Selasa, 20 Jun 2017

වරද ඔබගේ මිස නායකයන් ගේ නොවේ


ඔබ ලබා ගත් ජීවිතය ඔබගේ ශක්‍යතාව මත රඳා පවතියි ඔබ අනුගාමිකයෙකු ලෙස මහා මාර්ගයේ සුනඛයෙකුගේ තත්වයට පත් වන විට ඔබව වීදි සටනට යොමු කරන ලද නායකයන් ගේ දරුවන් ජීවිතය අලංකාර ලෙස වින්දනය කරති. මෙය අතීතයේද සිදු වූ අතර අනාගතයේද සිදු වන්නේය​. වරද ඔබගේ මිස නායකයන් ගේ නොවේ. 

25 ulasan:

  1. ඩොක්ට. මේක නම් මල් මසුරං කතාවක්.

    "වරද ඔබගේ මිස නායකයන් ගේ නොවේ"

    මේ වගේ කතා අර පන්සල් පාරවල් හන්දි ගානෙ කණුවල ස්පීකර් හයි කරල බලෙන් මිනිස්සුන්ට පිරිත් අස්සවනවා වගේ උගේ හවස "වරද ඔබගේ මිස නායකයන් ගේ නොවේ" කිය කියා මිනිස්සුන්ට අස්සවන්න ඕන. නැතුව ලංකාවේ ඉන්න අවුන්ගේ ඔලු ගෙඩි හෙදෙන්නේ නැහැ.

    👊🏽

    BalasPadam
    Balasan
    1. ලංකාවේ ඉන්න අවුන්ගේ ඔලු ගෙඩි හෙදෙන්නේ නැහැ.

      Padam
  2. //ඔබ ලබා ගත් ජීවිතය ඔබගේ ශක්‍යතාව මත රඳා පවතියි ඔබ අනුගාමිකයෙකු ලෙස මහා මාර්ගයේ සුනඛයෙකුගේ තත්වයට පත් වන විට ඔබව වීදි සටනට යොමු කරන ලද නායකයන් ගේ දරුවන් ජීවිතය අලංකාර ලෙස වින්දනය කරති. //

    මේක කවදත් උනා නමුත් දැන් තියන වෙනස තොරතුරු ත්ක්ෂණයේ බලයෙන් මොහොතකින් ලෝකයම දැනගැනීමයි මෙනිසා මේ නායකයන්ගේ නිරුවත විශාල පිරිසකට දැනගන්න පුළුවන් අතීතයේ දැනගැනීමට හැකි උනේ බුද්ධියක් ඇති මිනිසුන් කීපදෙනෙකුට පමණයි නමුත් අද විශාල පිරිසකට දැනගන්න ලැබෙනවා, එහෙම දැනගනත් තවත් විශාල පිරිසක් ඉන්නව තවමත් මොවුන් පසුපස යන "මෝඩකමට බෙහෙත් නෑ කියන්නේ එකයි "

    BalasPadam
    Balasan
    1. මෝඩකමට බෙහෙත් නෑ

      Padam
  3. පොඩි වෙනසක් පෙනෙන්නේ නැද්ද?

    පොලෝසියෙන් ගුටි කන්නේ එක් මවක් එක් පියෙක් ඇති එහෙත් සුළු පියෙක් නැති ළමයින් නොවේද? පොඩ්ඩක් හිතන්න තව දුරටත් ......

    BalasPadam
  4. දුටුවාද
    මෙ පුතණුවෝ
    එක වරක්වත්
    මහ මගක
    පෙළපාලියක
    නිර්ධන පංතියේ

    නැත නැත
    මා කියන්නට
    තනන්නේ
    ළහිරු වීරසේකර
    ගැන නොවේ

    BalasPadam
    Balasan
    1. මා කියන්නෙත් ළහිරු වීරසේකර ගැන නොවේ

      Padam
  5. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් යනු අතදරුවන් නොවේ. ඔවුන් වැඩිහිටියන් ය. ඔවුන්ගෙන් සමහරු විවිධ ශිෂ්‍ය දේශපාලන වැඩකටයුතුවල යෙදෙති. සමහරු එසේ නොකරති. ඒ, ඒ ඒ අයගේ තේරීම් ය.

    යම් කරුණක් ගැන කෙරෙන විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වෙනත් අයෙකු එසේ කරන්නේ තමන් ගේ කැමැත්තෙන් සහ තම සැබෑ අවශ්‍යතාවය නිසා බව මගේ අදහසයි.

    එසේ තීරණ ගැනීම සහ ක්‍රියා කිරීම ඔවුන් ගේ වරදක් ලෙස අපට අරුත් දැක්විය හැකි මුත්, එය එක් දෘෂ්ඨිකෝණයකින් බලා ඇති කර ගන්නා අදහසක් පමණි!

    BalasPadam
    Balasan
    1. යම් කරුණක් ගැන කෙරෙන විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වෙනත් අයෙකු එසේ කරන්නේ තමන් ගේ කැමැත්තෙන් සහ තම සැබෑ අවශ්‍යතාවය නිසා බව මගේ අදහසයි.///////////////නමුත් මා සමග අදහස් දැක්වූ වි වි සිසුන් බොහෝ දෙනෙකු ඔවුන්ව බලහත්කාරයෙන් මේ පෙලපාලි වලට ගෙනියන බව කීවෝය​. එසේම එසේ නොඑන එවුන් අලයන් කිය හිංසනයට පත් කරති

      Padam
    2. අලයෙකු ලෙස තම විශ්ව විද්‍යාල ජීවිතය ගෙවූ රසික සුරියආරච්චි විශ්ව විද්‍යාල සිසුන් බලහත්කාරයෙන් මේ පෙලපාලි වලට ගෙනියන බව නොදන්නවා විය හැකියි. පවුකාරයට සමාවුන මැනවි ස්වාමිනි!

      Padam
    3. මෙයට මසකට දෙකකට පමණ පෙර අන්තරය මගින් ඊනියා උද්ඝෝෂණයක් කරමින් කොළඹ කොටුව දක්වා පා ගමනක් පැමිණියා. එයට සහභාගී වෙමින් පැමිණි කෙල්ලන්ව ගෙවල්වලට රැගෙන යන්න ඔවුන්ගේ දෙමවුපියන් කොටුවටම පැමිණ සිටියා. ඔවුන් මා ගමන් ගත් බසයේම ගියා. මට තේරුණ දෙයක් තමයි එම දෙමවුපියන් තම දරුවන් උද්ඝෝෂණ සඳහා සහභාගී වනවාට කැමති බව. සමහරවිට එම දෙමවුපියන් මහා රජාගේ වහල්ලු වෙන්න ඇති. දරුවන්වත් වහලුන් වෙනවට කැමති ඇති.
      මමත් විශ්ව විද්‍යාලයේදී උද්ඝෝෂණ වලට සහභාගී වුන. නායකත්වයද ගත් අවස්ථා තිබුණා. හැබැයි ඒ සියල්ල ගෙදරට හොරෙන්. දැන් ඉන්නේ SMART PHONE පරපුරක්නේ. අපි වගේ නොවේ FULL SMART - FULL OPEN. හි..හි..හි...

      Padam
  6. බොහොමයක් සිසුන් මේ උද්ගොෂන පෙලපාලි සදහා සහභාගි වන්නේ කැමත්තෙන් නොවේ. බොහො විට පලමු වසර සිසුන් බලහත්කරයෙන් සහභාගි කරවයි.

    BalasPadam
    Balasan
    1. athha මා සමග අදහස් දැක්වූ වි වි සිසුන් බොහෝ දෙනෙකු ඔවුන්ව බලහත්කාරයෙන් මේ පෙලපාලි වලට ගෙනියන බව කීවෝය​. එසේම එසේ නොඑන එවුන් අලයන් කිය හිංසනයට පත් කරති

      Padam
  7. හැබෑටම
    කුමක් වේවිද
    මතු දිනෙක
    ළහිරුට

    නන්දන මාරසිංහ කෙනෙක්
    පද්මසිරි ත්‍රිමා විතාන කෙනෙක්
    නැතිනම්
    චම්පික හෝ රතන කෙනෙක්
    බැරිනම්
    අඩුම තරමින්
    නානසාර කෙනෙක් වත්
    වෙන්න පුළුවන් වේවිද
    මේ සිරිලකේ

    BalasPadam
    Balasan
    1. ඒත් බැරිනම් උදුනක් හෝ මල් බදුනක් වී බට්ටිලා ගැන එන් ජී ඕ කඳුළු සලාවි

      Padam
    2. ළහිරු කරන්නේ තමන් ගේ ජොබ් එක

      Padam
  8. 100% true

    sameera

    BalasPadam
  9. Ya man,
    Even Trum also doing this. He pretend that he is a great Christian and he don't have sex other than his wife. But do you think he didn't hit high class escorts? Oh come on man, can't believe such a rich man didn't hit one of those high class escorts. I'm pretty sure he had hit many high class escorts.

    No matter you are capitalistic or communist, this same theory applies. People pretend it. They really not they are.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook