Rabu, 21 Februari 2018

තාජුඩීන් නැගිට එන්න

  

තාජුඩීන් නැගිට එන්න මිනී වලෙන් 
ඔබගේ ඝාතකයන් දෙස බලන්න 
ඔවුන් ඔබ දෙස බැලීමට බිය වෙති
ඒ මන්ද යත් ඔබ මළ ගිය මිනිසෙකි 

ඔවුන් ජීවත් වෙන මිනිසුන්ට බිය නැත 
ඔවුන් මළවුන්ට අතිශයින් බිය දක්වති
ජීවත් වූ ඔබට වඩා මිය ගිය ඔබ දැක 
ඔවුන්  බලවත් සේ භීතියෙන් තැති ගනිති
 
ඔබ කෙරෙහි ඇති බිය පහ කර ගැනීමට   
ඔවුන් වෙහෙසී යාග හෝම කරති 
ඔවුන් බලවත් මන්තර ගුරුකම් කරති 
පිරිත් නූල් යාර ගනන් අතේ පළඳති 

එහෙත් ඔවුන් ගේ බිය පහවී නැත
තාජුඩීන් ඔබගේ භූත ආත්මය දැක 
ඔවුන් ගේ සත්ත්‍රාසය උග්‍ර වෙති 
ඔවුන් සිහිනෙන් බියට පත් වෙති 

ඔබව ඝාතනය කල පුද්ගලයන්ද
ඔබව ඝාතනය කිරීමට නියෝග දුන් පුද්ගලයන්ද
ඔබගේ ඝාතනය වසන් කල පුද්ගලයන්ද
ඔබගේ මනෝමය රූපකාය දැක 
භීතියෙන් තිගැස්සෙති 

ඔවුන් නීතියට කිසිදු බියක් නොමැත
තමන් ගේ හෘධ සාක්‍ෂියට බිය නොමැත 
එහෙත් ඔවුන් හොල්මන් සහ අවතාර දැක 
බියෙන් බියට පත්වෙති 

තාජුඩීන් මිනී පෙට්ටියේ පියන අරින්න 
තාජුඩීන් නැගිට එන්න ඉදිරියට
එන්න ඔබගේ මිනී ඇඳුමෙන් 
දෙනෙත් ඇර ඉදිරියටම එන්න 

මුණ ගැසෙන්න ඔබගේ ඝාතකයන් 
ඔවුන් ගේ  සුමිතුරු සහායකයන් 
ඔබගේ මරණ පරීක්‍ෂණය විකෘති කල
ඒ ගෞරවනීය මහාචාර්‍යතුමන් 

තාජුඩීන් දකින්න සත්‍ය හිරු එළිය සේ 
ඔබගේ ඝාතකයන් සහ ඔවුන් ගේ සහචරයන් 
ඔබගේ ඝාතනය චන්ද තුරුම්පුවක් කර ගත්
අශිෂ්ට අවස්ථාවාදී දේශපාලකයන් 
 
තාජුඩීන්  ඔබ සත්‍ය  ප්‍රත්‍යක්‍ෂ කලේය 
ඔබ ඔබගේ ජීවිතය සහ මරණය දුටුවේය​
ඔබගේ ඝාතනයට සාධාරණය ඉටු නොවන බව 
ඔබ මනා සේ පසක් කලේය 

තාජුඩීන්  නැවත යන්න ඔබගේ මිනී වළට
මේ දේශයේදී ඔබට යුක්තිය ඉටු නොවනු ඇත 
යළිත් කිසි දින අවදි නොවන්න 
සදාකාලිකව  සැතපෙන්න ඔබගේ සොහොනේ 

9 ulasan:

  1. කටුක වූ යතාර්ථය එයයි

    BalasPadam
  2. මේ වන විට තමා මැරුණේ කෙසේ දැයි තාජුඩීන්ට පවා සිතා ගත් නොහැකිව සිටියි!

    BalasPadam
  3. කටුක යතාර්ථයක් වූ ශාපලත් දේශය ?ඔව්,සෑහෙන අහිංසක පිරිසකට....

    BalasPadam
    Balasan
    1. Thadujin god bless you but not your muderers.

      They have to face to the law in Sri Lanka. may be later

      Padam
  4. Mea saparaddi kriyawata munge hath muthu paramparawatama vandi gewanna venawa.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook