටුක වුයේ මන්ද //
    කලාකරයන්ගේ අවසානය හුඟක් තැන්වල දුක්මුසුයි වගේ නේද?

    BalasPadam
    Balasan
    1. එහෙමත් නෑනේද අජිත් ඔය කෝටි ගනන් හොයන කළාකාරයෝ ඉන්නේ

      Padam
  3. Balasan
    1. ඉකොන් වැන්ගෝ ගැන ලිපියක් ලියමින් සිටිමි එහි ඔහුගේ රෝගී තත්වයන් පිලිබඳව කතා කෙරනවා

      Padam
  4. වැන්ගෝ ගැන විස්තරයක් දැම්ම නං මේක තවත් සාරයි..

    BalasPadam
    Balasan
    1. වැන්ගෝ ගැන ලිපියක් ලියනවා ඒක ඉදිරි කාලයේ පළ වෙයි

      Padam
  5. චිත්‍ර ශිල්පියා ගැනත් යමක් කියවුනා නම් හොඳයි කියලා මටත් හිතෙනවා.

    BalasPadam
    Balasan
    1. වැන්ගෝ ගැන ලිපියක් ලියනවා ඒක ඉදිරි කාලයේ පළ වෙයි

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook