Selasa, 13 Februari 2018
වැලැන්ටයින් සමරන්නට ගිය නංගියේ
වැලැන්ටයින් සමරන්නට
ජයටම ලස්සන මල් ගවුමක් ඇඳ
කැසනෝවා සමග අතිනත ගෙන
රූම් ගිය මගේ පොඩි නංගියේ
ආදරය වෙනුවට කාමය ආදේශ කල
නුඹ දුන් රෝස මල එකතින් තලා
ඈත් කරපු නුඹගේ දෙපා මැදින්
සෙල්ලක්කාර ගමනක් ගිය කූටයා
නැවත නොඑන නිසා ඉකි ගසන
මගේ පොඩි නංගියේ මේ අසන්
අම්මා මියෑදූන පසු නාය ගිය පවුල
එකට බැඳ තබන්නට මම ගත් වෙහෙස
උඹ දන්නේ නැතුව ඇති නංගියේ
තාත්තත් මතින් නිදාගෙන
ඉස්සරහ දොරින්ම ආ බඩගින්න
අපි ඔක්කොම යට කරගෙන
අම්මා නැති උඹට පොඩි අම්මා වී
මගේ වැලැන්ටයින් සිතෙන් අමතක කර
අරුමෝසම් දිලිසෙන ව්‍යාජ ජීවිතය ඉවතලා
පොළවේ පය ගැටෙන කාෂ්ඨ ජීවිතය
දෝතින් බදාගෙන
උඹවත් මල්ලිවත් ජීවත් කරවන්නට
උදේ රෑ නොතකා ඇඳුම් මසන්නට
ජුකී සන්නාලියක වූ බව
රට්ටුන්ට නොකියන්
මගේ පොඩි නංගියේ
Langgan:
Catat Ulasan (Atom)

=තිත්ත යථාර්ථය
BalasPadam++++++++++++++++++
Padamමවකගේ කුසින් මෙලොවට ආ පුතෙක් නුඹටත් ආදරණීය මවක් වෙන්න තිබූ මොහොත අහිමි කළාදෝ....සිරුර පවා පුදන්න තරම් නුඹ උපරිමයෙන් විශ්වාසකල ආදරය කුරිරු වුනාදෝ....!
BalasPadamඅැත්ත අැයි හැමතිස්සෙම තිත්ත?
BalasPadamසත්‍ය කටුකයි
Padamහිත නැවතුනි කවිය අසල!
BalasPadam