බම්බලපිටියේ මිනිසා මුහුදට පළවා හැර මරා දැමීම පිලිබඳව 2009 වසරේදී මා විසින් Daily News පුවත් පතට ලිපියක් ලිව්වා. මේ ලින්ක් එකෙන් එය කියවිය හැක.
Monday, November 29, 2021
අයියා පුතා සහ බම්බලපිටියේ මිනිසා මුහුදට පළවා හැර මරා දැමීම
Monday, November 15, 2021
VOG ඇන්දීම
1997 කාලයේ මම මීගමුව දිස්ත්‍රික් රෝහලේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී - නාරි හා ප්‍රසව ( SHO Gyn and OBS) ලෙස සේවය කලෙමි. මාගේ විශේසඥ වෛද්‍යවරයා වූයේ VOG අජිත් සේමසිංහ මහතාය. ඒ කාලයේ සතියට දින 6 ක් නයිට් ඩියුටි කිරීමට මට පැවරී තිබුනි.
Saturday, November 13, 2021
පීඩිතයෝ විසින් බඩට කිස් දීම
බඩට කිස් දෙන කොට මාර කිතියක් දැනෙනවා. සමහර වෙලාවට ශර්ට් එක අස්සෙන් ශේව් නොකරපු නිසා බුවාලාගේ රැවුල් කෑලි ඇනෙනවා. පීඩිත බුවාලාගෙන් බඩට කිස් එකක් ලැබෙනවා කියන්නේ උපරිම භක්තිය. මේ බඩට කිස් දෙන එක ගැන ලියපු ලිපියක් : https://transyl2014.blogspot.com/2017/06/blog-post.html?fbclid=IwAR1wUZQwBlPmNixmNCO7NmRb0ozjoeRU2ua0g-UZeZacLetMN8TT0r3a2cc
Sunday, October 31, 2021
I read Dr. Ruwan M Jayatunge's "වෛද්‍යවරයෙකුගේ සිහි සටහන්" with great enthusiasm- Dr. Chandani Galwaduge
I read Dr. Ruwan M Jayatunge's "වෛද්‍යවරයෙකුගේ සිහි සටහන්" with great enthusiasm. Dr. Ruwan joined Kandy district preventive health team in 1996 as the MOH Minipe. At that time I was the MO (MCH ) in Kandy district. It was difficult to ignore this charismatic young doctor who always was with a smiling face. Very enthusiastic young doctor; participated in the district monthly MOH review meetings without fail despite the distance and the difficult road that he had to travel. Lively participated in all our discussions and was excellent in monitoring MCH activities within his area including all maternal deaths... That was the time Sri Lanka conducted National Immunization Days to eradicate Polio. During these Ruwan exhibited his ability to coordinate with Government and non Governmental organizations and achieved 100% coverage...Even during those young days, he demonstrated all the signs of success late in his life.
Dr. Chandani Galwaduge - Former Consultant Community Physician, Central Province
Thursday, October 28, 2021
ELASTO සහ දහම්සොඞ ජාතකය
මෙතන 1970 ගනන් වල මැද වෙසක් එකට තොරණක් තිබ්බා. ඒ තොරනේ තිබ්බේ දහම්සොඞ රජ රාක්‍ෂයාගේ කටට පර්වතයක් උඩින් පනින කතාව. යකෙක් හදලා පර්වතය උඩ ඉඳන් රජතුමා පනින එක යන්ත්‍රානුසාරයෙන් පෙන්වනවා. මමයි මල්ලියි මේක බලන්න ගිහින් තිබූ කුතුහලය නිසා තොරණ කවර් කොට තිබූ ඉටි කොලයක් ඉස්සුවා, එතකොට අපි දැක්කා සරං කාරයෙක් දාඩිය දාගෙන බයිසිකල් චේන් වලින් හදපු යන්ත්‍රයක් කරකවනවා. අපි ඉටි කොලය උස්සලා පොරව එක්ස්පෝස් කරපු නිසා මෑන්ට කේන්ති ගොස් මට කිව්වා"දුප් කැ... කියලා , මම එතකොට 7 වසරේ විතර. බය වෙලා අපි මිලාගිරිය සෙන්ට් පෝල්ස් එක ලඟට වෙනකම් දිව්වා.