Rabu, 10 Jun 2015

පොලිස් පරීක්‍ෂක ආනන්ද ගුණවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් 600 කට ආසන්න පිරිසක් මරා දමා අදට විසි පස් වසරක් සපිරේ.




එල්ටීටීඊ ය විසින් නැඟෙනහිර පළාතේ පොලිසි සියල්ලටම පාහේ පහරදී පොලිස් නිලධාරීන් 600 කට ආසන්න පිරිසක් මරා දමා අදට විසි පස් වසරක් සපිරේ.  

ප්‍රේමදාස රජය එල්ටීටීඊ ය සමඟ සටන් විරාම ගිවිසුමක් අස්සන් කොට තිබූ අතර පොලිස් නිලධාරීන්ට එල්ටීටීඊ යට යටත්වන ලෙස දැනුම් දී තිබිණි. කොටින් විසින් 1990 ජුනි 11 දින පොලිස් නිලධාරීන් 850 දෙනකු පමණ අත්ඩංගුවට ගත් අතර එයින් 600 කට ආසන්න පිරිසක්  ජිනීවා සම්මුතිය උල්ලංඝනය කරමින් තිරුක්‌කෝවිල් කැලෑවට ගෙන ගොස්‌ වෙඩි තබා මරාදමා පසුව මෘත ශරීරද පුළුස්සා දමන ලදි.

පොලිස්‌ භටයන්ට යටත් වීමේ නියෝගය දුන්නේ කවුද යන්න අද පවා අභිරහසකි. ඝාතනය කරන ලද පොලිස් නිලධාරීන්  අතර මා සමග කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පොලිස් පරීක්‍ෂක ආනන්ද ගුණවර්ධනද විය​.   

 ආනන්ද ඔබට නිවන් සුව​   



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

10 ulasan:

  1. යටත් වීමේ නියෝගයේ වගකීම ඇත්තේ සේනාධිනායකයා, එනම් ර ප්‍රේමදාසට යි.

    BalasPadam
  2. රාජ්‍ය පාලකයකුගේ මෝඩකමක මහත. ඔය සටන් විරාමය කාලේ කොටි අපිට රෙද්ද උස්සලා පෙන්නුවා. මම දවසක් කිව්වා, මාව හමුදා උසාවියකට දැම්මත්, ආයෙ එක පාරක් අපේ කඳවුර ලඟින් හූ කියාගෙන ගියොත්, මම උන්ව මරනවා කියලා. මාව වහාම නුවරඑළියට මාරු කළා.

    BalasPadam
    Balasan
    1. ඒ පොලිස් නිලධරින් මරා දැමුවේ සටනකදී නොවේ. ඔවුන් යටත් වීමේ නියෝගය නිසා වියාකූල වෙලා හිටියා.

      Padam
  3. මගේ ඥාති මාමා කෙනෙකුත් මියගියා. වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුයි. ඇරත් මේ ගැන ලියවෙච්ච ලිපියක මම දැක්ක නියෝගය 'ඉහලම' තැනකින් පැමිණි බව.

    BalasPadam
    Balasan
    1. රසිකගේ කොමෙන්ටුව බලන්න රාජ්

      Padam
  4. මගේ මාමත් ඔය කාලෙදි නැගෙනහිර පොලිස් ස්ථානයක වැඩ කළේ. ඔය සිද්දිය වෙන්න මාස කිහිපයකට කලින් පවුලේ අයගේ බල කිරීමට සේවයෙන් ඉල්ලා අස්වුනා. එයාගෙ නැති වෙච්ච යාළුවො ගැන අදටත් මතක් කරනවා.

    BalasPadam
    Balasan
    1. ඔවුන්ව වෘකයන්ට බිල්ලට දුන්නා

      Padam
  5. ආනන්ද ගුණවර්ධන සොයුරාට නිවන් සුව. අදූරදර්ශී තීරණ නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ පළවන හෝ අවසාන පුද්ගලයා ඔහු නොවන බව අපි දන්නවා.

    BalasPadam
    Balasan
    1. අදූරදර්ශී තීරණ නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ පළවන හෝ අවසාන පුද්ගලයා ඔහු නොවන බව අපි දන්නවා +++++++++++++++

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook