Pages

▼

Sunday, October 25, 2026

අවුරුදු 10 ක සිසුවාගේ පරිත්‍යාගය



1976 වගේ කාලෙක ( එතකොට අපි හිටියේ 4 වසරේ) බිග් මැච් එකේ මම හිටියේ ජයනාත් සේරම් ලඟ. මම ඔහුගේ අතීසාර මිතුරෙකු උනෙත් නෑ. දැන අඳුනන කම පමනයි තිබ්බේ. සවස තේ වෙලාවේදී සේරම් පෙට්ටියක්  ඇරියා. ඒකේ   ජෑම් ගාපු සැන්විච් දෙකක් තිබ්බා. ඒකෙන් එකක් සේරම් අතට අරගෙන දෙවෙනි එක මට දුන්නා. 

මෑතකදී ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක සිසුන්ට කරපු දේශනයකදී ( මම කරපු මාතෘකාව Helping and Altruism ; Prosocial Behaviors ) එහිදී මම සිසුන්ට කිව්වා අවුරුදු 10 විතර පිරිමි ලමයෙක් තමන් ගේ  සැන්විච්  දෙකෙන් එකක් ලඟ හිටපු යාලුවාට දුන්න  මේ සත්‍ය සිදුවීම​. මේ විශ්ව  විද්‍යාලයේ සිසු සිසුවියන් ධනවත් පවුල් වලින් ආපු වරප්‍රසාධිත සහ ජීවිතයේ කවදාවත් අහේනි අත් විඳපු ලමයි නොවෙයි. ඔවුන්ට මම කියපු කතාවෙන් තේරුනේ අර්ධයක් විතරයි. අවුරුදු 10 ලමයෙක් තමන් ගේ සැන්විච් එකක් ලඟ හිටපු යාලුවා එක්ක ශෙයා කල බව විතරයි ඔවුන් ගේ ඔලු වලට ගියේ. නමුත් මෙතන ඊට වඩා දුර දිග ගිය කතාවක් තිබ්බා ඔවුන්ට කවදාවත් තේරුම් ගත නොහැකි. 

1976 වසර කියන්නේ ශ්‍රී ලංකාවේ අර්ධ සාගතයක් තිබ්බ ආහාර අර්බුධයක් තිබ්බ කාලය​. පාන් ගෙඩියක් ගන්න මිනිසුන් පැය 4- 5 පෝල්ම් වල ඉන්නවා. ඒ කාලේ  මිනිසුන් අතේ තියන පාන් ගෙඩිය උදුර ගෙන යන කාලයක්. මේවගේ කාලයක තමන් ගේ සැන්විච් දෙකෙන් එකක් යන්තම් දැන අඳුනන යාලුවෙක්ට දුන්නා කියන්නේ ඒක ලොකු පරිත්‍යාගයක්. ජයනාත් සේරම් කරපු ඒ පරිත්‍යාගය වසර 50 කටත් එහා ගිහින් තාම මතකයේ තියනවා. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments