Rabu, 6 Mei 2015

පතිරූප දේශය





ලංකාව පතිරූප දේශයක්ද තව දුරටත්
නූගතුන් විසින් උගතුන්ව පාළනය කරන 
මරණය සුලබ මිනිස්කම දුලබ  
ජාති ආගම් භාෂා වලින් කොටු සදාගෙන 
එකිනෙකා සැක කරන 
එකිනෙකා මරා ගන්නා 
විනාශය කරා ඇදෙන දේශය
නිශ්ශබ්ද වූ යහපත් මිනිසුන්ගේ නිසල හඞ පරයා 
ඇසෙයි මහ හඞ ක්‍රියාශ්‍රීලී අතලොස්සක් වූ 
සමාජයට මාරාන්තික අනර්ථකාරී අන්තවාදීන්ගේ
ඒ අතර වැදි බණ දෙසයි  යථාවාදී තථාකාරී  බවින්  
බොහෝ සෙයින් ඈත් වූ  කාමාග්නියේ ගැළුණු 
පරපුටු පූජක හමුදාව
ගසාකයි දේශයේ සම්පත් 
මහජන මුදලින් යාන වාහන මන්දිර 
පිනට ලබාගත් දේශ පාළුවන් 
මිරිකා යුශ උරා බොයි වවුල් හපයක් සේ 

වෛද්‍ය රුවන් එම්. ජයතුංග

12 ulasan:

  1. පිස්සු කතා කරනවද ඩොක්ටර්? කේතුමතී පුරේ වගේ වෙන්න ඔන්න මෙන්න ඉන්නේ අපි. පුදුම ආශ්චර්යයක් තියෙන්නේ මෙහේ. ගංගාරාමේ වෙසක් කලාපේ දිහා බල බල මොන හිතකින්ද ඔහොම කියන්නේ.. හැක්.

    BalasPadam
    Balasan
    1. කල්‍යාණ මිත්‍ර :ගංගාරාමේ ගැට ගහලා ඉන්න අලියා තාමත් ඉන්නවද ?

      Padam
  2. ඔව්වා කියලා මෙහෙ ඉන්න තලේබාන්, isis, බෝකෝ හරාම්, හාමුදුරු වරුන්ට අහුවෙනවා එහෙම නෙවෙයි ඔන්න.

    BalasPadam
    Balasan
    1. විචාරක - අළුත්ම නිකායන් දැන් තියනව වගේ

      Padam
    2. බොහෝ හරාම් කියන්නේ "බටහිර අධ්‍යාපනය එපා" කියන එකයි. මෙහේ ඒ නිකායේ ප්‍රධාන සංඝනායක තමයි පානදුරේ නලින්ද සිලුවාභිධාන උන්නාන්සේ.

      Padam
    3. ඒ උනාට උන්නාන්සේ තමන් ගේ ළමයි ඇමරිකාව යැව්වනේ උසස් අධ්‍යාපනය​ට

      Padam
  3. මේකයි රුවන් වැඩේ.
    ඔය සේරම අය බහුතර මහජන කැමැත්තෙන් නේ වැඩ කරන්නේ!
    තාමත් හොරුන්ට තියෙන අනුකම්පාව පේනවා නේද?

    BalasPadam
    Balasan
    1. රසික අතීතයේ වහලුන් තමන් ගේ යදම් එක්ක ආදරයෙන් බැඳිලා තියනවා

      Padam
  4. // ලංකාව පතිරූප දේශයක්ද තව දුරටත්
    නූගතුන් විසින් උගතුන්ව පාළනය කරන //

    සහතික ඇත්ත..

    BalasPadam
    Balasan
    1. දිනේශ් මේක තමයි යතාර්තය

      Padam
  5. Acharya Sunil Ariyarathna liyapu Visharada Nanda Malani gayapu geetha deka thunakma mathak wenawa meka kiyawaddi

    අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ...
    ලේකිරි දුන්උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ...
    දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ...
    දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ...
    උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්...
    මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...
    තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී...
    ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී...
    උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී...
    මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී...
    අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී...
    මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…
    පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය:- ස්ටැන්ලි පීරිස්


    සඳ එළිය ගඟක් වී මා නුවන් ඉවුරේ...
    හැපී පෙණ පිඬු නඟයි
    අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ...
    මල් සුවඳ රටක් වී මා නුවන් සයුරේ...
    ඒ රටට අඬ ගසයි
    අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ...
    කිරි සිහින සඳක් වී මා නුවන් අඹරේ...
    සිනා සී අත වනයි
    අනේ අපි කවදාක ඇවිදිමුද ඒ සඳේ...
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - සරත් දසනායක.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook