Ahad, 25 Februari 2018

ගොම ගොඩේ සිටින පණුවන්





රාහූ සහ ලග්න පලාපල කියමින් 
සුභ දිශාව  රාහු කාලය ගැන කෙබර කියමින් 
දවස ආරම්භ කරන පසුගාමී සමාජයක 
ජීවත් වෙන අවාසනාවන්ත මිනිසුන් 
ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින් ගේ මුසා වලට රැවටී
තර්කාණු බුද්ධියට අගුළු දා එලොවින් ආ ජීවකයන් 
විශ්ව ශක්තීන්, කට්ටඩියෝ -කපුවෝ පසුපස යති 

සමාජයක් දැණමෙන් සන්නද්ධ කිරීම වෙනුවට
මේ පසුගාමී දේශයේ මාධ්‍ය මේ අවාසනාවන්ත මිනිසුන්ව 
තව දුරටත් අන්ධකාරයෙන් අන්ධකාරයට ගෙන යයි
ජනමාධ්‍යවේදියෝ කියාගත් ඊනියා අඳ බාලයෝ 
මිත්‍යා මත සහ බොරු කෙබර ලියමින් 
නූගත්කම තව තවත් සමාජයේ වපුරති 

වෙනත් රටවල් අඟහරු ලෝකය ගවේශනය කරන විට
මේ නූගත් දේශයේ වැසියෝ රාහු හා කේතුට බිය වෙති
ප්‍රගාමී  සමාජ සයිබර් තාක්‍ෂණයට -නැනෝ තාක්‍ෂණයට පිවිසෙන විට
මේ පසුගාමී දේශයේ වැසියෝ අඟහරුගේ අපල වලට බියවී 
භාර හාර වී පුද පූජා කරති , කපුවන් ඉදිරියේ  වැඳ වැටෙති 

සමාජයක්  නූගත් වන විට 
මිනිසුන් ගේ තර්කාන්විත බුද්ධිය පහළ වැටෙන විට 
ඉන් විපුල එල නෙලා ගන්නා අවස්ථාවාදී කූට දේශපාලකයන් 
මෙම තත්වය තව දුරටත් ප්‍රවර්ධනය කරති 
මේ බව නොදත් අඳ බාල මිනිසුන් 
ගොම ගොඩේ සිටින පණුවන් මෙන් 
මුලාවේම ඉපද මුලාවෙන්ම මිය යති 

7 ulasan:

  1. දේවාල පස්සෙ යන එවුන් වැඩි වෙනවා මිසක් අඩු වීමක් නම් නැ

    BalasPadam
  2. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
    Balasan
    1. ඔවුනට මිනිසුන් ගෙන් කිසිම උදව්වක් නැති නිසා

      Padam
  3. සහතික ඇත්ත....

    ස්වර්ණවාහිනිය කියන ජඩ මාධ්‍ය ආයතනය මිත්‍යා වැපිරීමෙි ඉදිරියෙන්ම ඉන්නවා....

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook