Sabtu, 24 Februari 2018

ධනපතියෙකු වීමේ රහස

 

හිරු පුවත්පත කරන කාලයේ 
බොරැල්ල සුපර් මාකට් එකේ 
ඉඳියාප්ප දහයක් හොදි එක්ක 
නයට උදේට කාපු නුඹ 

පාපදියක් වත් ගන්නට මුදල් නොව 
කොටුවේ සිට කළුතරට බස් එකේ  යාම​ට
බස් ටිකට් එක ගන්නට 
අතේ සතේ නොතිබුනු නුඹ 

ධනපතියන් භංගවේවා
පුද්ගලික විශ්ව විද්‍යාල භංගවේවා
මවුබිම නැත්නම් මරණය කියා
බිළි බෝයිස්ලා ෆෝම් කල නුඹ 

මාවරමණ්ඩිය කොමියුනිකේෂන් එකේ
හාමිනේ සමග එක්ව 
ෆොටෝ කොපි ගසා සතෙන් සතේ
අසීරුවෙන් එකතු කල නුඹ 

පාස්පෝට් දෙකක් 
උපන් දින දෙකක් 
මිලියන දෙදහසක්
සහ මහා මන්දිරයක් 

තමා සතු කර ගත්තේ කෙලෙසද 
කියා අපට කියා දෙනවාද ? 
රට ජාතිය ආගම දේශප්‍රේමය 
මෝඩයන්ට විකුණා ධනවත් වීමේ රහස 
අපටත් කියා දෙනවාද ? 

12 ulasan:

  1. තුන්වන ලෝකයේ රස රහස් ? ...?? නෑ.. නෑ ලෝකෙන්ම උතුම්ම රටේ දරු නැළවිල්ලක් ! මේ වගේ සෙත් කවි ලියලා දේව ශාපයට ලක්වුනොත්... දෙවියෝ ඔය ළමයාව මෙහෙන් චුත කරාවි.

    BalasPadam
    Balasan
    1. තුන්වන ලෝකයේ රස රහස්

      Padam
  2. ඉරිසියා වෙන්න එපා දොස්තර මහත්තයෝ, ජාතියේ පන්චායුධයට අපහාස කරන්න එපා.

    ඇමති කෙනෙකුගේ පඩිය රුපියල් 200,000 කියල කියමු (මිට තරමක් අඩුයි මම හිතන්නේ ) වසර 6 කියන්නේ (200000 X 12 X 6 = 14,400,000) ඒ කියන්නේ මිලියන 14 කුත් තව ලක්ෂ 4 ක් ඔබ කියනවා මිලියන 2000 ගැන, මේව තමයි විෂමකර්ම වැඩ, ඔබ මේ රටින් ගිහින් ගොඩක් කල් නිසා ඔබ දන්නේ නෑ නව ප්‍රවණතා ගැන.

    මෙහි ඉන්නවා Feng shui ක්‍රමයේ පරතෙරට ගිය මිනිසුන් ඔවුන් මුදල් ලුණු බෝතලයකට දමා විශාල වශයෙන් වර්දනය කරන ක්‍රම දන්නවා, කොහොමද දන්නේ අපේ අවංක පංචායුද තුමා සතෙන් සතේ එකතු කරලා මේවගේ ක්‍රම පාවිච්චි කරනවද කියල ?

    BalasPadam
    Balasan
    1. අවංක පංචායුද තුමා සතෙන් සතේ එකතු කරලා

      Padam
  3. ඩොක්ට මේ ප්‍රශ්න ටික මුගෙන් අහල වැඩක් නැහැ. මේ වගේ හොරෙක්, බෝතලයට කෑම පැකට් එකට වහල් වෙලා ලක්ෂ ගණන් චන්ද වලින් උඩින්ම පත් කරල පාර්ලිමේන්තුවට යවන ගොන් ජනතාවගෙන් තමයි අහන්න ඕන. 😡

    BalasPadam
    Balasan
    1. ගොන් ජනතාව කවදාවත් හැදෙන්නේ නෑ

      Padam
  4. ගෙදර වාස්තු හරිනෑ

    BalasPadam
  5. කඩුවෙල ජනතාවගේ ජනතා වීරයා ටොයිලට්වංශ සහ විලා
    විචාරක දියණිය

    BalasPadam
    Balasan
    1. දේශප්‍රේමී ජනතාවගේ වීරයා

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook