Pages

Sunday, January 11, 2026

අරුගම්බේ ප්‍රදේශයේ යුදෙව් මොඩල් රාජ්‍යයක් බිහිවෙමින් පවතිනවාද ?




Ramzy Razeek මෙහෙම ලියනවා ................... අරුගම්බේ ප්‍රදේශයේ යුදෙව් මොඩල් රාජ්‍යයක් බිහිවෙමින් පවතී.///////////////// මේක පිලිබඳ මම සොයා බැලුවා , මගේ මිතුරන් කීප දෙනෙක් ඉන්නවා අරුගම්බේ පානම පොතුවිල් ප්‍රදේශ වල. මා විසින් ලබා ගත් තොරතුරු අනුව අරුගම්බේ ඊශ්‍රායල් කොලනියක් බිහි වෙමින් තියනවා කියන එක බොරුවක් සහ ජනයා කුපිත කිරීමට ආගමික අන්තවාදීන් ගෙන යන සයි ඔප් එකක්. ඊශ්‍රායල් ටුවරිස්ට්ලා අරුගම්බේ එන්නේ සර්ෆිං වලට. සර්ෆිං අරුගම්බේ තිබෙන්නේ මාස කීපයක් පමණයි , ඉන් පසු වාරකන් , ඔවුන් දකුණු පලාතට යනවා සර්ෆිං සඳහා. මේ කාලේ ඊශ්‍රායල් ටුවරිස්ට්ලා අන්තිම හිඟයි.

අරුගම්බේ. අරුගම්බේ ටුවරිසම් කරන ඉස්ලාම් භක්තික මුස්ලිම් ජාතිකයන් ඉන්නවා. ඔවුන් ඊශ්‍රායල් ටුවරිස්ට්ලා එන එකට කැමතියි. ඔවුන්ට ආදායම එන්නේ මේ සංචාරකයන් ගෙන්. අරුගම්බේ ටුවරිසම් කරන මුස්ලිම් ජාතිකයන් රැවුල්වත් වවව්වේ නෑ. ඔවුන් සාමාන්‍ය විදිහට ඉන්නවා ආගමික පලඳනා වලින් තොරව සංචාරක කලාප වල සේවය කරනවා හෝටල් වල මෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරිමේ සේවා වල යෙදෙමින්.

ඊශ්‍රායල් ටුවරිස්ට්ලා අරුගම්බේ බහුලව එන නිසා ඔවුන් ගේ ජනප්‍රිය ස්පොට් ඇති , ඒවා සිනගොග් කියා අර්ථ දක්වන්නේ වාර්ගික අගතිය අවුලන්න වෙන්න පුලුවන්. අරුගම්බේ නීති විරෝධී සිනගොග් තිබේ නම් එහි ලිපිනයන් , පින්තූර දාන්න ගූගල් මැප් වලින් අපි ඒවා පෙන්නමු. මම මේ පිලිබඳව තවත් තොරතුරු ගන්න  අරුගම්බේ / පානම ඉන්න මා හඳුනන ප්‍රාදේශීය දේශපාලකයන් කීප දෙනෙකුටත් කතා කලා. ඔවුන් කියන පරිදි අරුගම්බේ ප්‍රදේශයේ යුදෙව් මොඩල් රාජ්‍යයක් බිහිවෙමින් තියනවා කියන කතාව අමූලික බොරුවක්. ඊශ්‍රායල් ජාතිකයෝ අරුගම්බේ එන්නේ වසරේ මාස  කීපයක් සඳහා පමණයි . ඉන් පසු ඔවුන් යනවා. නැවතිලා  ඉන්නේ නෑ. ඔවුන් එසේ පැමිනෙන විට සැබත් හවුස් නමින් නිවසක් කුලියට ගෙන තියනවා. එය අයිති මුස්ලිම් ජාතිකයෙකුට. එම ගෙය බදු දී ඔහු හොඳ මුදලක් ලැබුවා. නමුත් අන්තවාදීන් ගේ තර්ජන නිසා මේ මුස්ලිම් ජාතිකයා එම නිවස යලි ලබාගෙන තියනවා.  

රුසියන් ටුවරිස්ට්ලා බහුලව එන දකුණු පලාතේ යම් යම් ස්ථාන තියනවා රුසියානු ස්පොට්ස්. ඒක ඕනම සංචාරක ඩෙස්ටිනේෂන් එකක තියනවා. එවැනි වාර්ගික ස්පොට්ස් තිබ්බා කියලා මිරිස්සේ රුසියන් මොඩල් රාජ්‍යයක් බිහිවෙමින් තියනවා කියලා කවුරුත් කියන්නේ නෑනේ. මේ වගේ වාර්ගික හේට්‍රඩ් වර්ධනය භයානකයි. කවුරුහරි අන්තවාදී මවුලවි කෙනෙක් මොල හෝදලා සහරාන් වගේ මෝඩයෙක්ට බෝම්බයක් පිටේ බන්දවලා ඌට මරනින් පස්සේ කන්‍යාවින් 72 ලැබෙනවා කිව්වම ඌ කෙල හලාගෙන අරුගම්බේ ඊශ්‍රායල් ටුවරිස්ට්ලා එන කාලයට පිරිසක් ඉදිරියට ගිහින් පුපුරව ගත්තොත් ලංකාවේ ටුවරිසම් ආපහු හාන්සියි. ඒ වගේම අරුගම්බේ ටුවරිසම් වලින් යැපෙන මුස්ලිම් පවුල් දහස් ගනනකටත් ආදායම් අහිමි වෙනවා. මේවා ආවේගයෙන් නොව මොලයෙන් විසඳන්න ඕන කේස්. 






No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments