Pages

Sunday, January 11, 2026

රොබට් නොක්ස් දුටුු ලංකාව



රොබට් නොක්ස් නම් ඉංග්‍රීසී ජාතිකයා දෙවැනි රාජසිංහ ( 1634-1686) රජ කාලයේ අවුරුදු19 මාස 6ක් පමණ උඩරට රාජධානියේ සිරකරුවකු ව සිටි ඉංග්‍රීසි ජාතිකයෙක්. රොබට් නොක්ස් සිංහල රජුන්ගේ සිරකරුවකු බවට පත්වනුයේ, අතීත කොට්ටියාරම හෙවත් වත්මන් ත්‍රිකුණාමලයේ “මූතුර් ” වලදී.   රොබට් නොක්ස් ලංකාවේ සිරගතව සිටි මුල් කාලයේදී එක් මහල්ලෙක් කොලඹ පෘතුගීසින් ගේ කොටුවට පහර දුන්  සමයේ ලැබුණු බයිබලයක් ඔහුට විකුනයි. රොබට් නොක්ස් ඉතා ආශාවෙන් මේ බයිබලය මිලදී ගෙන කියවයි. මේ බයිබලය ලියා තිබුනේ පෘතුගීසි භාෂාවෙන් විය නොහැක. එසේම ඉංග්‍රීසි භාෂාවෙන්ද  විය නොහැක. බොහෝ විට එය ලතින් බසින් ලියවුණු  බයිබලයක් විය යුතුය. එතරම් උගත් කමක් නොතිබුණු කනිෂ්ඨ නාවිකයෙකු වූ රොබට් නොක්ස්ට  ලතින් භාෂා දැණුම තිබුනේද ?  

පොල් ගස් පහක් , කුඹුරු කෑල්ලක් සහ කිරි ගවයෙක් සතු ගැමියෙක් ධනවතෙකු ලෙස දෙවන රාජසිංහ රජු යුගයේ සමාජය ව්සින් සලකන ලද බව රොබට් නොක්ස් ගේ වාර්තා අනුව පෙනීයයි. ඒ කාලයේ සාමාන්‍ය මිනිසුන්ට තම ගෙවල් වල හුනු ගෑමටත් අවසරයක් නොවීය. බත් සමහ මැල්ලුමක් දඩ මසක් හෝ වෙල් මාළු කෑල්ලක් කෑම සාමාන්‍ය ජනයාට රාජ භෝජනයක් විය.නොක්ස් වෙලඳාමෙන් සහ පොලී කිරීමෙන් මුදල් ඉපයුවා. එසේම ඔහු දේශීය කාන්තාවන් පිලිකුල් කලා.  

නොක්ස් එකල සමාජයේ තිබූ ලිංගික චර්‍යාවන් ගැැන ලියනවා  Living together, කියන එක සිංහල සමාජයට ආගන්තුක දෙයක් නෙවෙයි. නොක්ස් ගේ වාර්තා වල මේ බව සඳහන් වෙනවා. උත්සව තියල සරණ මංගල්‍ය තිබ්බේ ප්‍රභූ වරුන්ට පමණයි. හුදී ජනයා කලේ Living together, එක.  LGBT පිලිබඳව නොක්ස් මෙසේ ලියනවා. රජතුමාගේ බොහෝ සේවකයන් වූයේ කොල්ලන්ය, තරුණ පිරිමින්ය. හොඳ පවුල්වලින් එන කඩවසම් අයය. දිසාවේලා හෝ රටේ මහත්තුරු හරහා එවැනි කොලු ගැටව් තෝරා ගැනෙන අතර යහපත් පෙනුමැති, හොඳ පවුල් පසුබිමක්‌ ඇති අය තෝරා මාළිගාවට එවේ. මේ කොලුවන්ගේ හිසකෙස්‌ බූ ගාන අතර කෙස්‌ පිටුපසින් එල්ලෙයි. රජුට සමලිංගික හැසිරීම සම්බන්ධයෙන් වරදක්‌ නොදැනුණු අතර, ඔවුන් අතර එවැනි පවක්‌ ගැන කතා වෙනු ද මම කිසිම දිනක නොඇසුවෙමි. (සිලෝන් දූපතේ ඓතිහාසික සම්බන්ධතා, රොබට්‌ නොක්‌ස්‌. 1681)  

නොක්ස් එංගලන්තයට ගොස් වහලුන් අල්ලා විකුනන නැවක සේවය කලා. තමන් ගේ නිදහස අහිමිව සිටි ඔහු අන්‍යන් ගේ නිදහස අහිමි කිරීමට ක්‍රියා කිරීම එක අතකින් සරදමක්. 



No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments