ලංකාවේ යුදෙව් ජනාවාස පිළිබඳ පළමු ලිඛිත වාර්තාව 9 වන සියවසේ මුල් භාගය දක්වා දිව යයි. අරාබි භූගෝල විද්‍යාඥ සහ ගවේෂක අල්-ඉද්රිසි, අබු සයිද්ගේ ලංකාවේ යුදෙව්වන් පිළිබඳ වාර්තාවට (12 වන සියවස) අනුව සෙරන්ඩිබ් රජුගේ (ශ්‍රී ලංකාව සඳහා පැරණි පර්සියානු නම) රජයේ කවුන්සිලයේ යුදෙව්වන් හතර දෙනෙකු සිටි බව ලියා තිබේ. ලාංකික රජු IV වන කාශ්‍යප රජු බව සිතිය හැක. පෘතුගීසි ආක්‍රමණිකයන් ගේ පීඩා නිසා බොහෝ යුදෙව්වන් 16 වන සියවසේදී ලංකාව හැර ගොස් කොචින් යුදෙව්වන් සමඟ එක් වූ ඇත.
ලංකා විශ්ව විද්‍යාලයේ නූතන යුරෝපීය භාෂා පිළිබඳ පළමු මහාචාර්යවරයා වූයේ ලන්ඩනයේ සිට පැමිණි ඔස්ට්‍රියානු යුදෙව් සරණාගතයෙකු වන ආචාර්ය වැලි රීච් ය. මාරි මියුසියස් හිගින්ස් ජර්මානු යුදෙව් අධ්‍යාපනඥවරියක් වූ අතර කොළඹ මියුසියස් විද්‍යාලය 1891 වසරේ, බාලිකාවන් 12 දෙනෙකුගෙන් බෞද්ධ පාසලක් ආරම්භ කළාය. කොල්පිටියේ ස්ටුවර්ට් පෙදෙසේ (සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ඉදිරිපිට) යුදෙව් සිනගෝගයක් 'රොටුන්ඩා' පවා තිබූ අතර එය බ්‍රිතාන්‍ය හමුදාවේ යුදෙව් හමුදා නිලධාරීන් විසින් භාවිතා කරන ලදී. 1948 දී ලංකාව නිදහස ලැබීමෙන් පසු සහ ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවීමෙන් පසුව, ලංකාවේ ජීවත් වූ බොහෝ යුදෙව්වන් රට හැර යන ලදි.
බ්‍රිතාන්‍ය පාලනයේ මුල් අවධියේදී, එවකට ශ්‍රී ලංකාවේ අගවිනිසුරු සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් දිවයිනේ යුදෙව් ජනාවාසයක් පිහිටුවීමට යෝජනා කරන ලදි. ඊශ්‍රායල රාජ්‍යය බ්‍රිතාන්‍ය විසින් මුලින්ම ස්ථාපිත කිරීමට යන ලද්දේ ලංකාවේ උතුරු මැද පලාතේ බවත් ඊට විරුද්ධව හේමපාල මුණිදාස විසින් උද්ඝෝෂණය කල බවත් කියවේ. දෙවන ලෝක යුද සමයේ යුදෙව් අනාතයන් කුරුණෑගල ප්‍රදේශයේ දුටු බව මාගේ වියපත් ඥාතිවරියක් වරක් මා සමග කීවාය. ඇතැම් විට පලස්තීනයට යාමේදී යුදෙව් අනාතයන් ලංකාව හරහා යන්නට ඇත. යම් ලෙසකින් ඊශ්‍රායල රාජ්‍යය ලංකාවේ උතුරු මැද පලාතේ ඇති කලේ නම් ලංකාවේ මෑත ඉතිහාසය සහමුලින්ම වෙනස් වීමට ඉඩ තිබුණි. එසේ වී නම් ලංකාව අතිශයින්ම දියුණු රාජ්‍යක් වෙයිද නැත හොත් ගාසා තීරයක් වෙයිද?
( In the early stage of British rule, then Chief Justice of Sri Lanka Sir Alexander Johnston proposed the establishment of a Jewish settlement on the island, an idea that was not taken up by the colonial office in London. Both Israel and Sri Lanka became independent states in 1948.) Read https://besacenter.org/israel-sri-lanka-relationship/?fbclid=IwY2xjawEu1PRleHRuA2FlbQIxMAABHVkP3GXlajbP1T9kAolA0e56m-CiR9DoS7XT4HubDRZQz3cceh4QtQ4qZg_aem_mPhqfWnRvENMBMkYXVt3Ig
යුදෙව් ජනාවාස ටිකක් ලගදිම දකුණු පලාතේ තැන් කිහිපයක් හැදෙයි වගේ
ReplyDelete