පසුගිය සතියේ පැරීසියේදී මට ප්රන්ස මනෝ වෛද්‍යවරයෙකු මෙන්ම මනෝ විශ්ලේෂකයෙකු වන වෛද්‍ය එරික් ස්මඩ්ජා හමු විය. මනෝ වෛද්‍යවරයෙකු වීම සඳහා මනෝ විශ්ලේෂණය පිලිබඳ දැණුම අනිවාර්ය වෙයි. එහෙත් ලංකාවේ මනෝ වෛද්‍යවරු බහුතරයට මනෝ විශ්ලේෂණය පිලිබඳ දැණුමක් නැත. දීප්ති කුමාර ගුණරත්න වරක් කීවේ ලංකාවේ මනෝ වෛද්‍යවරුන්ට මනෝ විශ්ලේෂණය පිලිබඳ තිබෙන්නේ මොන්ටිසෝරි දැණුමක් බවයි. එය වෙනම සාකච්ඡාකල යුතු බැරෑරුම් මාතෘකාවකි.
කෙසේ නමුත් වෛද්‍ය එරික් සමග සංවාදයේදී අප මහාචාර්ය ගනනාථ ඔබේසේකර ගැන කතා කලෙමු. ඔහුට ගනනාථ ඔබේසේකර ගේ නිර්මාණය ගැන දැණුමක් ඇත . මේ වන විට මා ඔහුගේ සගයෙකු වන ප්රන්ස මනෝ වෛද්‍යවරයෙකු මෙන්ම මනෝ විශ්ලේෂකයෙකු වන ලෝරන්ට් කරීලා සමග පරියේෂණ පත්‍රිකාවක් පළ කොට තිබේ. වෛද්‍ය එරික් ස්මඩ්ජා මා සමග ඊඩිපස් සංකීර්ණය සහ සිංහබාහු පුරාණෝක්ති කතාව පිලිබඳ පරියේෂණ ලිපියක් ලිවීමට එකඟතාව පළ කලේය.
අපගේ සංවාදයේදී වෛද්‍ය එරික් ස්මඩ්ජා මට තවත් කරුණක් හෙලි කලේය. එනම් සුප්‍රකට ප්රන්ස මනෝ වෛද්‍යවරයෙකු මෙන්ම මනෝ විශ්ලේෂකයෙකු වූ ලැකාන් ගේ අඳුරු පාර්ශවය ගැන මා සමග කීවේය. රෝගීන් සඳහා ප්‍රතිකාරයේදී ලැකාන් ඇතැම් විට අතිගාමීව ක්‍රියා කල බව වෛද්‍ය එරික් ස්මඩ්ජා පවසයි. සමහරක් විට රෝගීන් ගේ මානසික විඳවීමට ලැකාන් ස්වපීඩාකාමී තත්වාරෝපණයක් දී තිබේ. තවද ලැකාන් ඉන්දියානු ගුරු කෙනෙකු මෙන් තමන්ව වන්දනා කරන ගුරු කුලයක් බිහි කල බව ඔහු පෙන්වා දෙයි. කෙසේ නමුත් ඉදිරි කාලයේ ලැකාන් පිලිබඳව විවේචනාත්මක කෘති කීපයක් පිටවීමට නියමිතය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

good idea.
BalasPadam++++++++++++++
PadamElectra too?
BalasPadammay be
PadamWhy we have so many examples for oedipus complex but almost nothing for electra complex in asian cultures?
BalasPadamthere are some articles
PadamYou should read my book "SIYAMA" (recently published) loku malli.
PadamProud of you !
BalasPadamthanks Lalith
Padam