Sabtu, 3 Jun 2017

දීප්ති කුමාර ගුණරත්නගේ අභියෝගය


ලංකාවේ මනෝ වෛද්‍යවරුන්ට මනෝ විශ්ලේෂණය පිලිබඳව ඇත්තේ මොන්ටිසෝරි දැණුමක් බව දීප්ති කුමාර ගුණරත්න පවසයි. නමුත් ඔහුගේ ප්‍රකාශය සියයට සියයක්ම නිවැරදි නොවන බව මගේ අදහසයි. මනෝ විශ්ලේෂණය ගැන ගැඹුරු දැණුමක් තිබූ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු ,  මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් වැනි වියතුන් සමග මා අදහස් හුවමාරු කරගෙන තිබේ. එසේම මා විසින් ලියන ලද Between Literature and Psychology  මනෝ විශ්ලේෂණාත්මක කෘතියට ඔවුන් ගෙන් ද මනා අදහස් ලැබුණි. 

එහෙත් මෑතකාලීනව ක්‍ෂේත්‍රයට එකතු වූ තරුණ මනෝ වෛද්‍යවරු තුල මනෝ විශ්ලේෂණය ගැන තිබෙන ඌණ දැණුම මගේ අවධානයට යොමුවී තිබේ. යන්තම් ෆ්‍රොයිඩ් ගේ අවිඥාණය ගැන සඳහන් අයිස් කන්ද සහ ඉඩ්, ඊගෝ , සුපර් ඊගෝ යනව වචන කට්ටලය ඇරුණු කොට මනෝ විශ්ලේෂණය පිලිබඳ ගැඹුරු දැණුමක් ඔවුන් බොහෝ දෙනෙකු සතුව නොමැත​. එසේම මනෝ විශ්ලේෂණ ආකෘතියකින් කිසිම පරියේෂණ පත්‍රිකාවක්වත් මොවුන් එළි දක්වා නොමැත​. මෙය ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ තිබෙන බලවත් අඩුපාඩුවකි. මෙම අඩුපාඩුව මඟ හරවා සඳහා පියවර ගැනීම සුදුසු වේ. 

උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ  (විශේෂයෙන් ප්‍රංශයේ ) පුහුණු කෙරෙන මනෝ වෛද්‍යවරු සඳහා මනෝ විශ්ලේෂණය අනිවාර්‍ය විෂයක් වෙයි. මනෝ චිකිත්සනය සඳහා ඔවුන් ෆ්‍රොයිඩියානු මෙන්ම නියෝ ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය හදාරති. වරක් මම ප්‍රංශ ජාතික මනෝ වෛද්‍යවරයෙකු වූ ලෝරන්ට් කරිලා සමග නාරිකා උන්මාදය පිලිබඳව පත්‍රිකාවක්  ලියුවෙමි. එහිදී මනෝ විශ්ලේෂණය ගැන ලෝරන්ට් කරිලා තුල තිබූ දැණුම මා මවිතයට පත් කලේය​. ඔහු ෆ්‍රොයිඩ් මෙන්ම බ්‍රිතාන්‍ය ගුරුකුලයේ ජෝන් බෝල්බි ගැනද ප්‍රංශ ගුරුකුලයේ ඩෙරීඩා සහ ලැකාන් ගැන ගැඹුරින් හදාරා තිබුනේය​. 

භින්නෝන්මාදය රෝගය අවබෝධ කර ගැනීමේදී මොලයේ ස්නායු රසායනිකයන් ගේ ක්‍රියාකාරීත්වය මෙන්ම එම රෝගයේ මනෝ විශ්ලේෂණාත්මක පාර්ශවයද අවබෝධ කර ගැනීම අවශ්‍ය කෙරේ. උදාහරණයක් ලෙස මනෝ වෛද්‍ය / මනෝ විශ්ලේෂක ජැක් මාරී එමිල් ලැකාන් විසින් ඉදිරිපත් කරන ලද භින්නෝන්මාදය පිලිබඳ සිද්දාන්තය වැදගත් කමක් දරයි. ලැකාන්ට අනුව  භිනෝන්මාදය යනු Linguistic නොහොත් භාෂාමය අක්‍රමතාවයකි. මොලයේ භාෂාව පිලිබඳ කොටස් කෙරෙහි භිනෝන්මාදය විශාල බලපෑමක් කොට තිබේ. භිනෝන්මාද රෝගීන් තුල neologisms හෙවත් නව වාක්කරණය බොහෝ සෙයින් දක්නට ඇත​. මේ සම්බන්ධයෙන් මම චෙකස්ලෝවේකියානු / කැනේඩියානු මනෝ වෛද්‍ය පීටර් සෙලීනා සමග සංවාදයේ යෙදී තිබේ. මනෝ වෛද්‍ය පීටර් සෙලීනාද  මනෝ විශ්ලේෂණය ප්‍රගුණ කල විද්වතෙකි. ඔහුද ලැකාන් ගේ මතය අනුමත කරයි.

මනෝ විශ්ලේෂණය පිලිබඳව දීප්ති කුමාර ගුණරත්න  අධිකාරී ලත් තැනැත්තෙකු නොවන බව සැබෑය​. ඔහුගේ ප්‍රකාශය නිසා උරණව ඔහුට මඩ ගැසීමට වඩා ඔහු විසින් පෙන්වා දෙන කරුණ පිලිබඳව අවධානය යොමු කිරීම සුදුසු බව සිතමි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


මීට පෙර මා විසින් ලියන ලද ලිපිය .... 

දීප්ති කුමාර ගුණරත්න සහ මනෝ විශ්ලේෂණය   

මනෝ විශ්ලේෂණ දැණුම මනෝ වෛද්‍යවරුන්ට අවශ්‍ය කෙරේ. එහෙත් ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍යවරු තුල මනෝ විශ්ලේෂණ පිළිබඳව දැණුම ඉතා අවම බව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක හා සත්හඬ පුවත්පතේ ප්‍රධාන කර්තෘ දීප්ති කුමාර ගුණරත්න පවසයි. එසේම ශ්‍රී ලංකාවේ මනෝ විශ්ලේෂණ හැදෑරීම සඳහා පිළිගත් ආයතනයක් නොමැති බවද ඔහු විසින් පෙන්වා දෙයි. 

දීප්ති විසින් පවසන මෙම කරුණ බරපතල වන අතරම එහි යම් සත්‍යතාවක් තිබේ. මට හමුවූ සහ මා විසින් සංවාද වල යෙදුනු ශ්‍රී ලාංකික මනෝ වෛද්‍යවරු අතර ඉතා සුළුතරයකට පමණක් මනෝ විශ්ලේෂණය සහ මනෝ ප්‍රතිකාරයන් පිළිබඳ ගැඹුරු දැණුමක් ඇති බව මටද ප්‍රත්‍යක්‍ෂවී තිබේ. ශ්‍රී ලාංකික මනෝ වෛද්‍යවරු අතර මනෝ විශ්ලේෂණය සහ මනෝ ප්‍රතිකාරයන් පිළිබඳ ගැඹුරු දැණුමක් ඇති මනෝ වෛද්‍යවරයා ලෙස මම හඳුනාගෙන ඇත්තේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ඇතුළු කවයේ මනෝ විශ්ලේෂකයෙකුව සිටි කාල් මැනිංගර් ගේ ගෝලයෙකු වූ වෛද්‍ය මහසෙන් ද සිල්වාය . වර්තමානයේ මනෝ වෛද්‍ය මහසෙන් ද සිල්වා කැන්සාස් හි කොල්මරි ඔනීල් රෝහලේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. 

මනෝ වෛද්‍ය ප්‍රතිකාරයේදී මනෝ විශ්ලේෂණ මනෝ ප්‍රතිකාරයේ දැණුම අත්‍යාවශ්‍ය කෙරේ. ප්‍රබල මනෝ චිකිත්සක මාධ්‍යයන් වන CBT (Cognitive Behavior Therapy), DBT ( Dialectical Behavior Therapy ), RET (Rational Emotive Therapy) , EMDR (Eye Movement Desensitization and Reprocessing) යන මනෝ ප්‍රතිකාර වල මූලයන් ආරම්භ වූයේ මනෝ විශ්ලේෂණය හරහාය . එසේම මානසික රෝගියෙකුගේ චර්‍යාව , ඔහුගේ මනෝ භාවයන් , සහ චිත්තය වටහා ගැනීමට මනෝ විශ්ලේෂණය උපකාර වේ. එහෙත් බොහෝ විට ශ්‍රී ලංකාවේ මනෝ විශ්ලේෂණය මෙන්ම අනෙකුත් මනෝ චිකිත්සන භාවිතා කරන මනෝ වෛද්‍යවරු අවම අතර බොහෝ දෙනෙකු ප්‍රති මනෝව්‍යාධික ඖෂධ මගින් පමණක් ප්‍රතිකාර කරති. මේ සත්‍ය මුලින්ම මාධ්‍ය මගින් පෙන්වා දෙන ලද්දේ දීප්ති කුමාර ගුණරත්න විසිනි. මේ තිත්ත ඇත්ත පිළි ගැනීමට බොහෝ වෘත්තිකයෝ මැළි වූවද එය සත්‍ය කරුණකි. ඊට හේතුව බොහෝ ශ්‍රී ලාංකික වෛද්‍ය විද්‍යාල තුල මනෝ විශ්ලේෂණය මෙන්ම මනෝ චිකිත්සනය ඉගැන්වීමට සුදුසුකම් සහ දැණුම තිබෙන ආචාර්‍යවරුන් නොමැති නිසාය .  

බොහෝ කාලයකට ඉහතදී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිටි පද්මාල් ද සිල්වා මහතාට නම් මනෝ විශ්ලේෂණය මෙන්ම මනෝ චිකිත්සනය ඉගැන්වීමට සුදුසුකම් සහ දැණුම තිබුනු නමුදු ඔහු වෛද්‍යවරයෙකු නොවූ නිසා සමහර ශ්‍රී ලාංකික මනෝ වෛද්‍යවරු ඔහුව බැහැර කලෝය . ඔහු පේරාදෙනියේ සිටි කාලයේදී ඔහුට වෘත්තීය ගරුත්වයකින් සලකන ලද්දේ මනෝ වෛද්‍ය රොඩ්රිගු මහතා ඇතුළු ස්වල්ප දෙනෙක් පමණක් බව පද්මාල් මා සමග පවසා තිබේ. 

පසුකාලයක පද්මාල් ද සිල්වා පේරාදෙනිය විශ්ව විද්‍යාලය අතහැර ලන්ඩනයේ කිංස් විද්‍යාලයට ගිය අතර එහි දේශකයෙකු මෙන්ම සායනික මනෝ විද්‍යාඥයෙකු ලෙස සේවය කරන ලදි. මේ මනෝ විශ්ලේෂණය මෙන්ම මනෝ චිකිත්සනය ගැන ගැඹුරු දැණුමක් තිබූ උගතෙකුට අපගේ වෛද්‍ය ඇකඩමියාව සලකන ලද ආකාරයයි. ලංකාවේ වෛද්‍ය ඇකඩමියාවට පද්මාල් වැදගත් නොවූවද බ්‍රිතාන්‍ය මනෝ විද්‍යාඥයන් වූ ස්ටැන්ලි රැක්මන් මෙන්ම විලියම් යූල් පද්මාල්ව අගය කලා පමණක් නොව ඔහු සමග පරියේෂණ පත්‍රිකාද පළ කරන ලදි.  

ඇකඩමියාවට අයත් නොවූවද දීප්ති කුමාර ගුණරත්න විසින් කරන ලද සාමාජයික මැදිහත් වීම ප්‍රබලය . ලංකාවේ සාහිත්‍ය මෙන්ම චිත්‍රපට මනෝ මනෝ විශ්ලේෂණාත්මකව කියවීමද ඒ සඳහා තරුණයන් ගේ සහභාගීත්වය ඇති කිරීමට දීප්ති මූලික වෙයි. එසේම සිංහල පමණක් කියවන පාඨකයන්ට මනෝ විශ්ලේෂණය හඳුන්වා දීමටද ඒ සඳහා උනන්දුවක් ඇති කිරීමටද ඔහුගේ දායකත්වය ඉවහල් විය . ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය , ඩෙරිඩාගේ ඩීකන්ස්ට්‍රක්‍ෂන් කල්පිත , ලැකානියානු විශ්ලේෂණය ගැන ක්‍රමවත් සහ විධිමත් දැණුමක් ඔහුට නොතිබුනද අත්පත් කරගත් සීමාකෘත දැණුම හරහා ලාංකික සමාජය ගැන දීප්ති කුමාර ගුණරත්න කරන කියවීම් සහමුනින්ම ඉවත දැමිය නොහැකි බව මගේ අදහසයි.


9 ulasan:

  1. ඔබ කියන බොහෝ දේවල් මට තේරෙනවා.
    දීප්ති කුමාර කියන බොහෝ දේවල් මට තේරෙන්නේ නැත.
    යකඩ මල්ලටත් ගුල්ලෝ ගහලනම් හාල් මල්ල නොබලම උසික්ක කොරපිය කිව්වලු!

    BalasPadam
    Balasan
    1. දීප්ති යනු ඇත්තෙන් ම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් නැති කෙනෙකි. දැන් මේ ලිපියේ ඔහු බාහු ගැන කියන්නේ කුමක් ද? අවසන් ඡේදය කියවා බලන්න. ඔහු පෙන්වා දෙන දෙය වන්නේ තමන්ගේ මනසේ තිබෙන අවුල්සහගතකමයි. මේවාට සිංහල ජනවහරේ නම් කියන්නේ හතර බීරි කතා කියා ය.

      භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. (අජිත් පැරකුම් )

      Padam
  2. අම්මට හුඩු
    පිස්සෝ පිස්සෝ වලියක්. ඇර සොයිසා ඇර ,
    මෙන්න උදාහරණයක්! භිනෝන්මාදය යනු Linguistic නොහොත් භාෂාමය අක්‍රමතාවයකි.//
    මේ මොන xත්තක්ද ?

    BalasPadam
    Balasan
    1. භාෂා දැණුම තිබේ නම් කියවන්න

      http://www.amhc.org/7-schizophrenia/review/1270-phenomology-lacan-on-schizophrenia-after-the-decade-of-the-brain

      Padam
  3. http://www.w3lanka.com/2014/02/blog-post_4022.html

    BalasPadam
    Balasan
    1. ඉහත ලින්කුවෙන්
      කියවන්න පැරා ගේ කියවිම
      "දීප්ති කුමාර ගුනරත්න යනු මොකෙක්ද"

      Padam
    2. භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. (Ajith ) //////////////////////// yes I agree

      Padam
  4. https://m.facebook.com/home.php?_rdr#!/notes/%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%9A-%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F/%E0%B6%B4%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%92-%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA/1025363447599440/?refid=28&_ft_=qid.6429283274756047364%3Amf_story_key.5126078720209114643%3Atop_level_post_id.821780174638111 .........https://m.facebook.com/home.php?_rdr#!/notes/%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%9A-%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F/%E0%B6%B4%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%92-%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA/1025363447599440/?refid=28&_ft_=qid.6429283274756047364%3Amf_story_key.5126078720209114643%3Atop_level_post_id.821780174638111මනෝවිස්ලේශනය ගැන මේ අදහසුත් සැලකිල්ලට ගැනීම වැදගත් වෙයි කියල මට හිතෙනව ඉහත ලින්ක් එක කියවන්න

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook