Isnin, 19 Jun 2017

ඩොට්ට

 



ග්‍රාමීය ප්‍රදේශ වල ජනයා වෛද්‍යවරුන්ට ගරු සත්කාරව සලකති. ඔවුන් කටපුරා දොස්තර මහත්තයා , අපේ මහත්තයා, සෑර් කියා වෛද්‍යවරු අමතති. එහෙත් සමහරක් ජනයා ඩොට්ට , දොස්ට , කියාද ආමන්ත්‍රණය කරනවා මම අසා තිබේ. වරක් ග්‍රාමීය රෝහලකදී තරුණයෙකු " දොට්ට මට යන්න ඕනේ " කීවේය​. මෙසේ කීවේ රෝහලේ නේවාසිකව සිටි තරුණ රෝගියෙකි. එවිට මට ගත් කටටම  " දොට්ට යන්න ඕනේ නම් අන්න අර තියෙන්නේ "  කියා රෝගීන් ගේ වැසිකිලිය පෙන්නුවෙමි. එහෙත් අද දිනයේ එය සුදුසු පිලිතුරක් බව මම නොසිතමි. 

ඒ කාලයේ බොහෝ වෛද්‍යවරු ඩොට්ට , දොස්ට කියා ආමන්ත්‍රණය කිරීමේදී අසතුටු වූහ​. නමුත් අධ්‍යාපන මට්ටමින් අඩු එතරම් සමාජ දැණුමක් නැති ගැමියන් ඩොට්ට , දොස්ට කීවාට ඒවා ගනනකටවත් නොගෙන ප්‍රතිකාර කටයුතු කිරීමට පසුව මට හැකි විය​. 

ඩොට්ට , දොස්ට ආමන්ත්‍රණ වලට අමතරව සමහර වෛද්‍යවරු ඩොක්ට යන නිල නාමයට වඩා සර් යන වචනයට කැමතිය​.  විශේෂඥ මනෝ වෛද්‍ය ලලින් ප්‍රනාන් දු මහතා සමග මීගමුව රෝහලේ මනෝ වෛද්‍ය සායනයේ වැඩ කරන සමයක රෝගියෙකු සම්බන්ධයෙන් දැනුම් දීමට මම උතුරු කොලඹ මහ රෝහලේ මානසික සෞඛ්‍ය වාට්ටුවට දුරකථනයෙන්  කතා කලෙමි. ඇමතුම ගත්තේ විශේෂඥ මනෝ වෛද්‍ය අසෝක කුරුප්පු ආරච්චි මහතාය​. ඒ බව නොදත් මම ඔහුට ඩොක්ට කියා කතා කලෙමි. එවිට මනෝ වෛද්‍ය අසෝක කුරුප්පු ආරච්චි මහතා " කන්සල්ටන්ට් කෙනෙක්ට කතා කරන්න ඉගෙන ගන්න"  කියා මට තදින් කීවේය​. මම ඔහුගෙන් සමාව ඉල්ලුවෙමි. 

කොලඹ යුද හමුදා රෝහලේදී වෛද්‍ය සායනයකදී වෛද්‍ය කපිතන් ගංගා සටන් ඒකකයක මේජර් වරයෙකුට වෛද්‍ය උපදෙස් දෙමින් සිටියාය​. මෙම වෛද්‍ය උපදෙස් දෙන විට ඔහුට සර් නොකීම ගැන මේජර්වරයා උරණව ගංගාට වෛද්‍ය උපදෙස් පසෙක තබා බැන වැදුනේය​. පසුව එතන සිටි වෙනත් හමුදා වෛද්‍යවරයෙකු පහත් හඞින් කීවේ ඕ ලෙවල් පාස් වී හමුදාවට ගොස් වෛද්‍යවරුන් ලවා සර් කියවා ගැනීමේ හීනමානයක් මෙම මේජර්වරයාට තිබෙන බවය​. 

රෑන්ක් එකෙන් මේජර් වරයෙකු වූ මම කර්නල් රුවන් මිල්ලවාන , කර්නල් සූරියකුමාර යන නිලධාරීන්ව කඳවුරෙන් පිටතදී පවා අමතන්නේ සර් කියාය​. සිවිල් ජීවිත වලදී ඇති තරම් ගරුත්වය ලබා සිටි මෙම නිලධාරීන් කඳවුරෙන් පිටතදී සර් කියා ඔවුන් අමතන විට මාව කාරුනික ස්වරයෙන් අධෙර්‍යමත්  කරති. 

 කැනඩාවේ සව්ත්ලේක් රෝහලේ මනෝ වෛද්‍ය ගෞරව් මේතා මනෝ චිකිත්සනය සඳහා මට රෝගීන්  යොමු කරයි. මනෝ වෛද්‍ය  මේතා ඉන්දියාවේද , එංගලන්තයේද ඇමරිකාවේද මානසික රෝහල් වල සේවය කොට විශාල අත්දැකීම් ලබා තිබෙන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකි. මම ඔහුව අමතන්නේ සර් කියාය​. එහෙත් සර් කියා ඇමතූ මුල් දිනයේම වෛද්‍ය මේතා " ජේ ( ඔහු මට කතා  කරන්නේ ජේ කියාය​)  මේ එංගලන්තය නොවෙයි කැනඩාව​. ඒ නිසා මට මේතා කියා කතා කරන්න කියා " සිනහ මුසුව කීවේය​. 

එංගලන්තයේ විටිංටන් රෝහලට ගිය අවස්ථාවක් මට සිහිපත් වෙයි . එහි සිටි ඉන්දියානු කණිෂ්ඨ වෛද්‍යවරු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ඇමතුවේ  සර් කියා හෝ ඩොක්ට කියාය​. වෛද්‍ය මේතා විසින් කියන ලද්දේ මෙකී පුරුද්දයි. එහෙත් ලංකාවේ මේ පුරුද්ද ඉහවා ගොස් ඇති බව ඔහු නොදනී. 

වරක් වෙස්ටන් රෝඩ් සායනයේදී හෙදියක වූ කැමිලා වෛද්‍ය මිශෙල් ක්ලේමන් අමතන ලද්දේ " මිශෙල් " කියාය​. ලංකාවේ හෙදියක වෛද්‍යවරියකගේ මුල් නමින් කතා කලහොත් සිදු වන්නේ ගිණි විජ්ජුම්බරයකි. 

 ලංකාවේ රෝහල් වල වෛද්‍යවරියන්ට මිස් හෝ මිසී කියා ආමන්ත්‍රණය කිරීමද බොහෝ විට ඔවුන් ගේ කෝපයට හේතු වෙයි. සහකාර වෛද්‍ය නිලධාරී දිනේජ් චන්ද්‍රසිරි කියූ කතාවක් මට මතක් වෙයි. වරක් විජයකටුපොත ග්‍රාමීය රෝහලේ සහකාර වෛද්‍ය නිලධාරී දිනේජ් චන්ද්‍රසිරි විශාදයෙන් පෙලෙන රෝගියෙකු හලාවත රෝහලේ එවකට සේවය කල මනෝ වෛද්‍යවරිය වෙත යොමු කලේය​. මෙම රෝගියා මනෝ වෛද්‍යවරියට මිස් කියා කතා කිරීම නිසා ඇය කෝප ගත්තාය​. මේ නිසා රෝගියාගේ ප්‍රතිකාරයද හරි හැටි වූයේ නැත​. පසුව මෙම විශාද රෝගියා සායනයට ඒම නවතා දැමුවේය​.  

වෛද්‍යවරියන් පමණක් නොව සමහර ජ්‍යෙෂ්ඨ හෙදියන් ද මිස් කියනවාට කැමති නැත​. ජ්‍යෙෂ්ඨ හෙදියක වූ බාලසූරිය මිය රෝගීන් සහ ඔවුන් ගේ ඥාතීන් මිස් කියා කතා කරන විට " අනේ මම මිස් නෙවෙයි නාකි ගෑණියෙක් " කියා කියන්නීය​. මේ නිසා තක්කු මූකු වන රෝගීන් කුමන නමකින් ඇයව ආමන්ත්‍රණය කරන්නද කියා නොදනිති. වරක් මම වාට්ටුවේ රෝගියෙකු ක්ලාක් කරමින් සිටියෙමි. එක් ග්‍රාමීය කාන්තාවක් බාලසූරිය මිය " හාමිනේ" කියා ඇමතුවාය​. රෝගියා ක්ලාක් කරමින් සිටි මට " බුග්" ගා සිනහවක් ගිය අතර සිනහව පාලනය කිරීම සඳහා මම පෑන තදින් විකුවෙමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

60 ulasan:

  1. //මෙම රෝගියා මනෝ වෛද්‍යවරියට මිස් කියා කතා කිරීම නිසා ඇය කෝප ගත්තාය​.//
    ඩොක්ටර් බලනකොට මානසික රෝගියාව බෙහෙත් ගැනීම සදහා යොමුකරලා තියෙන්නේ තවත් මානසික ලෙඩෙක් ලගටනේ.

    BalasPadam
  2. ක්ලාක් කරනවා කියන්නෙ මොකටද?

    BalasPadam
    Balasan
    1. ක්ලාක් කරනවා කියන්නේ රෝගියෙකු වාට්ටුවට ආ විට රෝගියාගේ රෝග විස්තර ඉතිහාසය ලියා මූලික ප්‍රතිකාර නිර්දේශ කිරීමයි. මෙය ලියන්නේ ඇඳ ඉහ පත්‍රිකාව (Bed Head Ticket -BHT) නම් කොලයේය

      Padam
  3. සාමාන්‍ය වෛද්‍යවරියක්/ වෛද්‍යවරයෙක් නං මං ඩොක්ටර් කියලා කතා කරන්නේ. විශේෂඥය වෛද්‍යවරියන්, වෛද්‍යවරු සදහා මැඩම් , සර් ලෙස කතා කරන්නේ. මට ඒ පුරුද්ද ආවේ වෛද්‍යවරියක් වන මගේ බිරිඳගෙන්.

    BalasPadam
  4. කාලයක් පැරණි වාමාංශික පක්ෂයක ක්‍රියාකාරිකයෙකුව සිට ඇති මගේ මවගේ පියා මා දන්නා කාලය වන විට පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව ස්වාධීන සමාජ ක්‍රියාකාරිකයෙකුව සිටියේය. මිය යන තුරුම එම පක්ෂයට සම්බන්ධව සිටි මගේ මවගේ සොහොයුරාගෙන් පසුව දැනගත් පරිදි මෙයට හේතු වී ඇත්තේ පෞද්ගලික සිත් අමනාපයකි. මේ පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයකු (හා නායකයා) වූ අයෙකුට "කම්රාඩ්" ලෙස කතා කරනවා වෙනුවට මගේ මවගේ පියා ඔහුව පුරුද්දක් ලෙස ආමන්ත්‍රණය කර ඇත්තේ "ඩොක්ට" යනුවෙනි. ඒ ඔහුගේ ආචාර්ය උපාධිය සලකමිනි. එහෙත් පසුව රටේ ප්‍රධාන දේශපාලන තනතුරකට පත් වීමෙන් පසු වෙනත් පිරිසක්ද සිටින තැනකදී අනෙක් අය "සර්" කියද්දී "ඩොක්ට" ලෙස ආමන්ත්‍රණය කිරීම ගැන ඔහු නුරුස්නා ගතියක් පෙන්වා තිබේ. මේ සිදුවීමෙන් පසුව ඔහුට අදාළ පක්ෂයේ දේශපාලනය එපා වී ඇත.

    BalasPadam
    Balasan
    1. එන් එම් ඩබල් ඩොක්ටර් නේ. මේ කොල්වින් විය හැකියි!

      Padam
    2. දැන් නම් ඒ කොම්රාඩරි නෑ. අයියා-මල්ලී කියා අධිපතිවාදී-බලු ගැත්තර සම්බන්ධයක් තියෙන්නේ.

      https://rasikalogy.blogspot.com.au/2017/05/all-jvpers-are-equal-but-some-jvpers.html


      !

      Padam
    3. @Economatta
      චෝදනාව එන්.එම්. ට හෝ කොල්වින්ට නම්

      එන්.එම්. සහ කොල්වින් සහෝදරවරු දෙදෙනාම ම කුඩා කල සිට දන්නා දෙදෙනෙකු වූයේ මගේ පියාගේ දේශපාලනය ඔවුන් සමග වූ නිසයි. පසු කාලීනව යොවුන් වියේදීම දේශපාලනයට යොමු වූ නිසා කොල්වින් සහෝදරයා පිළිබඳව සැහෙන කරුණු අවබෝධ කර ගත්තෙමි.
      මෙම සහෝදර වරු පමණක් නොව එම පරපුරම බොළඳ චරිත නොවූ බව අවධාරණය කරමි.සර් කියා ගැනීමට හෝ ඩොක්ට කියා ගැනීමට හෝ හාමු කියා ගැනීමට හෝ ඔවුන් මානසික ලෙඩකින් පසු නොවූ බව ප්‍රත්‍යක්ෂය.

      සහෝදරයා ලෙසින් ඇමතීම ඔවුන් සැලකුවේ එකිනෙකාට කරන ආචාරශීලී බවක් ලෙසය. එයට ඔවුන්ට පාර්ලිමේන්තුවේත් එකය, මහ මගත් එකය, රජ ගෙදරත් එකය.
      මෙවන් උදාර චරිත වලට මෙවන් බොළඳ මඩ ගැසීම බොලඳ බවේ සංකේතයකි. සැබවින්ම ඩඩ්ලි, රොබට් වැනි අයද එවැනි චරිත බව අසා ඇත්තෙමි.
      ඔබගේ ඥාතියා එන්. එම්. ට ඩොක්ට ලෙසින් ඇමතුවා නම් එම ඥාතියා සමසමාජකාරයෙක් වන්නට නොහැක. මන්ද රුවන්වැල්ලේ පීඩිත කුලයේ මිනිසුන් පවා එන් .එම් ට සහෝදරයා ලෙස අමතන අතර එයම ඔහුට අභිමානයක් විය. සමහර විට ඔබගේ ඥාතියා කිවූ මෝඩ කතාවක් නිසා එන්.එම්. ට කේන්ති ගියා වන්නට පුළුවන් නේද? අනෙක මේ කතාව ඒක පර්ශවීයයි නේද?
      ඔබගේ bolg අඩවිය ට අනුව ඔබ යම් දැනුමකින් යුක්ත බව වැටහෙන නමුත්, මෙවන් බොළඳ කතා කීමෙන් ඔබ නොදන්නා ඔබගේ අඩුපාඩු ඉස්මතුවී පෙනෙන බව තේරුම් ගන්න.කොම්පියුටර් ශාක්ෂරතාව තිබූ පමණින් සියල්ල දත් වන්නේ නැත.



      Padam
    4. NMට ටිකක් ඔළුව තිබ්බා කියලා මම අහල තියනවා . මේක වරක් ආනන්ද තිස්සද අල්විස් පවා කිව්වා

      Padam
  5. ඩොක්ටර් රුවන්, මේ මේක ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඔන්ලයින් ෆෝරම් එකක දැක්කේ.

    ...

    මුලින්ම කියන්න ඕන මේක මම අත්හදා බලපු ගොඩක්ම සාර්ථක ඒවගේම මාස 3න් 4න් ප්‍රථිඵල ලබන්න පුලුවන් ක්‍රමයක්. අවුරුදු ගනන් ලෑස්ති වෙන්න දෙයක් නැහැ. ඔන්න එහෙම නම් වැඩේට බහිමු
    පියවර 1
    මුළින්ම තමන්ගේ නිදන කාමරය වැඩිය කලබල නැති තැනක් කර ගන්න ඕන. බිත්ති වල ගහලා තියෙන සංකීර්ණ ෆොටෝ, පෝස්ටර් ගලවලා මකුළු දැල් කඩන්න ඕන. බිත්ති වල ඩොට් එහෙම තියෙනවා නම් සුදු කොළ අලවන්න ඒ තැන් වලට. එහෙම පොඩි එකක් ඇති මොලේ වෙහෙසට පත් වෙලා අවධානය බිඳෙන්න. හැමදාම එකම වෙලාවට නිදා ගන්න පුරුදු වෙන්න. උදේටත් එකම වෙලාවට නැගිටින්න. දවස ගානේ නාන්න, පිරිසිදුව ඉන්න. හවසට පන්සිල් ගන්න, මල් පහන් පූජ කරන්න බෞද්ධ නම්. නැත්තම් ඒ ඒ ආගමික වතාවන් කරන්න
    පියවර 2
    සතියක් විතර එකම කාලසටහනට යන්න දෙන්නෙ. පස්සෙ එක දවසක හවස 4ට ඇඳට එන්න. 4 බැරි නම් කැමති වෙලාවක් තෝර ගන්න.. හැබැයි හැමදාම ඒ වෙලාව ෆ්‍රී වෙන්න ඕන වැඩේට. ඇඳේ හාන්සි වෙන්න කොට්ටයක් නැතුව. දැන් දකුණු අතේ මහපට ඇඟිල්ලයි මැඳගිල්ලයි එකට ගෑවෙන්න තියන්න. උඩ ඉඳන් පලවෙනි පුරුක ගෑවුනාම ඇති. දැන් ඇඳේ උඩුබැලි අතට ඉඳන් ඇස් පියා ගන්න. ඇස් පියා ගෙන ඔයා ඇඳේ හාන්සි වෙලා ඉන්න කොට උඩින් බැලුවම පේන විදිහ හිතෙන් මවා ගන්න. ඔහොම සති 4ක් 5ක් තමන්ගේ ඇඟටම හිත මෙනෙහි කරන්න. සතියක් විතර කරද්දි ඇස් වහ ගත්තම හැබැහින් වගේම නිවැරදිව පේනවා.
    පියවර 3
    දැන් සිත හොඳටම මෙනෙහි වෙලා තියෙන්නෙ. දැන් ටික ටික තමන්ගේ ගෙදර දොරෙන් එළියට යනවා කල්පනා කරන්න. හිතෙන් එළියට යන එක මවා ගන්න. වට පිට බල බල යනවා කියලා හිතන්න. ඔහොම තමන් ගිහින් තියෙන පාරවල් වල හිතෙන් යන්න. නොගියපු ඒවගේ යන්න එපා. ඔහොම සති 4ක් වගේ කරද්දි ඔය නිකම් පාරේ එද්දි අවදානෙන් නොබලපු බෝඩ් වල ලියපු අකුරුත් ඔයාට හිතෙන් කියවන්න පුළුවන් වෙනවා.
    පියවර 4
    හිතෙන් යද්දි පාරෙ පොඩි පොඩි පෝස්ටර් වල අකුරු බොඳ නොවී පේන තරමට මෙනෙහි උනාට පස්සෙ ඔයා ලෑස්තියි සිරුරෙන් එළියට යන්න. ඔයා හිතෙන් පාරෙ ඇවිදින අතරේ එක පාරටම කවදාවත් නොගිය ඒත් පස්සෙ බොරුවක් කියලා හරි යන්න පුළුවන් ගේකට යන්න. ගිහින් ඒ ගෙදර වත්ත ගේ ඇතුල එහෙම හොඳින් බලන්න. කවදාවත් නොගිය පාරක් තියෙනවා නම් ඒකේ ඇවිදින්න, හොඳට බලන්න වටපිටාව. ඔහොම යද්දි වටේ බොඳ උනොත් එහෙම කලබල වෙන්න එපා ඒ ඔයාගෙ ඇඟිලි දෙක ඈත් වෙලා. එතකොට ඔය ක්ෂණිකව ඇඟට එනවා. දැන් ඔය අර හිතෙන් ගිය ඒත් කවදාවත් කලින් නොගිය ගෙදර වත්තට ඇත්තට ගිහින් බලන්න. බොරුවක් කියන් හරි යන්න. අර නොගිය පාරේ ගිහින් බලන්න, හිතෙන් දැකපුවා සංසංදනය කරන්න. ඔය කලින් පියවරවල් හරියට කලා නම් හිතෙන් දැකපුවා සේරම ඇත්තට තියෙන්න ඕන.
    පියවර 5
    දිගටම මේක හැමදාම කරන්න, ඒත් මෙහෙම දකින වෙන මිනිස්සුන්ගේ රහස් එළිපිට කියන්න එපා. නොදන්න පාරවල් වල යන්න, හැබැහින් ඊළඟ දවසේ යන්න. කනත්තවල් ගාවින් යන්න බය වෙන්න එපා, හරියට බැලුවොත් මිනිහෙක් වලලපු නැති තැනක් කොහෙවත් නැහැ.
    කියපු පිළිවෙලටම කරන්න, පියවරවල් මග අරින්න එපා ඉක්මන නිසා. එකපාරක් කලාම තොල කට හැපිලා ලේ ඇවිත් තිබ්බොත් ආයෙ කරන්න එපා. අවධානමක් ගන්න වෙන වැඩක් නිසා අවදානෙ කරන්න. වැරදියට කරලා අංගොඩ ඉන්න සියදිවිනසා ගත්ත අය ඉන්නවා ඒක නිසා පරිස්සමෙන් කරන්න. පාරවල් ගානේ ඇවිදිනකොට අත් නැති ඔලු නැති මිනිස්සු, පාරවල් වල දිගා වෙලා අඬන මිනිස්සු දකීවි. උන් එක්ක කතා කරන්න හදන්න එපා. .

    BalasPadam
  6. ඉගෙන ගත්තම ඒක තියෙන්නේ සහතිකයේ. සහතිකයට අනුව ලැබෙන්නේ රස්සාව. රස්සාව කරන්නේ ආයතනයක. ඉතිං වැඩ කරන වෙලාවෙන් පසු මොන තනතුරුද? රැකියාවෙදි වුනත් අත්සන් කිරීමට අමතරව දොරේ ගහන්න හරි මේසේ උඩ තියන්න හරිනේ තනතුරු පුවරුවක් තියෙන්නේ. අපි නින්දට යනකොට මගුල් ගෙදරක මල ගෙදරක යනකොට ඒවා පලන්දන් යන්නේ නැහැනේ. කොතැනදි වුනත් අපට තියෙන නමින් කතා කිරීම කොපමන ලෙංගතුද? කෙනෙකුට තමන්ගේ නමට වඩා දෙයක් තව කොහෙද?

    ඉංජිනේරුවන් සහ දොස්තරවරුන් ප්‍රොෙපස්ර් යන නම්බු නමා බටහිර කරනයට අනුව නමට ඉදිරියෙන් නම්බුවක් ලෙස යොදා ගත්තත් මැරෙනකොට ඔක්කොම යන්නේ එකම තැනට වෙන්න පුලුවන්.

    ලියන කියන කටයුතු වලදී ඕවා පාවිච්චි කලාට කවුරු කොහොම කතා කලත් තමන්ගේ සේවය හරියට කිරීම තමා මිනිසෙකු සතු මහත්මා ගතිය වන්නේ මම දකින විදිහට නම්.

    BalasPadam
    Balasan
    1. මැරෙනකොට ඔක්කොම යන්නේ එකම තැනට

      Padam
  7. මම කන්තෝරුවෙ ඉන්න මට සීනියර හැම එක්කෙනාටම සර් කියනවා..මිස් කියනවා.. ඒත් මම නං කොහොම හරි මට සර් කියන අය ටික අඩුකරගත්තා..

    BalasPadam
  8. මං ලක්ෂ්මන් ඉලංගකෝන් සර්ට කටපුරා සර් කියනවා...නාවිකහමුදා විනය අනුව නෙවෙයි...එයා ඇත්තටම සර් කෙනෙක් නිසා. විශේෂඤ වෛද්‍යවරයෙක් පුද්ගලික රෝහලකින් තාවකාලිකව මිලදීගත් සෑම අවස්ථාවකදීම...මම ඔහු අමතන්නේ ඩොක්ට කියාය...එහෙම කියනවිට ඔහුගේ මූණ ඇඹුල් වෙනහැටි දකින්නට මම හරිම ආසයි(සල්ලි ගෙවල නිසා බණින්නේනෑ). කෙනෙකුට ඩොක්ට කෙනෙක් වීමට අවශ්‍යනම්...ඩොක්ට මර්වින් සිල්වා මෙන් ආචාර්ය උපාධියක් ලබාගතයුතුය !!!.

    BalasPadam
    Balasan
    1. එයා ඇත්තටම සර් කෙනෙක් නිසා////////////////// මමත් එහෙම සර්ලා කීප දෙනෙකුට කටපුරා සර් කියනවා

      Padam
  9. මම දන්නේ නැති හින්දා අහන්නේ ඔය විශේෂඥ දොස්තර මහත්තුරුන්ට සර් කියලා කතා කරන්න ඔනේද? මම මෙතුවක් කාලෙකට එහෙම කතා කරලා නෑ.

    BalasPadam
    Balasan
    1. //මම මෙතුවක් කාලෙකට එහෙම කතා කරලා නෑ.// ++++++

      Padam
    2. රෝගීන් එහෙම කතා කරන්න අවශ්‍ය නෑ ; මම නම් සර් කියන්නේ හොඳ මිනිස් ගුණ තියන වෛද්‍යවරුන්ට විතරයි.

      Padam
  10. රුවන්, මේ ලිපිය ලංකාවේ සමහර දොස්තරලාගේ මෙන් ම, බයොලොජි ඉගෙන නොගත් අන් අයගෙන් සමහරුන් ගේ ද හීනමානය උදාහරණ සහිතව පෙන්වා දෙන හොඳ ලිපියක්.

    මගේ අදහස නම්, ආමි එකේ දී හෝ වෙනත් වෘත්තීය පරිසරය අප එකිනෙකාගෙන් වෙනස් භූමිකා කළත්, සමාජයේ දී සැවොම එක හා සමානයි කියායි.

    නමුත් අවසානාවකට මෙන් මේ ආකාරයේ හීනමානයෙන් පෙලෙන අය බ්ලොග් ලියන කියවන අය අතර ද සිටින බව රුවන් දැක ඇතියි කියා මං හිතනවා.

    ඒ අයට රුවන් ගේ මේ ලිපිය කමටහනක් වේවා!

    BalasPadam
  11. ඉන්දියාවෙ නමට අගින් සර් කියලා කියනවානෙ. දැන් ලංකාවෙත් කියනවා. ඒ මදිවට නිකම්ම "අර සර්" "මේ සර් " "අපේ සර් කෙනෙක්" කියලා ගුරුවරුන් නොවන අයටත් කියනවා ඇහෙනවා.

    BalasPadam
    Balasan
    1. සර් ජෝන් සහ ජෝන් සර්

      Padam
  12. අපිනම් කියන්නේ දොස්තොව්ස්කි කියලා

    BalasPadam
  13. ජපානේ නම් වෛද්‍යවරයාට අමන්තරණය කරන්නේ "සෙන්සේ" කියල. නම මුලින් යොදල පසුව සෙන්සෙඉ කියනවා. ඔයාට නම් රුවන් සෙන්සේ. සෙන්සේ කියන එක ගුරුවරයාට මහාචාර්යවරයාට මෙන්ම කලාතුරකින් තැනකදී දර්ශනවිශාරද ලාභියෙකුටත් යෙදෙනවා. ජපන් වෛද්‍යවරු නම් ඉතාම වගකීම සහගතයි නිහතමානියි වගේම කරුණාවන්තයි. තුවාලයක් පරීක්ෂා කිරීමේදී පාවා අත් ආවරණ වලින් තොරව තමයි ස්පර්ශ කරන්නේ (හොදද නරකද කියන එක ගැන නෙවෙයි). අත් වැසුමක් පැලදීම රෝගියාට කරන අවමානයක් ලෙස ඔවුන් සලකන්නේ. තුවාල වලට පවා බේත් දමන්නේ විශේසඥ වෛද්‍යවරයමයි. තැලීම් වලදී එහෙම තරමක් තදින් ප්ලාස්ටර් යෙදීම වැනි ලංකාවේ නොදුටු ඉතා එලදායි ක්‍රම ඔවුන් යොදා ගන්නවා, වෛද්යවරයාම ඒවා කරන නිසා.

    ලගදි දවසක් බේත් ගන්න ගියාම මට වෛද්‍යවරයා කිවා වැඩිපුර දියර බොන්න කියල. මං ඇහුවා බියර් වුනත් කමක් නැද්ද කියල. හයියෙන් හිනා වෙලා බේත් බොනකන් බියර් බොන්න එපා ටික දවසක් විතර කියල කිව්වා. ප්ලීස් කියලත් බොහොම සිනාමුසුව කිව්වා. බියර් බොන්න ඕනේ වුනත් බේත් සමග ගැටළුවක් ඇතිවේද කියන බය තිබුන නිසා කෝකටත් ඖෂධවෙදියගෙන් මේ බේත් ඉවරවෙනකන් ම කිසිම ඇල්කොහොල් එකක් බොන්න හොද නැතිද කියල ඇහුවාම...ඔහු ඉතාම සිනාමුසු මුහුණෙන් ඕකේ ඕකේ. බේත් එක්ක ගැටළුවක් නෑ. බියර් බිවට කමක් නෑ වතුර ගොඩක් බොන්න කියල. රෝහලේදීත් ෆාමසිදීත් පිට වෙනකොට "ඔදයිජිනි" (නිරෝගීමත් වේවා) කියල කියනවා. මිනිසුන්ගේ නිරෝගීමත් කම ගැන බොහොම හෘදයාංගම ප්‍රාර්ථනාවක් ඒක. රෝහලට ගිය විට එය ප්‍රියජනක තැනක් බවට පත් කරනවා ඔවුන්.

    මට මතකයි යාලුවෙකුට ෆින්ලන්තයෙදේ මුත්‍ර අඩස්සිවීමක් වෙලා ඔහු එහි සිට නැවත පැමිණියේ කැතීටර් එකක් සමග. ජපානයේ රෝහලෙන් පරීක්ෂා කල ගමන් මුලින්ම කලේ එය ඉවත් කිරීම. උදරයේ පන්ච් 4ක් මගින් ඇතුල්කරන ලද ශරීරයේ ඇතුලතින් දිවෙන බයිපාස් එකක් එවෙලේම ඔහුට පැලඳුවා. හැම මොහොතේම රෝගියාගේ ආරක්ෂාව මෙන්ම පහසුව සලකනවා ජපන් වෛද්‍යවරුන්. මෙවැනි දේවල් වලදී බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි ලංකාවේ අඩුමුදලට එවැනි සේවා සපයන්න බැරි බව.සියලුදෙනාට අවම වශයෙන් ගාස්තුවෙන් 70% පමණ ජාතික සෞක්‍ය රක්ෂණයෙන් ආවරණය වෙනවා. සාමාන්‍ය ලෙඩකට විශේසඥ වෛද්‍යවරයෙකුගෙන් බේත් ගන්න වැය වෙන්නේ ලංකාවේ යන මුදලට වඩා අඩු මුදලක්.


    වෛද්‍යවරුන් ගැන කියන විට කණගාටුවෙන් වුනත් මෙයත් නොලියා බැහැ. ලගදී එක් බ්ලොග් ලියන උපාධිදාරී වෛද්‍යවරයෙක් ඉතා උජාරුවෙන් පවසා තිබුනා ඔහු බීමත් පුද්ගලයන් පුද්ගලයන්ට ප්‍රතිකාර නොකරන බව. ඔහු සමහර විට සිතනවා ඇති එය ලොකුකමක් ලෙස. විශේෂයෙන්ම නීත්‍යනුකුල මත්පැන් පානය කල අයෙකුට ප්‍රතිකාර නොකර සිටීමට ඔහුට අයිතියක් නැහැ. ඔහුගේ ප්‍රතිඥාවට එය විරුද්දයි. ඔහුට එසේ කර නීතියෙන් ගැලවෙන්නට පුළුවන් වන්නේ අවනීතිය ක්‍රියාත්මක වෙන නීතිය ක්‍රියාත්මක නොවෙන අශිෂ්ට රටක පමණක් බව කියන්න ඕනේ. ඔහු ශිෂ්ට සම්පන්නව නීතිය ක්‍රියාත්මක වෙන රටක සිටියා නම් එක්කෝ ඔහුට මේ වනවිට කරන්නට වෙන්නේ කොන්දොස්තර කමක් තමයි. මේ කරුණ නිසා මම ඔහුව හදුනා ගන්නේ ශිෂ්ටාරගත නොවුණු ගල් යුගයේ ගෝත්‍රික මිනිසෙක් විදියට.

    BalasPadam
    Balasan
    1. 1) "සෙන්සේ" 1කියලා මම අපේ කරා ්ට මාස්ටර්ට කතා කලේ
      2ජපන් ජාතිකයන් ඉතා නිහතමානී කල්ච්ඩ් බව මට නරිටා එයාපෝට් එකේදී තේරුනා.
      3 මම මිනිපේ සිටියදී ජපන් ජාතික ඉන් ජිනේරු එගුචී මහතාට කතා කලේ සන් එගුචී කියලා
      4) බ්ලොග් ලියන උපාධිදාරී වෛද්‍යවරයෙක් ඉතා උජාරුවෙන් පවසා තිබුනා ඔහු බීමත් පුද්ගලයන් පුද්ගලයන්ට ප්‍රතිකාර නොකරන බව//////// මේ වෛද්‍යවරයා නරක පුද්ගලයෙක් නොවෙයි. ඔහු ගොඩාක් රෝහල් වල අඩුපාඩු හැදුවා. මමත් ඔහුට මේ වරද ගැන තේරුම් කර දුන්නා

      Padam
    2. 4) ගැන. මම කියන්නේ //මේ කරුණ නිසා මම ඔහුව හදුනා ගන්නේ ශිෂ්ටාරගත නොවුණු ගල් යුගයේ ගෝත්‍රික මිනිසෙක් විදියට// බව.

      ඔහු නරක කෙනෙකු නොවෙන බව ඇත්ත. ඔහු රෝහල් වල අඩුපාඩු හදපු එකත් ඇත්ත. ඒවා බොරු නොවෙයි. ඔහු හොඳ වැඩ බොහොමයක් කරන මනුෂයෙක් බව තමයි මටත් ආරංචි.

      හැබැයි ඔහු කල හොඳ දේවල් නිසා වරදක් නිවරද්දක් වෙන්නේ නෑ. කවුරු කලත් අශීලාචරදේ වැරදි තමයි. ඒවගේම මේ එක වරදක් නිසා ඔහු කල සියලු හොඳ දේ නැති වෙන්නෙත් නෑ. එයයි තේරුම් ගැනීමයි දියුණු සමාජයක විය යුත්තේ. පැල් රැක්කම ඒක ගිනි තැප්පට හිලවු වෙන්නේ නෑ නේ.



      රෝහල් හැදුවා කියා නීතියට සහ සහ වෛද්‍ය සදාචාරයට විරුද්ධ දේ හරි වෙන්නේ නැහැ. යුද්ධය ඉවර කල මහින්ද කල සියලු දේ නිවැරදි නොවෙන්නා වගේ. ඔහුගේ පුද්ගලිකත්වය විවේචනය කිරීමක් හෝ මඩ ගැසීමක් මට අවශ්‍ය නෑ. මම ඔහුගේ ඉහත කියාව සහ පොදුවේ කල එකී ප්‍රකාශය පමණයි විවේචනය කරන්නේ.

      ඔහු බ්ලොගය භාවිත කරන්නේ අපිට ඔහුගේ අදහස් කියන්න මිසක් අනෙක් අයගේ අදහස් වලට සවන් වෙන්නේ නෙවෙයි. ඒ නිසයි එතන එය විවේචනය නොකරන්නේ. ඒවගේම සාධාරණ විවේචනයන්ට ඔහුගේ ප්‍රතිචාර "පවු කාර කතා කියනන් එපා" වැනි ඉතා පසුගාමී දුපත් ප්‍රතිචාර නිසා ඔහුට මෙය පැහැදිලි කිරීමට මට අවශ්‍ය නෑ.
      නමුත් ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශය සමාජයට අහිතකර නිසා එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට අධෛර්යය කිරීමට මිනිසුන්ට අයිතියකුත් තිබෙනවා. ඔහුගේම ප්‍රකාශය මත පදනම් වෙලා කරන විවේචනයක් මිසක් ඉන් එහා ගිය ගැටළුවක් මට ඔහු සමග නෑ.

      Padam
  14. සෞඛ්‍ය සේවයේ තරම් මිනිසුන්ගේ හීනමානය කැපී පෙනෙන වෙනත් ක්ෂේත්‍රයක් නැති තරම්. රජයේ සෞඛ්‍ය සේවය දිනෙන් දිනම වලපල්ලට යන එක හේතුවක් මේක.

    BalasPadam
  15. ඉන්දියාවේ මේ ලෙඩේ සෑහෙන්න උග්‍ර විදියට තියෙනවා ලංකාවටත් වැඩිය.. ක්‍රිකට් ගහන එකාටත් සර් කියන්නේ.. මම හමුදාවේ හිටි කාලේ ජෙෂ්ඨයින්ට සර් කියල අමතලා තියෙනවා.. ඊට පස්සේ නම් සර් කියන්නේ මට හිතෙන උන්ට විතරයි.. ඒකට ජේෂ්ඨ කනිෂ්ඨ බේදයක් නෑ.. ගරු කටයුතු අයෙකුට ගරු කිරීමක් ලෙස 'SIR' කියා අමතනවා අවස්ථානෝචිතව..

    මේක ගොඩක් දෙනෙකුගේ ඇස් ගැටිය යුතු ලිපියක්..

    BalasPadam
    Balasan
    1. මමත් සර් කියන්නේ මට හිතෙන උන්ට විතරයි they must have that quality

      Padam
  16. ඩොක්ට. මම ලංකාවේ වැඩ කරනකොට බැංකුවේ මැනේජර් ලට මිස්ට කියා කතා කල පුරුද්දටම එංගලන්තෙට ආව මුල් දවස්වල වැඩකළ රිටෙල් කොම්පැනි එකේ බොස්ලට මිස්ට ඩේව් මිස්ට ලොයිඩ් කියා කතා කරනකොට උන්ම එහෙම මිස්ට කියන්න එපා නම කියන්න කියල සෑහෙන වාරයක් කිව්ව. අන්තිම වෙනකොට මම උන්ට නම කියද්දි කම්පැනි එකේ සුද්දො සුද්දියෝ ඔක්කොම මට කතා කරන්න ගත්ත මිස්ට T, මිස්ට ටික්ස්, මිස්ට ටිකි ටිකිස්, මිස්ට ටිලාන් කියල. මම ෆේස් බුක් මම ඉන්නකොට මගේ වෝල් එකේ උන් මට මිස්ට ටික්ස් කියල කතා කරද්දි ලංකාවේ යාලුවෝ අහනව "යකෝ ටික්කො, උබට ඔහේ සුද්දො සුද්දියොත් කතා කරන්නේ මිස්ට කියල. උබ හෙන ලොකු ජොබ් එකක් වෙන්න ඇති නේද ඔහේ කරන්නේ" කියල. 😂😂😂.

    මේ මිස්ට සර් වචන කියවගන්න ගොඩක් කැමති ආසියාතික මිනිස්සු. මෙහේ මම කලක් වැඩ කළා ලෝකෙ VVIP මිනිස්සු යන එන තැනක. ආසියාතික හෝ ඉංග්ලිෂ් හෝ යුරෝපීයයන් ඇර එක හෝ ඇමෙරිකානු කැනේඩියන් සෙලිබ්‍රිටි කෙනෙකුට සර් මැඩම් කීවොත් එක සැරේ ඔවුන් කියන්නෙ "ඩෝන්ට් කෝල් මී සර් ඕර් මැඩම්. ජස්ට් කෝල් මයි නේම්" කියල. ඔය එක්කෙනෙක් තමයි බ්‍රැඩ් පිට්. බොහොම ජොලි පොරක්. 👍🏽

    හරිම පුදුමයි ඩොක්ට අනික දොස්තරල අතරෙත් පංති බේද තියෙනව කියල ඇහුවහම. 😳

    BalasPadam
    Balasan
    1. ටික් දොස්තරල අතරෙ අම්බානක පංති බේද තියෙනව
      1) ඉගන ගත් වෛද්‍ය විද්‍යාලය
      2) ) ඉගන ගත් පාසල
      3) පවුල් තත්වය
      4) බිරිඳගේ රැකියාව
      5) වෛද්‍ය උපාධි සහ ඩිප්ලෝමා ගනන
      6) තනතුරු
      7) කුලය
      8) ජාතිය

      ජර්මනියේ කාන්තාවකට මැඩම් කිව්වොත් ඒක අවමානයක් වගේ; ඔවුන්ට අනුව මැඩම් කියන්න්තේ බ්‍රොතල් පාලිකාවන්ට

      Padam
  17. රුවන් ජී පී ට නම් ඩොක්ට කියල කියනවා. කන්සල්ටන්ට් කෙනෙක්ට ඩොක්ටර් කීවත් මිස්ටර් කීවත් ක්ලයන්ට් (අපිට) මුකුත් කියන්නේ නැහැ. නමුත් දොස්තරලා අතරේ පමණක් කන්සල්ටන්ට් ට මිස්ටර් කියනවා. එංගලන්තේ හැමෝම හැමෝටම සර් කියනවනේ බඩුවක් ගන්න කඩේකට ගියත්. ඒක ආචාරශීලි කමනේ. හැබැයි ලංකාවෙන් හා ඉන්දියාවෙන් ආපු ඩොක්ටර්ස් ල කන්සල්ටන්ට් ලට සර් මැඩම් කියනව. මගේ යහළුවෙක් අර අවුරුදු දෙකේ ට්‍රේනින්ග් එකට ආව . එයත් කිව්වේ එතන ඉන්න ලංකාවේ මැඩම් (කන්සල්ටන්ට්) හරි හොඳයි. ලංකාවේ අයට උදව් කරනවා. නමුත් මැඩම් කිවේ නැත්නම් වලි කියල. හුඟක් එංගලන්තේ ඉඳන් ගිය ලංකාවේ ඩොක්ටර්ස් ල දන්නවා එයාව.

    BalasPadam
    Balasan
    1. ලංකාවේ මැඩම් (කන්සල්ටන්ට්) හරි හොඳයි මැඩම් කියනකන් ha ha ha

      Padam
    2. ජර්මන් භාෂාවේ මැඩම් කියල වචනයක් නැහැ. ජර්මනියේ කියන්නේ ෆ්‍රෞ (frau ) . නැත්නම් damen.
      අනික ජර්මනියේ බ්‍රොතල් අයිති කම්පැනි රන් කරන්නේ ඊස්ට් යුරෝපියන් මිනිස්සු කියල කියන්නේ. මොකද නිත්‍යානුකුල නිසා ඊස්ට් යුරෝප් ඉඳන් එන ගැහැණු පිරිලා.

      Padam
    3. //ජර්මනියේ කාන්තාවකට මැඩම් කිව්වොත් ඒක අවමානයක් වගේ; ඔවුන්ට අනුව මැඩම් කියන්න්තේ බ්‍රොතල් පාලිකාවන්ට//
      ජර්මනියේ ෆ්‍රෞ කියල කියන්නේ කියන එක මම හොඳින් දන්නවා. ප්‍රංශයේ කෙනෙක් (ලංකාවේ) ඔය කතාවම මට කිව්වා. ප්‍රංශයේ මදාම් කිව්වම මම අර පාලිකාවක් නෙමේ කියල කිව්වා. madame කියන වචනය ප්‍රංශ භාෂාවේ තියනවා. එයා මට කීවේ Mademoiselle කියන්න කියල. පස්සේ දැන ගත්තේ බැඳලා නැති අයට එහෙමත් බැඳපු අයට madame කියලත් කියන්නේ කියල.
      ෂුවර් නැත්නම් ගිහින් බලන්නත් පුළුවන්. අර මෙගා බ්‍රොතෙල් වලට ටුවරිස්ට් ලට බලන්න යන්න දෙනවලු. (ගියේ නම් නැහැ බලන්න තවම) අම්ස්ටර්ඩම් වල ජනෙල වීදිය වගේ.
      http://www.bbc.co.uk/news/world-europe-26261221

      Padam
    4. ඔය ලින්ක් එකේ ඉන්නවා "මැඩම්" කෙනෙක්.

      Padam
  18. Once I had a nasty experience. I took breakfast to a relation of mine (a Buddhist priest) who was in hospital. I wanted to know when he will be given his Insulin injection so I asked a young woman (obviously a staff member) addressing her “Miss”. This girl took umbrage at it. I could not fathom the reason, but later a nurse told me that she is a doctor and “miss” is a term used only to address nurses. As Tikka said, Sir is hardly used in UK (other than in customer service or unless you are a Knight of the realm!). Doctors do not insist on being called even Doctor, our GP is on first name terms. This desire to be called sir or madam appears to be a South Asian characteristic, particularly within certain professions. In Sri Lanka in the private sector even some senior officials insist on being called by first name. Sometimes you feel sorry for those who cling on to trivial forms of recognition. Perhaps this is driven by a sense of inferiority.

    BalasPadam
    Balasan
    1. Sometimes you feel sorry for those who cling on to trivial forms of recognition.

      Padam
  19. එකම පන්තියේ එකට උසස් පෙලද කල මගේ මිතුරියක් සහ මගේ නෑයෙක් වන ජෝස්තර වරියක් උනුන් කතා කරන්නේ නැත මන්ද එකියක් හෙදියක් වෙයි අනික ජෝස්තරය මිතුරුකම් තනතුරෙන් වැසිගිහින්ය

    BalasPadam
    Balasan
    1. ඕවගේ සීන් මම දුටුවා ; කලුබෝවිල හෙදියක් හිටියා මා සමග සාමාන්‍යෙ පෙල පන්ති වලදී ටියුෂන් ගිය​. එයා මාව මඟ අරින කොට මම ගිහින් නම කියා කතා කලා.

      Padam
  20. ඉස්සර අපේ ඉස්කෝලෙ ක්ලාක් කෙනෙක් හිටිය. ඔය ළමයින්ගෙ සහතික වල වැඩ එහෙම කරන. මොකක් හරි වැඩක් කරගන්න ඕනෙනම් එයාට සර් කියල කියන්නම ඕනෙ.

    BalasPadam
    Balasan
    1. අතින් පයින් යනවැයි

      Padam
  21. මට නම් කව්රුහරි සර්, මිස්ටර්, වගේ එකක් කිව්වොත් ඌම මම එක පාරක් එපා කියනවා, දෙපාරක් කියනවා, තුන්වෙනි පාර හොඳ කුණුහරපයක් කියනවා. ඒත් ලංකාවේ නිසා ජොබ් එකේදිනම් ඒව ඉවසන්න වෙනවා.

    හැබැයි ‍මම මිලක් ගෙවලා ගන්න සේවාවකදිනම් මම කතා කරන්නේ නම කියලා,
    නම දන්නේ නැත්නම් විතරක් නිකම්ම මිස්ටර් හරි මිස් හරි කියනවා.
    ඩොක් වුනත් ඉන්ජිනියර් වුනත් වෙන මොකෙක් වුනත් එකයි. හැබැයි ඒකෙන් මට සෑහෙන්න පාඩු වෙලා තියෙනවා. මොනව කරන්නද නාහෙට අහන්නේ නැති උපන් ගති අරින්න අමාරුයි

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook