ඇඟිලි හරකා යනු හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බලන්නාය. ඔහුට යම් දෙයක හරය වටහා ගැනීමේ බුද්ධිමත් භාවයක් නැත. උදාහරණයක් ලෙස ඔබ ලංකාවේ මහා මාර්ග වල වාහන අනතුරු ගැන කතා කල විට ඇඟිලි හරකා ඊට පිලිතුරක් ලෙස ඉන්දියාවේ හෝ ඇමරිකාවේද මහා මාර්ග අනතුරු තිබෙන බව පවසයි. එහෙත් ඉන්දියාවේ හෝ ඇමරිකාවේ මාර්ග අණතුරු තිබුනා කියා ලංකාවේ මහා මාර්ග අණතුරු ක්ෂයවී යන්නේ නැත. එහෙත් ඒ බව ඇඟිලි හරකා නොදනියි.
ඔබ ලංකාවේ පාතාලය හිස ඔසවන බව කිවහොත් ඊට ප්රති උත්තර ලෙස ඇඟිලි හරකා පවසන්නේ රුසියාවේත් පාතාලයක් තිබෙන බවය. රුසියාවේ හෝ බලුකිස්තානයේ පාතාල තිබුනා කියා ලංකාවේ පාතාලය සාධාරණීකරනය කල නොහැකි බව ඇඟිලි හරකාට තේරුම් යන්නේ නැත.
ඔබ ලංකාවේ ස්ත්රී දූෂණ සිදු වන බව කිවහොත් ඇඟිලි හරකා කියන්නේ එංගලන්තයේත් ස්ත්රී දූෂණ සිදු වන බවය. එහෙත් එංගලන්තයේ ස්ත්රී දූෂකයා හිරේ යන විට ලංකාවේ ස්ත්රී දූෂකයා වැඩි චන්දයෙන් පාර්ලිමේන්තු යන අන්දම ඇඟිලි හරකා දන්නේ නැත. ඔහුගේ බුද්ධි පරාසයට එය ගෝචර වන්නේ නැත.
ඔබ ගණිකා වෘත්තිය සහ ලිංගික ශ්රමිකයන් කෙරෙහි අනුකම්පාසහගත වෙමින් එය නීත ගත කල යුතු බව කිව හොත් ඇඟිලි හරකා ගත් කටටම කියන්නේ ' එසේ නම් ඔබගේ දියණිය හෝ බිරිඳ ගණිකා වෘත්තියට යවන්න කියාය. තමා යන සාධකයෙන් බැහැර අනෙකා යන සංකල්පය තේරුම් ගැනීමට ඇඟිලි හරකාට නොහැක.
ඇඟිලි හරක් යනු සට කපට දේශපාලකයන්ට රිසි අන්දමට මෙහෙයවිය හැකි අඥානයෙකි. යමෙකු ගලකින් ගැසූ විට ගල ආ දිශාව බලන සිංහයා මෙන් නොව ඇඟිලි හරකා යනු යමෙකු ගලකින් ගැසූ විට ගල සපා කන හොරිකඩ සුනඛයෙකු බඳු පුද්ගලයාය. ඔහුව රැවටීමට ලක් කිරීම ඉතා පහසුය. එම නිසා අපගේ දේශපාලන තන්ත්රය වඩ වඩාත් උත්සහ ගන්නේ රටේ සිටින ඇඟිලි හරක් ප්රමාණය වර්ධනය කර ගැනීමටය. ඇඟිලි හරක් ප්රමාණය වැඩි වන විට ඔවුන්ට රට පාලනය කිරීම පහසුය.

මහින්දට හොරා කිව්වම...
BalasPadamරනිලුත් හොරාකියයි...
රනිල්ට හොරා කිව්වම...
මහින්දත් හොරාකියයි...
මුන් දෙන්නම හොරු කිව්වම...
මට MBBS නෑ කියයි
ela kathava
PadamMBBS තියෙනවා නම් දේශපාලනය ගැන අනෙක් අයට නැති දැනීමක් අැති වෙනවාද?
Padamඇඟිලි හරක් කතාව අපිට නියමෙට ගැලපෙනවා.මම මුන්ව දැක්කේ මෙහෙදී.මුන්ගේ දෙවර්ගයක් ඇත.යමක් කීවිට ආවේශවී තප්පුලමින් ඇඟිලි හරකෙකු බව පෙන්වන එකා සහ තැන්පත්ව අසා සිට තර්ක විතර්ක එක්ක සන්යමයකින් උත්තර දෙන හරකා යන වර්ගදෙකයි.උසස්යැයි සම්මත රැකියා කරනවුන් අතර දෙවැනි වර්ගය බහුලයි.
BalasPadamagree
Padam++++++
BalasPadamsalute
PadamDoctor I don’t have words for it ,But your post is 👌👌 👌👍👍👍 May be the word is fucking awesome .
BalasPadamMany thanks
Padamතවත් මේ වගේ හරක් කතාවක් තමයි, සමරිසියන් ද මනුශ්යයින්ය ඔවුන්ට සම අයිතීන් දිය යුතුය කියා කියන විට, ඔහේ ගේ පුතා හරි දුව හරි සමලිංගික වුණාම තේරෙයි කීයා කීම.
BalasPadamhttp://rasikalogy.blogspot.com.au/2017/02/homophobic-doctors.html
!
ඇත්තමයි රසික
Padammaru nama...
BalasPadammmmmm
Padamකතෝලික පල්ලිය ගබ්සාවට විරුද්ධ අදහස් ඉදිරිපත් කලාම, අවුරුදු 1000කට විතර ඉස්සර පල්ලියේ (බටහිර ක්රිස්තියානි නූතනත්වයට සාපේක්ෂව) වැරදි මතක් කිරීමත් ඇඟිලි හඑක් වැඩක් නේද?
BalasPadamyes
Padam+++++++++++++++++ :) !!!!!
BalasPadamඒකනම් නියමයි
BalasPadamSalute
Padamමරු කෙටි යෙදුමක්. ස්තූතියි!
BalasPadam++++++
Padamහුඟක් සංවාද වල ඔහොම එක්කෙනෙක් දෙන්නෙක් හමුවෙනවමයි
BalasPadamaniva
Padam