ජෝ අබේවික්‍රම සිනමාවට ඇතුළු වුනේ විකට නළුවෙක් ලෙසට. ජෝ සිංහල සිනමාවේ දක්ෂතම නළුවා කියලා කියන්න පුලුවන්. දෑසනිසා චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම ගේ රඟපෑම විශිෂ්ටයි. ඔහු Autistic individual with mental retardation and socially awkward behavior ලෙස පෙන්වන රඟපෑම කිසිම මනෝ වෛද්‍යවරයෙකුගේ / සායනික වෘත්තිකයෙකු ගේ අවධානයට යොමු වුනේ නෑ. චිත්‍රපටයේ ඔහු ගේ හැසිරීම , මුහුනේ Facial Expressions දැක්වීම ඔස්කාර් සම්මානයකට වුවත් නිර්දේශ කල හැකියි. Rain Man චිත්‍රපටයේ Dustin Hoffman ගේ චරිත නිරූපනයට වඩා ජෝ අබේවික්රමගේ චරිත නිරූපනය ප්‍රශස්තයි.නමුත් අපගේ චිත්‍රපට විචාරකයන් ගේ දුගී චින්තනය නිසා මෙම චිත්‍රපටය සහ ජෝ ගේ රඟපෑම පිලිබඳව කථිකාවක් ගොඩ නැගුනේ නෑ..මේ චිත්‍රපටය යලි විසංයෝජන කථිකාවකට යොමු කල යුතුයි. ඒ වගේම සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේ ජෝ නිරූපනය කරන්නේ Shell Shocked සොල්දාදුවෙක්. Shecll Shock සහ PTSD ගැන ලංකා සමාජය අහලවත් නැති කාලයක ඔහු නියම ලෙස එම චරිතය නිරූපනය කරනවා. එකී චරිතයන්ට ආවේශ වෙන්න මේ සායනික දැණුම ඔහුට ආවේ කොහෙන් ද ? පුරහඳ කළුවර" චිත්‍රපටයේ වන්නිහාමි ගේ චරිතය තුල ජෝ කල රඟපෑම Scent of a Woman චිත්‍රපටයේ Al Pacino ගේ රඟපෑමට වඩා විශිෂ්ඨයි.
+++++
ReplyDeleteඔව්..චිත්‍රපටිවල පිටපත තමුන්ගේ චරිතය ඉලිප්පිලා පේන විදියට වෙනස් කළෙත් නෑ..මවාගත්ත බොරු ප්රතිරූපයකින් කථාකළෙත් නෑ..ලැබුනේ මොන චරිතයද ඒකට උපරිම සාධාරණය ඉෂ්ට කළා..පූජා චිත්‍රපටයේ දරුදුක උහුළා තනිව වැලපෙනා ගීතයේ රූපරාමුවට කළ රඟපෑමත් අතිවිශිෂ්ටම එකක්..
ReplyDeletejoe is a natural actor
ReplyDelete