Ahad, 28 Jun 2015

සන්නස්ගල සින්ඩ්‍රෝමය

  
උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් රචිත අම්මා කෘතිය ස්වයං චරිතාපදානයකි. මෙම කෘතියේ  අන්තර්ගත වන සහ කතුවරයා විසින් වරින් වර තමා පිළිබඳ කරන ප්‍රකාශ එක්තරා ආකාරයක සායනික ලක්‍ෂණ පෙන්වන බව කිව හැක​. 

මනෝ විද්‍යාඥ Saulo Fernández  විසින් ලියන ලද The Paradox of Humiliation: The Acceptance of an Unjust Devaluation of the Self නම් නිබන්ධනයේ Self-Deprecation Syndrome හෙවත්  ස්වයං මානභංග සහලක්ෂණය පිලිබඳව ගැඹුරින් කතා කරයි. මෙම සින්ඩ්‍රෝමය  සන්නස්ගලගේ ප්‍රකාශ තුලින් විද්‍යාමන වනවාද ?   

චානුක වත්තේගම  විසින් ලියන ලද  සන්නස්ගලගේ අම්මා සහ ලංකාවේ දුප්පත්කම යන ලිපියේ  පාත්‍ර වර්ගයාගේ ළමා කාලයේ අත්දැකීම් මෙලෙස සනිටුහන් වේ.
 
ගම්බද දිළිඳු පවුලක, හතළිස් හැවිරිදි කාන්තාවකට දාව, පවුලේ දසවැන්නා සේ මෙලොව එළිය දකින සන්නස්ගල මන්දපෝෂණයෙන් නොපෙළුණේ නම් එයයි පුදුමය! කුඩා කල ගමේ වැඩිහිටියන් ඔහු අඳුන්වන්නේ ‘ඔළුව ලොකු කොල්ලා‘ හැටියටයි. (‘මුදියන්සෙගෙ ඔළුව ලොකු එකා නෙස්ටමෝල්ට් එක හොරෙන් අරං ගියා)  ඔහුගේ දෙපා කෘශය. ඉණෙන් පහළ පණ නැති නිසා ඇවිදින්නේ දෙපා අද්දවමිනි. 70-77 අහේනි සමයේදී ඔහු සොහොයුරු සොහොයුරියන් සමඟ චව් වැල් ලූණු දා ආහාරයට ගනියි. බුත්සරණ අල කයි. රබර් මයියොක්කා කයි. මයියොක්කා කොළ ලූණු හා පොල් දමා කයි. මේ කිසිවක් කාබොහයිඞ්රේට් බහුල ආහාර නොවේ. ප්‍රෝටීන් ගෑවිලා වත් ඇති ආහාර නොවේ. පාසලට ඇතුළුවූ මුල් දවසේම ඔහු ක්ලාන්ත වෙයි. පාසල් යන්නේ වැඩිපුරම ලැබෙන ඇදිහැස බිස්කට් තුන නිසාය. කුඩා සන්නස්ගල සිය සොහොයුරා හා මිතුරන් කැටුව වරකට සත පනහක වැටුපකට තේ දලූ කූඩ කර ගසා ගෙන යයි. මේ දුබලයකු වූ ඔහුට පමණක් නොව කොලූ නඩයේ කිසිවකුට දරන්ට බැරි බරකි.  ඔහුගේ සොහොයුරෙක් තම එක කුස ඔත් සොහොයුරිය ලිංගික උපයෝජනයට ලක්කරන්ට ගොස් ස්වකීය වැඩිමහලූ සහෝදරයාගෙන් රෝහල් ගතවන තෙක් පහරකයි. පියා ඔහුගේ මව මරා වළදැමීම පිණිස නිවසෙහි වළක් කපයි. මරණයෙන් ගැළවෙනු පිණිස මව දරුවන් සමඟ වෙනත් නිවෙස්හි සැඟවෙන්නීය. (සන්නස්ගලගේ අම්මා සහ ලංකාවේ දුප්පත්කම- චානුක වත්තේගම) 

ළමා කාලයේ අත්දකින මානසික පීඩනයන් නිසා හීනතාමාන සංකීර්ණය  තමා සහ අවට සමාජය පිළිබඳ අවසංකල්පනය , පුළුල් ලෙස පැතිරී ගිය අනාරක්‍ෂීභාවය , ක්‍රම විරෝධී බව , සෑම ප්‍රපංචයක්ම වටිනාකමකින් තොර බව සිතීම​, ආත්ම සංරක්‍ෂණය සඳහා දුරනුවර්තන ක්‍රම යොදා ගැනීම වැඩිහිටි කාලයේ දැකිය හැකි බව ළමා මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙති.  සන්නස්ගලගේ ආත්ම කථනයන් බොහෝ දුරට මෙම සහලක්‍ෂණය තහවුරු කරයි. 

 ළමා කාලයේ අත් විඳි දුක දිනා ජයගත් චරිත එම පීඩනයන් ධනාත්මක ලෙස යොදාගෙන ආත්ම සාක්‍ෂාත්කරණයේ යෙදුනු ආකාරය පිළිබඳ  ඒබ්‍රහම් ලින්කන් , ස්ටීව් ජොබ්ස් වැනි චරිත කතා වලින් හෙලි වේ. නමුත් සන්නස්ගලගේ ආත්ම කථනයන් අනුව  ළමා කාලයේ අත් විඳි දුක දිනා ලබා ගත් ආත්ම සාක්‍ෂාත්කරණය ලඝු වන්නේ තරු පහේ හෝටල් වලින් ඉස්සෝ කකුළුවෝ  කෑම සහ මිලෙන් අධික බ්ලැක් ලේබල් විස්කි බීම යන කරුණු වලටය​. එය අපරිණත ලක්‍ෂණයකි. එම නිසා පාත්‍ර වර්ගයාට ආත්ම සාක්‍ෂාත්කරණට තව බොහෝ දුර ගමන් කිරීම අවශ්‍ය කෙරේ. 



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

39 ulasan:

  1. ගේ පියා පොත් පිපාසාව ඇති පාඨකයෙකි. ඕනෑම ආකාරයේ පොතක් කියවීමට ඔහු මැලි නොවන බව මම දනිමි. දිනක් ඔහු පොතක් අතට ගෙන මිනිත්තු කිහිපයකින් ඉතා කෝපයෙන් පොත නැවත තැබුවේ "මීට වඩා හොඳයි අම්මගෙයි තත්තගෙයි තැන් නම් කොරලාම පිදුවනම්" යැයි කියමිනි. මේ අරුමය කුමක්දැයි බැලීමට කෘතිය අතට ගෙන පිටු දෙක තුනක් හැරවීමේදී හේතුව සොයාගැනීමට මම සමත්වීමි. ඒ පොතේ පිදුමයි. "පිදුම -මා මෙලොවට බිහිකල ශුක්‍රානුවට හා ඩිම්බයට" යනුවෙන් එහි සඳන්ව තිබින . කතුවරයා උපුල් ශාන්ත සන්නස්ගල නම් විය.

    මේ පිදුමේ ඇති සාහිත්‍යමය ගතිය හා රැඩිකල් ගතිය හැර දේශපාලනමය ගතිය ගැන දැනීමක් මට ඒ සමයෙහි නොතිබුන බව මම දනිමි.නමුත් කල් යද්දී මේ පිදුමෙහි ඇති සංස්කෘතික පහරදීම මම සක්සුදක් සේ දුටුවෙමි.
    මවුපියන් යනු අපට ඇති උතුම් ම සම්පත් වෙති.එය ආසියාතික සංස්කෘතිය තුල අවිවාදාත්මකය. ඔවුන් කෙරේ ඇති භක්තිය, සෙනෙහස සංකේතාත්මක නොව හරයාත්මක ආධ්‍යාත්මික එකකි. නමුත් තම මැනියන් ඩිම්බයකට ද පියානන් ශුක්‍රානුවකට ද උපමා කරමින් ඊනියා රැඩිකල් බවක් පෙන්වන මේ "පුතා" අර අඳින්නේ බටහිරයන් තුල දෙමවුපියන් කෙරේ ඇති 'සංකේතාත්මක මවුපියන්' යන අදහස අපේ ඔලුවට එබීමට බවත් මේ"පුතා" ගේ ජනප්‍රියම මාතෘකාවක් වන ලිංගිකත්වය පිලිබඳ අදහස් සමාජයේ ස්ථානගත කිරීමට බවත් අද මට වටහාගැනීමට අපහසු නැත.

    නමුත් සන්නස්ගල ගේ "අම්මා" කෘතිය රචනය මට වටහාගත නොහැකි දෙයක් විය. ඒනිසාම මෙය කියවා බැලිය යුතුයැයි මට සිතිනි. මම එය කියවීමි. කෘතිය කියවා අවසානයේ මට මෙම සන්නස්ගල "අම්මා" කෘතිය ලිවීම හා සමාන කල හැකි තවත් සිදුවීමක් අසුරු සැනින් මතකයට නැගිනි.

    ඒ "EMINEM" ගේ 8Mile චිත්‍රපටියේ කතාන්දරයයි.. කතාව සරලය මෙසේය .EMINEM ගතකරනුයේ දුක්ඛිත ජීවින තත්වයකි. ඔහුගේ පියා ඔවුන් හැරගොසිනි. ඔහුගේ මව ඔහුගේ මිතුරෙක් සමග යහන් ගතවෙයි.ඔහු සතුව මුදල් නැත. EMINEM රැප් සටන් වලට ඉමහත් කැමත්තක් දක්වයි. ඔහුට ඒ සඳහා හැකියාවක් ද ඇත. අවසාන රැප් සටනේදී ඔහුගේ මිතුරෙකු ඔහුට අනතුරු හඟවන්නේ ඔහුගේ සියලු ජීවන තොරතුරු ඔහුගේ ප්‍රතිවාදියා දන්නා නිසා ප්‍රතිවාදියාට ජයග්‍රහන කිරීමට පහසු බවයි. EMINEM රැප් සටනේදී කරනුයේ කවුරුත් නොසිතනා දෙයකි. අනෙකාට බැන වැදීම වෙනුවට ඔහු තමන්ගේ ජීවිතයේ ඇති කාලකන්නි බවත් තමා අවජාතකයෙකු බවත් හෙළිකරයි. තමන්ගේ පවුල පිලිබඳවද, මවගේ අනාචාරය පිලිබඳවද EMINEM කියාදමයි. අවසානයේ EMINEM තරගය ජයග්‍රහනය කරනුයේ ඔහුට එරෙහිව කිසිවක් කියාගත නොහැකිව ප්‍රතිවාදියා නිරුත්තර වීම තුලය..

    ඒ EMINEM එසේ කරද්දී ළමුන්ට සිංහල පාඩම් කියා දෙන සන්නස්ගල තමාගේ නීරස ජීවිතයේ ආගිය තොරතුරු, දුබලතා හෙලිකරන්නේ ඇයි දැයි මම සිතන්නට පටන්ගතිමි. මක්නිසාදයත් සන්නගල මේසය මත තබන්නේ එසේ මෙසේ තුරුම්පු නොවන නිසායි. ප්‍රශ්නය වන්නේ තමා කුඩාකාලයේ විරූපීව සිටි බව, පියාගේ බේබදු කම,දුගී බව පමනක් නොව පවුල තුල ඇති වූ ව්‍යාභිචාරි ක්‍රියා පවා හිරිකිතකින් තොරව හෙලි කරමින් අම්මා ඇතුලු පවුලේ සියල්ලන් සමාජය ඉදිරියේ නිරුවත්කොට සන්නස්ගල සුදු ඇඳුම හැඳගෙන මේ සැරසෙන්නේ කුමක් සඳහාද යන්නයි...

    මගේ මොලයට ආවේ එකම පිලිතුරකි. ඒ "දේශපාලනය" යන වචනයයි.සන්නස්ගල තමාගේ පවුලේ අය නිරුවත් කරන ලද්දේ ද තමාගේ සමාජ පන්තිය , හීනමාන තුවාලය තමා විසින්ම පාරගන්න ලද්දේද අනාගත දේශපාලන පොරපිටියේදී එල්ලවිය හැකි සතුරු ප්‍රහාර වලට "EMINEM" පලිහක් ලෙස බව මට අවසානයේ වැටහින.

    ඉසුරු රන්දෙනිකුමාර

    BalasPadam
    Balasan
    1. මේ ඉසුරු රන්දෙනි කුමාර කියන පුද්ගලයාගේ පියා ලිංගික කර්තව්‍යය මහා අවලම් දෙයක් සේ සලකන පුද්ගලයකු බව පෙනේ. එසේ නම් ඉසුරු රන්දෙනි කුමාර බිහිවූයේ කෙසේද? ඒ පිණිස රන්දෙනි කුමාරගේ පියා තම බිරිඳ (ඉසුරුගේ මව) සමඟ ලිංගික කර්තව්‍යයේ නියැළුනේ නැද්ද? එහිදී ඔහුට තමන්ගේ හා තමන්ගේ භාර්යාවගේ ලිංගික අවයව ගැන ඇතිවූයේ පිළිකුලක්ද? මට නම් පෙනෙන හැටියට මේ ඉසුරු රන්දෙනි කුමාරගේ පියා ප්‍රතිකාර ලැබිය යුතු මානසික රෝගියෙකි.

      Padam
    2. විය හැකියි මොහුගේ පවුලේ අයද මොහු සේම පාදඩයන් විය හැකියි .අනික් එවුන් ගහන්න පෙර එය ඌ විසින්ම එළිදැක්වූවා විය හැකියි. මූ ට අවශ්‍ය සියළු සංස්කෘතික ලක්ෂන ඉවත දමා පාදඩ හිපි සමාජයක් නිර්මාණය කිරීමටයි. අලුත් පරපුරේ කලාකරුවෝද් මෙවැනිම කාලකන්නින්ය.
      මුන්ගේ සිතුම් පැතුම් හා මෙරට මහා සමාජය අතර ගැටුම ලංකා ඉතිහාසයේ ඊලඟ පරිච්ඡේදයයි.

      Padam
    3. ඉසුරු රන්දෙනිකුමාර.. EMINEM ගේ කතාව දැන නොසිටියද ඔය ඩිම්බ ශුක්‍රාණු කතාවෙන් පටං ගෙන මුළු කතාව පුරාම දිවෙන මේ යතාර්ථය මාත් දැකල තිබුණා මිත්‍රයා.. මට ඕක මතක් උනේ වෙනස් විදියකට.. දක්ෂ කාඩ් සෙල්ලම් කාරයෙකු තමන්ගේ තුරුම්පු අවාසි වෙනකොට ඉස්සෙල්ලම තුරුම්පු ඇදල පිට වාසි ලොකු කරගන්න හැටි ඔබ දැකල තියෙනවද? හිහ්.. අන්න ඒ වගේ.

      Padam
    4. මෙතන තියෙන්නේ සංස්කෘතික ගැටුමකට වඩා අභ්‍යන්තරව දිවෙන අවිඤානික ගැටුමක්

      Padam
    5. 8 mile EMINEM ජිවිත කතාව නොවෙයි..script writer ගේ ජීවිත කථාව .....
      එතකොට මේ සිද්දි දෙක දෙකක් ....

      Padam
  2. මේ ප්‍රශ්නය ඇසීම කොයි තරම් දුරට ආචාර ධර්මීයද නොදනිමි. ඔබතුමා වෛද්‍යවරයෙකු ලෙස මේ පුද්ගලයා දකින ආකාරය ගැන මට යමක් අසන්න ට තිබේ. මොහු හැසිරීමෙන් මොහු විකෘති මානසිකත්වයක් ඇත්තෙක් බව පේන්නේ නැද්ද.
    අනවශ්‍ය ලෙස ලිංගිකත්වය හුවා දැක්වීම සිය ජීවිතයේ අසම්මත දේ ප්‍රසිද්ධියේ කියා පෑම
    සෙසු සමාජය කෙරෙහි වෛරය
    සහ තවත් දේ

    BalasPadam
    Balasan
    1. ජීවිතයේ අසම්මත දේ ප්‍රසිද්ධියේ කියා පෑම අභ්‍යන්තරව දිවෙන අවිඤානික ගැටුමක් නිසා විය හැකියි

      Padam
  3. මම මේ පොත ගැන හෝ ලේඛකයා ගැන වැඩි යමක් දන්නේ නෑ. නමුත් දැන් ඒ පොත හොයාගෙන කියවනවද කියලා කලපනා කලේ.

    BalasPadam
    Balasan
    1. සත පහක වැඩක් නැත. බසයේ යනවිට ලගසිටි අයෙකුගෙ පොතක් උඩින් පල්ලෙන් බැලීමි.මුගෙ පාදඩකම් සාධාරණීකරනය කිරීමත් උගෙ පම්පෝරි ගැන නන්දෙඩවීමත් හැර වෙන දෙයක් නැත.

      Padam
    2. ඔහු දක්‍ෂ ලේබකයෙක් දක්‍ෂ ගුරුවරයෙක්

      Padam
    3. සම්පූර්නයෙන්ම එකඟයි...ඔහු දක්‍ෂ ලේබකයෙක් දක්‍ෂ ගුරුවරයෙක්...ඔහුට පොඩිකාලේ සතයක්වත් දෙන්න එකෙක් හිටියෙ නැති නිසා...එයා තේරුම් ගත්ත මං ඉගෙනගෙන සමාජයේ මට යන්නට බැරිතරම් උසකට මං නගින්න ඕනේ කියන එක. එයාට කපපු එවුන්වත් පහුකරගෙන ගිහිං ආර්ථික වශයෙන් ඉතාම ශක්තිමත් උනඑකයි ඉස්සෙල්ලම කලේ. ඊට පස්සේ තමන්ට පහරදුන් මෝඩ දුෂ්ඨ සමාජයට...ඇඩ්රස් නැතිවෙන්න දෙන්න ඕනේ කියන මානසිකත්වයට එයා ආවා. දැන් කරන්නේ ඒක...පළිගැනීම. එයාම කියන පරිදි එයා දූරියන් වගේ...මං ආසයි දුඋරියන් වලට !


      Padam
    4. ඊට පස්සේ තමන්ට පහරදුන් මෝඩ දුෂ්ඨ සමාජයට...ඇඩ්රස් නැතිවෙන්න දෙන්න ඕනේ කියන මානසිකත්වයට එයා ආවා/////////// සමාජ වයිරය ???

      Padam
  4. මෙය සන්නස්ගලටම සීම වූවක් නොවේ. ෆුට් සයිකලයක්වත් නොමැතිව පාර්ලිමේන්තුවට ආ සියල්ලන්ටම බෝවී දැන් එය ප්‍රාදේශීය දේශපාළණය දක්වා ගමන් කර අවසානය. ඔවුන්ගෙන් බහුතරය කුමන පවුල් පසුබිමකින් පැමිණියද පාදඩයන් වන අතර. මට ඇති ප්‍රශ්ණය නම්, උගතුන් පමණක් නොව ළෝකයා දැක ඇති මහාචාර්යවරුනද මේ තත්වයටම පත් වීමයි. එයට හේතුව වැඩවසම් මානසිකත්වයද, දූපත් මානසිකත්වයද කුමක්ද...?

    ඉතා අගනා ළිපියකි..

    BalasPadam
    Balasan
    1. සමාජ පාදඩකරණය යුගයේ ගැටළුවක්

      Padam
  5. සන්නස්ගල කියනා සියලු කරුණු ඇත්ත නොවුනත් බොහෝ කරුණු ඇත්ත විය හැකි බව පෙනේ. ඔහු ඒවා ඉදිරිපත් කිරීමේදී තමාට හෝ පවුලේ අයට සතුටක් තිබුනේම නැත යනුවෙන් කිවීම බොහෝ පාඨකයින් ඔහුගෙන් ඉවත් කරන්නට හේතුවේ... ගැමි දුප්පත් පවුල් වලින් එන බොහෝ ළමයින්ට මොහු කියනා දේවල් වලින් එකක් ,දෙකක හෝ සමානවූ අත දකීම් තිබේ. ඒ නිසා මට හිතෙන්නේ ඔහුගේ පොත මුල අමතක වූ එවැනි අයට යලි තම මුල් ගැන සිතන්නට බල කරන බවයි. ඔහුගේ ඉදිරි පත් කිරීම බොහෝ ගැටළු සහිතය .. මේ කතාවම පොත් දෙක තුනකින් කිව්වා නම් මිට වඩා වෙනස් වන්නට තිබු බව මට සිතේ

    BalasPadam
  6. සරලය රැඩිකල් වීම යනු කක්කුසිය තියාගෙන ,සාලේ මැද මල පහ කිරීම නොවේ...රමණයට සිමා ඇත ,සිය සොයුරිය සමග මව සමග රමණය සිදු කරන්නේ නැත ...එය එසේ සිදු කිරීම තහනම් කියා නීතියක් නැත ...නමුත් සංස්කෘතිකමය වශයෙන් ගම්‍ය වූ මිනිසුන් එය සිදු කරන්නේ නැත ,,,සන්නස්ගල සිදු කරන්නේ සෑම විටම සම්මතය බිඳ දැමීමය ,,,එය එසේ සිදු නොවුවා නම් අද සන්නස්ගල කොහේ හෝ ටකරන් මඩුවක ටියුෂන් පන්ති පවත්වන ටියුෂන් මුදලාලි කෙනෙකු විය හැක

    BalasPadam
    Balasan
    1. එකඟයි. සන්නස්ගල දක්ෂ ගුරුවරයෙකි. නමුත් ඔහු ආත්ම කථනයේ යෙදෙන්නේ එමගින් සමාජය තුල විශාල චරිතයක් ගොඩනගා ගැනීමේ අභිලාෂයෙන් බව පෙනේ. ඒ කාලේ ගුණදාස අමරසේකරලා, සිරි ගුනසිංහලා සමාජ සීමාවන් බිඳ දමමින්, ගන්ධබ්බ අපදානය, හෙවනැල්ල, වැනි නිර්මාණ බිහිකලද, ඔවුන් මූලික සදාචාර සීමාවන්ගේ පිට ගියේ නැත. නමුත් බොරු සුචරිතවාදීන්ගේ නිර්දය විවේචනයට ඔවුන් ලක්වුනා.

      සන්නස්ගල කරන්නේ බොහෝ දේවල් අමු අමුවේ දෙසාබෑමකි. එහි නිර්මානාත්මක ස්වරූපයකට වඩා ඇත්තේ වාර්තාකරණ හෝ ඕපාදූප කියන ස්වරූපයකි.

      Padam
    2. Self-Deprecation Syndrome පවසන්නේ මේ පිලිබඳවයි

      Padam
    3. ලියෝ තෝල්ස්තෝයි කලාව පිළිබඳව මෙසේ පවසා තිබෙනවා ''විඳගත් වේදිතයන් චලන ,රේඛා ,වර්ණ ,ශබ්ධ ,හෝ වචන සංගති මගින් අන්‍යයන් තුල ද දැන්වීම කලාවේ කාර්යයි '' සන්නස්ගලගේ බොහෝ කෘතීන් පරිශීලනය කල විට හැඟෙන්නේ ඔහු තුල අපට දැනවීමට වේදිතයන් කිසිවක් නොමැති බවයි ,සමාජය තුල පවතින පංති අසමානතාවය සිය ජීවිතයට බලපෑ අයුරු අදෝනා ස්වරූපයෙන් ඉදිරිපත් කරන අතරතුරේ ,,සම්මත රාමුව බිඳ දමමින් අසම්මත යමක් ඇතුලත් කිරීම හරහා ඔහුගේ නිර්මාණ විකුනා ගනිමින් සමාජයේ සිය ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම සන්නස්ගල නම් ගුරුවරයාගේ ක්‍රියා පිළිවෙතය

      Padam
  7. ළමා කාලයේ අත් විඳි දුක දිනා ජයගත් චරිත එම පීඩනයන් ධනාත්මක ලෙස යොදාගෙන ආත්ම සාක්‍ෂාත්කරණයේ යෙදුනු ආකාරය පිළිබඳ ඒබ්‍රහම් ලින්කන් , ස්ටීව් ජොබ්ස් වැනි චරිත කතා වලින් හෙලි වේ. නමුත් සන්නස්ගලගේ ආත්ම කථනයන් අනුව ළමා කාලයේ අත් විඳි දුක දිනා ලබා ගත් ආත්ම සාක්‍ෂාත්කරණය ලඝු වන්නේ තරු පහේ හෝටල් වලින් ඉස්සෝ කකුළුවෝ කෑම සහ මිලෙන් අධික බ්ලැක් ලේබල් විස්කි බීම යන කරුණු වලටය​. එය අපරිණත ලක්‍ෂණයකි//

    කෙනෙක් නවතින්න පුළුවන් ඕන තැනක. තමන්ගේ විමුක්තිය 'බුදුවීම' ඉඳල (මං කියන්නෙ බුදුවීම එක අන්තයක් නම්, ධන අනන්තය නම්,) පරිභෝජනයේ උපරිමයට යන්න කෙනෙකුට හිතෙන්න පුළුවන්. සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් උපුල්ටත් මෙහා නැවතිලා ඉන්නව. මම දන්න කෙනෙක් ඉන්නව හොඳ අධ්‍යාපනයක් ලබල මුදල් හොයාගෙන දැන් කරන්නෙ නිලියන්ගේ පහස ලැබීමත් මිල අධික විස්කි බීමත් කරන එක. ඔහු නැවතිලා තියෙන්නෙ උපුල්ටත් මෙහා තැනක

    BalasPadam
  8. උපුල් සන්නස්ගල නැමැති පණිවුඩකරුවා අවංක අයෙකු බව මටද නොහැඟේ...

    එහෙත් ඔහු දෙන පණිවුඩය නම් නොවැදගත් නොවන බව් මට කිව හැක...

    නූතන ලෝක ගම්මානය්යේ ලිබරල්වාදයත්...වැඩවසම් සංස්කෘතික ආර්ථික කඹ වලත් පටලැවී නන්නත්තාරවී සිටින සමාජයක් සන්නස්ගල යනු හුදෙක් එක විකෘතියක් නොව එවන් විකෘති සමුහයක තවත් එක් හඩ තැලීමකි...

    එවන් ප්‍රශ්ණයකට සුදුපිරුවට ඇද ගත් ඊනියා සුචරිතවාදීන්ගේ පිලිතුරු වල බොල් බව හදුනමු.....එයින් සන්නස්ගල වැනි පාදඩයන් බෝවීම නවතින්නේ නැත.....

    BalasPadam
    Balasan
    1. පණිවුඩකරුවාගේ අවංකභාවය නොව ඔහු ඊට යොමු වූ හේතුව ?

      Padam
  9. පොත කියව නැති නිසා කිසිවක් කීමට අපහසුයි. පොත බලන්නට හොඳ උත්ප්රෙකයෙකි. මට පෙන්නේ විධිහට සන්නස්ගල හොඳ දක්ෂ වෙළෙන්දෙකි.
    http://nelumyaya.com/?p=3400

    BalasPadam
  10. "මෙම කෘතියේ අන්තර්ගත වන සහ කතුවරයා විසින් වරින් වර තමා පිළිබඳ කරන ප්‍රකාශ එක්තරා ආකාරයක සායනික ලක්‍ෂණ පෙන්වන බව කිව හැක​"
    එසේනම් මහින්ද රාජපක්ෂ කිනම් මානසික මට්ටමක සිටිනවාද යන්න පිලිබදව සිතාගනීමටත් අපහසුයි නේද ?

    BalasPadam
  11. ලේඛකයෙක් පොතක් ලීවාම පාඨකයන් ගේ කාරිය කතුවරයාට ඒ පොත ලියන්නට තුඩු දුන් 'රෝගය​' සෙවීම නොවේය​'යි සිතමි. වෛද්‍යවරයෙකු වශයෙන් එතුමාගේ නීරික්‍ෂණය පාඨකයෝ බදාගත යුතු නැතැයි සිතමි.හපුතලේ මීදුමෙන් වැසුනු මනරම් තේ යායන්ට යටින් ඇත්තේ අසංස්කෘතික ගමක්‍ යැයි ඔහු සිතයි. මීදුම් සළුව ඉවත් කර ගම නිරුවත් කරන්නේයයි ඔහු කියයි. එසේම කරයි. නම් ගම් වලින් ම කියා ඇති නිසා එය සත්‍ය යයි අපට හැඟේ. විමතියෙන් ද වේදනාවෙන් ද යුතුව අපි එය කියවමු. මෙය ලෝකයේ ඇති මේ විධිහේ එකම පොත විය යුතුය​. එහෙත් ඔහුත් ශිෂ්‍යත්වය සමත් නොවුනු ඔහුගේ වැඩිමමහල් සොයුරිය නීතා ත් ඔවුන්ට තරමක් ඈත නගරයේ සාපේක්‍ෂ වශයෙන් ඉහළ මට්ටමක ඇති පාසැල් වල උසස් පෙළ පන්ති වල අධ්‍යාපනය ලබන බව පෙනෙන විට​, සොහොයුරෙක් ඇතුළුවීමට තරඟකාරී බවක් ඇති ජර්මන් අභ්‍යාස විදුහලට ඇතුලත් වී ඇතිවිට ඔවුන් ගේ ජීවිතවල ඇත්තේ පොතෙහි කියා ඇති දුක් කන් දරාව පමණක් නොවන බවද කතුවරයා නොකියන කොටසකුත් ඇති බවද අපට පෙනේ. ඔහු නිරුවත් කරන්නේ තෝරා ගත් තැන් පමණක් බව පෙනේ. එහෙත් එහි වටිනාකම නොසලකා හැරිය නොහැක​.

    BalasPadam
    Balasan
    1. මේ නිරීක්‍ෂණය අම්මා නවකතාව අරබයා පමණක් නොවේ

      Padam
  12. //හපුතලේ මීදුමෙන් වැසුනු මනරම් තේ යායන්ට යටින් ඇත්තේ අසංස්කෘතික ගමක්‍ යැයි ඔහු සිතයි. මීදුම් සළුව ඉවත් කර ගම නිරුවත් කරන්නේයයි ඔහු කියයි. එසේම කරයි.///
    ඩේවිඩ් ලින්ච් තම විවාදාත්මක Blue Velvet සිනමා කෘතිය තුළින්ද උත්සාහ කරන්නේ මීට සමාන දෙයක් - එනම් සාමකාමී නිහඩ ඇමරිකානු කුඩා නගරවල (small town America) ජනජීවිතයේ යටින් දිවෙන සැබෑ අශිෂ්ඨත්වය, බියකරු බව -

    BalasPadam
  13. Athdakeem matha helanna akalpayai duppath.

    BalasPadam
  14. පොත අවසානයේ මෙය ප්‍රභන්ධයක් බව ලියා තිබේ.

    BalasPadam
  15. පොත අවසානයේ මෙය ප්‍රභන්ධයක් බව ලියා තිබේ.

    BalasPadam
    Balasan
    1. මේ නිරීක්‍ෂණය අම්මා නවකතාව අරබයා පමණක් නොවේ

      Padam
  16. සන්නස්ගල ස්වයං මානභංග සහලක්ෂණය රෝග ලක්ශන පෙන්වනවායැයි කීම නිමල් සිරිපාලට දියවැඩියා ලක්ශන ඇතැයි හෝ විජයමුනි සොයිසාට ඔස්ටියො පොරෝසිස් ඇතැයි හෝ xx ට ඒඩ්ස් ලක්ශන ඇතැයි කීමට වඩා වෙනස් වන්නේ කෙසේද? (එවැනි නිරීක්ශනයක් වැදගත් වන්නේ කාටද? )

    කෙනෙකුට ඇති රෝග ලක්ශන ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම කොතරම් සදාචාරවත්ද? නොදනිමි..

    - Dimithri

    BalasPadam
    Balasan
    1. මේ ගැන කතා කරන්නට තිබුනා ඔබ වියාජ නම් ගම් වලින් නොමැතිව තමන් ගේ නියම අනන්‍යතාවයෙන් ආවානම්

      Padam
    2. මා හෝ මගේ නම කෙසේ වුවත්, පලකල අදහස ගැන යමක් කිව හැකිද?

      (ඇනෝනිමස් කොමෙන්ට් වාරනය කර නැති මෙහි, කෙනෙකුගේ නම එතරම් වැදගත් නැතැයි හිතනවා. අනික ඔබ ඕනෑ තරම් - මෙහි සහ මීට පෙර - ඇනෝනිමස් කොමෙන්ට් වලට පිලිතුරු ලබා දී ද තිබෙනවා.)

      ස්තුතියි..

      Dimithri

      (මේ මගේ නියම නමයි.

      ඔබ අදහස් කරන්නේ ප්‍රොෆයිලයකින් පැමිනෙන්න කියා නම්, ප්‍රොෆයිලය සහ නියම නම අතර සම්බන්ධයක් ඇතැයි ඔබ සිතනවාද??)

      Padam
    3. I am surprised by Ruwan's comment here!

      Padam
  17. මාර බෝරිංනෙ අප්පාහ් මේ කුරුට්ට! සීරියස්ලි... මොනවද දැන් මේක කියවලා ලැබෙන්නෙ? සන්නස්ගල ගහන බෝම්බ වලට මං නම් සැලියුට් එක ගහනවා. ලංකාව කියන්නෙ මාර පන්සලනේ. යන්නෙම කන්වෙන්ෂනල් ට්‍රැක් වල. අමු බොරුව!.. බිහයින්ඩ් ද ස්ක්‍රීන් රමණය තමයි 24/7 ඔළු වල තියෛන්නෙ. හැබැයි මෙලෝ දෙයක් වෙන්නෙ නෑ ඩේ ටු ඩේ මොනොටනස් ලයිෆ් එක ඇරෙන්න ඒ ජීවිත වල.

    අර කලින් කමෙන්ට් එහෙක අහලා තියෙන දේ වැලිඩ් මං හිතන්නෙ.. මේක ක්ලිනිකල් ඇනලිසිස් එකක් නම් it is unethical. You should have said this to Sannasgala personally. (If you are a doctor, that is.. and if you know what it means to be a doctor, that is..)

    ‍කොහොම වුනත් සන්නාව කට්ටියට අම්බානකට වැදිලා කියලා නම් තේරෙනවා මේවා දකිද්දි ... Mission accomplished කියලා සන්නා කියනවා ඇති! 

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook