
Dr. Rami Bou Khalil යනු ලෙබනනයේ මනෝ වෛද්‍යවරයෙකි. විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකි. (ඔහු ගැන කියවන්න http://www.damour-mc.com/dris.php?did=45 ) ඔහු අරාබි කලාපයේ ප්‍රකට විද්වතෙකි. එවැනි විද්වතෙකු සමග යූක්‍රේනියානු ජාතික ලේඛකයෙකු වූ නිකොලායි ගොගෝල් සහ ඔහුගේ මනෝභාවයන් පිලිබඳව පරියේෂණ ලිපියක් එළි දැක්වීමට මට හැකි වීම ගෞරවයක් ලෙස සලකමි.
සිංහල පාඨකයන් නිකොලායි ගොගෝල් ගැන දන්නේ මළ මිනිස්සු කෘතියේ ලේඛකයා ලෙසටය. අපගේ පරියේෂණ ලිපිය මගින් නිකොලායි ගොගෝල් තුල තිබූ භින්නෝන්මාද ලක්ෂණ අප පෙන්වා දුන්නෙමු.
තිලක් පුෂ්පකුමාර සේනානායක මහතා නිකොලායි ගොගෝල් ගැන මෙසේ ලියයි. ;ශ්‍රේෂ්ඨ රුසියානු නවකතා කලාවේ අසමසම ශ්‍රේෂ්ඨ චරිතයක් වන නිකොලායි ගොගොල්ගේ ජීවිත කතාව විශ්වකෝෂයක් බඳුය. 1802 අප්‍රේල් 01 වැනිදා යුක්රේනයේ පොල්කාවා පළාතේ සොරෝචින්ස්කි ගමේදී උපත ලද ගොගොල් කුඩා කල පටන්ම සැපසම්පත් විඳිමින් හැදී වැඩුණු පුද්ගලයකු වූයේය. ඔහුගේ පියා ඉඩකඩම් හා දැසිදස්සන් සහිත ධනපතියකුª වූ නිසා ආර්ථික අහේනියක් ගොගොල්ගේ ළමා කාලයට ඇතුළු නොවිණි. ආගම දහම කෙරේ ගොගොල් නැඹුරු වූයේ ඔහුගේ මව දැඩි ආගමික භක්තියෙන් කටයුතු කළ කාන්තාවක් වූ නිසාවෙනි. ගොගොල්ට පසුකලෙක දැඩි ආගමික උමතුවෙන් යුතුව ජීවත්වීමට මවගේ ආගමික නැඹුරුව බලපෑ අතර කුඩා කලදීම සිය මවගේ ආගමික නැඹුරුව වෙත ඔහු ද ආකර්ශණය වූයේය.ගොගොල්ගේ කෘති අතර Evening on the Farm Dikanka (1831) Mirgorod (1835) Inspector General (1836) (නාට්‍යයකි) Dead Soul (1842) (මළ මිනිස්සු) යන ග්රන්ථ ද ඔහුගේ සුවිශේෂ කෙටිකතාව වූ ”Over Coat” - හිමකබාය ද ශ්‍රේෂ්ඨ නිර්මාණ අතරවෙයි. නිකොලායි ගොගොල් සතුව කොතරම් සුවිශේෂ දක්ෂතා පැවතිය ද ජීවිතයේ යථාර්ථය වටහා ගැනීමට පෙර ඔහු අකාලයේ මිය පරලොව ගියේය.
අපගේ පත්‍රිකාව පළ වූයේ Journal of Medical Biography ය
Pathography and autopathography: The case of Nikolai Gogol (1809–1852)
By Dr. Rami Bou Khalil and Dr Ruwan M Jayatunge
අපගේ පත්‍රිකාව පහත දැක්වේ
http://journals.sagepub.com/doi/full/10.1177/0967772016661130
හැකියාවක් තියේ නං මතු කාලයක සිංහලට පරිවර්තනය කරන්න බලන්න
BalasPadamtry ekak dennam
PadamI just read the essay:
BalasPadamPathography and autopathography: The case of Nikolai Gogol (1809-1852).
Bou Khalil R1, Jayatunge R.
http://journals.sagepub.com/doi/pdf/10.1177/0967772016661130
බ්ලොග්රස්ලා බහුතරයක් autopathographists ලා තමයි!
BalasPadam;-)
good article
BalasPadam