සමහර දොස්තරලා ඒලියන්ත වයිට් මිය ගිය එකට අනියමින් සතුට පල කරලා. ඒක හොඳ දෙයක් නෙවෙයි. කෙනෙකුගෙ මරණය ඒ අයගේ පවුලේ අයට වේදනාවක්. සමහර වෛද්යවරුන්ට ඒලියන්ත එක්ක ඉරිසියාවක් , ඔහු පිලිබඳ කුහක ස්ථාවරයක් තිබුනු බව ඇත්ත. බොහෝ උපාධි සහතික තිබෙන වෛද්යවරුන්ට සිහිනෙකින් වත් යාමට බැරි උඩකට ඒලියන්ත ගියා. ඒලියන්ත වයිට් ගේම ගැහුවේ ස්ටෙරොයිඩ් අධි මාත්රා කසාය වලට කවලම් කරලා , ඒ වගේම ප්ලැසිබෝ ඉෆෙක්ට් එක 100 % අරගෙන . ඒවගේම ඔහු හොඳ තෙරපියුටික් සන්නිවේදකයෙක්. හිමාල වනයෙන් ගෙනාපු බෙහෙත් කිව්වම බොහෝ උගත් මිනිස්සුනුත් ඇන්දුනා. ඒ වගේම අධි විශ්වාසය නිසා ඔවුන් ගේ රෝගත් සුව උනා.
තෙරපියුටික් සන්නිවේදකයෙක් ලෙස බැලුවම ඒලියන්ත ඉදිරියේ වෛද්ය චන්දිම ඩිමෙල් වගේ පතාකයෝ ළදරුවෝ. නියම මාර්ගයේ ගිහින් වෛද්ය උපාධිය හදාරලා සායනික අත්දැකීම් අරගෙන තිබුනා නම් ඒලියන්තට ලංකාවේ ඉතා හොඳ වෛද්යවරයෙක් වෙන්න තිබ්බා.
අපේ කනිෂ්ඨ වෛද්යවරු ඒලියන්ත ගේ කොමියුනිකේෂන් ස්කිල්ස් හදාරන්න ඕනේ. නමුත් ඔහු කල ව්යාජයන් බොරු විජ්ජාවන් ඉගන ගන්න එපා. රෝගියෙකු සමහ ඔහු කතා කල හැටි, විශ්වාසය ගොඩනගා ගත්ත හැටි, ඒවා හදාරන්න. ඔබලාට අනාගතයේ හොඳ වෛද්යවරයෙකු වෙන්න පුලුවන් ඒ ස්කිල්ස් අධ්යනය කලොත්.

I heard that he did not taken covid vaccine, is it truth Doctor?
BalasPadamI read it in the newspaper
Padam