Jumaat, 2 Februari 2018

වීරයෝ සහ ද්‍රෝහියෝ


මහාචාර්ය නලින් ද සිල්වා ගුණදාස අමරසේකර යන මභත්තුරු අපට නොකියන එක් සත්‍යයක් තියෙනවා ඔවුන් කියන පරිදි බටහිර ජාතීන් නිසා තමයි ලංකාවට කෙල උනේ නමුත් අපි ඇත්ත තත්වය තර්කානුකූලව පොඩ්ඩක් විමසා බලමු ංග්‍රීසීන් විසින් ලංකාව යටත් කර ගැනීමට පෙර අන්තිම අවුරුදු 500 වගේ කාලය පුරාවටම ංකාවේ සාමාන්‍ය ජනතාව ජීවත් වුණේ ඉතාමත් ම අධික පීඩනයකට යටත් ව කොටින්ම කියනවනම් ාමාන්‍ය මිනිහෙක් ට තමන්ගේ මැටි  පැලේ සුදුහුණු ගාන්නට වත් නිදහසක් තිබුනේ නෑ ඒක කරොත් ලැබුණේ මරණීය දණ්ඩනය. ඒ වගේම රදළයන් විසින් සාමාන්‍ය  ජනතාව මහත් සේ පාගගෙන හිටියා රදලිය ගේ අණ පරිදි සාමාන්‍ය  මනුෂ්‍යයෙක් බැඳී හිටියා ඔහුගේ බිරිඳ හෝ තරුණ දියණිය රදළයාට ගැනත් දීමට සමහරවිට මේ රදලයන් සාමාන්‍ය ජනතාවගේ කුඩා දැරිවියන් පවා ලහත්කාරයෙන් අපයෝජනය කර ඒකට  ජනතාව කියූ වචනය තමයි රුකුලෙ පැදීම. බ්‍රිතාන්‍ය විසින් ලංකාව යටත් කරගත් පසු ඔවුන් දණ්ඩ නමස්කාරය අහෝසි කරනවා ඒ වගේම සාමාන්‍ය  ජනතාවට සිදුවන අසාධාරණ වලදී නඩු යෑමට අවස්ථාව උදාකර දෙනවා මේ නිසා ාමාන්‍ය ජනතාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ යම්කිසි නිදහසක්  භුක්ති වින්දා බ්‍රිතාන්‍යයන්ගේ පාලන සමයේ යම් යම් අසාධාරණකම් සිදුවුණා එසේම කැරලි අවස්ථාවලදී ඔවුන් ජනඝාතන පවා කරා ක ප්‍රතික්ෂේප කරන්නේ නෑ නමුත් 1918 කැප්පෙටිපොළලගේ් කැරැල්ල දී මෙන්ම පුරන් අප්පුගේ කැරැල්ලේදී දේශීය ජනතාවගෙන් යම් කොටසක් ‍බ්‍රිතාන්‍ය පාලනයට සහය දුන්නා ඊට හේතුව දේශීය රාජ වංශය යටතේ අතිශයින්ම පීඩාවට පත්වී සිටි සාමාන්‍ය මිනිසුන් බ්‍රිතාන්‍ය පාලනය සමග අනුගත වුණා සමහරු කෙලින්ම ‍බ්‍රිතාන්‍ය පාලනයට සහාය දුන්නා උදාහරණයක් ලෙස ජේ ආර් ගේ මෙන්ම චන්ද්‍රිකාගේ මී මුත්තන් ඉංග්‍රීසීන්ට කෙලින්ම උදව් කරපු පුද්ගලයෝ මේ නිසා අපි නලින්ද සිල්වලා මෙන්ම ගුණදාස අමරසේකරලා කියන කතන්දර තෝරා බේරා තර්කානුකූලව විමසා බැලිය යුතුයි මට හිතෙන්නේ අපිට වීරයෝ සහ ද්‍රෝහියෝ පැටලිලා.

11 ulasan:

  1. බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබන්න නම් පහත ආකල්ප 3 මනසින් ඉවත්කරගත යුතුයි.
    1. 1815ට ඉස්සර අපි හිටියේ කොලඅතු ඇඳගෙන.
    2. සුද්දෝ නැත්නම් අපි තාමත් කොලඅතු ඇඳගෙන.
    3. අපේ සිංහල අය වගේ නෙමෙයි, දෙමල (දෙමළ වෙල්ලාල මධ්‍යම පන්තිය) ඉතා ශ්‍රේෂ්ඨ (සුද්දන්ට පමණක් දෙවෙනි) මිනිස්සු වර්ගයක්.

    BalasPadam
    Balasan
    1. 1815ට ඉස්සර ලන්කාවේ සාමාන්‍ය ගෑණු හිටියේ උඩුකය නිරුවත්ව

      Padam
  2. නලින්ද සිල්වා ට ඉස්සරලාම කරන්න තියෙන්නෙ "සිල්වා" කියන පරංගි/සුද්දන්ගේ නම අයින් කරගෙන දේශීය නමක් දාගන්න එක

    BalasPadam
    Balasan
    1. මගේ නමත් මා වෙනස් කරන්නම් මෙලෙසා
      නලීන් ද සිල්වා වෙනුවට නලීන් ධානිය සීලව
      (ධනය තුලින් සීලය රකින්නා) ලෙස නම් කරමිනා

      Padam
  3. අනිවාර්යයෙන්ම ඩොක්ට. නලින් (තුමා) ගැන මගේ අදහස ඔබට කලින් කියල තියෙනව. අපි කවදාවත් වීරයන් ද්‍රෝහියන් කවුද කියල අඳුරගන්න උත්සාහ කරන්නෙ නැහැ. ලංකාවේ අපි ඇවිල්ල ක්ෂණික නුඩ්ල්ස් තීරණ ගන්න වාසිය බලන් ඉන්න මිනිස්සු නිසා. අවසානයට කියනවනම් (ඔබ කිව්ව වගේ සුද්ද නරක දේවලුත් කළා) සුද්ද අවේ නැත්නං.. නෑ එක්කො ඕන නෑ.. ඔබ දන්නව මම කියන්න යන දේ..
    👊🏽

    BalasPadam
  4. ඉංග්‍රීසිනට උදව් කරපු අයට බොහෝ දේ ලැබුනු බව කියනවා.වරදාන,වරප්‍රසාද ආදිය.සිවිල් බලය,මහා ඉඩකඩම්,දරුවන්ට එංගලන්තෙ අධ්‍යාපනය ..... අන්තිමට උන්තමයි රටෙත් නායකයෝ.ඇත්තටම රටේ අනිත් උන් කටු සූප්පු කරන්නෝ පමනයි.ඒ වගේම ජෝකර්ලා!බොහෝ වාමාංශික නායකයෝ සල්ලිකාරයෝ.මිනිස්සු ඉදිරියේ සිංහලකම,රට,ආගම ගැන කතාකරලා ගිරිය කැඩෙන්නම, වළව්වට ගිහින් උණු වතුරෙන් නාල එහෙම විස්කි හෝ බ්‍රන්ඩි බොමින් ඉංග්‍රීසියෙන් කතාකරමින් පවුලේ අය සමග සතුටින් ඉන්නවා.ඔවුන් කන කෑම වේලක් ඔවුනට හුරේදාන මිනිහෙකුට ජීවිතේ කිසිදාක නොලැබෙනු ඇති.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook